Showing posts with label Song Subtitles. Show all posts
Showing posts with label Song Subtitles. Show all posts
Monday, September 7, 2015
Kaadhal Aasai - Anjaan movie song with Sinhala Subtitle
Posted By:
vdotu
On 10:37 AM
In Song Subtitles, උපසිරැසි, සිංදු, සිංහල
En Kadhal Solla song With Sinhala Subtitle (Paiyaa) HD
"En Kadhal Solla"
Song by Yuvan Shankar Raja (composer and performer) from the album Paiyaa
Released 22 November 2009
Recorded 2009, Kalasa Studios, Chennai
Genre Feature film soundtrack
Language Tamil
Length 4:49
Label Think Music
Writer Yuvan Shankar Raja (music), Na. Muthukumar (lyrics)
Producer Yuvan Shankar Raja
Keyword : en kadhal solla with sinhala subtitle,paiyaa movie song with sinhala subtitles, download sinhala subtitle,
Taylor Swift Blank Space HD with Sinhala Subtitles
Released November 10, 2014
Format Digital download
Recorded 2014
Genre Electropop minimal pop
Length 3:51
Label Big Machine Republic
Writer(s) Taylor Swift Max Martin Shellback
Producer(s) Max Martin Shellback
keyword: sinhala subtitiles, Taylor Swift, Blank Space, Taylor Swift Blank Space HD with Sinhala Subtitles
Posted By:
vdotu
On 10:33 AM
In English Song, Sinhala, Song Subtitles, ඉංග්‍රීසි, උපසිරැසි, පදවැල්, සිංදු, සිංහල
Galliyan Song With Sinhala Subtitle
Lyrics - Jaydip Patil
Music - Ankit Tiwari
Singer - Ankit Tiwari
Label - T-Series
Movie - Ek Villain
Producer - Ekta Kapoor
Release Date - June 27 2014
"ANKIT TIWARI-GALLIYAN", sound recording administered by: Tseries Music
"Galliyan", Visual content administered by: Tseries Music
T-Series Video - https://www.youtube.com/watch?v=KkF0_lbBmjU
Hit SUBSCRIBE button to thank me.. :D :D :D
Mirror
Dheere Dheere 2015 Song With Sinhala Subtitle
අද මං අරගෙන ආවේ, මෑතකදි ඉතාමත් ජනප්‍රිය වුන හිංදි ගීතයකට සිංහල උපසිරැසි. මේ ගීතය දැනටමත්
ලොව පුරා ඉතාමත් ජනප්‍රිය වෙමින් පවතින ගීතයක්. එයට ප්‍රධානම හේතුව වන්නේ මෙහි රංගනයෙන් දායකවන යුවල. අපි කවුරුත් දන්න ජනප්‍රිය නළු රිතික් රෝෂන් සමග සෝනම් කපූර් මේ ගීතයේ රංගනයට දායක වනවා.
මීලග ආශිකි චිත්‍රපටයේ තුන්වන දිගහැරුමට රංගන දායකත්වය සපයන්නේද මේ යුවල කියලයි ආරංචිය. නමුත් තවමත් එය ස්ථීර ලෙස ප්‍රකාශ කර නැහැ. ගීතය ගායනා කරන්නේ යෝ යෝ හනී සින්ග් විසින්. මේ ගීතය 90 දශකයේ ජනප්‍රිය වුන ආශිකි පලමු කොටසේ ඇතුලත් වන ගීතයක නැවත පටිගතකිරීමක්.
තවද විශේෂත්වය වන්නේ. මේ ගීතය නිපදවූවන් සදහන් කරන පරිදි කිසිදු ආදායමත් මේ ගීතයෙන් කිසිවෙකු බලාපොරොත්තු වන්නේ නැහැ,
තවද රිතික් රෝෂන් සහ හනී සින්ග් මේ ගීතයට දායකත්වය සපයා ඇත්තේ කිසිදු මුදලක් අය නොකර. මේ ගීතය නිකුත් කර දවස් හතරක් යන්නට මත්තෙන් යූ නලයේ නැරඹුවන් ප්‍රමානය මිලියන පහ ඉක්මවා තිබෙනවා.
සියළු දෙනාට ගීතය නරඹා රසවිදින ලෙස ඉල්ලා, නැවත වෙනත් ගීතයකින් හමුවුනතුරු මං සමු ගන්නවා.
Download 1080P HD Song
Download 480P Song
Download Sinhala Subtitle
Today i bought new popular song in Bollywood. Song title is Dheere Dheere. This song sing by Popular artiste Yo Yo Honey Singh. The song is a remake of the 90s' romantic track with the same title from the film "Aashiqui".
This song makers are saying they aren't looking to make money with this new version. Hrithik and Honey Singh have't charge a their work. This song cross a 5 Million views on YouTube within a Four days.
However rumor has it that Hrithik might feature in the third remake of "Aashiqui". That news is not confirmed yet.
Watch this song with Sinhala Subtitle and Thank me to Hit YouTube Subscribe
button and Facebook Like button.
Song Meaning in English
every moment I am remembering,
and in my memories there is you.
