Showing posts with label L. Show all posts
Showing posts with label L. Show all posts

Tuesday, January 8, 2013

Kessata Kossata - Lahiru Perera - Lyrics & MP3 Download



ගීතය රසවිදින්න ප්ලේ බොත්තම ඔබන්න


කැස්සට කොස්ඇට.. උණට කුරුම්බා..
වැස්සට නොතෙමී.. කුඩය ගනිල්ලා..
රස්නෙට වෙනිවැල් බිව්වම ඇඟට හොඳා..

වක්කඩ අස්සේ හකුරු හංගලා..
නැතිවෙන හකුරට නාහෙන් හඬලා..
අස්සය පැන්නම කඩුල්ල වසනු එපා..

උෂ්නෙට මුං ඇට සව් කැද බොන්න සුදා
අරලු ගෙඩි දෙකක් බිවුවම බඩට හිනා
බර්මියුඩා වල නැතිවෙන නැව් හොයලා
යකඩ බරට විකුනමු අපි කොමිස් තියා

සන්ග්ලාස් දාගෙන වටපිට බලලා
වැස්සක් දැන් දැන් එතැයි කියාලා
අව්වේ රෙදි ටික ඇතුලට ගන්න එපා

මහදැන මුත්තගේ උපදෙස් අහලා
එලුවව අරගෙන බෙල්ලෙන් කපලා
කැකිල්ලේ රජුගෙන් තීන්දු අසනු එපා

උෂ්නෙට මුං ඇට සව් කැද බොන්න සුදා
අරලු ගෙඩි දෙකක් බිවුවම බඩට හිනා
බර්මියුඩා වල නැතිවෙන නැව් හොයලා
යකඩ බරට විකුනමු අපි කොමිස් තියා

ශේක්ස්පියර් ගැන ලෝකෙට කියලා
මිස්ටර් බීන්ලගේ නාට්ටි බලලා
හවසට ඇවිදින් නෝනට බනිනු එපා

ලෝක විනාසෙට ඇගිලිත් ගැනලා
අල්ලේ ඉරි මත ලෝකය තියලා
සෙනසුරු අපලෙට ජීවිතේ ලියනු එපා

උෂ්නෙට මුං ඇට සව් කැද බොන්න සුදා
අරලු ගෙඩි දෙකක් බිවුවම බඩට හිනා
බර්මියුඩා වල නැතිවෙන නැව් හොයලා
යකඩ බරට විකුනමු අපි කොමිස් තියා


MP3 එක පහලින් බාගන්න
Your Ad Here MP3

Monday, November 26, 2012

Ludacris - Rest Of My Life ft Usher & David Guetta - With Sinhala Subtitle


ඔන්න යාලුවනේ මං තවත් අලුත් ගීතයකට සිංහල උපසිරස අරගෙන ආවා. මේකත් ගොඩක් ජනප්‍රිය ඇමෙරිකානු හිප්පොප් ගායකයෙක් තමයි ගායනා කරන්නේ. ඉතිං වෙනදා වගේම ගීතය ගැන පොඩ්ඩක් කතා කරලා ඉමුකෝ.

මේ ගීතය නිකුත් කරලා තියෙන්නේ මේ අවුරුද්දේ එනම් 2012 නොවැම්බර් මාසයේ දෙවෙනිදා. ඒ වගේම මේ ගීතය ගායනා කරන්නේ ඇමෙරිකානු ප්‍රසිද්ද හිප් පොප් ගායන ශිල්පියෙකු වන Ludacris විසින්. තව මේ ගීතය ඔහු තනිවම ගායනා කරන ගීතයක් නෙමී. මේ ගීතයේ ඔහුගේ ගායනයට තව ගායකයින් දෙපලකයේ සහය ලැබෙනවා ඒ තමයි අම්භානෙක ප්‍රසිද්ද  Usher සහ David Guetta. මේ ගීතය Ludacris ගේ ඉදිරියේදි නිකුත් වීමට නියමිත අට වන ගීත ඇල්ඹමය වන   Ludaversal හි ඇතුලත් ගීතයක්. තව මේ ගීතය රචනා කරලා තියෙන්නේ  David Guetta, Marvin Scandrick, Christopher Bridges, Giorgio Tuinfort, Oscar Salinas, Usher Raymond IV, Juan Salinas Jr යන සෙට් එක. ඔය විදිහේ දේවල් ටිකක් තමයි ඉතිං කියන්න තියෙන්නේ.

