Showing posts with label Lyrics. Show all posts
Showing posts with label Lyrics. Show all posts

Friday, February 14, 2014

Jeevithe Sunwela - Viraj ft KushRaj Lyrics

ජීවිතේ සුන්වෙලා
හදවතේ වැලලිලා
මතකයේ හැන්ගිලා
විදවමී දිවිතුරා
ආදරේ ඇයි මේ තරම් වේදනා
ආදරේ ඇයි මේ තරම් වේදනා

පවසාවි දෙවියන් පවා
ඇසුවෝතින් මා පැතුවේ ඔබමයි කියා
යලි ආවොත් මාගේ වෙලා
පිලිගන්නම් සිටියොතින් ජීවත් වෙලා
සේනෙහේ නාමෙන් ගැලූ
කදුලින් පිරුනේ මේ සාගරේ
මගේ දුක හදුනන්නේ සාගරේ

මට තාම අදහන්න බෑ
ඔබ යනතුරා සිටියා ගොලුවි බලා
ඔබේ නාමේ රුධිරෙන් ලියා
දිවුරන්නම් හැමදාම ඔබගේ කියා
සෙනෙහේ නාමෙන් හෙලු
සුසුමින් පිරුනේ මේ මාරුතේ
මගේ දුක හදුනන්නේ මාරුතේ

ජීවිතේ සුන්වෙලා
හදවතේ වැලලිලා
මතකයේ හැන්ගිලා
විදවමී දිවිතුරා
ආදරේ ඇයි මේ තරම් වේදනා
ආදරේ ඇයි මේ තරම් වේදනා

Monday, December 2, 2013

Sweety Manika - Iraj ft Infaz , Janani - MP3 and Lyrics





MP3 එක පහලින් බාගන්න
MP3

Friday, November 29, 2013

Sun Raha Hai Sinhala Version (Pawi Awaden - Thilina Sampath) Lyrics and Mp3



සිහිනෙන්වත් ඔබ හට මා නැතිවේදෝ
සිතුවම් මැකිලා අදුරේ
තනිවිලා මා මේ ලෝකේ
ආදරේ නාමෙන් මියැදිලා
හුස්මක් වත් නැ දැන් ඇගේ
දුටු රූපේ සිහිනෙන් වාගේ
බොද වීලා ඈතට ඇදෙනවා

සිහිනෙන්වත් ඔබ හට මා නැතිවේදෝ
යලි ආයේ මා සිත ආලේ වේදෝ
පාවි ආවදෙන් ඇගේ සිනාවන්
පාවි ආවදෙන් මාගේ වේදනාවන්

පාවි ආවදෙන් ඇගේ සිනාවන්
පාවි ආවදෙන් මාගේ වේදනාවන්

මාගේ වී ඒ ආදරේ
මා සිතේ දග කෙරූ
ඉටුවේ නම් මා හදේ
ඈ කෙරේ වූ පැතුම්
මැවේවි ජීවය මගේ
පායාවී පුන් සද වාගේ

සිහිනෙන්වත් ඔබ හට මා නැතිවේදෝ
යලි ආයේ මා සිත ආලේ වේදෝ
පාවි ආවදෙන් ඇගේ සිනාවන්
පාවි ආවදෙන් මාගේ වේදනාවන්

ජීවිතේ දැන් නැවතිලා
මාගේ අද ඉතිං
මේ ගී දැන් කාටදෝ
පවසන්නේ මා හදින්
මේ කදුලැල් මාගේ නොවේදෝ
මේ ගී දැන් ඈ හට වේදෝ

සිහිනෙන්වත් ඔබ හට මා නැතිවේදෝ
යලි ආයේ මා සිත ආලේ වේදෝ
පාවි ආවදෙන් ඇගේ සිනාවන්
පාවි ආවදෙන් මාගේ වේදනාවන්