If I have to say the things of the heart,
to whom do I tell them..
yours and mine is one life,
one life, what to do.
should I dance or sing,
or write, what should I do for you?
slowly, come to my life,
slowly, steal my heart..
how much I love you my beloved,
I have to meet you and tell you..
the same evenings and the same work,
without you O beloved,
there is no sleep, no rest,
without you O beloved..
Rap:
our love story
is like the big bang theory,
I tell it secretly to everyone,
you are away from me, I’m helpless here,
I take this complaint to God,
everyday without you feels like a year.
I am in a bad shape..
sometime tell me your situation,
and come back to me some time..
I sleep some time and cry some time,
without you O beloved..
I find and yet lose everything,
without you O beloved..
Original YouTube Song Link - https://www.youtube.com/watch?v=nCD2hj6zJEc
In Loving Memory of Shri GULSHAN KUMAR, we present to you Bhushan Kumar's "Dheere Dheere Se Meri Zindagi" Song recreated by YO YO HONEY SINGH directed by Ahmed Khan featuring HRITHIK ROSHAN & SONAM KAPOOR exclusively on T-Series.
Click to share it on FB: http://bit.ly/DheereDheere_YoYo
Listen it on Hungama: http://www.hungama.com/#/music/album-dheere-dheere-songs/16042464
Buy it from iTunes: https://itunes.apple.com/lk/album/dheere-dheere-single/id1034805300?ls=1&app=music&ign-mpt=uo%3D4
SONG: DHEERE DHEERE
SINGER: YO YO HONEY SINGH
MUSIC: YO YO HONEY SINGH
LYRICS: YO YO HONEY SINGH, BHUPINDER KAUR
DIRECTED By: AHMED KHAN
DOP: SUNIL PATEL
EDITOR: NITIN FCP
MIXED & MASTERED BY: VINOD VERMA
DIGITAL PUBLICITY & DESIGN - RDM Goldstar
MUSIC LABEL: T-SERIES
Thanks....
keyword- download dheere dheere song, downloads dheere dheere hd song, watch dheere dheere song, with sinhala subtitle dheere dheere song, watch bollywood song with sinhala subtitle, hindi song dheere dheere free download, dheere dheere song meaning with english and sinhala,
Monday, January 13, 2014
Wait for a Minute Tyga ft Justin Bieber With Sinhala Subtitles
Wait for a Minute Tyga ft Justin Bieber With Sinhala Subtitles
Tyga and Justin Bieber "Wait For a Minute" is available for download on iTunes
iTunes: http://smarturl.it/TygaBieberWaitAMiniT
Music video by Tyga performing Wait For A Minute (Explicit). ©: Cash Money Records, Inc.
Released October 22, 2013
Format Digital download
Recorded 2013
Genre Hip hop
Length 3:26
Label Young Money, Cash Money Records, Republic Records
Writer(s) Michael Stevenson, Justin Bieber, Maejor Ali, Jess Jackson
Producer Maejor Ali
Posted By:
vdotu
On 11:05 PM
In English Song, J, Justin Bieber, Sinhala, Song Subtitles, ඉංග්‍රීසි, උපසිරැසි, සිංදු, සිංහල
Monday, December 2, 2013
Badtameez Dil - Yeh Jawaani Hai Deewani With Sinhala Subtitles
ඔන්න තවත් ලස්සන ගීතයකට උපසිරැසි අරගෙන ආවා. මේ ගීතයට කැමති කට්ටියත් ගිහිල්ලා බලන්නකෝ කොහොමද කියලා.
Friday, November 29, 2013
Bhula Dena Mujhe (Aashiqui 2) With Sinhala Subtitle
Film Name : Aashiqui 2
Director :Mohit Suri
Producer : Bhushan Kumar,Mukesh Bhatt and Krishan Kumar.
Movie Written : Shagufta Rafiqui
Music : Jeet Ganguly (T-Series)
Singer : Mustafa Zahid
Lyrics Writter : Sanjay masoomm
Saturday, October 19, 2013
Sun Raha Hai (Aashiqui 2) Original Video and Original Sound Track with SINHALA Subtitle
ගොඩ දවසකින් ආයෙමත් මන් ලස්සන ගීතයකට සිංහල උපසිරැසි අරගෙන ආවා. මේ වෙනකොටත් ගොඩ දෙනෙක් මේ ගීතය අහලා ඇති, මේ ගීතය ඇතුලත් ච්ත්තරපටයත් නරඹලා ඇති. මේ ගීතය මගේ හිතට වැදුන නිසා මට හිතුනා සබ් එක්ක මේක දෙන්න ඕනා කියලා. එහෙනම් හැමෝම බලලා හොද නරක කියන්නකෝ.
අහිංසක හිත්නේ
උපසිරැසි ගොනුව පහලින් බාගන්න
Posted By:
Unknown
On 6:14 PM
In Hindi Song, Sinhala, Song Subtitles, උපසිරැසි, සිංදු, සිංහල, හින්දි
Tuesday, March 5, 2013
Tere Bina (Tezz Movie Song) With Sinhala Subtitle
ඔන්න යාලුවනේ ආයෙමත් මං තවත් ලස්සන ගීතයකට සිංහල උපසිරැසි අරගෙන ආවා. මේකටත් මං උපසිරැසි ගැන්වුයේ ඉල්ලීමක් පරිදි. ඇත්තටම මේක ලස්සන සිංදුවක්. සිංදුව ගැනත් කෙටි විස්තරයක් මං කියන්නම්කෝ.
