Showing posts with label සටන්. Show all posts
Showing posts with label සටන්. Show all posts

Thursday, October 18, 2012

The Stolen 2012 සිංහල උපසිරැසි සමග



ඔන්න අදත් මං මේ අවුරුද්දේ නිකුත් වුන පට්ටම බයිස්කෝප් එකක් අරන් ආවා. ගොඩක් අය මේ ගැන දන්නවා ඇති. මොකද බොහොමයක් දෙනා කැමති නළුවෙක් තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නේ. ඒ තමයි Nicolas Cage. මොහුගේ චිත්‍රපට ගැන ඉතිං ආයේ කතා කරන්න දෙයක් නෑනේ. මේක වර්ග කරලා තියෙන්නේ සටන් සහ ත්‍රාසය කියන වර්ගීකරණයටයි. මේ චිත්‍රපටයේ කතාව ලියලා තියෙන්නේ ගොඩක් දෙනා බලලා ඇති මේ අවුරුද්දේ නිකුත් වුන Safe House කියන චිත්‍රපට. ඒ චිත්‍රපටයේ කතාව ලියපු කෙනාමයි. එයාගේ නම තමයි David Guggenheim. හරි ඔය ඇති ඒවා ගැන කිවුවා. දැන් අපි චිත්‍රපටිය දිහාට හැරෙමු.

මේ චිත්‍රපටය පටන් ගන්නෙම පොඩි රොබරි කේස් එකකින්. මේකේ මොලකාරයා තමයි අපේ නළු නිකලස් කේජ්. මේ චිත්‍රපටයේ ඔහුගේ නම විල්. මොහු මේ රොබරිය දීලා අන්තිමට පැනලා එද්දි එක් වයසක පුද්ගලයෙක් මොවුන්ව දකිනවා. මොවුන් කිවුවේ විල් වයි ඔහුගේ සහයකයා වන වින්ස්ටන් වයි. ඉතිං වින්ස්ටන් හදන්නේ මේ දැකපු වයසක මිනිහව මරලා දාන්න. ඒත් ඒකට විල් කැමති නැහැ. ඉතිං විල්, වින්ස්ටන්ගෙන් තුවක්කුව උදුර ගන්න ගියාම වින්ස්ටන්ගේ කකුලට වෙඩි පහරක් වදිනවා. ඉතින් විල් මිනිහවත් උස්සගෙන එයාලගේ වාහනේට මිනිහව ගිහින් දානව. ඒත් සල්ලි බෑග් එක මග දාලා තමයි ඇවිත් තියෙන්නේ ඉතිං විල් යනවා ඒක අරගන්න.

ඔය අතරේ පොලිසියෙන් මේක අල්ලන්න මේ කට්ටියව වට කරනවා. ඉතිං විල්ව දාලා අනිත් කට්ටිය වහනේන් පැන ගන්නවා. ඉතිං විල් සල්ලි බෑග් එකත් අරගෙන පනින්න උත්සහ කරන්නේ. ඒත් වැඩේ හරි යන්නේ නැහැ. ඉතිං මේ රොබරිය නිසා පොලිසියෙන් විල්ව අල්ලගෙන හිරේ දානවා. අවුරුදු 8ක් හිරේ ඉදලා එලියට ඇවිත් යනවා තමන්ගේ දුවව බලන්න. ඒත් දුව තාත්තා එක්ක තරහයි. අවුරුදු 8කට කලින් ඒ දීපු රොබරියේ අන්තිමට සල්ලි තිබුනේ විල් ලඟ නිසා මෙකේ අනික් සගයො ටික හිතන්නේ විල් සල්ලි ටික හංගලා තමයි පොලිසියට අහු වුනේ කියලා. මොකද පොලීසියට හොයාගන්න බැරි වෙනවා සල්ලි බෑග් එක. ඉතිං අර මුලින් කකුලට වෙඩි තියපු එකා විල්ගේ දුවව උස්සනවා සල්ලි ටික ගන්න.
සල්ලි ටික විල් ලඟ තියෙනවද ? ඇත්තටම සල්ලි වලට මොකද වුනේ ? විල්ට දුවව පනපිටින් බේරගන්න හැකිවෙයිද ? ඒවා ගැන දැනගන්න මේ චිත්‍රපටය අරගෙනම බලන්න වෙනවා. එහෙනම් තවත් අලුත් චිත්‍රපටයක උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා. ඔබ සැමට තෙරුවන් සරණයි !!
හැමදාම මෙන් කුහක නොවී කරනා මෙහෙය ගැන සිතා පොඩි හරි අදහසක් පහලින් දමාගෙන යන්න.

