Showing posts with label K. Show all posts
Showing posts with label K. Show all posts

Tuesday, January 8, 2013

Kessata Kossata - Lahiru Perera - Lyrics & MP3 Download



ගීතය රසවිදින්න ප්ලේ බොත්තම ඔබන්න


කැස්සට කොස්ඇට.. උණට කුරුම්බා..
වැස්සට නොතෙමී.. කුඩය ගනිල්ලා..
රස්නෙට වෙනිවැල් බිව්වම ඇඟට හොඳා..

වක්කඩ අස්සේ හකුරු හංගලා..
නැතිවෙන හකුරට නාහෙන් හඬලා..
අස්සය පැන්නම කඩුල්ල වසනු එපා..

උෂ්නෙට මුං ඇට සව් කැද බොන්න සුදා
අරලු ගෙඩි දෙකක් බිවුවම බඩට හිනා
බර්මියුඩා වල නැතිවෙන නැව් හොයලා
යකඩ බරට විකුනමු අපි කොමිස් තියා

සන්ග්ලාස් දාගෙන වටපිට බලලා
වැස්සක් දැන් දැන් එතැයි කියාලා
අව්වේ රෙදි ටික ඇතුලට ගන්න එපා

මහදැන මුත්තගේ උපදෙස් අහලා
එලුවව අරගෙන බෙල්ලෙන් කපලා
කැකිල්ලේ රජුගෙන් තීන්දු අසනු එපා

උෂ්නෙට මුං ඇට සව් කැද බොන්න සුදා
අරලු ගෙඩි දෙකක් බිවුවම බඩට හිනා
බර්මියුඩා වල නැතිවෙන නැව් හොයලා
යකඩ බරට විකුනමු අපි කොමිස් තියා

ශේක්ස්පියර් ගැන ලෝකෙට කියලා
මිස්ටර් බීන්ලගේ නාට්ටි බලලා
හවසට ඇවිදින් නෝනට බනිනු එපා

ලෝක විනාසෙට ඇගිලිත් ගැනලා
අල්ලේ ඉරි මත ලෝකය තියලා
සෙනසුරු අපලෙට ජීවිතේ ලියනු එපා

උෂ්නෙට මුං ඇට සව් කැද බොන්න සුදා
අරලු ගෙඩි දෙකක් බිවුවම බඩට හිනා
බර්මියුඩා වල නැතිවෙන නැව් හොයලා
යකඩ බරට විකුනමු අපි කොමිස් තියා


MP3 එක පහලින් බාගන්න
Your Ad Here MP3

Thursday, December 13, 2012

Nawathi Methekin - Kasun Kalhara - Lyrics, MP3 & Music Video



Audio ගීතය මෙතනින් අහන්න ප්ලේ (Play) බොත්තම ඔබන්න

නැගෙන බිදෙන හැම සමුදුරු රැලි මත
නුඹෙ මුවග හිනැහෙනු මා දුටුවා
නොදැනිම වාගේ දේදුනු බොඳ කර
කඳුලක් නෙත තනියට නැඟුනා..

මතකද හැම රෑ මා ඔබ දුටුවා
පැතු පැතුම් කිරි සිනහාව රන්
දින ගෙවනා  හැටි අප දැන හිටියා
අද නුඹ කොහිදැයි සිත ඇසුවත්
අද නුඹ කොහිදැයි සිත ඇසුවත්
අද නුඹ කොහිදැයි සිත ඇසුවත්
අද නුඹ කොහිදැයි සිත ඇසුවත්

ඉරණම ලියැවී අප වෙන් කරදා
දෙගුරුන් හමුවේ සිත නිහඩයි
නුඹ මියැදෙන බව දැන දැන සිතකින්
නෙලාගන්න සොදුරේ කෙලෙසින්
නෙලාගන්න සොදුරේ කෙලෙසින්
නෙලාගන්න සොදුරේ කෙලෙසින්
නෙලාගන්න සොදුරේ කෙලෙසින්

