Showing posts with label Hindi Song. Show all posts
Showing posts with label Hindi Song. Show all posts

Monday, September 7, 2015

Galliyan Song With Sinhala Subtitle


Lyrics - Jaydip Patil
Music - Ankit Tiwari
Singer - Ankit Tiwari
Label - T-Series
Movie - Ek Villain
Producer - Ekta Kapoor
Release Date - June 27 2014

"ANKIT TIWARI-GALLIYAN", sound recording administered by: Tseries Music  
"Galliyan", Visual content administered by: Tseries Music  

T-Series Video - https://www.youtube.com/watch?v=KkF0_lbBmjU

Hit SUBSCRIBE button to thank me.. :D :D :D

Mirror 



Monday, June 16, 2014

'Suno Na Sangamarmar' Song With Sinhala Subtitles



Movie - Youngistaan
Song Title - Suno na Sangamarmar
Artiste - Arijit Singh
Music - Jeet Ganguly
Lyrics - Kausar Munir
Music Label - T-Series

Monday, December 2, 2013

Badtameez Dil - Yeh Jawaani Hai Deewani With Sinhala Subtitles



ඔන්න තවත් ලස්සන ගීතයකට උපසිරැසි අරගෙන ආවා. මේ ගීතයට කැමති කට්ටියත් ගිහිල්ලා බලන්නකෝ කොහොමද කියලා.

Friday, November 29, 2013

Bhula Dena Mujhe (Aashiqui 2) With Sinhala Subtitle


Film Name : Aashiqui 2

Director  :Mohit Suri
Producer : Bhushan Kumar,Mukesh Bhatt and Krishan Kumar.
Movie Written : Shagufta Rafiqui
Music : Jeet Ganguly (T-Series)
Singer : Mustafa Zahid
Lyrics Writter : Sanjay masoomm

Sinhala Subtitle Creator : DT Lakmal

Watch a Song

Saturday, October 19, 2013

Sun Raha Hai (Aashiqui 2) Original Video and Original Sound Track with SINHALA Subtitle



ගොඩ දවසකින් ආයෙමත් මන් ලස්සන ගීතයකට සිංහල උපසිරැසි අරගෙන ආවා. මේ වෙනකොටත් ගොඩ දෙනෙක් මේ ගීතය අහලා ඇති, මේ ගීතය ඇතුලත් ච්ත්තරපටයත් නරඹලා ඇති. මේ ගීතය මගේ හිතට වැදුන නිසා මට හිතුනා සබ් එක්ක මේක දෙන්න ඕනා කියලා. එහෙනම් හැමෝම බලලා හොද නරක කියන්නකෝ.

අහිංසක හිත්නේ




උපසිරැසි ගොනුව පහලින් බාගන්න
බාගන්න

Tuesday, March 5, 2013

Tere Bina (Tezz Movie Song) With Sinhala Subtitle


ඔන්න යාලුවනේ ආයෙමත් මං තවත් ලස්සන ගීතයකට සිංහල උපසිරැසි අරගෙන ආවා. මේකටත් මං උපසිරැසි ගැන්වුයේ ඉල්ලීමක් පරිදි. ඇත්තටම මේක ලස්සන සිංදුවක්. සිංදුව ගැනත් කෙටි විස්තරයක් මං කියන්නම්කෝ.

ගිය අවුරුද්දේ ඒ කියන්නේ 2012 අවුරුද්දේ ආව ලස්සන හින්දි චිත්‍රපටයකට තමයි මේ ගීතය ඇතුලත් වෙලා තියෙන්නේ. මේ චිත්‍රපටය ගොක් අය බලලා ඇති අනිවාර්යයෙන්. කවුරුත් දන්න ප්‍රසිද්ද චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන ප්‍රියදර්ෂන් විසින් අධ්‍යක්ෂනය කරපු Tezz යන නම් දාරාපු චිත්‍රපටයේ ඇතුලත් ගීතයක් තමයි මේක. චිත්‍රපටය ගැන කිවුවොත් බොලිවුඩ් වල බොහෝ ජනප්‍රියතාවයක් උසුලන නලු නිලි පිරිසක් තමයි මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්නේ. ඒ අතරින් නම් කීපයක් කියනවා නම් Anil Kapoor,Ajay Devgn,Zayed Khan,Mohanlal,Boman Irani,Kangna Ranaut,Sameera Reddy. අද මං මේ ගෙනාව සිංදුව මේ චිත්‍රපටයේ තියෙන ජනප්‍රියම සිංදුව කිවුවොත් නිවැරදි ඇති. මාත් අහපු පලවෙනි පාරම ගොඩක් ආස හිතුනා. මොකද මේ ගීතය ගායනා කරන්නේ ඉතාමත් ප්‍රසිද්ද පට්ට පතුරු ලෙස ගීත ගායනා කරන Rahat Fateh Ali Khan විසින්. එහෙනම් හැමෝම ගීතය රසවිදලා, පොඩි හරි අදහසක් පහලින් දාගෙන යන්න අමතක කරන්න එපා හොදද.

