Showing posts with label Tamil Song. Show all posts
Showing posts with label Tamil Song. Show all posts

Sunday, December 23, 2012

Edho Oru Paatu - With Sinhala Subtitle


ඔන්න යාලුවනේ ගොඩ කාලයක් නිෂ්ෂබ්දව ඉදලා ඔන්න අද තවත් ගීතයකට සිංහල උපසිරැසි අරගෙන ආවා. මේ ගීතයට උපසිරැසි ගන්වන්න ගත්තේ ඉල්ලීමකට අනුව. ඒ වගේම මේ ටිකේ උපසිරැසි අරගෙන එන්න බැරිවුනේ වැඩ වලට හිර වුන නිසා ඒ ගැන අහිතක් හිතන්න එපා හොදේ. ඔයාලා කැමති ගීත තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න හොදේ. නැත්තම් මූණු පොතේ පේජ් එකට ගිහින් මැසේජ් එකක් දැම්මත් හරි හොදේ. වැඩි කතා නැතිව අපි බලමුකෝ ගීතය ගැන.

මේ ගීතය ටිකක් පරණ ලස්සන දෙමල චිත්‍රපටයක ඇතුලත් වෙච්ච එකක්. ඒක තමයි 1998දි තිරගත කරන්න පටන් ගත්ත විශිෂ්ඨ රංගන ශිල්පීන් දෙපලක් වන කාර්තික් සහ රෝජා රංගනයෙන් දායක වන Unnidathil Ennai Koduthen යන චිත්‍රපටයේ ඇතුලත් ගීතයක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ වික්‍රමන් විසින්. ඒ වගේම මේ චිත්‍රපටයට ආරාධිත රංගනයෙන් දායක වනවා අජිත් කුමාර්. මේ චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්ථාවක් තියලා තියෙනවා දවස් 200ක් පුරා මේ චිත්‍රපටය සාර්ථක අන්දමින් තිරගත කිරීම නිමිත්තෙන්. ඒ වගේම ටිකක් තමයි චිත්‍රපටය ගැන කියන්නේ. ගොඩක් දෙනා මේ චිත්‍රපටය බලලත් ඇති. චිත්‍රපටය බලලා නැතත් මේ ගීතය නම් අනිවා අහලා ඇති. එහෙනම් වැඩි කතා නැතුම කස්ටිය ගීතය බලලා රසවිදලා පහලින් අදහසකුත් සාගෙනම යන්නකෝ.. එහෙනම් සැමට බුදු සරණයි !!

අහිංසක හිත්නේ :D

උපරිම ගුණාත්මක තාවයෙන් යුත් උපසිරැසියක් සහ රූප රචනයක් රස විදීමට පහලින් දී ඇති යූ නලයේ ඔරිජිනල් ගීතය සහ උපසිරැසි ගොනුව බාගෙන නැරඹීම සිදු කරන්න.


උපසිරැසිය ඇතුලත් කල රූප රචනය

මුරපදය ලෙස dtlakmal.com ලබා දෙන්න.

ඔරිජිනල් රූප රචනය

සිංහල උපසිරැසි ගොනුව පහලින් බාගන්න
Your Ad Here සිංහල

Sunday, November 4, 2012

Why This Kolavery di With Sinhala Subtitle


මේ අතිශය ජනප්‍රිය ගීතයේ ගායකයා,අති ජනප්‍රිය දකුණු ඉන්දීය දෙමල චිත්‍රපටි නළු රජිනිකාන්ත්ගේ බෑණා වන ධනුෂ්.

මේ ගීතය මෙච්චර ජනප්‍රිය වෙන්න හේතුව මම දකින විදියට,
ගීතය ලියවිලා තියෙන ආකාරය.
ඉතාම ග්‍රාම්‍ය,දෙමල බස මවුබස වෙච්ච,සැලකියයුතු උසස් අධ්‍යාපනයක් ලද,
දකුණු ඉන්දීය දෙමල තරුණයෙකුගේ ඉංග්‍රීසි උච්චාරණ විදිය පදනම් කරගත්ත
ගායනය අලුත් අත්දැකීමක්.
*
නමුත් ඔහු නියෝජනය කරන පරම්පරාව,
සිතුම් පැතුම් ලංකාවේ තරුණයන්ට විතරක් නෙමෙයි
ඇමරිකාවේ යුරෝපයේ තරුණයන්ට උනත් පොදුයි.
උඩින් දාල තියෙන්නේ ගීතයේ පරිවර්තනයක් කියන්නම බැහැ.
එක අනුවාදනයක්.
ඒක එම ගීතය මම තේරුම් ගත්ත විදිහ
සහ
මට තේරුම් ගන්න උවමනා විදිහ.

එහෙම කියුවේ මම නෙමී. දිවිය පුරා අඩවියේ වරුණ ගුණසේකර සහෝදරයා. ඔහුගේ ලිපියක් තමයි මං ඔය උඩින් දාලා තියෙන්නේ.
ඒ වගේම මං මේ සිංදුවට උපසිරැසි දාන්න යොදාගත්තේත් ඔහු විසින්ම ඉදිරිපත් කරපු අනුවාදනයක්. ඔහුට ඒ ගීතය දැනුන ආකාරයටම මටත් දැනුනා. ඉතිං මං ආස කලා ඔහුගේ අනුවාදයත් සමග ගීතයේ රෑප රචනය ධාවනය වෙනවට. ඒ නිසයි මං අද මේ ගීතය ඔයාලට අරගෙන ආවේ. මේ ගීතයේ යොදා ඇති උපසිරැසියේ අයිතිය දිවිය පුරා අඩවිය සතුයි. මොකද ඔහුගේ අනුවාදයයි මං අද අරගෙන ආවේ. එහෙනම් නරඹලා හොද නරක ගැන අදහසක් දාගෙනම යන්න. ගොඩක් ස්තුතියි.

උපසිරැසි ඇතුලත් කල වීඩියෝ එක

ඔරිජිනල් යූ නලයේ වීඩියෝ එක

සිංහල උපසිරැසි ගොනුව පහලින්
සිංහල