පාවි ආවදෙන් ඇගේ සිනාවන්
පාවි ආවදෙන් මාගේ වේදනාවන්


Saturday, October 5, 2013

Susumin Weli MP3 & Lyrics (Thum Hi Ho Sinhala Version by Sanka Dineth)


MP3 එක මෙතනින් අහන්න

ජීවිතයට හිමි අවසන් හුස්මත්
රැගෙන ගියා නුබ රැගෙන ගියා
ජීවිතයට හිමි අවසන් හුස්මත්
රැගෙන ගියා නුබ රැගෙන ගියා

මේ ලොව එක සැනසුම් සුසුමක් නෑ
නුබ නැති දා මා තනි වූ දා

කදුලින් තෙමී සුසුමින් වෙලි
හදවතින් මා මැරි මැරි
නෑ යලි සතුටක් දැනී
ඔබේ ආදරෙන් මා යයි දැවී

තුරුලේ වෙලි මට කීව කතා යලි
සවනේ රැව් දෙයි මහද රිදී
ඔබ නැති ලෝකෙක මට මා හිමි නැත
මා මියදෙයි සුසුමන් සිරවී
හැම හුස්මක නුබෙ නම ඇත ලිය වී
හැර යන්නට බැහැ කිසිදා.....

කදුලින් තෙමී සුසුමින් වෙලි
හදවතින් මා මැරි මැරි
නෑ යලි සතුටක් දැනී
ඔබේ ආදරෙන් මා යයි දැවී

කදුලින් තෙමී සුසුමින් වෙලි
හදවතින් මා මැරි මැරි
නෑ යලි සතුටක් දැනී
ඔබේ ආදරෙන් මා යයි දැවී


MP3 මෙතනින් බාගන්න
Download

Saturday, May 25, 2013

Obata Nohaka (Ishan [Mal Devata Tele Drama Theme Song]) Lyrics & MP3




ඔබට නොහැක
මගේ සෙවනට එන්නට....
මටද නොහැක
මල් විමන් තනන්නට
නමුදු සොදුරේ මේ සුවිසල්
අහස යට..
අපේ සුසුමන් හමුවෙලා
මුමුණනු ඇත

අතැගිලි නොබැදෙන
හිත බැදි සෙනෙහස
සසර පුරා ලග ඉන්න ඇතී
ඒ අත් භවයෙත් මේ වාගෙම අපි
හමුවී වෙන් වී යන්න ඇති

හමූ වී වෙන් වෙමු
සසර පුරුද්දට
එකම සදේ.. සද
එළිය දකින කොට
ඉසුරුමුණිය පෙම් යුවල නොවේ අප
හිනැහෙමු කදුලැලි
සගවා හිත යට


MP3 එක පහලින් බාගන්න


Tuesday, March 5, 2013

Mage Es Diha Bala - Hiran Thenuwara (6th Lane) - Lyrics, Music Video & MP3




මගේ ඇස් දිහා බලා හඩන්නට එපා
මේ තරම් ආදරේ දුරක් ඇවිදින්
දුකක් දී නුඔ ගියා
මගේ ඇස් දිහා බලා

කුලුදුල් මගේ ආදරේ සගවන්න බෑ
රහසේ හඩනා තරම් නුඹ දන්නේ නැහැ
ආයේ හමුවෙන්න මට තහනම්
ඉවසන්න බෑ මේ සරදම්

මගේ ඇස් දිහා බලා හඩන්නට එපා
මේ තරම් ආදරේ දුරක් ඇවිදින්
දුකක් දී නුඔ ගියා
මගේ ඇස් දිහා බලා

දෙනෙත් තරු මල් බලා හිනහෙන්න බෑ
කීයු පෙති ආදරෙන් සිපගන්න බෑ
කීව නාහන හැටි හිත මගේ
අහිමි නුඹ ගැන දැන් ලතවෙන්නම්