අහිංසක හිත්නේ.

සිංහල උපසිරැසි ඇතුලත් කල ගීතය

මුරපදය dtlakmal.com

සිංහල උපසිරැසි ගොනුව පහලින් බාගන්න
සිංහල

Wednesday, January 30, 2013

Idea Honey Bunny Ur Style With Sinhala Subtitles



කොහොමද කස්ටියට. සෑහෙන කාලෙකින් ඔන්න සයිට් එක පැත්තට ආවා. මේ ටිකේ එනන් බැරි උනේ කොහෙද මගේ මොනිටර් පොඩ්ඩ ගියානේ යන්න. දැනුත් මේ ගෙදර තියෙන රූපවාහිනි යන්තරේ ගහලානේ ආවේ. ගෙදරිනුත් කෑගහනවා. ඒ නිසා ඉක්මනට මේක පබ්ලිස් කොරලා යන්න ඕනා.

ඇත්ත කියනවා නම් මං මේ අද ගෙනාව සිංදුව ටිකක් පරණ සිංදුවක්. ඒ උනාට මේ කාලේ හැම තැනින්ම ඇහෙන්න ගත්තා. ඒ නිසයි මාත් පොඩ්ඩක් විතර විපරම් කොරලා බැලුවේ. ගොඩක් අය නම් අහලා ඇති. මේ සිංදුවට උපසිරැසි දාලා, අප්ලෝඩුත් කොරලා දැන් සතියක් විතර වෙනවා. කොහෙද පබ්ලිෂ් කොරගන්න බැරිවුනානෙ මොනිටරේ ගිය හින්දා. ඔන් එහෙනම් අද දීලා යන්නමයි ආවේ. 

කට්ටිය බලන්නකෝ හොද නරක. මේක ටිකක් ෆනි (විහිලු) සිංදුවක්. මේක ගායනා කරන්නේ Amitbabh Bhattacharya සහ Amit Trivedi කියන දෙන්නා තමයි. තව මේ සිංදුව ලියලා තියෙන්නෙත්  Amitbabh Bhattacharya කියන කෙනාමයි. තව 2011 විතර තමයි මේ සිංදුව එලියට දාලා තියේනනේ. එහෙම තමයි මට නම් ආරන්චි වුනේ. වැඩිය මුකුත් කියන්න යන්නේ නැහැ අද නම්. මේ හදිස්සියේ ඇවිල්ලා මේක දාලා යන්නේ. එහෙනම් හැමෝම බලලා හොද නරක කොමෙන්ටුවකින් දාලා යන්නකෝ.

හැමෝටම තෙරුවන් සරණයි !!

අහිංසක හිත්නේ.

උපසිරැසිය සමග ගීතය නරඹන්න

මුරපදය dtlakmal.com

උපසිරැසි ගොනු පහලින් බාගන්න




Sunday, December 9, 2012

Jab Tak Hai Jaan - Title Song With Sinhala Subtitle


ඔන්න යාලුවනේ මේ ටිකේම මං දුන්නේ ඉංග්‍රිසි ගීත වලට උපසිරැසි නිසා. අද අරගෙන ආවා අති සාර්ථක ලෙස තවමත් තිරගත වෙන අපේ ශාරුක් ඛාන් රගන අලුත්ම චිත්‍රපටයේ තේමා ගීතය. ඒ කියන්නේ මේක හින්දි ගීතයක්. හිහි. මීට කලිනුත් මං මේ චිත්‍රපටයේම ජනප්‍රිය ගීත දෙකකට උපසිරැසි අරගෙන ආවා. එහෙනම් වැඩි කතා නොකියම මේ ගීතය රසවිදිමු අපි.