ගිය අවුරුද්දේ ඒ කියන්නේ 2012 අවුරුද්දේ ආව ලස්සන හින්දි චිත්‍රපටයකට තමයි මේ ගීතය ඇතුලත් වෙලා තියෙන්නේ. මේ චිත්‍රපටය ගොක් අය බලලා ඇති අනිවාර්යයෙන්. කවුරුත් දන්න ප්‍රසිද්ද චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන ප්‍රියදර්ෂන් විසින් අධ්‍යක්ෂනය කරපු Tezz යන නම් දාරාපු චිත්‍රපටයේ ඇතුලත් ගීතයක් තමයි මේක. චිත්‍රපටය ගැන කිවුවොත් බොලිවුඩ් වල බොහෝ ජනප්‍රියතාවයක් උසුලන නලු නිලි පිරිසක් තමයි මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්නේ. ඒ අතරින් නම් කීපයක් කියනවා නම් Anil Kapoor,Ajay Devgn,Zayed Khan,Mohanlal,Boman Irani,Kangna Ranaut,Sameera Reddy. අද මං මේ ගෙනාව සිංදුව මේ චිත්‍රපටයේ තියෙන ජනප්‍රියම සිංදුව කිවුවොත් නිවැරදි ඇති. මාත් අහපු පලවෙනි පාරම ගොඩක් ආස හිතුනා. මොකද මේ ගීතය ගායනා කරන්නේ ඉතාමත් ප්‍රසිද්ද පට්ට පතුරු ලෙස ගීත ගායනා කරන Rahat Fateh Ali Khan විසින්. එහෙනම් හැමෝම ගීතය රසවිදලා, පොඩි හරි අදහසක් පහලින් දාගෙන යන්න අමතක කරන්න එපා හොදද.
අහිංසක හිත්නේ.
සිංහල උපසිරැසි ඇතුලත් කල ගීතය
මුරපදය dtlakmal.com
සිංහල උපසිරැසි ගොනුව පහලින් බාගන්න
Saturday, February 23, 2013
Priyanka Chopra - In My City feat Will.i.am with Sinhala Subtitle
ඔන්න සෑහෙන කාලෙකට පස්සේ තවත් අලුත් සිංදුවකට උපසිරැසි අරගෙන ආවා. මේකට සබ් දාන්න හිතුවේ යාලුවෙක් කරපු ඉල්ලීමකට අනුව. ඒ යාලුවවත් මං මේ වෙලාවේ මතක් කරනවා එහෙනම්.
අද ගෙනාව සිංදුව නම් ටිකක් වෙනස් වෙයි. මොකද අපි මෙතෙක් කල් රංගන හැකියාවන් දැකපු නිලියක් තමයි මේ සිංදුව කරලා තියෙන්නේ. ඒ තමයි ජනප්‍රිය බොලිවුඩ් නිලියක් වෙන ප්‍රියන්කා චොප්රා. ගොඩක් අය දන්නවා ඇති හින්දි චිත්තර පටි බලනවා නම්. එයා තමයි මේ ගීතය ගායනා කරන්නේ. තව මේ ගීතයට රචනයෙන් දායක වෙලා තියෙනවා Priyanka Chopra, Ester Dean, RedOne, William Adams, Ester Dean, Brett James, Dante Jones, RedOne කියන සෙට් එක. ඒ වගේම මේ ගීතයේ ප්‍රියන්කා සමග සහය ගායනයක් කරනවා ඇමෙරිකානු රැප් ගායකකේ වෙන will.i.am. ලස්සනට විඩියෝ එකත් කරලා තියෙනවා. හැමෝම බලන්නකෝ එහෙනම් කොහොමද නිලියගේ ගායන හැකියාවත් කියලා.
එහෙනම් තවත් ගීතයකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් මං යනවා හොදේ. අහිංසක හිත්නේ.
සිංහල උපසිරැසි සමග ගීතය නරඹන්න
මුරපදය ලෙස dtlakmal.com
ඔරිජිනල් ගීතය යූ නලයේ ඇති.
සිංහල උපසිරැසි ගොනුව පහලින් බාගන්න
Wednesday, January 30, 2013
Idea Honey Bunny Ur Style With Sinhala Subtitles
කොහොමද කස්ටියට. සෑහෙන කාලෙකින් ඔන්න සයිට් එක පැත්තට ආවා. මේ ටිකේ එනන් බැරි උනේ කොහෙද මගේ මොනිටර් පොඩ්ඩ ගියානේ යන්න. දැනුත් මේ ගෙදර තියෙන රූපවාහිනි යන්තරේ ගහලානේ ආවේ. ගෙදරිනුත් කෑගහනවා. ඒ නිසා ඉක්මනට මේක පබ්ලිස් කොරලා යන්න ඕනා.