මගේ ඇස් දිහා බලා හඩන්නට එපා
මේ තරම් ආදරේ දුරක් ඇවිදින්
දුකක් දී නුඔ ගියා
මගේ ඇස් දිහා බලා





MP3 එක පහලින් බාගන්න
MP3

Friday, February 22, 2013

Hachchiyak Denna - Ranidu - Lyrics , Music Video & MP3




හාච්චියක් දෙන්න
මට කියන්නකෝ දැන් ආලේ කරන්නම්
හාච්චියක්  දෙන්න
කරමාලෙ නම් සාක්කුවේ දැන්
ලෑස්තියක් නැද්ද
මට හෙලන්නකෝ මෘදු වාත්තු බැල්මක්
ගාස්තුවක් දෙන්න
සුදු ලමිස්සියේ යන් යාප්පුවෙන් දැන්
නඩත්තුවක් දෙන්න
ලග සාප්පුවෙන් තනි සීට්ටුවෙන්
රන් මාලයක් ගන්න
ඔබ එක්කන් යන්න හදිස්සි
සාත්තුවක් දෙන්න
මගේ ආදරේ නම් සාගරේ වන්
ජීනවිතේ ගන්න
හැම ආත්මයේ මං ගාල් වුනේ නම්

හේ කෙල්ලේ
සද වතුරේ තෙමිලා බලන්නම්
හේ කෙල්ලේ
රතු දෙතොලේ සුවය විදින්නම්
හේ කෙල්ලේ
මෘදු කොපුලේ සුසුම් සලන්නම්
හේ කෙල්ලේ
හද පතුලේ සුවද බෙදන්නමයි

හාච්චියක් දෙන්න
මට කියන්නකෝ දැන් ආලේ කරන්නම්
හාච්චියක්  දෙන්න
කරමාලෙ නම් සාක්කුවේ දැන්
ලෑස්තියක් නැද්ද
මට හෙලන්නකෝ මෘදු වාත්තු බැල්මක්
ගාස්තුවක් දෙන්න
සුදු ලමිස්සියේ යන් යාප්පුවෙන් දැන්

හේ කෙල්ලේ
මම පැතුවේ තුරුලේ නිදන්නයි
හේ කෙල්ලේ
සද සිසිලේ පපුවේ වෙලෙන්නයි
හේ කෙල්ලේ
නෙතු සැලුනේ ඔබව දකින්නයි
හේ කෙල්ලේ
ඉගි කෙරුවේ  කරුණූ කියන්නයි

නඩත්තුවක් දෙන්න
ලග සාප්පුවෙන් තනි සීට්ටුවෙන්
රන් මාලයක් ගන්න
ඔබ එක්කන් යන්න හදිස්සි
සාත්තුවක් දෙන්න
මගේ ආදරේ නම් සාගරේ වන්
ජීවිතේ ගන්න
හැම ආත්මයේ මං ගාල් වුනේ නම්

හාච්චියක් දෙන්න
මට කියන්නකෝ දැන් ආලේ කරන්නම්
හාච්චියක්  දෙන්න
කරමාලෙ නම් සාක්කුවේ දැන්
ලෑස්තියක් නැද්ද
මට හෙලන්නකෝ මෘදු වාත්තු බැල්මක්
ගාස්තුවක් දෙන්න
සුදු ලමිස්සියේ යන් යාප්පුවෙන් දැන්





MP3 එක බාගන්න
MP3

Tuesday, February 5, 2013

Adariye - Shan Hassim - Lyrics & MP3






ආදරේ ඔබේ හදින් පැතූ
මිරිගුවක් කලේ
නෑ ඔබ නෑ ලගින්
ආදරියේ මා රිදවා ගියේ

ආදරේ ඔබේ හදින් පැතූ
මිරිගුවක් කලේ

රනින් මාල මුදු තැලි පලදා
අපේ වෙන්න හීන දැක්කා
හීන මැවුවේ මා විතරයි
ආදරේ නමින්
ඔබේ වෙන්න බෑ ආයෙත්
පෙරදා ලෙසින්