ගීතය ගැන කෙටි සදහනක් කලොත් මේ ගීතය ගායනා කරන්නේ Raghav Mathur සහ Shakthisree Gopalan දෙපල විසින්. තව මේ ගීතයේ පද රචනය කරලා තියෙන්නේ ප්‍රසිද්ද රචකයෙකු වන Gulzar විසින්. ඒ වගේම මේ ගීතයට සංගීත අධ්‍යක්ෂනයෙන් දායක වෙලා තියෙන්නේ ඉතාමත් ජනප්‍රිය සහ විශිෂ්ඨ සංගීත නිර්මාණකරුවෙක් වනA R Rahman විසින්. එහෙනම් හැමෝටම ගීතය රසවිදින්න කියලා ආරාධනා කරන ගමන් මං සමුගන්නවා. ඔබ සැමට තෙරුවන් සරණයි. බලලා අහක බලාගෙන යන්නේ නැතිව පහලින් අදහසක් දාගෙන යන්න හොදේ.. අහිංසක හිත්නේ.

මීට පෙර මේ චිත්‍රපටයේ ලබා දුන් ගීත දෙක

01.Challa

වඩා ගුණාත්මක තාවයෙන් ඉහල රසවින්දනයක් සදහා මා අනුමත කරන්නේ, යූ නලයේ ගීතය බාගෙන, මා පහලින් දී ඇති උපසිරැසි ගොනුවත් බාගෙන, වීඩියෝවට එය යොදා නැරඹිම.


උපසිරැසි අන්තර්ගත කරපු රූප රචනය


මුරපදය ලෙස dtlakmal.com දෙන්න


මෙන්න යූ නලයේ විඩියෝව



සිංහල උපසිරැසි ගොනුව පහලින්
සිංහල
Your Ad Here

Saturday, November 17, 2012

Jab Tak Hai Jaan - Ishq Shava - With Sinhala Subtitle


ඔන්න යාලුවනේ මං අදත් තව අලුත් ගීතයකට උපසිරැසි අරගෙන ආවා. මේ ගීතය ලබාදෙන්න සිතුවේ බොහෝ දෙනාගේ ඉල්ලීම නිසයි. මේ ටිකේම ඉංග්‍රිසි සිංදු වල උපසිරැසි අරගෙන ආව නිසා වෙනසකටත් එක්ක මේකට දෙන්න හිතුවා. ඇත්තම කියනවා නම් කවුරුත් දන්නවා ඇතිනේ තාම මේ ගීතය ඇතුලත් වන චිත්‍රපටය සිනමාශාලා වල තිරගත වෙනවා. එහෙයින් මේ ගීතය ඇතුලත් හොද ගුණාත්මක තාවයෙන් යුත් රූප රචනයක් හොයාගන්න බැරිවුනා. නමුත් ඔරිජිනල් රූප රචනයේ බාගයකුත් දැනට නිකුත් කරලා තියෙන කැමරා කොපියක බාගයකුත් එකතු කරලා, ඒකට ඔරිජිනල් ඕඩියෝ එක දාලා තමයි මං මේ විඩියෝ එක හැදුවේ. කට්ටිය ඉල්ලීම් අහක දාන්නත් බෑනේ. ඒකය මේ විදිහට වැඩේ කලේ. ඔරිජිනල් වීඩියෝවක් හමුබවුන ගමන් අනිවා යාවත්කාලින කරනවා. එතකම් කැමති කට්ටිය මේක රස විදින්නකෝ. විඩියෝවේ බාගයක් පමණ කොටසක තමයි ප්‍රශ්නයක් තියෙන්නේ. සංගීතයේ සහ පද රචනයේ කිසිම අඩුවක් නැහැ. සම්පූර්ණ ගීතයම තියෙනවා. ඒ නිසා බය නැතිව බලන්න.

ගීතය ගැන වැඩි යමක් කියන්න ඕනා නැහැනේ. මොකද මීට කලිනුත් මං මේ චිත්‍රපටියේ ගීතයක් ලබාදුන්නනේ. මේ ගීතය ගැන කියනවා නම් කියන්න තියෙන්නේ. මේ ගීතය ගායනා කරන්නේ Raghav Mathur, Shilpa Rao දෙපල විසින් සහ මේ ගීතයේ පද නිර්මාණය කරලා තියෙන්නේ Gulzar විසින්. ඒ වගේම මේ ගීතයට රංගනයෙන් දායක වෙන්නේ Shah Rukh Khan & Katrina Kaif දෙපල. ඔය විදිහේ ටිකක් තමයි කියන්න තියෙන්නේ. එහෙනම් හැමෝටම ගීතය නරඹන්න කියලා ආරාධනා කරන ගමන් මං සමුගන්නවා තවත් අලුත් ගීතයක් සමග හමුවීමේ බලාපොරොත්තුවෙන්.