එහෙනම් වෙනදා මගේම හැමෝම ගීතය රසවිදලා ඔයාලගේ අදහසුත් පහලින් දාගෙනම යන්නකෝ.

අහිංසක හිත්නේ.

සැ.යු. පහතින් ලබා දී ඇති සිංහල උපසිරස ගොනුව සහ යූ නලයේ ඇති ඔරිජිනල් ගීතය බා ගැනීමෙන් අනතුරුව උපසිරැසිය එයට යොදා නැරඹීමෙන් ඉතා ඉහල ගුණාත්මක තත්වයේ උපසිරැසියක් සහ රූප රචනයක් රස විදිය හැකිය.

උපසිරැසිය අන්තර්ගත කල රූප රචනය
මුරපදය ලෙස dtlakmal.com දෙන්න.

යූ නලයේ ඇති රූප රචනය

සිංහල උපසිරැසි ගොනුව පහලින් බාගන්න
සිංහල

Sunday, November 11, 2012

Linkin Park - Castle Of Glass - With Sinhala Subtitle


ඔන්න යාලුවනේ මං අද දවසට තවත් අලුත්ම අලුත් ලස්සන ගීතයකට සිංහල උපසිරැසි අරගෙන ආවා. මේක විකිපිඩියා එකෙන් නම් දාලා තියෙන්නේ නිකුත් කරන්නේ මේ මාසේ 23 වෙනිදා කියලා. නමුත් යූ නලයේ කරක් ගහනකොට මේක මට සෙට් වුනා. රාක් සංගීතයට කැමති අය නම් මේ ගීතය අනිවා නරඹයි. අනික මේ ගීතය ගායනා කරන කණ්ඩායම ගැන අමුතුවෙන් කියන්න ඕනා නැනේ එයාලට. හරි අපි බලමු ගීතය ගැන ටිකක්.

මේ ගීතය ගායනා කරන්නේ ලෝකප්‍රසිද්ද ඇමෙරිකාණු රොක් සංගීත කණ්ඩායමක් වන Linkin Park සංගීත කණ්ඩායම විසින්. මේක එයාලයේ පස් වන ගීත ඇල්බමය වන  Living Things කියන ඇල්බමයට ඇතුලත් කර ඇති ගීතයක්. මේ ගීතය නිෂ්පාදනය තියෙන්නේ Mike Shinoda සහ Rick Rubin යන දෙපල විසින්. ඒ වගේම මේ ගීතයේ පද රචනයද තරලා තියෙන්නේ Linkin Park කණ්ඩායම විසින්. ඒ වගේම මේ ගීතයේ ධාවන කාලය වෙලා තියෙනවා, රූප රචනයේ විනාඩි 4කුත් තත්පර 14ක් ඒ වගේම ඕඩියෝ පටයේ විනාඩි 3කුත් ත්තපර 25 ලෙස දැක්වෙනවා. මේ ගීතය යූ නලයට ඇතුලත් කරලා තියෙන්නේ 2012 ඔක්තොම්බර් මස 10වෙනිදා. ඒ වගේ දේවල් ටිකක් තමයි ඉතිං කියන්න තියෙන්නේ. එහෙනම් මේ ගීතයත් නරඹලා හොද නරක පහලින් කියලා යන්නකෝ.

තවත් ගීතයකින් ඉක්මනින්ම හමු වෙමු. තෙරුවන් සරණයි සැමටම. අහිංසක හිත්නේ.