ඇත්ත කියනවා නම් මං මේ අද ගෙනාව සිංදුව ටිකක් පරණ සිංදුවක්. ඒ උනාට මේ කාලේ හැම තැනින්ම ඇහෙන්න ගත්තා. ඒ නිසයි මාත් පොඩ්ඩක් විතර විපරම් කොරලා බැලුවේ. ගොඩක් අය නම් අහලා ඇති. මේ සිංදුවට උපසිරැසි දාලා, අප්ලෝඩුත් කොරලා දැන් සතියක් විතර වෙනවා. කොහෙද පබ්ලිෂ් කොරගන්න බැරිවුනානෙ මොනිටරේ ගිය හින්දා. ඔන් එහෙනම් අද දීලා යන්නමයි ආවේ.
කට්ටිය බලන්නකෝ හොද නරක. මේක ටිකක් ෆනි (විහිලු) සිංදුවක්. මේක ගායනා කරන්නේ Amitbabh Bhattacharya සහ Amit Trivedi කියන දෙන්නා තමයි. තව මේ සිංදුව ලියලා තියෙන්නෙත් Amitbabh Bhattacharya කියන කෙනාමයි. තව 2011 විතර තමයි මේ සිංදුව එලියට දාලා තියේනනේ. එහෙම තමයි මට නම් ආරන්චි වුනේ. වැඩිය මුකුත් කියන්න යන්නේ නැහැ අද නම්. මේ හදිස්සියේ ඇවිල්ලා මේක දාලා යන්නේ. එහෙනම් හැමෝම බලලා හොද නරක කොමෙන්ටුවකින් දාලා යන්නකෝ.
හැමෝටම තෙරුවන් සරණයි !!
අහිංසක හිත්නේ.
උපසිරැසිය සමග ගීතය නරඹන්න
මුරපදය dtlakmal.com
උපසිරැසි ගොනු පහලින් බාගන්න
Sunday, December 9, 2012
Jab Tak Hai Jaan - Title Song With Sinhala Subtitle
ඔන්න යාලුවනේ මේ ටිකේම මං දුන්නේ ඉංග්‍රිසි ගීත වලට උපසිරැසි නිසා. අද අරගෙන ආවා අති සාර්ථක ලෙස තවමත් තිරගත වෙන අපේ ශාරුක් ඛාන් රගන අලුත්ම චිත්‍රපටයේ තේමා ගීතය. ඒ කියන්නේ මේක හින්දි ගීතයක්. හිහි. මීට කලිනුත් මං මේ චිත්‍රපටයේම ජනප්‍රිය ගීත දෙකකට උපසිරැසි අරගෙන ආවා. එහෙනම් වැඩි කතා නොකියම මේ ගීතය රසවිදිමු අපි.
ගීතය ගැන කෙටි සදහනක් කලොත් මේ ගීතය ගායනා කරන්නේ Raghav Mathur සහ Shakthisree Gopalan දෙපල විසින්. තව මේ ගීතයේ පද රචනය කරලා තියෙන්නේ ප්‍රසිද්ද රචකයෙකු වන Gulzar විසින්. ඒ වගේම මේ ගීතයට සංගීත අධ්‍යක්ෂනයෙන් දායක වෙලා තියෙන්නේ ඉතාමත් ජනප්‍රිය සහ විශිෂ්ඨ සංගීත නිර්මාණකරුවෙක් වනA R Rahman විසින්. එහෙනම් හැමෝටම ගීතය රසවිදින්න කියලා ආරාධනා කරන ගමන් මං සමුගන්නවා. ඔබ සැමට තෙරුවන් සරණයි.
බලලා අහක බලාගෙන යන්නේ නැතිව පහලින් අදහසක් දාගෙන යන්න හොදේ.. අහිංසක හිත්නේ.
මීට පෙර මේ චිත්‍රපටයේ ලබා දුන් ගීත දෙක
01.Challa
02. Ishq Shava
වඩා ගුණාත්මක තාවයෙන් ඉහල රසවින්දනයක් සදහා මා අනුමත කරන්නේ, යූ නලයේ ගීතය බාගෙන, මා පහලින් දී ඇති උපසිරැසි ගොනුවත් බාගෙන, වීඩියෝවට එය යොදා නැරඹිම.
උපසිරැසි අන්තර්ගත කරපු රූප රචනය
Saturday, December 8, 2012
You Da One - Rihanna With Sinhala Subtitle
ඔන්න එහෙනම් ගොඩ දවසකට පස්සේ අදත් තව ලස්සන ගීතයකට සිංහල උපසිරැසි අරගෙන මං ආවා. මේ ගීතයනම් ටිකක් විතර පරණයි. ඉතිං බලමුකෝ වෙනදා වගේම ගීතය ගැනත් ටිකක්.
මේ ගීතය ගායනා කරන්නේ අපි කවුරුත් දන්න ඉතා ප්‍රසිද්ද ගායිකාවක් වන රිහානා විසින්. මේ ගීතය ඇයගේ හයවන ගීත ඇල්ඹමය වන Talk That Talk කියන ඇල්ඹමයට ඇතුලත් වෙච්ච ගීතයක්. මේ ගීතය නිකුත් කරලා තියෙන්නේ 2011 නොවැම්බර් මස 14 වෙනිදා. ඒ වගේම මේ ගීතයට පද රචනයෙන් දායක වෙලා තියෙනවා Ester Dean, Henry Walter, John Hill, Lukasz Gottwald, Robyn Fenty යන පිරිස. හ්ම්ම් ගීතය ගැන කිවුවා ඇතිනේ. එහෙනම් හැමෝම ගීතය රසවිදලා පහලින් අදහසකුත් දාගෙනම යන්න හොදේ. අහිංසක හිත්නේ..