තව කියන්න තියෙන්නේ මං මේ ගීතය අප්ලෝඩ් කලේ යූ නලයට. ඉතිං අපහසුවකින් තොරව ඔයාලට නරඹන්න පුලුවන් වේවි.

උපසිරැසිය සමග ගීතය යූ නලයෙන්
උපසිරැසිය දර්ෂනය වීමට විඩියෝවේ පහල දකුණු කෙලවරේ ඇති CC බොත්තම ඔබන්න.
යම් ගැටලුවක් වේ නම් අදහසක් මගින් දන්වන්න.

සිංහල උපසිරැසි ගොනුව පහලින් බාගන්න
සිංහල

Wednesday, November 7, 2012

Jab Tak Hai Jaan - Challa - With Sinhala Subtitle


ඔන්න යාලුවනේ අදත් තව අලුත් ගීතයකට උපසිරැසියක් අරගෙන මං ආවා. මෙච්චර දවස් දුන්නේ පැරණි ගීතනේ. ඉතිං ඔන්න ඒකටත් එක්ක මං අලුත්ම ගීතයකට උපසිරැසිය අරගෙන ආවා. මේත ඉදිරියට එන්න නියමිතව තියෙන අලුත්ම හින්දි චිත්‍රපටයක ගීතයක්.

මේ චිත්‍රපටය ගැන කියනවා නම් මේ අවුරුද්දේ දිවාලි උත්සවය නිමිති කරගෙන එලිදක්වන්න තියෙන ශාරුක් ඛාන් රගන අලුත්ම චිත්‍රපටය වන Jab Tak Hai Jaan  චිත්‍රපටයේ ඇතුලත් ගීතයක්. මේ චිත්‍රපටය ගැනත් ටිකක් කියනවා නම්. මේ චිත්‍රපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ බොලිවුඩ් වල රොමැන්ටික් රජු ලෙස සැලකෙන මෑතකදී නැසී ගිය යාෂ් රාජ් චොප්රා විසින්. ඔහු විසින් නිෂ්පාදනය කල චිත්‍රපට ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. බොහොමයක් දෙනා ඔහු ගැන සහ ඔහුගේ වැඩ ගැන දන්නවනේ. හරි ඒ චිත්‍රපටයේ එන Challa යන ගීතයට තමයි උපසිරැසි ගෙනාවේ. වැඩි යමක් කියන්නේ නැහැ ගීතය ගැනත්. මේ ගීතය ගායනා කරන්නේ Rabbi Shergill යන ප්‍රසිද්ද ගායකයා විසින්. ඉතිං හැමෝටම මේ ගීතය නරඹන්න කියලා ආරාධනා කරනවා.

තව දෙයක් කියන්න තියෙනවා මට චිත්‍රපටයේ එන ඔරිජිනල් ගීතයේ වීඩියෝ පටය හොයාගන්න බැරිවුනා. නමුත් මේ ගීතය නම් සම්පූර්ණයෙන්ම අන්තර්ගත වෙලා තියෙනවා මේ දීලා තියෙන වීඩියෝ එකේ. ඔරිජිනල් වීඩියෝ එක ආව ගමන් ඒකට උපසිරැසිය යාවත්කාලීන කරන්නම්. එහෙනම් හැමටම නරඹන්න කියලා ආරාධනා කරනවා. ස්තුතියි.

අදත් කියනවා උපසිරැසි ගොනුව සහ යූ නලයේ දී ඇති ගිතය බාගෙන නැරඹීමෙන් උපසිරැසිය උපරිම ගුණාත්මක තාවයකින් නැරඹිය හැකිය. අහිංසක හිත්නේ. :)

උපසිරැසිය ඇතුලත් කල වීඩියෝ එක

මුර පදයක් ඉල්ලුවහොත් dtlakmal ලෙස දෙන්න. :)

යූ නලයේ ඇති විඩියෝ එක

 සිංහල උපසිරැසි ගොනුව පහතින්
සිංහල