Showing posts with label ගැජමැටික්ස්. Show all posts
Showing posts with label ගැජමැටික්ස්. Show all posts

Tuesday, January 22, 2013

Unicode Sinhala SRT Subtitle File Convert To IDX/Sub Format





බොහෝමයක් දෙනා හොයන ගැටලුවකට උත්තරයක් අරගෙන තමයි මං අද ආවේ. සිංහල උපසිරැසි ගැන්වීමේදි අපි භාවිතා කරන්නේ .srt කියන උපසිරැසි ගොනුව. මෙය ධාවනය කරන්න පුලුවන් වෙන් සිංහල යුනිකේත ස්ථාපනය කර ඇති පරිගණක යන්ත්‍රයක හෝ සිංහල ඇති ජංගම දුරකථනය පමණයි. මේ කාලේ ගොඩක් ජනප්‍රිය විදුලි උපකරණයක්නේ LCD, LED, කියන රූපවාහිනි යන්ත්‍ර, ඊට අමතරව තියෙනවා USB සම්බන්ධතාවක් සැපයිය හැකි DVD, Bluray, ඔය විදිහේ යන්ත්‍ර. නමුත් අපි .srt ගොනුවත් එක්ක මේ කියන යන්ත්‍ර වලින් ධාවනය කරන්න හැදුවොත්. උපසිරැසිය දර්ෂනය වන්නේ නැහැ. එක්කෝ කොටු කොටු වැටෙනවා නැත්තම් නිකන් ප්‍රශ්නාර්ථ ගොඩක් වගේ විකාර සෙට් එකක් වැටෙනවා.

ඉතිං ඕකට කරන්න තියෙන හොදම පිලියම තමයි idx/sub යන උපසිරැසි ගොනු ආකාරයට සකස ගන්න එක. මේක කරන එක ගොඩක් අය දන්නේ නැහැ. දන්න අය කියාදෙන්නෙත් නැහැ. ඒ නිසා තමයි මං තීරණය කලේ මේක ගැන ටිකක් හොයන්න. මොකද මට ඕනා වෙලා තිබුනා සිංහල උපසිරැසි ගොනුව විඩියෝ එකත් එක්ක Merge කරගන්න. ඒ කිවුවේ උපසිරැසියයි විඩියෝ එකයි වෙන වෙනම නැතිව උපසිරැසියත් වීඩියෝ එක ඇතුලටම දාගන්න. මුලින් මං උත්සහ ගත්තා .srt එක කොහොම හරි රිංගවගන්න ඒක හරි ගියා, ඒත් ඒකේ තියෙන ගුණාත්මක භාවය අඩුවුනා. ඉතිං මං උත්සහ කලා idx/sub විදිහට සබ් එක හදලා ඒක විඩියෝ එකත් එක්ක සම්බන්ධ කරගන්න. කොහොම හරි වැඩේ හරි ගියා.

මට මේ වැඩේ කරගන්න හැටි කියලා දුන්නේ ගොඩක් අය දන්න උපසිරැසි කලාවේ දැවැන්තයෙක් වන අරිසෙන් සහෝදරයා. ඇත්තම කියනවා නම් කිසිම දෙයක් හංගන්නේ නැතිව පැහැදිලිව කියා දුන්නා. ඒ ගැන මං ඔහුට ගොඩක් ස්තුති වන්ත වෙනවා. හරි අපි බලමු කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා.

මුලින් මේ ගැන පොඩි හැදින්වීමක් කරන්නම්.

නානාවිධ උපසිරැස ගොනු පවතින අතර, ඒවායින් කීපයක් ලෙස .srt, .ssa, .sub, xml, .mpl, .csv, .smi ඔය වගේ බොහෝමයක් තියෙනවා. ඒ සේරම ගැන කියන්න යන්නේ නැහැ මං. කතා කරන දේ ගැන විතරක් පොඩ්ඩක් කියන්නම්.

 idx/sub කියන්නේ ගොඩක් පරණ උපසිරැසි ගොනු වර්ගයක්. මොකද මෙහිදි වෙන්නේ උපසිරැසි ගොනුවේ ඇති වචන bitmap රූප බවට පත් කරන එකයි. .idx කියන ගොනුවේ සදහන් වන්නේ උපසිරැසිය දර්ෂනයට අවශ්‍යය වන කාල පරතරය සහ .sub  ගොනුවේ bitmap රූප තියාගෙන ඉන්නවා. මේ උපසිරැසි ධාවනය වීමට නම් අනිවාර්යයෙන් විඩියෝවේ සහ idx/sub කියන ගොනු දේකේම නම් සමාන වෙන්න ඕනා. (.srt ගොනුව වගේ විඩියෝ එක අඩට ඇදලා දැම්මට හරියන්නේ නැහැ ඕං). මේ  idx/sub කියන උපසිරැසි ගොනුවේ තියෙන ලොකුම අවාසිය තමයි උපසිරැසි ගොනුවේ ධාරිතාව ගොඩක් ඉහල අගයක් ගන්නවා .srt ගොනුවට වඩා. ඒත් එක්කම මේකේ වාසියකුත් තියෙනවා ඒ තමයි අපි මහන්සි වෙලා හදන .srt උපසිරැසි ගොනුවේ තියෙන අපේ නම් ගම් කපාලා දාන අයට  idx/sub බවට ඒ උපසිරැසිය පරිවර්තනය කලාට පස්සේ ඒ සෙල්ලම දාන්න අමාරු වෙන එක. :D. ඒත් රක්කම තව අවාසියක් තියෙනවා මේ  idx/sub වර්ගයේ උපසිරැසි ගොනු subscene, opensubtitle වගේ ප්‍රසිද්ද උපසිරැසි ලබා දෙන අඩවි බාරගන්නේ නැහැ. ඒ මොකද මේවායේ ධාරිතාවය වැඩි නිසා.

දැන් බලමු මේ වැඩේ කරගන්න අපිට අවශ්‍යවන මෘදුකාංග ගැන.