සැ.යු : යූ නලයේ ඇති ඔරිජිනල් ගීතය හෝ මා ලබා දී ඇත් 1080P යන උපරිම ගූනාත්මක තාවය ඇති ගීතය බා ගෙන උපසිරැසි ගොනුවත් බා ගැනීමෙන් අනතුරුව ගීතය නැරඹීමෙන් උපරිම ගුණාත්මක තාවයක් ගීතයේ සහ උපසිරැසියේ ලබාගත හැක.

සිංහල උපසිරැසිය ඇතුලත් කරණු ලැබූ ගීතය

මුරපදයක් ඉල්ලුවහොත් dtlakmal.com ලෙස ලබාදෙන්න

යූ නලයේ ඇති ඔරිජිනල් ගීතය

සිංහල උපසිරැසි ගොනුව පහලින් බාගන්න
සිංහල


Tuesday, October 30, 2012

In The End - Linkin Park - With Sinhala Subtitle


ඔන්න යාලුවනේ අදත් මං තව ගීතයකට සිංහල උපසිරසි අරන් ආවා. මේක නම් ටිකක් පරනයි. ඒ කියන්නේ මේ සිංදුව නිකුත් කරලා තියෙන්නේ 2001 වසරේ නොවැම්බර් 21 වන දින. මං මේක තෝරගත්තේ මං ගොඩක් ආස කරන සංගීත කණ්ඩායමක් මේක ගායනා කරන නිසාත ඒ කවුරුත් දන්න ඉතා ප්‍රසිද්ද රොක් සංගීත කණ්ඩයෙමක් වන  Linkin Park කණ්ඩායම විසින් ගායනා කරන In the End යන නම් වූ ගීතය. ගොඩක් අය මේ ගීතය අහලා ඇති. මොකද මේක ගොඩක් ජනප්‍රිය වුන ගීතයක්. මං මේ කණ්ඩායමේ වැඩියෙන්ම ආස ගීත අතර තියෙන ගීතයක් කිවුවොත් නිවැරදී. රොක් සංගීතයට ආස අය ඉන්නවා නම් මේකට ගොඩක් කැමති වෙයි. අනිවා අහලා නැති වෙන්න බැරි එකක් නැහැ. ඒ නිසා අහා තියෙන නැති හැමෝම බලන්නකෝ එහෙනම් කොහොමද කියලා.

මෙතනින් උපසිරැසි අන්තර්ගත කරපු වීඩියෝ එක

මෙන්න යූ නලයේ ඔරිජිනල් ගීතය

 සිංහල උපසිරැසි ගොනුව පහලින් බාගන්න
සිංහල

Thursday, October 25, 2012

Justin Bieber - Baby ft. Ludacris With Sinhala Subtitles


Online Video Updated
ඔන්න මං අලුතින් පටන්ගත්තු වැඩේ තවත් අදියරක් අරගෙන ඔයාලා හමුවට ආවා. පලමු එකේදි කරගන්න බැරිවුන අඩු පාඩු ටිකක් මේකෙදි හරිගස්සගන්න පුලුවන් කම ලැබුනා. පලමු විඩියෝ එක මට ඔන්ලයි සිංහල උපසිරැසියත් සමග ධාවනය විදිහට සකස් කරගන්න බැරිවුනානේ. ඉතිං මං හොයලා හොයලා වැඩේ කොහොම හරි ගොඩ දාගත්තා. නමුත් සංදුව වෙනමම අරන් සබ් එක ඒකට ඇදලා දාලා බලන තරම් කොලිටි එකක් සහ වර්ණ ගැන්වීම් වගේ දේවල් මෙ තුලින් අහිමි වුනා. නමුත් ඔයාලා ලග මේ සිංදුව තියේ නම් උපසිරැසි ෆයිලය බා ගැනීම විතරක් ඔබලට කරන්න පුලුවන්. එහෙම අකමැති අයට ඔන්ලයින් බලන්නත් හැකියාව තියෙනවා. පලමුව දීපු සිංදුවත් මං නැවත හරිගස්සලා ඔන්ලයින් බලන්න පුලුවන් විදහට සකස් කලා. කලින් එක බැලුවේ නැත්තම් මෙතනින් ගිහින් බලන්නකෝ.