අහිංසක හිත්නේ. 





මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ්ක ලක්මාල් | ධනා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

The Expendables 2 2012 සිංහල උපසිරැසි සමග



ඔන්න කට්ටියම බලාගෙන ඉඳපු, සෑහෙන කාලෙක ඉඳලා චිත්‍රපටි වල වීර චරිත වගේම වෙලාවක දුෂ්ඨ චරිත රඟපාපු කට්ටිය එකම චිත්‍රපටියක දකින්න ලැබෙන චිත්‍රපටිය අරගෙන ආවා. මේකේ පළවෙනි එක නම් බලන්න ඇතිනේ. කට්ටියම එකම තැනක දකින්න ලැබෙන එකත් සෑහෙන දුර්ලභ අවස්ථාවක් නොවැ.ලෙහෙසි පහසු වැඩ කරන සෙට් එකක් නෙමේනේ මේ අය. වෙන කාටවත් බැරි තාලෙ වැඩ කරන එක තමයි මේ සෙට් එකේ විශේෂත්වය. ඒක ඉතිං අමුතුවෙන් පහදන්න දෙයක් නෑනෙ පළවෙනි ‍ෆිල්ම් එක බලපු අය ඒ විත්තිය දන්නවා.
මේ අවස්ථාවෙන්  බානි රොස් ප්‍රමුඛ මේ සුපිරි සෙට් එකට භාර වෙන්නෙ එසේ මෙසේ වැඩක් නෙමෙයි. ඒ තමා… හෝව් හෝව් කිව්වොත් ඇති වැඩක් නෑනෙ ඉතිං. ඊටත් මෙච්චරත් මහන්සි වෙලා සිංහලත් හදල දෙද්දි ආයි කටේ කෙළ පොදක් තරම් හැලුවොත් ඒකට මහන්සි වුණාටත් පාඩුයි. කොහොමින් හරි ගිය පාර වගේම චර්ච් මහත්මයා අර මෙයාලට වැඩ පවරන CIA නියෝජිතයා මේ පාරත් සෑහෙන අමාරු බෙල්ල ගහල යන වැඩක් අරගෙන තමා එන්නෙ හම්බෙන්න. ඉතිං අපේ මේ සෙට් එකට ඕවත් වැඩද හැබෑට. ඒ වුණාට මේ පාර මේ කට්ටියවත් නොහිතපු විදිහේ කවදාවත් නොවුණු වැඩක් වෙනවා. මේ අය යන මේ වැඩේදි මේ අයගෙන් එක්කෙනෙක්… ඔහ්… ආයිම කියාගෙන යනවා නේද? බෑ බෑ මේක හරියන්නෙ නෑ. ඒව කියල කොහොමද?

එහෙමනම් චිත්‍රපටියෙ වග පැත්තක තියල මම නළුවන්ගෙ වග විත්ති කියන්නම්. නැතිනම් පළමු එකේ හිටිය පිරිස ඒ විදිහටම ඉන්නවා කියල කිව්වත් ඇති මයෙ හිතේ. ඒ පිරිසට අමතරව තව කිහිප දෙනෙකුත් ඉන්නවා අලුතින් එකතු වුණ. කමක් නෑ කට්ටිය මතක් කරලම ඉන්නම්කො Sylvester Stallone, Jason Stathom, Jet Li, Chuck Norris, Arnold Schwarzenegger, Bruce Willis, Terri Crews, Randy Couture, Jean-Claude Van Damme, Dolph Lundgren, Liam Hemsworth, Scott Adkins, Nan Yu, Amanda Ooms, Charismaa Carpenter කියන පිරිස තමා මෙහි රංගනයෙන් දායක වෙලා තියෙන්නේ.අධ්‍යක්ෂණය Simon West. ගිය වර චිත්‍රපටයට වඩා මෙවර චිත්‍රපටය IMDbහි ඉහළ අගයක් වාර්තා කරනවා. ගියවර අධ්‍යක්ෂකවරයා වුණේ Sylvester Stallone නෙ මෙවර එය වෙනස් වෙලා.