ආදරේ ඔබේ හදින් පැතූ

හීන අපේ සිද බිද දමලා
දෙනෙත් අගට කදුලැලි තියලා
අලුත් ලොවක කිරුලු පලදා
යන්න නුඹ ගිහින්
ඔබේ වෙන්න බෑ ආයෙත්
පෙරදා ලෙසින්

ආදරේ ඔබේ හදින් පැතූ
මිරිගුවක් කලේ



MP3 එක පහලින් බාගන්න 

Friday, January 18, 2013

Oba Kawruda - Shihan Mihiranga - Lyrics , MP3 & Music Video



ගීතය රසවිදින්න ප්ලේ බොත්තම ඔබන්න

හිත ලග දගකරමින්
හීන ගෙනාවේ ...
මා හිත කිතිකවමින්
සෙනෙහස පැවේ ...
ඔබ දෙවුදුවක්ද මට කියන්න ...
සුර ලොවින් වැඩියාද කියන්න...
මගේ හිත නලවල කලබන ඔබ කවුරුද ....
මගේ හිත නලවල කලබන ඔබ කවුරුද ....

ඔය ඉග වට දැවටෙන සලු පට
වෙන්නට මට ආසයි
ඔය තොල් මත රැදෙන්න බිදුවක්
නවතින්නට ආසයි
ඔය ඉග වට දැවටෙන සලු පට
වෙන්නට මට ආසයි
ඔය තොල් මත රැදෙන්න බිදුවක්
නවතින්නට ආසයි

ඔබ දෙවුදුවක්ද මට කියන්න ...
සුර ලොවින් වැඩියාද කියන්න...
මගේ හිත නලවල කලබන ඔබ කවුරුද ....
මගේ හිත නලවල කලබන ඔබ කවුරුද ....

හිත ලග දගකරමින්
හීන ගෙනාවේ ...
මා හිත කිතිකවමින්
සෙනෙහස පැවේ ...
ඔබ දෙවුදුවක්ද මට කියන්න ...
සුර ලොවින් වැඩියාද කියන්න...
මගේ හිත නලවල කලබන ඔබ කවුරුද ....
මගේ හිත නලවල කලබන ඔබ කවුරුද ....

මේ තරමට ආදරේ හිතෙන්න
මොනවද මට කිවේ
හොරෙන්ම හිත ඔබ ලග නැවිතුනා
නෑ මටවත් දැනුනේ
මේ තරමට ආදරේ හිතෙන්න
මොනවද මට කිවේ
හොරෙන්ම හිත ඔබ ලග නැවිතුනා
නෑ මටවත් දැනුනේ

ඔබ දෙවුදුවක්ද මට කියන්න ...
සුර ලොවින් වැඩියාද කියන්න...
මගේ හිත නලවල කලබන ඔබ කවුරුද ....
මගේ හිත නලවල කලබන ඔබ කවුරුද ....

හිත ලග දගකරමින්
හීන ගෙනාවේ ...
මා හිත කිතිකවමින්
සෙනෙහස පැවේ ...
ඔබ දෙවුදුවක්ද මට කියන්න ...
සුර ලොවින් වැඩියාද කියන්න...
මගේ හිත නලවල කලබන ඔබ කවුරුද ....
මගේ හිත නලවල කලබන ඔබ කවුරුද ....




MP3 එක පහලින් බාගන්න
MP3

Tuesday, January 8, 2013

Kessata Kossata - Lahiru Perera - Lyrics & MP3 Download



ගීතය රසවිදින්න ප්ලේ බොත්තම ඔබන්න


කැස්සට කොස්ඇට.. උණට කුරුම්බා..
වැස්සට නොතෙමී.. කුඩය ගනිල්ලා..
රස්නෙට වෙනිවැල් බිව්වම ඇඟට හොඳා..