හරි බලමු මං අද ගෙනාවේ මොකක්ද කියලා. මේක ගැන නම් හැම කෙනෙක්ම දන්නවා මං හිතන්නේ අමුතුවෙන් කියන්න ඕනා නැහැ. මේ ගීතය තමයි අපි කවුරුත් අදුනන මෑත කාලයේදි බොහොමයක් ජනප්‍රිය ගායකු වූ Justin Bieber ගායනා කරන Baby ගීතය. ජස්ටින් බීබර් ගැන ටිකක් කියනවා නම් මොහු 1994 මාර්තු පලවෙනිදා කැනඩාවෙදි උපත ලැබු හුරතල් පෙනුමක් තියෙන කොලු ගැටයෙක්. මොහු ගීත ගායනයට වගේම ගීත රචනයට සහ සංගීත අධ්‍යක්ෂනයටත් දක්ෂකම් පානවා. තව මොහුට ගිටාර් , පියානෝ, ට්‍රම්පට් වැනි සංගීත භාණ්ඩ හොදින් වාදනය කිරීමේ හැකියාවකුත් තියෙනවා. එයා ගැන කිවුවා ඇතිනේ. අපි දැන් ගීතය ගැනත් ටිකක් බලමුකෝ.



බීබර් කොලුවගේ මයි වර්ල්ඩ් දෙවන සංස්කරණය කියන ඇල්බමයට නිකුත් කරන ලද  බීබර් සමග  Tricky Stewart සහ Terius Nash යන තිදෙනා විසින් රචනා කරන ලද ගීතයකි. ඒ දෙන්නම තමයි බීබර් කොලුවා විසින් ගායනා කරපු තව ජනප්‍රිය ගීතයක් වන වන් ටයිම් කියන ගීතයත් කරලා තියෙන්නේ. මේ ගීතය මුලින්ම නිකුත් කරලා තියෙන්නේ 2010 ක් වූ ජනවාර් මස 18 වන දින. නමුත් මෙය ග්‍රවන් විදුලියේ ප්‍රකාශය ආරම්භ කරලා තියෙන්නේ 2010 ජනවාරි මස 26 වන දින. තව මෙම ගීතයට හැකි වෙලා තියෙනවා රටවල් දාහතරක ටොප් ටීවි චාර්ට් වල පලමු තැන ලබාගන්න. සෙල්ලන් නෑනේ. තව කියන්න තියෙන ලොකුම දේ තමයි. තවමත් අපි කවුරුත් දන්න යූ නලයේ වැඩිම පිරිසක් නරඔපු ගීතයට හිමි තැන ලැබෙන්නෙත් මේකටම තමයි. කී දෙනෙක් බලලා තියෙනවද කිවුවොත් 791,737,608. ඔය ඇති නේද ගීතය ගැනත් කිවුවා.



දැන් එහෙනම් අපි ගීතය බලලා ඉමු. ඔයාලා රසවින්දා නම් මගේ හිතටත් පොඩි සතුටක් ලැබෙන්න පහලින් පොඩි හරි අදහසක් දාලා යන්න හොදේ. සැමටම බුදු සරණයි !!



අහිංසක හිත්නේ.



සිංහල උපසිරැසි ඇතුලත් කරනූ ලැබූ ගීතය
යූ නලයට අප්ලෝඩ් කලාම පොඩි නීතිමය ප්‍රශ්නයක් මතු වෙනවා. ඒ නිසා ඔන්ලයින් බලන අයට ඉහල විඩියෝ එකෙන් ගීතය රසවිදින්න පුලුවන්.

නැති නම් යූ නලයෙන් ඔරිජිනල් වීඩියෝ එක බාගෙන, පහ ඇති උපසිරැසි ගොනුව එයට දමා නරඹන්නත් පුලුවන්.

මෙන්න ඔරිජිනල් වීඩියෝ එක යූ නලයෙන්.


වර්ණ ගැන්වූ සිංහල උපසිරැසි ගොනුව පහලින් බාගන්න

baby