Showing posts with label Akon. Show all posts
Showing posts with label Akon. Show all posts

Tuesday, November 6, 2012

Akon - Don't Matter - With Sinhala Subtitle


ඔන්න යාලවනේ අදත් මං පෙරොන්දුවුනා වගේම තවත් ලස්සන ගීතයකට උපසිරැසි අරගෙන ආවා. මේක නම් ටිකක් විතර පරණ එකක්. ඒ උනාට ගොඩක් ලස්සන සිංදුවක් තමයි මේත. හරියටම කිවුවොත් මේ ගීතය නිකුත් කරලා තියෙන්නේ 2007 ජනවාරි මස 18 වන දින. මේ ගීතය ගායනා කරන්නේ අපි කවුරුත් දන්න ජනප්‍රිය ගායකයයෙක් වෙන Akon විසින්. මේ ගීතය ආපු අවුරුද්දේ ඒ කියන්නේ 2007 අවුරුද්දේ රෝලින් ස්ටොන් කියන දර්ෂකයේ හොදම ගීත සියය අතුරින් තිස් එක් වන ස්ථානය දිනාගනීමට හැකි වෙලා තියෙනවා. ඒ වගේම ආසියානු එම් ටී වී හොදම ගීත සියය අතුරෙන් අසූ එක් වන ස්ථානයේ රැදිලා තියෙනවා. පරණ උනත් ලස්සන සිදුවක් හැමෝම බලන්න. බලලා හොද නරක අදහසක් දක්වලත් යන්න.

එහෙනම් ආයෙමත් හෙට මේ වගේ වෙලාවක තවත් අලුත් ගීතයක් සමග හමුවීමේ බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා. හැමෝටම සුභ දවසක්. අහිංසක හිත්නේ.

තව එකක් අදත් කියනවා ගීතයයි උපසිරැසි ගොනුවයි වෙන වෙනමම බාගෙන බලනවා නම් උපසිරැසියේ ගූණාත්මක භාවය වැඩිවේවි. ස්තුතියි. :)

මෙතනින් උපසිරැසිය ඇතුලත් කල වීඩියෝ එක
මුරපදයක් ඉල්ලුවොත් dtlakmal කියලා දෙන්න හොදේ

මෙතනින් ඔරිජිනල් යූ නලයේ ඇති ගීතය

සිංහල උපසිරැසි ගොනුව පහලින් බාගන්න
සිංහල 

Friday, November 2, 2012

Right Now (Na Na Na) - Akon with Sinhala Subtitle


කොහොමද යාලුවනේ. ඕන්න අදත් මං තවත් ගීතයකට සිංහල උපසිරස අරගෙන ආවා. මගේ කල්පනාව සෑම දිනකම එක ගීතයක් හෝ උපසිරස ගන්වා පලකිරීමට. ඒත් ඔයාලාගේ අදහස් පරිදි ඔයාලා පහලින් දක්වනවා නම් ඔයාලා කැමති ගීත මට ගොඩක් ලේසි වෙයි මේ වැඩේ කරගෙන යන්න. ඔයාලා කැමති ඕනම භාෂාවක ගීතයක් කියන්න මං පුලුවන් උත්සහයක් ගන්නවා උපසිරැසි ගන්වන්න. එතකොට ගොඩක් ලේසි වෙයි මේ වැඩේ දිගටම කරගෙන යන්න.

හරි අද ගෙනාව ගීතය ගැන පොඩ්ඩක් බලමු, මේක 2008 සැප්තැම්බර් මාසයේ 23 වෙනිදා තමයි විකාශය ආරම්භ කරලා තියෙන්නේ. මේ ගීතය ගායනා කරන්නේ ගොඩක් අය දන්න ගායකයෙක්, ඒ වගේම ගොඩක් ප්‍රසිද්ද ගායකයෙක්. ඒ තමයි Akon එයා ගායනා කරන Right Now (Na Na Na) යන ගීතයට තමයි මං අද උපසිරැසි ගැන්නුවේ. ගොඩක් අය අහලා ඇති මේ ගීතය ගොඩක් ජනප්‍රි වෙච්ච ගීතයක්. මේක නිකුත් කරලා තියෙන්නේ Akon  ගේ තුන්වන ගීත ඇල්බමය වන Freedom හී ගීතයක් ලෙස. ඔහොම තමයි ඉතිං කියන්න තියෙන්නේ. කැමති කට්ටිය අරගෙන බලලා හොද නරක පහලින් කියාගෙන යන්න.

මං නැවතත් කියනවා ඔන්ලයින් උපසිරැසිය සමග විඩියෝ එක බලද්දි උපසිරැසියේ පැහැදිලි තාවය ටිකක් අඩුයි. මොකද විඩියෝ එක සමග උපසිරැසිය බද්ධ කිරීමේදි පැන නගින දෝශයකින් තමයි ඒක සිද්ද වෙලා තියෙන්නේ. ඒ ගැන කණගාටු වෙනවා. ඒ වගේම හොද පැහැදිලිව ඔයාලට උපසිරැසිය නරඹන්න ඕනා නම් මං පහලින් දෙනවා උපසිරැසි ගොනුවේ ලින්කුව. එකෙන් උපසිරැසි ගොනුව බාගෙන, විඩියෝ එකත් බාගෙන  උපසිරැසිය නරඹන්න. එතකොට වඩාත් පැහැදිලි ලෙස උපසිරැසිය දර්ෂනය වෙයි.

එහෙනම් නැවතත් කියන්නම්, ඔයාලා කැමති ගීත අදහසක් මගින් පහලින් දන්වා යන්න. එතකොට ලේසි වෙයි මට මේ වැඩ් ඉදිරියටත් කරගෙන යන්න. ගොඩක් ස්තුතියි. දිගටම රැදිලා ඉන්න. ජය වේවා.

අහිංසක හිත්නේ..

උපසිරැසි ඇතුලත් කල විඩියෝ එක මෙතනින්

ඔරිජිනල් යූ නලයේ විඩියෝ එක මෙතනින්
සිංහල උපසිරැසි ගොනුව පහලින්
සිංහල