මුලින්ම ඔයාට අවශ්‍යය වෙනවා subtitleEdit කියන මෘදුකාංගය. ඒක ඔයාට මෙතනින් බාගන්න පුලුවන්.මේ මෘදුකාංගය අවශ්‍ය වෙන්නේ අපේ .srt ලෙස තියෙන උපසිරැසි ගොනුව .ssa බවට පත් කරගැනීමට. (එහෙම කරන්න වෙන්නේ ඇයි කියලා තේරෙයි පල්ලෙහා මෘදුකාංගය බැලුවම)

ඊලගට අවශ්‍ය වෙනවා MaestroSBT කියන වැඩසටහන. ඒකත් ඔයාට බාගන්න පුලුවන් මෙතනින්. (මේ වැඩසටහන තමයි ප්‍රධානම කාර්යය ඉටු කරන්නේ. මේ වැඩසටහනට ඇතුලත් කරන්න පුලුවන් .ssa උපසිරැසි ගොනු පමණයි)

ඊලගට අවශ්‍යය වෙනවා Son2VSub කියන වැඩසටහන. ඒකත් ඔයාට මෙතනින් බාගන්න පුලුවන්. (මේ වැඩසටහන තමයි අපිට අවසන් ප්‍රථිපලය ලබාදෙන්නේ.)

හරි මං හිතනවා දැන් ඔයාලා මං ඉහලින් දීපු වැඩසටහන් ටික බාගන්න ඇති කියලා. එහෙම බාගෙන ඉවරනම්. ඒවා එකින් එකට UNZIP කරගන්න. පිලිවෙලකට. හරිද දැන්.

දැන් එහෙනම් විවෘත කරන්න subtitleEdit කියන වැඩසටහන. ඊලගට ඔයාට idx/sub බවට පත් කරන්න ඕනා කන උපසිරැසි ගොනුව ගන්න. ඒක අරගෙන ඇවිල්ලා අත අරනින් subtitleEdit මෘදුකාංගයට. (ඒක කරන හැටි දන්නේ නැත්තම්. ඉහලින් තියෙන File කියන එකට ගිහිල්ලා Open විධානය දෙන්න)

subtitleEdit මෘදුකාංගට ඔයා උපසිරැසිය දාගත්තා නම්. දැන් අපි ඒක .ssa ගොනුවක් බවට පත් කරමු. ඒක කරන්නේ මෙහෙමයි. ඔයාට පේනවා ඇති Format කියලා එකක් තියෙනවා ඉහල මැද හරියට වෙන්න. අන්න ඒක ඉස්සරහා තියෙනවා පල්ලෙහාට දිග ඇරෙන මෙනුවක් (Drop Down Menu). ඒක ක්ලික් කරලා එතනින් තෝරන්න Sub Station Alpha (.ssa) කියලා එකක්. අන්න ඒක සිලෙක්ට් කරගන්න.

ඊලගට ඒකට එහා පැත්තෙන්ම තියෙනවා නේද Encoding කියලා එකක්. ඒකත් අරවිදිහටම ගිහිල්ලා. ඒකේ තියෙන UTF-8 කියන එක ලබාදෙන්න.

එහෙම තේරුවා නම් ඊලගට සේව් කරගන්න. දැන් ඔයා සාර්ථකව ඔයාගේ  .srt උපසිරැසි ගොනුව .ssa උපසිරැසි ගොනුවක් බවට පරිවර්තනය කරගෙන ඇත.

ඊලගට ඔයා subtitleEdit එක ක්ලෝස් කරලා දාන්න. ඒකේ වැඩ ඉවරයි. දැන් ඕපන් කරගන්න MaestroSBT කියන වැඩසටහන. මං වැඩිය කියන්න යන්නේ නැහැ මං කියන විදිහට කරන්න. පැහැදිලි කිරීම් කරන්න යන්නේ නැහැ. මොකද ඒකෙන් ඔයාගේ ඔලුව අවුල් උනොත්. :D හරි ඔන්න එහෙනම් වැඩේ පටන් ගමු.

මං හිතනවා ඔයා දැන් MaestroSBT විවෘත කරගෙන ඇති කියලා



දැන් එහි ඉහල වහ් කෙරවලේ තියෙන File මෙනු එකට ගිහිල්ලා .ssa විදිහට ඔයා සේව් කරගත්ත උපසිරැසි ගොනුව ලබා දෙන්න.

ඊලගට දකුණු පස කෙලවරේ ඉදන් පහලට ඇති බටන් එතක්. මං පිලිවෙලට කියාගෙන යන්නම් කරන්න ඕනා වෙනස්කම් ගැන.

මුලින්ම තියෙන්නේ Set Files කියලා ඒක ක්ලික් කරලා එන වින්ඩෝ එකේ උඩින්ම තියෙන Browse බටන් එක ඔබලා කොහෙන් හරි New Folder එකක් හදලා OK කරන්න. ඊලගට ඒ වින්ඩෝ එකත් OK කරන්න.
දැන් නැවතත් ප්‍රධාන වින්ඩෝ එකට ඇවිල්ලා ඇති.

දැන් යන්න දෙවනි බටන් එක Rendering. ඒක ක්ලික් කරන්න. දැන් එයි තරමක් ලොකු වින්ඩෝ එකක්. මං එහි රූප රාමුවක් පලින් දෙන්නම්. ඒ රූප රාමුවේ තියෙන විදිහට ඔයාගේ එකත් වෙනස් කරගන්න.



දැන් ක්ලික් කරන්න Rendering Option කියන වින්ඩෝ එකේම තියෙන Color Keys කියන එක. මං එකෙත් රූප රාමුවක් ලබාදෙන්නම්. ඒ විදිහට ඔයාගේ එකත් හදාගන්න. එහෙම හදාගෙන ඉවරවුනා OK විධානය දීලා ඉවත් වෙන්න ප්‍රධාන මෙනු එකට වෙනකම්.




ඊලගට තියෙන බොත්තම තමයි Timing, ඒක ක්ලික් කරන්න. එතකොට ලැබෙයි කුඩා වින්ඩෝ එකක්. ඒකට අපි ලබාදෙන්න ඕනා FPS අගය. කොහොමද ඒක හොයන්නේ. සිම්පල් ඔයා උපසිරැසි ගන්වන් වීඩියෝ එක ප්ලේ කරන්න ඊලගට වීඩියේ එක උඩ Right Click කරලා Media Info / Video Info ඔය විදිහට ඇති, ප්ලෙයර් එකෙන් ප්ලෙයර් එකට වෙනස් වෙනවා. ඒතකොට ලැබෙයි විඩියේ එක ගැන තොරතුරු. ඒකේ බල්න්න වීඩියෝ කියන ටැග් එකේ ඇති Frame Rate : 25.000 fps ඔය වගේ. අන්න එහෙම ඔයාගේ විඩියෝ එකේ අගය බලලා මේ වින්ඩෝ එකේ තියෙන FPS In සහ FPS Out කියන දෙකට ලබාදෙන්න. මතක තියාගන්න මෙහි එන අගයන් දෙකම එකම අගයන් විය යුතුයි. ඊලගට OK විධානය දෙන්න.