වක්කඩ අස්සේ හකුරු හංගලා..
නැතිවෙන හකුරට නාහෙන් හඬලා..
අස්සය පැන්නම කඩුල්ල වසනු එපා..

උෂ්නෙට මුං ඇට සව් කැද බොන්න සුදා
අරලු ගෙඩි දෙකක් බිවුවම බඩට හිනා
බර්මියුඩා වල නැතිවෙන නැව් හොයලා
යකඩ බරට විකුනමු අපි කොමිස් තියා

සන්ග්ලාස් දාගෙන වටපිට බලලා
වැස්සක් දැන් දැන් එතැයි කියාලා
අව්වේ රෙදි ටික ඇතුලට ගන්න එපා

මහදැන මුත්තගේ උපදෙස් අහලා
එලුවව අරගෙන බෙල්ලෙන් කපලා
කැකිල්ලේ රජුගෙන් තීන්දු අසනු එපා

උෂ්නෙට මුං ඇට සව් කැද බොන්න සුදා
අරලු ගෙඩි දෙකක් බිවුවම බඩට හිනා
බර්මියුඩා වල නැතිවෙන නැව් හොයලා
යකඩ බරට විකුනමු අපි කොමිස් තියා

ශේක්ස්පියර් ගැන ලෝකෙට කියලා
මිස්ටර් බීන්ලගේ නාට්ටි බලලා
හවසට ඇවිදින් නෝනට බනිනු එපා

ලෝක විනාසෙට ඇගිලිත් ගැනලා
අල්ලේ ඉරි මත ලෝකය තියලා
සෙනසුරු අපලෙට ජීවිතේ ලියනු එපා

උෂ්නෙට මුං ඇට සව් කැද බොන්න සුදා
අරලු ගෙඩි දෙකක් බිවුවම බඩට හිනා
බර්මියුඩා වල නැතිවෙන නැව් හොයලා
යකඩ බරට විකුනමු අපි කොමිස් තියා


MP3 එක පහලින් බාගන්න
Your Ad Here MP3

Wednesday, January 2, 2013

Seetha Maruthe - Ruwan Hettiarachchi - Lyrics, MP3 & Music Video


ගීතය රසවිදින්න ප්ලේ බොත්තම ඔබන්න

සීත මාරුතේ වෙලෙමින් ඇස් දිහා බලන්
ඔබ මට ආදරේ කියූ මතකය හීනයක් වගේ
ඈත මීදුමේ දිදුලන පුන් සදක් වගේ
එළියයි ඒ හැගුම් හිතේ ඔබමයි ජීවිතේ මගේ

දෑලේ ගගුලැල්ලක් සේ මා සීතයි හිත බෝමා
දෝරේ යයි සිතුවිලි සේනා ආදරයෙන් පෙගිලා
ජීවිතයේ සතුටයි මා දුටුවේ
සාගරයේ ගැඹුරයි ඒ හැගුමේ

සීත මාරුතේ වෙලෙමින් ඇස් දිහා බලන්
ඔබ මට ආදරේ කියූ මතකය හීනයක් වගේ
ඈත මීදුමේ දිදුලන පුන් සදක් වගේ
එළියයි ඒ හැගුම් හිතේ ඔබමයි ජීවිතේ මගේ

යහනේ තනි යහනේ පේනා හීනෙන් ඉගිපානා
රෑ තුන්යම ඔය ඇස් මානා මා මුසපත් කරනා
ආදරයේ මිහිරෙන් මා නිවුනේ
ඒ ඇසුරේ අලුතින් මා ඉපිදේ

සීත මාරුතේ වෙලෙමින් ඇස් දිහා බලන්
ඔබ මට ආදරේ කියූ මතකය හීනයක් වගේ
ඈත මීදුමේ දිදුලන පුන් සදක් වගේ
එළියයි ඒ හැගුම් හිතේ ඔබමයි ජීවිතේ මගේ