ඉතිං ඔබ මේ පිරිස කොතෙකුත් විවිධ චිත්‍රපට වලින් දැකලා ඇති. හැබැයි කට්ටියම එකක දැකල තියෙනවානම් ඒ මෙහි පළමු කොටසින් පමණයි. නිකමට හිතුණාද මේ වගේ සෙට් එකක් එක චිත්‍රපටයකට එක්කාසු කරගන්න එකම කොච්චර අමාරු වෙන්ඩ ඇද්ද කියන එක. හෙහ් ලේසි නෑ වැඩේ නේද? එහෙමනම් දෙවන වරටත් ඒ සුපිරි සෙට් එක බලාගන්න හැකි එකම චිත්‍රපටය අපි මෙදා පාර අරගෙන ආවා සිංහලෙන්. මේ සිංහල උපසි‍රැසිය අපි නිකුත් කරන්නේ ප්‍රථමයෙන් නිකුත් වූ R5 පිටපතකට. එහෙම වුණත් මෙය ඉතා උසස් තත්ත්වයේ පිටපතක් බව අපි සනාථ කරනවා (V-8/ A-8). කිසිදු සැකයක් ඒ ගැන තබාගන්නට අවශ්‍ය නෑ. නැතත් කොහොමත් වෙනත් පිටපත් නිකුත් වූ වහාම ඒවාටත් උපසි‍රැසි යාවත්කාලීන කරන බව ඔබ හොඳින්ම දන්නවා.

එහෙමනම් නිකුත් වූ සැණින් ඔබ වෙනුවෙන් කාලය වේලාව ගැනවත් නොතකා මේ උපසි‍රැසිය තෑගි කරන්නට ගන්නා මහන්සියට ඔවුනට හිමි නිසි අගයත් ගෞරවයත් හිමිකරදෙන්නට ඔබ පසුබට නොවන වගත් අපි දන්නවා. මෙහි තෙවන චිත්‍රපටයක් නිකුත් වනු ඇතැයි අප පමණක් නොවෙයි මුළු ලොවක් බලා සිටිනවා. එහෙමනම් එය සැබෑවක් වුවහොත් ඒ සමගින් නැවත හමුවෙමු…..

ලිපිය උපුටා ගනීම බයිස්කෝප් සිංහලෙන් අඩවියෙනි.


මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ්ක ලක්මාල් | ධනා“ සොහොයුරාට හා “චමිඳු සඳකැලුම්(චමියා)“  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Ek Tha Tiger 2012 Hindi සිංහල උපසිරැසි සමග



ඔන්න තවත් පට්ට හිංදි බයිස්කොප් එකක් උණු උණුවෙම අරගෙන ආවා ඔයාලට සිංහල උපසිරැසි එක්කම. මේකේ හොඳ පිටපතක් නිකුත් වුනේ අද උදෑසන. මේ චිත්‍රපටියේ රංගනයෙන් දායක වෙන්නේ අපි කවුරුත් දන්න සුපිරි බොලිවුඩ් නළුවෙක් වන සල්මන් ඛාන් සහ සුරූපි නිළියක් වන කත්‍රිනා කායිෆ්. ඒ එක්කම මෙම චිත්‍රපටය සටන්, ආදර යන වර්ගීකරණයන්ට අදාල වනවා.

හරි අපි දැන් කතාව ගැන ටිකක් බලමු. මේකේ ඉන්න සුපිරි නළු සල්මන් ඛාන් මෙහි රඟපාන චරිතය වෙන්නේ ඉංදියානු රහස් ඔත්තු සේවයක නිලධාරියෙක් විදිහට. ඔහුගේ නම තමයි ටයිගර්. මොහුට මෙහෙයුමක් ලැබෙනවා අයර්ලන්තේ ඉන්න මහාචාර්යය වරයෙක් ගැන සොයන්න. මොකද මේ මහාචාර්යය වරයා ලඟ තියෙන දැනුම සොරා ගැනීමට පකිස්ථානුවක් වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කරලා කියලා මොවුන්ට දැනගන්න ලැබෙනවා. ඉතිං මේ මෙහෙයුමට යොදවන්නේ ටයිගර්ව. එහෙදි ටයිගර්ට මුන ගැහෙනවා කත්‍රිනාව, ඒ කියන්නේ සෝයා. එයා වැඩ කරන්නේ මහාචාර්යයතුමාගේ ගෙදර. ටයිගර් සැලැස්මක් හදනවා සෝයාගේ මාර්ගයෙන් මහාචාර්යයවරයට ලං වෙන්න. නමුත් ඇත්තටම සිදුවෙන්නේ සල්මන්, ඒ කියන්නේ ටයිගර්ට සොයා ගැන ආදරයක් ඇති වෙනවා. ඔතන ඉදන් කතාව වෙනස්ම පැත්තකට පෙරලෙනවා. ඒ මොකක්ද කියලා ඉතිං බාගෙන බලන්න තමයි වෙන්නේ.