දැන් නැවතත් ප්‍රධාන වින්ඩෝ එකේ ඉන්නේ ඔයා. ඊලගට Segments කියන බොත්තම ඇත්තේ ඒක ගැන මං සදහන් කරන්නේ නැහැ, මොකද එකෙන් මං තාම වැඩක් ගත්තේ නැහැ.

හරි දැන් ඊලගට තියෙන්නේ Styles බොත්තම. ක්ලික් කරන්න ඒක. එතකොට ලැයෙි පොඩි වින්ඩෝ එකක්. ඒකේ තියෙන Default කියන එක සිලෙක්ට් කරලා Edit Style කියන එක ක්ලික් කරන්න. දැන් එයි තවත් අලුත් වින්ඩෝ එකක්.




ඒකෙදි ඔයා Font Face, Font Type කියන තැන තියෙන Change  කියන බොත්තම ඔබන්න. එකෙදි නැවත්ත කුඩා වින්ඩෝ එකක් ඕපන් වෙයි. ඒකෙන් තොරන්න Font එක ලෙස Iskoola Pota සහ සයිස් එක ලෙස 50 දෙන්න. (එයාට කැමති සයිස් රකක් දෙන්න හොදේ). ඊලගට OK බාත්තම ඔබන්න.



තව ඕනා නම් ඔයාට අකුරු වලට පාට එකතු කරගන්න අනම් මනම් කරන වැඩ ඔතනදි කරගන්න පුලුවන් පොඩ්ඩක් කරලා බලන්නකෝ ඒවා ඔයාම. ඒවා සේරම ඉවර වුනාම OK බොත්තම ඔබලා ආයෙමත් ප්‍රධාන මෙනු එකට යන්න.

ඊලගට තියෙන්නේ Edit & Preview  බොත්තම. ඒක ගැනත් මං සදහන් කරන්නෙ නැහැ. (ඒක ගැන පොඩියට කිවුවොත් ඔයාගේ උපසිරැසිය තිරයේ දිස්වෙන්න ඕනා කොතැනද කියලා වෙනස් කරගන්න පුලුවන්. )

දැන් මං කිවුව විදිහට සේරම වැඩ ටික කලා නම් අන්තිමේටම තියෙන Generate කියන බොත්තම ඔබන්න. එවිට ප්‍රෝග්‍රෙස් බාර් එකක් එයි ඒක පිරිලා ඉවර නෙකම් ඉන්න.

දැන් ඔයා ගිහිල්ලා බලන්න අර New Folder එකට ඒකේ ඇති පිරෙන්න icon ගොඩක්. දැන් ඉන්නේ අන්තිම පියවරේ. දැන් විවෘත කරගන්න අන්තිමේටම අපි බාගත්තු වැඩසටහන Son2Vob.

එය කුඩා වින්ඩෝ එකක්. එහි ඉහලින්ම තියෙන ….. සහිත බොත්තම ඔබන්න. ඊලට එයි ඔපන් කරන වින්ඩෝ එක. එකෙන් ඔයා ලබාදෙන්න අර New Folder එක. ඒක ඇතුලේ ඇති තනි ෆයිල් එකක් .son විදිහේ. ඒක ඕපන් කරගන්න.



ඊලගට තියෙන ….. බොත්තම ඔබලා idx/sub  ගොනුව සේව් වි යුතු තැන ලබා දෙන්න. ඊලගට ඔයා පහලින් දකීවි Width Height   FPS කියලා ටෙක්ස් ෆීල්ඩ් තුනක්. ඒවට ඔයා පිලිවෙලින් ලබාදෙන්න ඕනා ඔයා  MaestroSBT එකෙදි Rendering කියන තැනදි ලබා දීපු අගය සහ Timing කියන තැනදි ලබා දීපු අගය. මං නම් දෙන්නේ  1920  1080  23.976 කියන සෙට් එක තමයි. (ඔයා ඔයා ලබා දීපු අගයන් දෙන්න) ඒ ටික පිරෙව්වට පස්සේ එකෙන්ම ඔබන්න Convert බොත්තම. ටික වෙලාවක් යයි වැඩේට. කලින් වගේම ප්‍රෝග්‍රස් බාර් එකක් පිරෙයි. ඒ පිරිලා ඉවර උනාම. ඔයා විඩියෝ එකත් එක්ක ප්ලේ කරලා බලන්න. වැඩේ ගොඩ.

දැන් ඔයා ලග තියෙන ඕනෑම .srt වර්ගයේ උපසිරැසි ගොනුවක්  idx/sub   විදිහට හදලා ඔයාලගේ රූපවාහිනි යන්ත්‍රයෙන් නරඹන්න පුලුවන්. තව ඔයාට උපසිරැසි ගොනුව ලේසියෙන්ම වීඩියෝව සමග සම්බන්ධ කරන්න පුලුවන්. එහෙනම් මේ පාර ලිවුවේ ගොඩක් දීර්ඝ ලිපියක්. කියවන්න ගියාම එපා වෙයිද මන්දා. උවමනාව තියෙන කෙනා කියවයිනේ. නේද. :D එහෙනම් මං ගියා. තවත් මොනා හරි දේකින් ඉක්මනින්ම හම්බවෙමුකෝ.

ආයෙමත් මතක් කරන්න ඕනා මාව මේ පිලිබදව දැනුවත් කල අරිසෙන් සහෝදරයාව. ඔහුට මේ මොහොතේ මං ගොඩක් ස්තුති වන්ත වෙනවා.

අහිංසක හිත්නේ.