MP3 එක පහලින් බාගන්න
Your Ad Here MP3

Sinasenna Bane (Digu Dasa Dutuwama Part 02) - Romesh Sugathapala - Lyrics, MP3 & Music Video


Updated - Music Video Now Available

ගීතය රස විදින්න ප්ලේ බොත්තම ඔබන්න

හැගුම් මත් කලා ඉදුරා දෑසේ මායා
නැගූ මල් සිනා පුරා සුවද දීලා
ඉගිලී ගියාදෝ සයුරෙන් එහා
දුර යන්නේ හැංගෙන්නේ මගෙ හිත දවාලා

සිනාසෙන්න බෑනේ ඔබේ සුවද නෑනේ
කොහේදෝ මා දමා ඉගිලුනේ

නිල්වන් ගැබේහි සද  හැංගුනාසේ
ඔබ එයිද ආයේ දෑස පේන මානයේ
මල පරවුනා සේ නොපිපේද ආයේ
හද රැන්දු සිහිනේ බොදවේද මාගේ
හදවිලම සනසන්න දුක මගෙ නිවාලා

සංසාර හීනේ ඔබ නේද මාගේ
මේ පෙම් කථාවේ ගිනි ඇවිලුනානේ
හමුවෙන්න ආයේ පෙරුමන් පුරන්නේ
ගිනි දැවෙන ලෝකයේ මං තනිවෙලානේ
මුණගැහුන තැන තාම මම ඉන්නවා





MP3 ගොනුව පහතින් බාගන්න
MP3

Wednesday, December 19, 2012

Tharuwak Wee Ra Ahase - A-Tune - Lyrics , MP3 & Music Video



Main Artist - A-Tune
Vocals, Lyrics - Lasan
Vocals - Tharindu-A, Chamila Jw, Disani D
Music, Mixing - Shenal M
Lyrics - Tharindu Wimalaweera
Video Director - Malith McR


MP3 අහන්න ප්ලේ (Play) බොත්තම ඔබන්න


තරුවක් වී රෑ අහසේ මා ඔබ සෙව්වත් අද සොඳුරියේ.
මට නොපෙනී ඔබ සැඟවී මා තනිවී රාත්‍රියේ
මගෙ ජීවිතේ ඔබමයි කියා
සිතු සෑම දේ බොඳ වී ගියා අහසේ..

තරු තනි වෙලා සදු සැගවිලා ඔබ දුර ගියා මා හඩවලා
ඔබ ගැන හිතා ඔබ මගේ කියා මා සිතු නිසා අද තනිවෙලා
තරු තනි වෙලා සදු සැගවිලා ඔබ දුර ගියා මා හඩවලා
ඔබ ගැන හිතා ඔබ මගේ කියා මා සිතු නිසා අද තනිවෙලා

හිරු වන්නට ආකාසේ පෙලබුනත් මුලු හදින්
ලැබගන්නට නුබ මා හට පින් නැතිදෝ සොදුරියේ

තරු තනි වෙලා සදු සැගවෙලා ඔබ දුර ගියා මා හඩවලා
ඔබ ගැන හිතා ඔබ මගේ කියා මා සිතු නිසා අද තනිවෙලා
තරු තනි වෙලා සදු සැගවිලා ඔබ දුර ගියා මා හඩවලා
ඔබ ගැන හිතා ඔබ මගේ කියා මා සිතු නිසා අද තනිවෙලා

තරුවක් වී රෑ අහසේ මා ඔබ සෙව්වත් අද සොඳුරියේ.
මට නොපෙනී ඔබ සැඟවී මා තනිවී රාත්‍රියේ
මගෙ ජීවිතේ ඔබමයි කියා
සිතු සෑම දේ බොඳ වී ගියා අහසේ..

