මගේ හීනයේ ලග ඉන්නට
ඔබ තවමත් නැතිවාදෝ
සිත් මානයේ දැවටෙන්නට
මගේ උණුහුම මදි වේදෝ
ආදරේ මට නම්
ඇයි විරහා සරදම්
ජීවිතේ මම නම්
නෙතු මුතු කැට වැටෙන තරම්
හිතමත දග කෙරුව තරම්
උණුහුම හිත හැදුව තරම්
රැවටුන හැටි මා මෙතරම්
හිත හඩන තරම්
ඔබ දන්නවා නම්
තවකදුලු දිදි රිදවන් නැහැ
ආදරේ මෙතරම් ඔබ දන් නැහැ
මගේ හීනයේ ලග ඉන්නට
ඔබ තවමත් නැතිවාදෝ
සිත් මානයේ දැවටෙන්නට
මගේ උණුහුම මදි වේදෝ
ආදරේ මට නම්
ඇයි විරහා සරදම්
ජීවිතේ මම නම්
ඇයි කදුලු මෙතරම්
නොමියෙන මල් මතක පෙති
එක එක බිද දැමුව හැටි
නෙතු අග තෙත රැදුනේ නැති
මගේ වරදම වෙන්න ඇති
ඔය සිනා සිතින් ඔබ ඉන්නවා නම්
තව කදුලු කතා පවසන් නැහැ
මේ කදුලු මගේ දැන් දුක නැහැ
මගේ හීනයේ ලග ඉන්නට
ඔබ තවමත් නැතිවාදෝ
සිත් මානයේ දැවටෙන්නට
මගේ උණුහුම මදි වේදෝ
ආදරේ මට නම්
ඇයි විරහා සරදම්
ජීවිතේ මම නම්
ඇයි කදුලු මෙතරම්
0 comments:
Post a Comment