Monday, December 17, 2012

Jelly Bean For Xperia Mini / Mini Pro / Live With Walkman / Active


එක දිගටම පදවැල් සහ ගීත වල උපසිරැසි අරගෙන ආව නිසා ට හිතුනා මෙදා පාර වෙන දෙයක් ගැන ලියන්න ඕනා කියලා. ඉතිං ලියන්න කල්පනා කලා මං දැන් දවස් කීපයක ඉහතදි ඉදන් බාවිතා කරන දෙයක් ගැන. ඒ තමයි මේ වෙනකොට ලෝකයේ බොහෝ සෙයින් ජනප්‍රිය වෙලා තියෙන ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දතියේ අලුත්ම එලි දැක්වීම වන Jelly Bean ගැන. ඇත්තටම කවුරුත් දන්නවා ඇන්ඩ්‍රොයිඩ් හි අයිතිය තියෙන්නේ ගූගල් සමාගමට. ඒ නිසා ඔවුන් මුලින්ම එයාලගේ මෙහෙයුම් පද්දතිය නික්‍රත් කරන්නේ එයාලගේ දුරකථනයක් වල Google Nexus කියන දුරකථනයට. ඒකට නිකුත් කලාට පස්සේ තමයි ඉතිං අනෙක්‍රත් ආයතන විසින් ඔවුනොවුන්ගේ ස්මාර්ට් දුරකථන සදහා එම මෙහුයුම් පද්දතිය හරිගස්සන්නේ. ඉතිං දැනට මං හිතන්නේ නිල වශයෙන් සැම්සුන්ග් ගැලැක්සි එස් 2 සහ 3 එකට නිකුත් කරලද කොහෙද තියෙන්නේ. නමුත් මං දන්නේ නැහැ හරියටම. මොකද මං පාවිච්චි කරන්නේ එක්ස්පීරියා ඒවනේ. :D

ඉතිං ඕක නිල වශයෙන් එනකම් බලන් ඉන්න ඕනා නැහැ අපේ ඩිවලොපර්ස්ලා මොකක් හරි දාපු ගමන් දඩි බිඩි ගාලා අනෙක් ඒවටත් ස්ථාපනය කරන්න පුලුවන් වෙන්න මොනා හරි සුකුරුත්තමක් කරනවනේ. ඒ වගේ තමයි මා ලගත් තියෙනවා එක්ස්පීරියා Mini ඒ කියන්නේ ST15i කියන දුරකථනය. ඉතිං ඕකට නියමෙටම වැඩ කරන ජෙලි එකක් ආවා මේ ලගදි. සිරාවටම වැඩ. තාම මට අවුලක් නම් සෙට් වුනේ නැහැ.

ඉතිං මට හිතුනා මේක ඔයාලා එක්ක බෙදාගන්න ඕනා කියලා. මේක Sony Ericsson දුරකථන කීපයකටම වැඩ කරනවා. ඒ තමයි Xperia Mini, Xperia Mini Pro, Live With Walkman, Xperia Active ඔය සෙට් එකටම වැඩ කරනවා. තව මං හිතන්නේ මේ රොම් එකම තව ගොඩක් ඒවට හදලා තියෙනවා. දැනට මං මේ ටිකට දාන විදිහ ගැන කියන්නම්.

මුලින්ම අවශ්‍යය ඒවා ගැන කියන්නම්කෝ.

1. ඉහත සදහන් කල දුරකථන වලින් එකක්
2. අවම වශයෙන් බැටරිය සියයට 70ක් වත් චාර්ජ් කරලා තියෙන්න ඕනා
3. ඩේටා කේබල් එකක්
4. ඔයාට ආරක්ෂා කරගන්න දත්ත, ඒ කියන්නේ SMS, Call Log වගේ ඉන්ටර්නල් මෙමරි එකේ තියෙන ඒවා බැකප් එකක් දාගන්න.

හරි දැන් වැඩේ කරන හැටි පියවරෙන් පියවර කියලා දෙන්නම්. හරියට කියවලා වැඩේ කරන්න.

1 පියවර. - මුලින්ම මං ඔයාලගේ දුරකථන වර්ගයට අනුව අදාල ෆර්ම්වෙයාර් එක බාගන්න ලින්කු දෙන්නම්.

Your Ad Here Xperia Mini Pro
Your Ad Here Live With Walkman
Your Ad Here Xperia Active 
Your Ad Here
2 පියවර - ඉහලින් සදහන් කල ලින්කුවෙන් ඔයාලගේ ෆෝන් එකට අදාල සිප් ෆයිල් එක බාගන්න.

3 පියවර - දැන් ඔයාලට ඕනා වෙනවා ෆ්ලෑෂ්ටූල් කියන සොෆ්ට්වෙයාර් එක. ඒක මෙතනින් බාගන්න

4 පියවර - ෆ්ලෑෂ්ටූල් එක බාගත්තට පස්සේ ඒක ඔයලගේ මැෂින් එකට ඉන්ස්ටෝල් කරගන්න. පාත් එක වෙනස් කරන්න එපා. C පාර්ටිෂන් එකටම යන්න දෙන්න. ඒක ලේසියි ඒකයි.

5 පියවර - ඊලගට ෆ්ලෑෂ්ටූල් ඉන්ස්ටෝල් වුනාට පස්සේ, යන්න ඉන්ස්ටෝල් වුන තැනට. ඔයා පාත් එක වෙනස් නොකලා නම් ඒක ඇති C පාර්ටිෂන් එක ඕපන් කරපු ගමන්.

6 පියවර - ෆ්ලෑෂ්ටූල් ෆොල්ඩර් එක ඇතුලට යන්න. එතකොට ඔයලා දකි Drivers කියලා ෆොල්ඩර් එකක් ඒකත් ඕපන් කරන්න. ඒකේ ඇතුලේ ඇති සෙටප් ෆයිල් එකක්. ඒකත් ඉන්ස්ටෝල් කරගන්න. ඒක ඉන්ස්ටෝල් කරද්දි පලවෙනි නෙක්ස්ට් බොත්තමෙන් පස්සේ එයි ටික් දාන්න බොක්සස් ගොඩක්. ඔයා ඒ ඔක්කොටම ටික් දාලා නෙක්ස්ට් කරන්න හොදේ.

7 පියවර - ඩ්‍රයිවර්ස් ටිකත් ඉන්ස්ටෝල් වෙලා ඉවර වුනාම මැෂිම රීස්ටාර්ට් කරන්න.

8 පියවර - හරි දැන් මැෂිම රිස්ටාර්ට් වුනානේ, ඊලගට අර මුලින් බාගත්තු සිප් ෆයිල් එක තියෙන්නේ. ඒක ඕපන් කරලා ඒකේ ඇතුලේ ඇති boot.img කියලා එකක්, ඒක ඩෙක්ස්ටොප් එකට ඇදලා දාගන්න.

9 පියවර - boot ෆයිල් එක ගත්තට පස්සේ ඔයා ෆෝන් එක මැෂිමට ගහලා අර සිප් ෆයිල් එක ඔයාලගේ ෆෝන් එකේ මෙමරියට කොපි කරගන්න.