තරු තනි වෙලා සදු සැගවිලා ඔබ දුර ගියා මා හඩවලා
ඔබ ගැන හිතා ඔබ මගේ කියා මා සිතු නිසා අද තනිවෙලා
තරු තනි වෙලා සදු සැගවිලා ඔබ දුර ගියා මා හඩවලා
ඔබ ගැන හිතා ඔබ මගේ කියා මා සිතු නිසා අද තනිවෙලා





MP3 එක පහලින් බා ගන්න
Your Ad Here MP3

Sudu Pichcha Mal - Theekshana Anuradha, Sewwandi Ranathunga - Lyrics , MP3 & MusicVideo



සිංදුව අහන්න ප්ලේ (Play) බොත්තම ඔබන්න


සුදු පිච්ච මල් හිනා පේලි වැහි වස්සන
සොඳුරු වද කාරී.. ආදරේ ඉල්ලන
සුදු පිච්ච මල් හිනා පේලි වැසි වස්සන
සොඳුරු වද කාරීලු මං.. ආදරේ ඉල්ලන
නුබේ සුන්දර සිත මට සොරකම් කරන්න ආසයි
ඒ වරදට මට ඔබගේ වෙන්නත් ආසයි

සුදු සද එලියට ඇහෙරෙයි කොද මල්
රෑ පුරා හා හා ඔබේ නෙත් කැල්මට
නෙපිපිද පෙම් මල් සිත පුරා
ඒ ආලවන්තකම් ඉවසන්නේ කොහොමද මං

නිල් දිය කලබන සුලගක් වාගේ
නිදි වරා හා හා හදවත පුබුදන
රහසක් කියමුද රෑ පුරා
ඒ ආලවන්තකම් ඉවසන්නේ කොහොමද මං

සුදු පිච්ච මල් හිනා පේලි වැහි වස්සන
සොඳුරු වද කාරී.. ආදරේ ඉල්ලන
සුදු පිච්ච මල් හිනා පේලි වැසි වස්සන
සොඳුරු වද කාරීලු මං.. ආදරේ ඉල්ලන
නුබේ සුන්දර සිත මට සොරකම් කරන්න ආසයි
ඒ වරදට මට ඔබගේ වෙන්නත් ආසයි





MP3 එක පහලින් බාගන්න
Your Ad Here MP3

Sunday, December 16, 2012

Ada Ape Thaththa - Funky Dirt - Lyrics , MP3 & Music Video



ගීතය ධාවනයට (Play) ප්ලේ බොත්තම ඔබන්න


අද අපෙ තාත්තා ගෙදර ඇවිල්ලා අඩිය පොලවෙ ගහලා
මවෙත ඔරවලා අහපු දේට මට කට උත්තර නෑනෙ.
කාත් එක්කකද බොල තෝ බස් හොල්ට් ගානේ අත් අල්ලන් ඉන්නේ
පිං බෝ ගහ හන්දියේ හොල්ට් එක ගාවයි මං තොගේ වැඩ දැක්කේ

ආ ඒකද තාත්තේ ඒ මගේ කෙල්ලයි ඔබේ ලේලිය වන්නේ
කියපු ගමන් කන හරහට පාරක් තාත්තා මට ගැහුවේ
අයි අයි අයියෝ අයියෝ අම්මියෝ මෙන්න තාත්තා ගහනෝ
අයි අයි අයියෝ අයියෝ අම්මියෝ  එලව එලව ගහනෝ

ලවු එක මගේ නැගලම යනකොට දෛවයේ සරදමදෝ
පැනි හල හල හිටි මම අප්පොච්චට ඇයි අසුවුනේදෝ
මට මෙතරම් බාදා දෝ

එහෙනම් ඉදගෙන හිටගෙන පෙරලි පෙරලි එලිවෙනකම් මල් කැඩුවා
අද ෆොන් එකවත් නැහැ අපේ අප්පොච්චා පොලවේ ගහලා කැඩුවා
අද ෆොන් එකවත් නැහැ අපේ අප්පොච්චා පොලවේ ගහලා කැඩුවා
ඉලන්දාරි කාලේ උබ වගේ නොවේ කාලකන්නි වැඩ කෙරුවේ නැහැ
උබලගේ කාලේ තාත්තේ මේ වගේ ඉන්ටනෙට්‍ ෆේස්බුක් තිබ්බේ නැහැ

අයි අයි අයියෝ අයියෝ අම්මියෝ මෙන්න තාත්තා ගහනෝ
අයි අයි අයියෝ අයියෝ අම්මියෝ  එලව එලව ගහනෝ

අද අපෙ තාත්තා ගෙදර ඇවිල්ලා අඩිය පොලවෙ ගහලා
මවෙත ඔරවලා අහපු දේට මට කට උත්තර නෑනෙ.
කාත් එක්කකද බොල තෝ බස් හොල්ට් ගානේ අත් අල්ලන් ඉන්නේ
පිං බෝ ගහ හන්දියේ හොල්ට් එක ගාවයි මං තොගේ වැඩ දැක්කේ
ආ ඒකද තාත්තේ ඒ මගේ කෙල්ලයි ඔබේ ලේලිය වන්නේ
කියපු ගමන් කන හරහට පාරක් තාත්තා මට ගැහුවේ





MP3 එක පහලින් බාගන්න
Your Ad Here
MP3

Saturday, December 15, 2012

Mal Sihinaye - Yashan, Shanudrie - Lyrics , MP3 & Music Video



ගීතය ධාවනයට ප්ලේ (Play) බොත්තම ඔබන්න

සිහිනයේ මල් සිහිනයේ
ඔය දෑසකී ඒ සිහිනයේ
ආදරේ මන් ආදරේ
සිත ඔබටමයි හරි ආදරේ
සිහිනයේ මල් සිහිනයේ
ඔය දෑසකී ඒ සිහිනයේ
ආදරේ මන් ආදරේ
සිත ඔබටමයි හරි ආදරේ

සසරේ මතක ඔය නෙත් දෙකේ තියාලා
මා ජීවිතේ ඔය නෙත් දෙකේ ලියවුනා
දෑතේ වෙලි නෙත් හින කවි කන්දරා
ජීවිතේ ආදරෙන් සැනසුනා

දෑසින් ගෙනා ඒ මල් හිනා දෑසින් කියු ඒ ගී කතා
සිත් වල නෙත්වල ගීවල ලියවුනු ඒ පෙම් කතා
සෙනෙහේ මතකේ සැමදා ගැයෙනා ඒ ගී කතා
සිත් වල නෙත්වල ගීවල ලියවුනු ඒ පෙම් කතා
සෙනෙහේ මතකේ සැමදා ගැයෙනා ඒ ගී කතා

සසරේ මතක ඔය නෙත් දෙකේ තියාලා
මා ජීවිතේ ඔය නෙත් දෙකේ ලියවුනා
දෑතේ වෙලි නෙත් හින කවි කන්දරා
ජීවිතේ ආදරෙන් සැනසුනා

සිහිනෙන් ඇවිත් ඔයා ලන්වෙලා
සිහිනේ වෙලී මං නුබේ වෙලා
සිහිනේ සෙනෙහේ ගීයේ ගැයුනේ නුබේ නම නිසා
සැමදා ලංවී ඉන්නම් මෙලෙසේ මං නුබේ වෙලා
සිහිනේ සෙනෙහේ ගීයේ ගැයුනේ නුබේ නම නිසා
සැමදා ලංවී ඉන්නම් මෙලෙසේ මං නුබේ වෙලා

සසරේ මතක ඔය නෙත් දෙකේ තියාලා
මා ජීවිතේ ඔය නෙත් දෙකේ ලියවුනා
දෑතේ වෙලි නෙත් හින කවි කන්දරා
ජීවිතේ ආදරෙන් සැනසුනා


Music Video Coming Soon

MP3 එක පහලින් බාගන්න
Your Ad Here 
MP3