සැ.යු. පහතින් ලබා දී ඇති උපසිරැසි ගොනුව සහ යූ නලයේ ඇති ඔරිජිනල් ගීතයේ විඩියෝව බාගැනීමෙන් අනතුරුව, උපසිරැසි ගොනුව එයට යොදා නැරඹීම තුලින් ඉතා ඉහල මට්ටමේ ගුණාත්මක තාවයෙන් යුත් රසවින්දනයක් ලැබිය හැකිය.
උපසිරැසිය ඇතුලත් කල රූප රචනය
මුරපදය dtlakmal.com ලෙස ලබාදෙන්න
යූ නලයේ ඇති ඔරිජිනල් රූප රචනය
සිංහල උපසිරැසි ගොනුව පහතින් බාගන්න
Posted By:
Unknown
On 6:43 PM
In English Song, R, Rihanna, Song Subtitles, ඉංග්‍රීසි, උපසිරැසි, සිංදු, සිංහල
Saturday, December 1, 2012
50 Cent - My Life ft Eminem & Adam Levine - With Sinhala Subtitle
ඔන්න යාලුවනේ වැඩ රාජකාරි බහුල සතියකින් පස්සේ, මේ සුන්දර වූ සන්ති අන්තයේ මං තවත් ලස්සන ගීතයක් සිංහල උපසිරැසි සමග අරගෙන ආවා. අද ගෙනාව සිංදුවත් වැඩි ඈතක විකාශය ඇරඹූ ගීතයක් නොවේ. ඉතිං බලමුකෝ වෙනදා වගේම ගීතය ගැන ටිකක්.
මේ ගීතය ගායනා කරන්නේ අපි කවුරුත් දන්න ප්‍රසිද්ද ගායකයෝ තිදෙනෙක් විසින්. ඒ තමයි ඇමෙරිකානූ රෑප් ගායක 50 Cent සහ Eminem සමග Adam Levine යන තිදෙනා. තව මේ ගීතය විකාශය අරඹලා තියෙන්නේ මේ අවුරුද්දේ එනම් 2012 නොවැම්බර් මස 26 වෙනිදා. ඒ කියන්නේ මේ ඉතාමත් මෑතකදි. මේ ගීතය ඇතුලත් කරලා තියෙන්නේ 50 Cent ගේ ඉදිරියේදි නිකුත් කිරීමට නියමිත පස්වන ගීත ඇල්ඹමය වන Street King Immortal. තව මේ ගීතයට රචනයෙන් දායක වෙලා තියෙනවා Curtis Jackson, Marshall Mathers, Adam Levine, Larry Griffin, Jr., Herb Rooney යන කට්ටිය. ඔය විදිහේ ටිකක් තමයි කියන්න තියෙන්නේ. එහෙනම් හැමොම වෙනදා වගේ ගීතය බාගෙන විතරක් යන්නේ නැතිව පහලින් අදහසකුත් දාගෙනම යන්න හොදේ.
අහිංසක හිත්නේ.
සැ.යු. පහලින් ලබා දී ඇති උපසිරැසි ගොනුව සහ යූ නලයේ ඇති ඔරිජිනල් ගීතය බා ගැනීමෙන් අනතුරුව. උපසිරැසි ගොනුව එයට යොදා නැරඹීමෙන් වඩා ඉහල මට්ටමේ ගුණාත්මක තාවයෙන් යුත් උපසිරැසියක් සහ රූප රචනයක් රස විදිය හැක.
සිංහල උපසිරැසිය ඇතුලත් කල රූප රචනය
මුරපදය ලෙස dtlakmal.com ලබා දෙන්න
යූ නලයේ ඇති රූප රචනය
සිංහල උපසිරැසි ගොනුව පහලින් බා ගන්න
Posted By:
Unknown
On 6:08 PM
In 50 Cent, A, Adam Levine, C, E, Eminem, English Song, Song Subtitles, ඉංග්‍රීසි, උපසිරැසි, සිංදු, සිංහල
Tuesday, November 27, 2012
Justin Bieber - As Long As You Love Me ft Big Sean - With Sinhala Subtitle
ඔන්න යාලුවනේ මං අදත් තවත් අලුත් ගීතයකට සිංහල උපසිරැසි අරගෙන ආවා. මේ ගීතයත් ගොඩක් ජනප්‍රිය වෙච්ච ගීතයක්. ඒ වගේම වැඩිය පරණත් නැහැ. අපි බලමු ගීතය ගැන ටිකක් වෙනදා වගේම.
මේ ගීතය ගායනා කරන්නේ ප්‍රසිද්ද කැනේඩියානු ගායන ශිල්පී ජස්ටින් බීබර් කොලුවා විසින්. මේක එයාගේ තුන්වන ගීත ඇල්ඹමය වන බිලිව් කියන ඇල්ඹමයට ඇතුලත් ගීතයක්. මේ ගීතය නිකුත් කරලා තියෙන්නේ මේ අවුරුද්දේ එනම් 2012 ජූලි දහ වෙනිදා. ඒ වගේම මේ ගීතයට රචනයෙන් දායක වෙලා තියෙනවා Rodney Jerkins, Andre Lindal, Nasri Atweh Sean Anderson, සහ Justin Bieber කොලුවත් ඇතුලු පිරිස. ඒ වගේම මේ ගීතයට රැප් කිරීමෙන් දායක වෙනවා අමෙරිකානු රැප් ගායක Big Sean. ඔය වගේ දේවල් තමයි කියන්න තියෙන්නේ. එහෙනම් වැඩි කතා නැතිව ගීතය බලලා පහලින් යම් අදහසකුත් කුරුටු ගාගෙන යන්න. ඔයාලා කැමති ගීත තියෙනවා නම් ඒවත් දන්වන්නකෝ. එහෙනම් අපි ගියා.
අහිංසක හිත්නේ.
සැ.යු. පහලින් ලබා දී ඇති සිංහල උපසිරැසි ගොනුව සහ යූ නලයේ ඇති ඔරිජිනල් රූප රචනය බා ගැනීමෙන් අනතුරුව, එයට උපසිරැසි ගොනුව යොදා නැරඹීමෙන් වඩා ගුනාත්මක තාවයෙන් යුත් රූප රචනයක් සහ උපසිරැසියක් රස විදිය හැකිය.
සිංහල උපසිරැසිය ඇතුලත් කල රූප රචනය
මුර පදය ලෙස dtlakmal.com ලබාදෙන්න
යූ නලයේ ඇති රූප රචනය
සිංහල උපසිරැසි ගොනුව පහලින්
Posted By:
Unknown
On 8:34 PM
In B, English Song, J, Justin Bieber, Song Subtitles, ඉංග්‍රීසි, උපසිරැසි, සිංදු, සිංහල
Monday, November 26, 2012
Ludacris - Rest Of My Life ft Usher & David Guetta - With Sinhala Subtitle
ඔන්න යාලුවනේ මං තවත් අලුත් ගීතයකට සිංහල උපසිරස අරගෙන ආවා. මේකත් ගොඩක් ජනප්‍රිය ඇමෙරිකානු හිප්පොප් ගායකයෙක් තමයි ගායනා කරන්නේ. ඉතිං වෙනදා වගේම ගීතය ගැන පොඩ්ඩක් කතා කරලා ඉමුකෝ.
මේ ගීතය නිකුත් කරලා තියෙන්නේ මේ අවුරුද්දේ එනම් 2012 නොවැම්බර් මාසයේ දෙවෙනිදා. ඒ වගේම මේ ගීතය ගායනා කරන්නේ ඇමෙරිකානු ප්‍රසිද්ද හිප් පොප් ගායන ශිල්පියෙකු වන Ludacris විසින්. තව මේ ගීතය ඔහු තනිවම ගායනා කරන ගීතයක් නෙමී. මේ ගීතයේ ඔහුගේ ගායනයට තව ගායකයින් දෙපලකයේ සහය ලැබෙනවා ඒ තමයි අම්භානෙක ප්‍රසිද්ද Usher සහ David Guetta. මේ ගීතය Ludacris ගේ ඉදිරියේදි නිකුත් වීමට නියමිත අට වන ගීත ඇල්ඹමය වන Ludaversal හි ඇතුලත් ගීතයක්. තව මේ ගීතය රචනා කරලා තියෙන්නේ David Guetta, Marvin Scandrick, Christopher Bridges, Giorgio Tuinfort, Oscar Salinas, Usher Raymond IV, Juan Salinas Jr යන සෙට් එක. ඔය විදිහේ දේවල් ටිකක් තමයි ඉතිං කියන්න තියෙන්නේ.
එහෙනම් වෙනදා මගේම හැමෝම ගීතය රසවිදලා ඔයාලගේ අදහසුත් පහලින් දාගෙනම යන්නකෝ.
අහිංසක හිත්නේ.
සැ.යු. පහතින් ලබා දී ඇති සිංහල උපසිරස ගොනුව සහ යූ නලයේ ඇති ඔරිජිනල් ගීතය බා ගැනීමෙන් අනතුරුව උපසිරැසිය එයට යොදා නැරඹීමෙන් ඉතා ඉහල ගුණාත්මක තත්වයේ උපසිරැසියක් සහ රූප රචනයක් රස විදිය හැකිය.
උපසිරැසිය අන්තර්ගත කල රූප රචනය
මුරපදය ලෙස dtlakmal.com දෙන්න.
යූ නලයේ ඇති රූප රචනය
සිංහල උපසිරැසි ගොනුව පහලින් බාගන්න
Posted By:
Unknown
On 9:43 PM
In D, David Guetta, English Song, L, Ludacris, Song Subtitles, U, Usher, ඉංග්‍රීසි, උපසිරැසි, සිංදු, සිංහල
Saturday, November 24, 2012
Freedom - Nicki Minaj - With Sinhala Subtitle
ඔන්න එහෙනම් යාලුවනේ පොරොන්දු වුනා වගේ. මං අද ලබා දෙන අනික් ගීතය තමයි මෙ දෙන්න හදන්නේ. මේක ඇවිල්ලා මේ දවස් වල ගොඩක් ජනප්‍රිය ගායිකාවක් වන Nicki Minaj විසින් ගායනා කරන Freedom යන නම් දරාපු ගීතය. ගීතය ගැනත් පොඩි සදහනක් කලොත්.