ඉතිං එහෙනම් තවත් බයිස්කෝප් එකක් සිංහල උපසිරැසි එකක් ගෙන එන බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා. එතෙක් සැමටම බුදු සරණයි. ආහ් තව එකක් මේ කරන වැඩේ ගැන පොඩි හරි අදහසක් දක්වලා යන්න අමතක කරන්න එපා. හැමෝම අරගෙන බලන්න. මේ අවුරුද්දේ ආව තවත් පට්ට හිංදි බයිස්කෝප් එකක්. හැමෝටම ජයවේවා. 

අහිංසක හිත්නේ 


මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “ධනුෂ්ක ලක්මාල් | ධනා“ සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Monday, July 16, 2012

Arjun: The Warrior Prince (2012) | සිංහල උපසිරැසි සමග



මේ පාර දැම්මේ කාටූන් හින්දි බයිස්කෝප් එකකට. මේක මේ අවුරුද්දේ රිලීස් වෙච්ච ෆිල්ම් එකක්. විනාඩි 96ක් පුරා දිවෙන මේ කතාව IMDB පිටුවේ 7.4 ක අගයක් ලබාගන්න හැකි වෙලා තියෙනවා. ඒකත් හොදයිනේ නේද.. J 

එහෙනම් මෙන්න මේකයි කතන්දරේ. අර්ජුන් ඒ කියන්නේ කතා නායකයා. එයා ඈත අතිතේ මහාභාරතයේ ඒ කිවුවේ ඉන්දියාවේ හිටපු යුධ වීරයෙක්. ඒයා යුධ වීරයෙක් වෙන්නේ එයාට සිදුවෙන අසාධාරණකම් එක්ක. මෙයා පොඩි කලේ ඉදන් ඉතා හොදින් දක්ෂකම් පෑව තරුණයෙක්, නිකම්ම තරුණයෙක් නෙමී කුමාරයෙක්, නමුත් හස්තිනපුර් කියන රාජ්‍යෙය් පාලකයා වෙලා හිටියේ මේ අර්ජුන්ගේ පියා. ඒත් මොහු තමාගේ සහෝදරයට රජකම භාර දීලා මොහු වන ගත වෙලා තමන්ගේ දරුවනුත් එක්ක සතුටින් ජීවිතේ ගතකරන්න තීරණය කරනවා. නමුත් ටික කාලෙකින් මොහු මරණයට පත්වෙනවා ඒක නිසා මෙයාගේ බිරිදටයි ලමයින්ටයි ජීවත් වෙන්න විදිහක් නැති නිසා ආයේ එනවා මෙයාලගේ රාජධානියට. ඒ ඇවිල්ලා මෙයාලා හොදින් ඉන්නවා ලමයින් හොදින් ඉගෙන ගන්නවා. ඒත් දැනට ඒ රාජ්‍යය පාලනය කරන රජුගේ පුතා මෙයාලට කැමති නැහැ. එයා හිතන්නේ මෙයාලා මේ ඇවිල්ලා ඉන්නේ රජ කම ගන්න කියලා. ඒ හින්දා ඒ පුතා මෙයාලව මරන්න සැලැස්මක් හදලා ඒක ක්‍රියාත්මක කරනවා. නමුත් මොවුන් මැරෙන්නේ නැහැ. එහි පලිය ගැනීම සදහායි අර්ජුන් යුද්ධ කරන්න එන්නේ. ලස්සන කතාවක්. හොදයි හැමෝම බලන්න. වැඩිය කියන්න ගියොත් මේක බලන එකෙන් තේරුමක් නෑනේ නේද. ඒ නිසා බලලම තීරනේ කරන්න කතාව කොහොමද කියලා. :D

තව දෙයක් කියන්න ඕනා.  පොඩ්ඩක් හිතන්න. අපි මේ උපසිරැසි දාන්න කොච්චර මහන්සි වෙනවද. අපි එහෙම මහන්සි වෙන එක ටිකක් හරි අගය කරනවා නම් එහෙම කමෙන්ට් එකක් නොදා යන්න එපා. අපිටත් මෙහෙම නොකර ෆිල්ම් එක බලලා නිකන් ඉන්න පුලුවන්, ඒත් තව කෙනෙක්ගේ රසවින්දනයක් සදහා මෙහෙම උපසිරැසි දාලා දෙන්නේ හිත සතුටින්. ