Showing posts with label H. Show all posts
Showing posts with label H. Show all posts

Sunday, December 8, 2013

Tuesday, March 5, 2013

Mage Es Diha Bala - Hiran Thenuwara (6th Lane) - Lyrics, Music Video & MP3




මගේ ඇස් දිහා බලා හඩන්නට එපා
මේ තරම් ආදරේ දුරක් ඇවිදින්
දුකක් දී නුඔ ගියා
මගේ ඇස් දිහා බලා

කුලුදුල් මගේ ආදරේ සගවන්න බෑ
රහසේ හඩනා තරම් නුඹ දන්නේ නැහැ
ආයේ හමුවෙන්න මට තහනම්
ඉවසන්න බෑ මේ සරදම්

මගේ ඇස් දිහා බලා හඩන්නට එපා
මේ තරම් ආදරේ දුරක් ඇවිදින්
දුකක් දී නුඔ ගියා
මගේ ඇස් දිහා බලා

දෙනෙත් තරු මල් බලා හිනහෙන්න බෑ
කීයු පෙති ආදරෙන් සිපගන්න බෑ
කීව නාහන හැටි හිත මගේ
අහිමි නුඹ ගැන දැන් ලතවෙන්නම්

මගේ ඇස් දිහා බලා හඩන්නට එපා
මේ තරම් ආදරේ දුරක් ඇවිදින්
දුකක් දී නුඔ ගියා
මගේ ඇස් දිහා බලා





MP3 එක පහලින් බාගන්න
MP3

Wednesday, January 30, 2013

Idea Honey Bunny Ur Style With Sinhala Subtitles



කොහොමද කස්ටියට. සෑහෙන කාලෙකින් ඔන්න සයිට් එක පැත්තට ආවා. මේ ටිකේ එනන් බැරි උනේ කොහෙද මගේ මොනිටර් පොඩ්ඩ ගියානේ යන්න. දැනුත් මේ ගෙදර තියෙන රූපවාහිනි යන්තරේ ගහලානේ ආවේ. ගෙදරිනුත් කෑගහනවා. ඒ නිසා ඉක්මනට මේක පබ්ලිස් කොරලා යන්න ඕනා.

ඇත්ත කියනවා නම් මං මේ අද ගෙනාව සිංදුව ටිකක් පරණ සිංදුවක්. ඒ උනාට මේ කාලේ හැම තැනින්ම ඇහෙන්න ගත්තා. ඒ නිසයි මාත් පොඩ්ඩක් විතර විපරම් කොරලා බැලුවේ. ගොඩක් අය නම් අහලා ඇති. මේ සිංදුවට උපසිරැසි දාලා, අප්ලෝඩුත් කොරලා දැන් සතියක් විතර වෙනවා. කොහෙද පබ්ලිෂ් කොරගන්න බැරිවුනානෙ මොනිටරේ ගිය හින්දා. ඔන් එහෙනම් අද දීලා යන්නමයි ආවේ. 

කට්ටිය බලන්නකෝ හොද නරක. මේක ටිකක් ෆනි (විහිලු) සිංදුවක්. මේක ගායනා කරන්නේ Amitbabh Bhattacharya සහ Amit Trivedi කියන දෙන්නා තමයි. තව මේ සිංදුව ලියලා තියෙන්නෙත්  Amitbabh Bhattacharya කියන කෙනාමයි. තව 2011 විතර තමයි මේ සිංදුව එලියට දාලා තියේනනේ. එහෙම තමයි මට නම් ආරන්චි වුනේ. වැඩිය මුකුත් කියන්න යන්නේ නැහැ අද නම්. මේ හදිස්සියේ ඇවිල්ලා මේක දාලා යන්නේ. එහෙනම් හැමෝම බලලා හොද නරක කොමෙන්ටුවකින් දාලා යන්නකෝ.

හැමෝටම තෙරුවන් සරණයි !!

අහිංසක හිත්නේ.

උපසිරැසිය සමග ගීතය නරඹන්න

මුරපදය dtlakmal.com

උපසිරැසි ගොනු පහලින් බාගන්න