මේ ගීතය නිකුත් කරලා තියෙන්නේ මේ අවුරුද්දේ මේ මාසේ ඒකියන්නේ 2012 නොවැම්බර් මාසේ 03 වෙනිදා. තව මේ ගීතයේ වීඩියෝ දර්ෂනය නිකුත් කරලා තියෙන්නේ දවස් හතරකට උඩදි ඒ කියන්නේ 2012 නොවැම්බර් 20 වෙනිදා. ඒ කියන්නේ මේක අලුත්ම අලුත් ගීතයක්. මේ ගීතයට රචනයෙන් දායක වෙලා තියෙනවා Onika Maraj, Matthew Samuels, Matthew Burnett යන තිදෙනා. ඒ වගේම ඔයාලට මතක ඇති මං මෙයාගේ මේ අවුරුද්දේ නිකුත් වෙච්ච තව ගීතයක් දුන්නා. අර බිබර් කොලුවා එක්ක කියන එක. ඒක බැලුවේ නැත්තම් මෙතනින් ගිහින් ඒක බලන්න. එහෙනම් මේ ගීතය ගැනත් වැඩිය කියන්න යන්නේ නැහැ. අලුත්ම ගීතයක්නේ. හැමෝම බලලා අදහසක් දාගෙනම යන්න. ඒක ඉදිරි ගමනට ධෛර්යයක් වේවි. එහෙනම් සැමට සුභ දවසක්.
අහිංසක හිත්නේ.
සැ.යු. පහතින් ලබා දී ඇති උපසිරැසි ගොනුව සහ යූ නලයේ ඇති ඔරිජිනල් රූප රචනය බා ගැනීමෙන් අනතුරුව උපසිරැසිය එයට යොදා නැරඹීමෙන් වඩා ඉහල ගුණාත්මක තාවයෙන් යුත් උපසිරැසියක් සහ රූප රචනයක් රස විදිය හැකිය.
උපසිරැසිය අන්තර්ගත කල ඇති රූප රචනය
මුරපදය ලෙස dtlakmal.com දෙන්න.
යූ නලයේ ඇති රූප රචනය
සිංහල උපසිරැසි ගොනුව පහලින් බාගන්න
Posted By:
Unknown
On 4:23 PM
In English Song, N, Nicki Minaj, Song Subtitles, ඉංග්‍රීසි, උපසිරැසි, සිංදු, සිංහල
Ho Hey - The Lumineers - With Sinhala Subtitle
ඔන්න යාලුවනේ ගොඩ දවසකින් මං ආයෙත් ආවා සිංහල උපසිරැසියක් අරගෙන. පහු ගිය ටිකේ උපසිරැසි කරන්න වෙලාවක් ලැබුනේ නැහැ නොවැ. මේ රාජකාරි එක්ක එපැයි මේවත් කරන්න. පහු ගිය ටිකේම උපසිරැසි දෙන්න බැරි වුන නිසා. අද මං ඔයාලට උපසිරැසි දෙකක් දෙන්න තීරණය කලා. දැන් පලවෙනි එක සහ තව ටිකින් අනිත් එක දෙන්නම්කෝ. හරි අපි බලමුකෝ දැන් දෙන්න යන ගීතය මොකක්ද කියලා. මේක තමයි මං අර පටන් ගනිපු වැඩේ බිලාබෝර්ඩ් වැඩේ. අන්න ඒකෙම කොටසක්. බිලාබොර්ඩ් දර්ශකයේ වෙනස් කම් කීපයක් වෙලා තියෙනවා. ඒ වා මං පල්ලෙහායින් දාන්නම්කෝ. දැන් බලමු මේ ගීතය ගැන.
මේ ගීතයත් නිකුත් කරලා තියෙන්නේ මේ අවුරුද්දේ එනම් 2012 ජූනි මස 4 වෙනිදා. ඒ වගේම මේ ගීතය ගායනා කරන්නේ අමෙරිකානු රොක් සංගීත කණ්ඩායමක් වන The Lumineers කියන සෙට් එක. මේ ගීතයේ පද රචනයෙන් දායක වෙල ාතියෙන්නේ Wesley Schultz, Jeremy Fraites කියන පුද්ගලයින් දෙපල. තව මේ ගීතය පාවිච්චි කරලා තියෙනවා මයික්‍රොසොෆ්ට් සමාගමේ 2012 අවුරුද්දේ වෙලද දැන්වීමකටත්. ඒ වගේම මේ ගීතය තමයි අද ඒ කියන්නේ 2012/11/24 වෙනිදා වෙනකොට බිල්බෝර්ඩ් ගීත දර්ශකයේ අට වන ස්ථානය දිනාගෙන ඉන්නේ. ඉතිං එහොම විස්තරයක් තමයි කියන්න තියෙන්නේ. එහෙනම් වෙනදා කියනවා වගේ ගීතය බලලා පොඩි අදහසකුත් පහලින් දාගෙනම යන්නකෝ. තව ටිකින් ආයේ හමු වෙමු. තෙරුව්න සරණයි.