10 පියවර - සිප් එක ෆෝන් එකට දාගත්තට පස්සේ ෆෝන් එක ගලවලා ඔෆ් කරන්න ෆොන් එක.

11 පියවර - ඊලගට ඔයා ආයේ යන්න ෆ්ලෑෂ්ටූල් ෆෝල්ඩර් එකට, ගිහින් ෆ්ලැෂ්ටූල් එක ඕපන් කරගන්න. ඒකට ඇති කලුපාට අකුණක් වගේ අයිකන් එකක්. ඒක ඩබල් ක්ලික් කරාම ඕපන් වෙයි.

12 පියවර - ඊලගට ෆ්ලෑධ්ටූල් ඕපන් කලාම එයි වින්ඩෝ එකක්. ඒ වින්ඩෝ එකේ වම් පැත්තේ ඉහල කෙලවරේ ඇති කලින් විදිහටම කලුපාට අකුණක් ඇදලා තියෙන අයිකන් එකක්. ඒක ක්ලික් කරන්න.

13 පියවර - එතකොට එයි චූටි බොක්ස් එකක් ටික් දාන්න පුලුවන්. ඒකේ Fastboot mode  කියන එකට ටික් එක දාලා පහලින් තියෙන ok බොත්තම ඔබන්න.

14 පියවර - දැන් ඔයාගේ ඕෆ් කරපු ෆොන් එකේ Volume UP බටන් එක ඔබාගෙන USB කේබල් එක සම්බන්ධ කරන්න.

15 පියවර - ඊලගට ආයෙමත් ෆ්ලෑෂ්ටූල් එකට යන්න. ඒකේ දැන් ඇති බටන් ගොඩක් තියෙන වින්ඩෝ එකක් ඇවිල්ලා. එකෙන් දකුණූ පැත්තේ තියෙන Select Kernel to Flash කියන එක තෝරන්න. එතකොට එයි බොක්ස් එකක්. ඒකෙන් ඩෙක්ස්ටොප් එකට ගිහින් අර boot.img කියන එක දෙන්න. එතකොට තත්පර පහක් හයක් යද්දි වැටෙයි සක්සස්ෆුලි කියලා. ඊට පස්සේ ෆ්ලෑෂ්ටූල් ක්ලෝස් කරලා දාන්න.

16 පියවර - හරි දැන් ෆොන් එකත් ඩේටා කේබල් එකෙන් ගලවලා ගන්න.

17 පියවර - දැන් ෆෝන් එක ඔන් කරන්න. ඔන් කරලා ෆෝන් එකේ නෙටිෆිකේෂන් බල්බ් එක දිහා බලාගෙන ඉන්න. ටික වෙලාවකින් ඒ බල්බ් එක පත්තු වෙයි. ඒ පත්තු වුන ගමන්ම VOLUME DOWN බටන් එක ඔබාගෙන ඉන්න. එතකොට ස්ක්‍රින් එකේ මෙනු එකක් වැටෙයි. ඒක වැටුනම අත අරින්න බටන් එක.

18 පියවර - දැන් ඒ මෙනු එකේ ඇති Wipe Data / Factory Reset කියලා එතනට යන්න. (ඉහල පහල යන්න පාවිච්චි කරන්න volume up / down බොත්තන් දෙක)

19 පියවර - එතනට ගියාට පස්සේ ඒක ඇතුලට යන්න. ඒකට හෝම් Home බොත්තම පාවිච්චි කරන්න.

20 පියවර - ඒක ඇතුලට ගියාට පස්සේ NO ගොඩකුයි එක YES එකකුයි ඇති. ආයෙමත් ඒ YES එක ලගට ගිහින් හොම් බොත්තම ඔබන්න.

21 පියවර - ඊලගට ආයෙමත් අර ප්‍රධාන මෙනු එකේ ඇති Wipe Cache Partition කියලා ඒකත් අර කලින් කලා වගේ කරන්න.

22 පියවර - දැන් ආයෙමත් ප්‍රධාන මෙනු එකේ තියෙන Advance කියන එකට යන්න.

23 පියවර - එතනට ගිහින් ඒකේ ඇතුලේ තියෙන Wipe Dalvik Cache කියන එකත් කලින් විදිහටම කරන්න.

24 පියවර - ඊලගට ආයෙමත් ප්‍රධාන මෙනු එකට ගිහින් Install Zip From SD Card කියන එකට යන්න, ඒකේ ඇතුලේ ඇති Choose Zip From SD Card කියලා ඒකට යන්න. එතකොට ඔයාලගේ මෙමරි එකේ තියෙන ෆයිල් ටික පෙන්නයි. එතනින් ඔයා මුලින් බාගනිපු සිප් ෆයිල් එක දාගනිපු තැනට ගිහින් එක සිලෙක්ට් කරන්න.

25 පියවර - ඒක දීපු ගමන් ඉන්ස්ටෝල් වීම ආරම්භ වෙයි. ටික වෙලාවක් ඉන්න. ඉන්ස්ටොල් වෙලා ඉවරනම් ආයෙමත් අර මෙනු එකටම යයි. එතකොට Reboot කියන එකට ගිහින් Reboot System දෙන්න.

26 පියවර - පලවෙනි පාර ඔන් වෙන්න ටිකක් වෙලා යාවි. බය වෙන්න එපා. දැන් වැඩ ටික ඉවරයි. ඔන් වුනාම සෙටින්ග්ස් වලට ගිහිල්ලා About Phone ගිහිල්ලා බලන්න ඔයාගේ ඇන්ඩ්‍රොයිඩ් වර්ෂන් එක 4.1.2 වෙලා ඇති. ඒ කියන්නේ ඔයත් දැන් කන්නේ ජෙලි. :D

 ඇත්තටම මං මේ රොම් එකට ආස මේකේ බැටරි ආයු කාලය නම් මං පාවිච්චි කරපු අනිත් රොම් වලට වඩා වැඩි. අනික වේගවත් බවෙනුත් ඉදිරියෙන් සිටිනවා. ඔයාලත් දාගෙන බලන්න. ගැටලුවක් ආවොත් අහන්න. කියාදෙන්නම්.. :D

Google App ටික වෙනමම දාගන්න ඕනා. ඒකට මං ලින්ක් එක දෙන්නම් ඒක බාගෙන මෙමරි එකට කොපි කරගෙන මං 17 වෙනි පියවර සහ 24 වෙනි පියවරේ කියල තියෙන විදිහට ඒකත් ඉන්ස්ටෝල් කරගන්න.