මා තුරුලට ගෙන සුරතල් කරනට
අහිමිවු අත් මට හිමිවුවානම්
අන් සතු උයනක නුඹ හිනැහෙන යුරු
දැක දුටුවෙමි නැවතී මෙතෙකින්
දැක දුටුවෙමි නැවතී මෙතෙකින්
දැක දුටුවෙමි නැවතී මෙතෙකින්
දැක දුටුවෙමි නැවතී මෙතෙකින්



MP3 එක පහලින් බා ගන්න
Your Ad Here 
MP3

Thursday, November 15, 2012

Die Young - Ke$ha - With Sinhala Subtitle


ඔන්න යාලුවනේ මං පොරොන්දු වනු පරිදි අදත් තව අලුත් ගීතයකට උපසිරැසි අරගෙන ආවා. ඔයාලට මතක ඇතිනේ මං ඊයේ කිවුවා. මට පොඩි අදහසක් ආවා කියලා  Billboard Hot 100 කියන ඇමෙරිකාණු ගීත දර්ෂකයේ ඇති ගීත වලට උපසිරැසි දෙන්න ඕනා කියලා. ඉතිං අදත් අරගෙන ආවේ එහෙම එකක් තමයි. නමුත් ඊයේ තිබුන තත්වය නෙමී අද තියෙන්නේ. අද ගීත දර්ෂකයේ යම් යම් වෙනස් කම් කීපයක් සිදු වෙලා තියෙනවා. අද මේ වෙනකොට ගීත දර්ෂකය තියෙන හැටි මං පහලින් කියන්නම්කෝ. දැන් අපි බලමු අද ගෙනාව ගීතය ගැන.

මේ ගීතය තමයි අද වෙනකොට  Billboard Hot 100 ගීත දර්ෂකයේ තුන් වන තැන දිනාගෙන තියෙන්නේ. මේ ගීතය ගායනා කරන්නේ ඇමෙරිකානු ගායිකා  Kesha විසින්. මේක ඇයගේ දෙවන ගීත ඇල්ඹමය වන Warrior කියන එකට ඇතුලත් කරලා තියෙන ගීතයක්. තව මේ ගීතය නිකුත් කරලා තියෙන්නේ මේ අවුරුද්දේ ඒ කියන්නේ 2012 සැප්තැම්බර් මස 25 වෙනිදා. තව මේ ගීතයට රචනයෙන් දායක වෙලා තියෙනවා  Lukasz Gottwald, Benjamin Levin, Henry Walter, සහ fun කියන සෙට් එක. ඔය වගේ ටිකක් තමයි කියන්න තියෙන්නේ. හරි එහෙමනම් හැමෝම ගීතය රස විදලා හොද නරක ගැන අදහසක් පහලින් දාගෙනම යන්නකෝ.

අද මේ වෙනකොට  Billboard Hot 100 ගීත දර්ෂකයේ ජනප්‍රියම ගීත 10 ට ඇතුලත් වෙන ගීත ලයිස්තුව.


01. One More Night - Maroon 5 (උපසිරැසි ලබා දී ඇත)
02. Diamonds - Rihanna (උපසිරැසි ලබා දී ඇත.)
03. Die Young - Ke$ha (උපසිරැසි ලබා දී ඇත)
04. Some Nights - fun.
05. Gangnam Style - PSY (උපසිරැසි ලබා දී ඇත.)
06. Locked Out Of Heaven - Bruno Mars
07. We Are Never Ever Getting Ba... - Taylor Swift
08. Let Me Love You (Until You L... - Ne-Yo
09. Too Close - Alex Clare
10. I Cry - Flo Rida

එහෙනම් හෙට දිනයේදි නැවතත් හමු වීමේ බලාපොරොත්තුවෙන් මං සමු ගන්නවා. සැමට සුභ රාත්‍රියක්.

අහිංසක හිත්නේ. අදහසක් දාගෙනම යන්න හොදේ.. :D

සැ.යු : උපසිරැසි ගොනුව සහ යූ නලයේ ඇති ගීතය බාගෙන, උපසිරැසිය එයට යොදා නැරඹීමෙන් ඉතා හොද ගුණාත්මක තාවයෙන් යුත් උපසිරසියක් සහ වීඩියෝවක් රස විදිය හැක.