බිල්බොර්ඩ් ගීත දර්ෂකයේ අද දිනට ඇතුලත් පලමු ගීත දහය
01. Diamonds - Rihanna (උපසිරැසි ලබා දී ඇත.)
02. One More Night - Maroon 5 (උපසිරැසි ලබා දී ඇත)
03. Die Young - Ke$ha (උපසිරැසි ලබා දී ඇත)
04. Locked Out Of Heaven - Bruno Mars
05. Some Nights - fun.
06. Let Me Love You (Until You L... - Ne-Yo (උපසිරැසි ලබා දී ඇත.)
07. Gangnam Style - PSY (උපසිරැසි ලබා දී ඇත.)
08. Ho Hey - The Lumineers (උපසිරැසි ලබා දී ඇත.)
09. We Are Never Ever Getting Ba... - Taylor Swift
10. I Cry - Flo Rida (උපසිරැසි ලබා දී ඇත.)
සැ.යු : පහලින් දී ඇති උපසිරැසි ගොනුව සහ යූ නලයේ ඇති ඔරිජිනල් ගීතය බා ගෙන නැරඹීම තුලින් වඩා ගුණාත්මක තාවයෙන් ඉහල රූප රචනයක් සහ උපසිරැසියක් රසවිදිය හැකිය.
උපසිරැසිය අන්තර්ගත කල රූප රචනය
මුර පදය ලෙස dtlakmal.com ලබා දෙන්න
යූ නලයේ ඇති රූප රචනය
සිංහල උපසිරැසි ගොනුව පහලින් බාගන්න
Posted By:
Unknown
On 3:20 PM
In English Song, Song Subtitles, T, The Lumineers, ඉංග්‍රීසි, උපසිරැසි, සිංදු, සිංහල
Sunday, November 18, 2012
NE-YO - Let Me Love You - With Sinhala Subtitle
ඔන්න යාලුවනේ පොරොන්දු වුන විදිහට මං අදත් තව අලුත් ගීතයකට සිංහල උපසිරැසි අරගෙන ආවා. මේකත් මං අලුතෙන් පටන් ගත්තු වැඩේ කොටසක්. ඒ කිවුවේ බිල්බෝර්ඩ් ජනප්‍රියම ගීත 100 යේ පලමු ගීත දහයට ඇතුලත් වෙන ගීතයක් තමයි මං අරගෙන ආවේ. ගීතය ගැන සදහනක් කලොත්.
මේ ගීතය නිකුත් කරලා තියෙන්නේ මේ අවුරුද්දේ එනම් 2012 ජූලි 10වෙනිදා. ඒ වගේම මේ ගීතය තමයි බිල්බෝර්ඩ් ජනප්‍රියම ගීත 100 අතුරෙන් මේ වන විට අට වන ස්ථානය දිනා ගෙන තියෙන්නේ. මේ ගීතය ගායනා කරනු ලබන්නේ අමෙරිකාණු ප්‍රසිද්ද ගායකයෙක් සහ ගීත රචකයෙක් වන Ne-Yo විසින්. මේ ගීතය ඔහුගේ පස්වන ගීත ඇල්ඹමය වන R.E.D. (2012) හි ඇතුලත් ගීතයක්. මේ ගීතයේ පද රචනයෙන් දායක වෙලා තියෙනවා Mikkel S. Erkisen, Sia Furler, Mark Hadfield, Tor E. Hermansen, Mike Di Scala, සහ Shaffer Smith යන පිරිස. ඔය වගේ දේවල් ටිකක් තමයි කියන්න තියෙන්නේ. එහෙනම් වැඩි කතා නවත්වලා ගීතය නරඹලා ඉමු. ගීතය නරඹලා නිකන් යන්නේ නැතිව පහලින් අදහසකුත් දාගෙනම යන්න හොදේ. ඒක ඉදිරි ගමනට ධෛර්යයක් වේවි. එහෙනම් නැවතත් හෙට දිනයේ හමුවෙන බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා. සැමට සුභ රාත්‍රියක්.
අහිංසක හිත්නේ.
සැ.යු : සිංහල උපසිරැසි ගොනුව සහ යූ නලයේ ඇති ඔරිජිනල් රූප රචනය බා ගැනීමෙන් අනතුරුව, උපසිරැසි ගොනුව එයට යොදා නැරඹීමෙන් වඩා ඉහල ගුණාත්මක තාවයෙන් යුත් රූප රචනයක් සහ උපසිරැසියක් රස විදිය හැකිය.
සිංහල උපසිරැසි ඇතුලත් කල රූප රචනය
මුරපදය ලෙස dtlakmal.com ලබා දෙන්න
මුරපදය ලෙස dtlakmal.com ලබා දෙන්න
යූ නලයේ ඇති රූප රචනය
සිංහල උපසිරැසි ගොනුව පහලින් බාගන්න
Subscribe to:
Posts (Atom)




