Monday, November 19, 2012

Omi, The Card Game in Sinhala for Android Users


ඔන්න එහෙනම් අපේ ඇන්ඩ්‍රොයිඩ් සෙට් එකට පොඩි ගේම් එකක් අරගෙන තමිය මං ආවේ. සෙල්ලස් කඩේ පැත්තේ කරක් ගහනකොට තමයි මටත් මේක සෙට් උනේ. වැඩක් නෑ කියලා වැඩේ සුපිරි ඕන්. වැඩි කතාවක් කියන්නේ නැතිව මං කියන්නම්කෝ මොකක්ද මේ ගේම් එක කියලා. අපේ රටේ මල ගෙයක් එහෙම කාරිය සිද්ද උනාම රෑ එලිවෙනතුරා නිදි මරන්න ඕනාවට කස්ටිය කොල 52ක් තියෙන කාඩ් කුට්ටමක් උස්සගෙන එකෙන් බාගයක් විතරම අයින් කරලා. හතර දෙනෙක් හතර පැත්තක ඉදගෙන. ඒක්කෙනාට කොල 8 ගානේ බෙදලා, තව මොනාද මන්දා තුරුම්පුද මොකක්ද එකක් කියලා එක එක කොල දදා ගොඩවල් ගහගෙන වැඩියෙන්ම ගොඩවල් ගත්ත කට්ටියට කැට ද මොනාද දිදි කරන සෙල්ලම නොවෑ මේක. හිහි

එහෙම කිවුවම නොදන්න කෙනෙක් නෑ මං හිතන්නේ. මේක තමයි "ඕමි" කියන්නේ. දැන් මල ගෙවල් ඕනා නෑ , හතර දෙනෙක් ඕනා නැහැ. ඔයාට තනියෙම මේ සෙල්ලම කරන්න පුලුවන් ඔයාගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයත් එක්ක. පට්ට ඈ. අනික මේක අපේ මේ ලන්කාවේ කොල්ලන්ගේ වැඩක්නේ. ඉතිං දන්න සිංහලෙන්ම ඕමි ගහන් කැමති කට්ටියට තමයි මං මේක ගෙනාවේ. ගොඩක් අය මේ ගැන දන්නවත් ඇති. නොදන්න අය ඉන්නා නම් ඒ අයට තමයි ඕන් ගෙනාවේ. කට්ටිය අරගෙනම සෙල්ලම් කරලා බලන්න. හරිම ලේසි. නොදන්න අයත් අරගෙන බලන්න සෙල්ලම් කරලා. අමාරු නැහැ. එහෙනම් මේ වගේ තවත් සුකුරුත්තමක් සෙට් වුනොත් ආයේ අරගෙන එන්නම්කෝ ඔයාලගේ දැන ගනීම පිනිස. :)

මං මේකේ පින්කුව දෙන්නේ සෙල්ලම් කඩේම ලින්කුව. ඒකට ගිහින් අපේ මේ සහෝදරයින්ට තරු ලකුණු එහෙම දීලා පොඩ්ඩක් දිරිය දෙන්න අමතක කරන්න එපා. එහෙනම් මං ගියා. සැමට සුභ දවසක්..

ස්කිරින් සොට් ටිකකුත් දෙන්නම්කෝ....






මෙතනින් ගිහින් ගන්න ගේම් එක.

Thursday, November 15, 2012

Adding 3D Social Icons With Rotate Spin Effect To Blogger


ඔන්න යාලුවනේ මේ ටිකේම උපසිරැසි අරගෙන ආව නිසා මට හිතුනා අපේ බ්ලොග් කරන කට්ටියට පොඩි ගැජමැටික් එකක් කියලා දෙන්න. වැඩිය කතා නැතිව මොකක්ද කියලා කෙලින්ම බලමුකෝ. ඔයාලට පේනවද මේ මගේ බ්ලොග් එකේ දකුණු පැත්තේ උඩින් තියෙන පොඩි සුකුරුත්තම. මූණු පොතේ අයිනය, ට්විටරයේ, ගූගල් එකතු කිරීමේ, වගේ සෙට් එකක් තියෙන්නේ. එතනට මවුස් එක අරන් ගියාම දැක්කද ඒ අයිකන ටික කැරකෙනවා. :D ගති නේද. ඉතිං මං කියලා දෙන්න හැදුවේ ඒ ගැජට් එකම ඔයාලගේ බ්ලොග් එකටත් දාගන්න විදිහක්. මහලොකු දෙයක් නැහැ ඉතිං කොපි පේස්ට් එකක් තමයි දාන්න තියෙන්නේ. එහෙනම් පියවරෙන් පියවර බලන්නකෝ.


Icon Icon Icon Icon

1 පියවර: මුලින්ම ඔයලගේ බ්ලොගර් ගිණුමට ලොග් වෙන්න.

2 පියවර: ඊලගට ඔයාලගේ බ්ලොග් එකේ Layout කියන ටැබ් එක ක්ලික් කරන්නකෝ. 

3 පියවර: ඊලගට තියෙනවා නිකන් කොටු කොටු ගොඩක්. එකෙන් ඔයා මේ ගැජට් එක දාන්න කැමති තැන තියෙනවනේ. එතනට ගිහින් එතන තියෙන කොටුවක තියෙන Add a Gadget කියන එක ක්ලික් කරන්නකෝ.

4 පියවර: ඊලට එයි වින්ඩෝ එකක්, එකේ පොඩ්ඩක් පල්ලෙහාට යනකොට දකින්න ලැබෙයි HTML/JavaScript කියලා එකක්. ඒක ක්ලික් කරන්න.

5 පියවර: ඊලගට ඒ වින්ඩෝ එකේම එයි ටයිප් කරන්න පුලුවන් වෙන්න ටෙක්ස් ෆීල්ඩ් දෙකක්. උඩම ටෙක්ස් ෆීල්ඩ් එකේ ඇත්තේ Tittle කියලා, අනිත් පහල තියෙන ලොකු ටෙක්ස් ෆීල්ඩ් එකේ ඇත්තේ Content කියලා.

6 පියවර: හරි දැන් මං මේ පහලින් දෙන කෝඩ් එක ඇතුලත් ටෙක්ස් ෆයිල් එක බාගන්නකෝ.

මෙතනින් කෝඩ් එක බාගන්න

7 පියවර: එහෙනම් කෝඩ් එක බාගත්තනම්. ඒ කොඩ් එක කොපි කරගෙන, අර Content කියන ටෙක්ස් ෆීල්ඩ් එකට පේස්ට් කරගන්න.