සිංහල උපසිරැසිය අන්තර්ගත කල රූප රචනය

මුරපදය ලෙස dtlakmal.com දෙන්න

යූ නලයේ ඇති ඔරිජිනල් වීඩියෝව


 සිංහල උපසිරැසි ගොනුව පහලින් බාගන්න
සිංහල

Saturday, November 10, 2012

Athin Alla - Kasun Madushanka - Lyrics and MP3



අතින් අල්ලා නුවන් දල්වා
හද සන්තකේ ඉඩ ඉල්ලා
මුලා කර මා නුඹත් ගිය දා
හිමිවෙන්නේ නැහැ තව හිතකට මා
ඒ ඔබමද කියා නෑ පිලිගන්නේ මා

ආදරේ හෝඩියේ බහ තෝරලා
නුඹ මගේ ජීවිතේ සුවපත් කලා
ඒ ඔබමද කියා නෑ පිලිගන්නේ මා

අතින් අල්ලා නුවන් දල්වා
හද සන්තකේ ඉඩ ඉල්ලා
මුලා කර මා නුඹත් ගිය දා
හිමිවෙන්නේ නැහැ තව හිතකට මා
ඒ ඔබමද කියා නෑ පිලිගන්නේ මා

මග තොටේ හමු වුනේ කාටත් හොරා
මතකයේ පැටලුනේ පෙර කී කතා
ඒ ඔබමද කියා නෑ පිලිගන්නේ මා

අතින් අල්ලා නුවන් දල්වා
හද සන්තකේ ඉඩ ඉල්ලා
මුලා කර මා නුඹත් ගිය දා
හිමිවෙන්නේ නැහැ තව හිතකට මා
ඒ ඔබමද කියා නෑ පිලිගන්නේ මා


MP3 එක පහලින් බා ගන්න
MP3

Monday, October 29, 2012

Beautiful - Akon ft. Colby O'Donis, Kardinal Offishall - With Sinhala Subtitle


ඔන්න යාලුවනේ මං අදත් තවත් ලස්සන සිංදුවකට සිංහල උපසිරැසි අරගෙන ආවා. මේකත් ගොඩක් ජනප්‍රිය වෙච්ච ගීතයක්. ලස්සන බීට් එක. ලස්සන වොයිස් ටික. පට්ට.බලමුකෝ එහෙනම් ගීතය මොකක්ද කියලා.

ගීතය ගැන කියනවා නම් 2009 ජනවාරි මස 6 වෙනිදා සිට විකාශය ආරම්භ කරනු ලැබූ Akon සමග ඇමෙරිකානු පොප් ගායකයකු වන Colby O'Donis සහ  කැනේඩියානු රැප් ගායකයෙක් වෙන  Kardinal Offishall විසින ගායනා කරනු ලබන Beautiful යන නම් දරාපු ගීතයයි. මේ ගීතය රචනා කරලා තියෙන්නේ Colby Colón, Jason Harrow, Aliaune Thiam, Jaylien Wesley, Giorgio Tuinfort පස් දෙනා විසිනි. මේ ගීතය ගැන වැඩි දුරටත් කියනවා නම්. මේ ගීතයේ හරය වන්නේ. රාත්‍රි සමාජශාලාවක සිටින කාන්තාවකගේ ලස්සන දැක. එය නිසා ඇය ලගට ලංවීමට තමන්ට ලැජ්ජාවක් ඇති වී ඇති නිසා. ගාකයා මේ ගීතය ගායනා කරනු ලබයි ඔහොම තමයි ඉතිං කියන්න තියෙන්නේ. කට්ටිය එහෙනම් බලලා හොද නරකත් කියලම යන්නකෝ.

මෙන්න උපසිරැසිය ඇතුලත් කරනු ලැබූ ගීතය
මෙන්න ඔරිජිනල් යූ නලයේ ගීතය
සිංහල උපසිරැසිය මෙතනින් බාගන්න
සිංහල