Showing posts with label B. Show all posts
Showing posts with label B. Show all posts

Monday, December 3, 2012

Kavikariye - Bathiya & Santhush - Lyrics & MP3


Click Play Button

උණුහුම විඳ විඳ සියොළඟ දැනුනේ මායා
සත්තයි ළඳුනේ ආවේ සඳවත පායා
සරාගී නුවන් ඡායා හදේ දැල්විලා මා
ඔබයි මාගෙ පෙම් වස්සානේ
උණුහුම විඳ විඳ සියොළඟ දැනුනේ මායා
සත්තයි ළඳුනේ ආවේ සඳවත පායා
සරාගී නුවන් ඡායා හදේ දැල්විලා මා
ඔබයි මාගෙ පෙම් වස්සානේ
කවිකාරියේ ........

කවිකාරියේ
මට හාදු දී ඔබේ දෑස මානේ හීන වස්සා‍නේ
මායම් කතා මුලු රෑම වෑහි ඔබේ කෝල දෑසේ පැටලි මා ඉන්නේ
අපේ ආදරේ දැන් කවි පෙලක් වාගේ
අපේ ආදරේ දැන් කවිපෙලක්

උණුහුම විද විද දෙතොලේ හැගුමන් පාලා
රෑ නිදි දිවුවේ කොපුලේ රැගුමක් වීලා
නුරාගි බැලුම් සේනා දසුන් මත් කලා මා
ඇවිත් නේද පෙම් වස්සානේ


කවිකාරියේ....... කවිකාරියේ
මට හාදු දී ඔබේ දෑස මානේ හීන වස්සා‍නේ
මායම් කතා මුලු රෑම වෑහි ඔබේ කෝල දෑසේ පැටලි මා ඉන්නේ
අපේ ආදරේ දැන් කවි පෙලක් වාගේ
අපේ ආදරේ දැන් කවිපෙලක්


කවිකාරියේ....... කවිකාරියේ
මට හාදු දී ඔබේ දෑස මානේ හීන වස්සා‍නේ
මායම් කතා මුලු රෑම වෑහි ඔබේ කෝල දෑසේ පැටලි මා ඉන්නේ
අපේ ආදරේ දැන් කවි පෙලක් වාගේ
අපේ ආදරේ දැන් කවිපෙලක්




MP3 එක පහලින් බාගන්න
MP3

Tuesday, November 27, 2012

Justin Bieber - As Long As You Love Me ft Big Sean - With Sinhala Subtitle


ඔන්න යාලුවනේ මං අදත් තවත් අලුත් ගීතයකට සිංහල උපසිරැසි අරගෙන ආවා. මේ ගීතයත් ගොඩක් ජනප්‍රිය වෙච්ච ගීතයක්. ඒ වගේම වැඩිය පරණත් නැහැ. අපි බලමු ගීතය ගැන ටිකක් වෙනදා වගේම.

මේ ගීතය ගායනා කරන්නේ ප්‍රසිද්ද කැනේඩියානු ගායන ශිල්පී ජස්ටින් බීබර් කොලුවා විසින්. මේක එයාගේ තුන්වන ගීත ඇල්ඹමය වන බිලිව් කියන ඇල්ඹමයට ඇතුලත් ගීතයක්. මේ ගීතය නිකුත් කරලා තියෙන්නේ මේ අවුරුද්දේ එනම් 2012 ජූලි දහ වෙනිදා. ඒ වගේම මේ ගීතයට රචනයෙන් දායක වෙලා තියෙනවා Rodney Jerkins, Andre Lindal, Nasri Atweh Sean Anderson, සහ Justin Bieber කොලුවත් ඇතුලු පිරිස. ඒ වගේම මේ ගීතයට රැප් කිරීමෙන් දායක වෙනවා අමෙරිකානු රැප් ගායක Big Sean. ඔය වගේ දේවල් තමයි කියන්න තියෙන්නේ. එහෙනම් වැඩි කතා නැතිව ගීතය බලලා පහලින් යම් අදහසකුත් කුරුටු ගාගෙන යන්න. ඔයාලා කැමති ගීත තියෙනවා නම් ඒවත් දන්වන්නකෝ. එහෙනම් අපි ගියා.

අහිංසක හිත්නේ.

සැ.යු. පහලින් ලබා දී ඇති සිංහල උපසිරැසි ගොනුව සහ යූ නලයේ ඇති ඔරිජිනල් රූප රචනය බා ගැනීමෙන් අනතුරුව, එයට උපසිරැසි ගොනුව යොදා නැරඹීමෙන් වඩා ගුනාත්මක තාවයෙන් යුත් රූප රචනයක් සහ උපසිරැසියක් රස විදිය හැකිය.

සිංහල උපසිරැසිය ඇතුලත් කල රූප රචනය

මුර පදය ලෙස dtlakmal.com ලබාදෙන්න

යූ නලයේ ඇති රූප රචනය

සිංහල උපසිරැසි ගොනුව පහලින්
සිංහල

Sunday, October 14, 2012

Channa Kinnaravi - Bachi Susan Lyrics



ශ්වේත මිදුම් ඉරා
දෙනෙත් මග ඇහිරූ
ජිවිතේ ශීත  සෘතුවේ
ගිරි දුර්ග අතරින්
මා එක්ක එනවාද
චන්න කින්නරාවි
මා එක්ක එනවාද
චන්න කින්නරාවි

රලු පොලොව මතින් දිලෙනා
විඩාබර දිගු ගමනේ
මුදු සිනිදු දෙපා රිදෙනා
වේදනා සුසුම් මතුවේ
ආදරේ ශේශ වේවිද
චන්න කින්නාරාවි
මා එකක් එනවාද
චන්න කින්නරාවි

ශ්වේත මිදුම් ඉරා
දෙනෙත් මග ඇහිරූ
ජිවිතේ ශීත  සෘතුවේ
ගිරි දුර්ග අතරින්
මා එක්ක එනවාද
චන්න කින්නරාවි
මා එක්ක එනවාද
චන්න කින්නරාවි

සදු නිවි ගිය රාත්‍රියේ
තාරකා ගොලුව ගන අදුරේ
ලය මතින් වැතිරි
සොදුරු සිහිනයට ඉඩ දි
හිනහෙන්න පුලුවන්ද
චන්න කින්නරාවි
හිනහෙන්න පුලුවන්ද
චන්න කින්නරාවි
හිනහෙන්න පුලුවන්ද
චන්න කින්නරාවි
හිනහෙන්න පුලුවන්ද
චන්න කින්නරා......වි..