8 පියවර: හරිද. එහෙනම් පේස්ට් කරගත්තා නම්. ඔයාට පොඩි වැඩක් තියෙනවා කරන්න. ඒ තමයි ඔයාගේ මූණුපොතේ, ට්විටර් ගිණුමේ, ගූගල් ප්ලස් ගිනුමේ, RSS ගිණූමේ ලින්කු ටික මේ කෝඩ් එකට ඇතුලත් කරගන්න ඕනා.

ඒක හරිම ලේසි. පොඩ්ඩක් කියවගෙන යන්න කොඩ් එක, මුලින්ම ඔයාට හමුවෙයි Your-Feed-Url-Paste-Hear කියලා එකක්. ඒ පේලිය වෙනුවට ඔයාගේ  RSS ලිපිනය ලබා දෙන්න.

ඒ වගේම අනිත් ගිණුම් වලත් ලිපින ලබා දෙන්න. මං කියන්නම් ඒවා දාන්න ඕනා තැන් ටික.
Your-Feed-Email- Url-Paste Hear මෙතනට ඊමේල් ගිනුමේ RSS ලිපිනය ලබාදෙන්න
Your-Facebook Profile-URL-Paste Hear මෙතනට මූණු පොතේ ගිණුමේ ලිපිනය දෙන්න.
Your-Twitter-Profile-URL-Paste Hear මෙතනට ටිව්ටර් ගිණූමේ ලිපිනය දෙන්න
Your-Google Plus-URL-Paste Hear මෙතනට ගූගල් ප්ලස් ගිණූමේ ලිපිනය දෙන්න.

එච්චරයි. ඔය ටික දුන්නා නම් පහලින් තියෙන Save බටන් එක ක්ලික් කරන්න.

වැදගත් : යම් කිසි බොත්තමක් ඉවත් කරන්න වුවමනා නම්, මේ ආකාරය අනුගමනය කරන්න.

උදා ලෙස, RSS බොත්තම අයින් කරමු. <!--Start Rss Icon--> මෙතැන් පටන් <!--End Rss Icon--> මේ දක්වා ඇති කෝඩ් ටික සම්පූර්ණයෙන් ඉවත් කරන්න.

අනිකුත් බොත්තම් අයින් කරද්දිත් එසේමයි.

හොදයි. යම්කිස් ගැටලුවක් ආවොත් කියන්න. උදවුවක් දෙන්නම්. එහෙනම් හැමෝටම සුභ දවසක්. තව ටිකකින් අලුත් ගීතයකට උපසිරැසි දෙන්නත් තියෙනවා නේ. එහෙනම් මං ගියා. 

අහිංසක හිත්නේ. 




Sunday, November 4, 2012

How to Install Sinhala Unicode to Android Devices



ඔන්න අද කියනන්න හැදුවේ සිංහල දාගන්න විදිහ ඔයාලගේ ඇන්ඩ්‍රොයිඩ් ෆොන් එකට. මේක හරි ලේසි වැඩක්. පියවරෙන් පියවර කියලා දෙන්නම්කෝ.. මේක හැබැයි කරන්න පුලුවන් ROOT කරලා තියෙන ෆොන්ස් වලට විතරයි හොදේ..

1 පියවර. මලින්ම මෙතනට ගිහින් DroidSamFallback කියන ෆොන්ට් ෆයිල් එකයි RootExplorer කියන ඇප් එකයි බාගන්නකෝ.

2පියවර. ඊලගට ඔයා ෆයිල් දෙකම ඔයාගේ මෙමරි කාඩ් එකට කොපි කරගන්න.

3 පියවර. ඊලගට RootExplorer කියන ඇප් එක ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න

4 පියවර. ඊලගට RootExplorer ඇප් එක ඕපන් කරගන්න. ඕපන් කරනකොට සුපයි යූසර් පර්මිෂන් ඉල්ලයි. ඒකත් යස් දීලා ඇතුලට යන්න

5 පියවර. ඊලගට පෙන්නයි ෆොල්ඩර් ටික. එකෙන් ඔයා sdcard කියන එකට ගිහින් ඔයා ෆොන්ට් ෆයිල් එක කොපි කරගත්තු තැනට න්න.

6 පියවර. ඊලගට ඔයාගේ ෆොන්ට් ෆයිල් එක තත්පර දෙකක් විතර ටච් කරගෙන ඉන්න එතකොට එයි වින්ඩෝ එකක්. ඒකේන් COPY කියන එක ටච් කරන්න.

7 පියවර. ඊලගට ඔයා බැක් යන්න. ඒ කිවුවේ ආපස්සට. ඊලගට ඔයා system කියන ෆොල්ඩර් එකට ගිහින් ඒ කේ ඇති font කියලා ෆෝල්ඩර් එකක් එක ඕපන් කරගන්න 

8 පියවර. ඊලගට උඩම ඇති Mount R/W කියලා එකක්. ඒක ටච් කරන්න. එතකොට ඒක Mount R/O වෙයි. එහෙම උනා නම් හරි.

9 පියවර දැන් යට තියෙන Paste බටන් එක ටච් කරන්න. එතකොට රිප්ලේස් කරන්න අහයි. යස් දෙන්න..

10 පියවර. එච්චරයි දැන් ෆොන් එක රීස්ටාර්ට් කරලා බලන්න. සිංහල තියෙන සයිට් එකකට ඇවිල්ලා එලකිරි හරි නැත්තම් ඔය සිංහල උපසිරැසි තියෙන ෆිල්ම් එකක් බලන්නකෝ. කලින් කොටු කොටු වැටුන ඒවා දැන් ලස්සනට සිංහල වෙලා පෙනෙයි..

Monday, July 23, 2012

Get Free Top Level Domain (eg : .com , .info)




You Can Get top Lavel Domain as a Free. Want a know more Details please Visit this site.. Geek. lk

Geek.lk වෙබ් අඩවිය විසින් බ්ලොගර් කරුවන් වෙත නොමිලේ top level domain names ලබාදීම සදහා පොඩි තරගයක් සංවිධානය කළා. කිසිදු ගැටලුවකින් තොරව අපි තරගය නිමා කරලා ජයග්‍රාහකයින් වෙත ත්‍යාගද ලබා දුන්නා.. ඒ පිලිබද විතර සදහා පහත ලින්ක් එක බලන්න.
http://geek.lk/discussion/1339/geek-lk-domain-names-ලබාදීමෙ-තරගයේ-ජයග්‍රාහකයෝ-#Item_1

අපි මෙවැනිම domain names ලබා දීමෙ තරගයේ දෙවැනි අදියරක් ඉදිරියේදී කරමු කියල අදහසක් දැම්ම විතරයි තරගයට ඇතුලත් කරගන්න කියලා පණිවිඩ 50 ක් පමණ ආවා. ඒ නිසා අපි තීරණය කළා මෙම තරගය ඉදිරියටත් පවත්වාගෙන යන්න ඔනී කියලා.

ඉතින් තරගයේ දෙවැනි අදියරෙ සිට අපේ ගීක්ලාට ත්‍යාග ලබාදීම සදහා http://www.hostinglions.com/ ආයතනයත් Geek.lk සමග අත්වැල් බැදගත්තා. සෑම සිංහල බ්ලොගර් කරුවෙකුටම Top Level Domain එකක් ලබාදීම මූලික අරමුණ කරගෙන සෑම මසකටම වරක් ජයග්‍රාහකයින් 05 දෙනෙකුට Domains ලබාදීමට අපි දැන් සූදානම්..

තරගය දිනාගැනීමෙන් ඔබට ලැඛෙන ත්‍යාග
* සෑම මාසයකම ජයග්‍රාහකයින් පස් දෙනෙකු තෝරාගනු ලැඛෙ.
* පළමු ස්ථානය සදහා Unlimited bandwidth Hosting package එකක් සමග .info domain එකක් ලබාදේ
* දෙවනි ස්ථානය, තුන්වන ස්ථානය, සිව්වන් ස්ථානය සහ පස්වන ස්ථාන සදහා .info domain name එක බැගින් ලබාදේ..

domain names වල වැදගත් කම
ඔයා දැනටමත් yourname.blogspot.com, yourname.webs.com හෝ yourname.wordpress.com වලින් බ්ලොග් එකක් පවත්වන් යන බ්ලොගර් කෙනෙක් වෙන්න පුලුවන්. දැන් ඔයාට ඇත්තේ ටිකක් දිග වැඩි (sub domain) බ්ලොග් ලිපිනයක් .
ඉතින් ඔයත් ආස ඇති ඒක yourname.info වගේ ලස්සන කෙටි top level domain name එකක් කරගන්න. ඉතිං ඒක නොමිලේම ඔයා කැමති විදියට කරගන්න දැන් ඔයාට පුලුවන්.
ඒ වගේම ඔයා කැමති විදියේ වෙබ් අඩවියක් වුණත් ඔයාටම හොස්ට් කරගන්න Unlimited Bandwidth Hosting එකකුත් දිනාගන්න ඔයාට පුලුවන්..

ඉතිං ගොඩක් අය බ්ලොග් කරන්නේ විනෝදෙට නිසා domain names ගන්න මුදල් වියදම් කරන්න කැමති වෙන්නේ නෑ. ඒත් ආසයි domain එකක් අරගන්න. ඇත්තටම ඔයා දැනටමත් බ්ලොග් එකක් කරනවානම් ඒ බ්ලොග් එකටම මෙ domain එකක් අරන් දාගන්න පුලුවන්..

නැත්නම් ඔයා අදහස් කරලා ඇති ඔයාගෙම කියල අලුත්ම අලුත් වෙබ් අඩවියක් ආරම්භ කරන්න. ඉතිං ඒ සදහාත් ඔයාට ඔයාගෙම top level domain name එකක් දිනාගන්න දැන් පුලුවන්.

තමන්ගේ බ්ලොග් අඩවියට ඇඩ්සෙන්ස් (Adsense) ගන්න බලාපොරොත්තුවක් තියෙනවානම් ඒකටත් top level domain name එකක් තියෙන එක ගොඩක් වටිනවා. වගේම ඒකට ගොඩක් වාසිත් ලැඛෙනවා..

තරගය මොකක්ද
තරගයනම් ගොඩක් ලේසී. කරන්න තියෙන්නේ පහතින් තියෙන Geek.lk වෙබ් අඩවියේ banner එකක් ඔයාගේ වෙබ් අඩවියේ හෝ බ්ලොග් අඩවියේ ප්‍රදර්ෂණය කරන්න විතරයි. ඔයාගේ වෙබ් අඩවිය හරහා Geek.lk වෙබ් අඩවියට කොපමණ පිරිසක් පැමිණෙනවද කියලා තමයි බලන්නේ.

* සෑම මාසයකම ජයග්‍රාහකයින් පස් දෙනෙකු තෝරාගනු ලැඛෙ.
* පළමු ස්ථානය සදහා Unlimited bandwidth Hosting package එකක් සමග .info domain එකක් ලබාදේ
* දෙවනි ස්ථානය, තුන්වන ස්ථානය, සිව්වන් ස්ථානය සහ පස්වන ස්ථාන සදහා .info domain name එක බැගින් ලබාදේ..

මේ පිලිබදව වැඩිදුර තොරතුරු දැනගැනීමට මේ ලින්ක් එකට යන්න. Geek. lk

සියලූම domains Geek.lk සහ hostinglions විසින් ලබාදෙන අතර Unlimited bandwidth Hosting ලබාදෙන්නේ http://hostinglions.com ආයතනය විසිනි.

කළින් තරගයකදී ජයග්‍රාහණය කරනලද වෙබ් අඩවි සහ බ්ලොග් අඩවි නැවතත් ඉදිරිපත් නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු

Friday, July 13, 2012

XPERIA MINI WITH ICE CREAM SANDWICH සිංහලෙන්




මං මේක හොයාගන්න කාපු කට්ට දන්න නිසා ඔන්න මං මේක කට්ටියත් එක්ක බෙදාගන්න හැදුවා. තව ඇතිනේ xperia mini st15i දුරකතනේ පාවිච්චි කරන අය. ඔන්න මේක ඒ අයට...

Saturday, June 30, 2012

තමන්ගෙම කියලා ONLINE RADIO එකක් හදා ගන්න කැමතිද?



මොකද කියන්නේ මේ වැඩේ කරලා බලමුද?... මම නම් හිතන්නේ ගොඩක් අය මේක දන්නවා ඇති..
මෙක දැම්මේ දන්නේ නැති අයට.....
ඉතින් වැඩි කතා ඔනේ නෑනේ අපි වැඩේ කරලම බලමු...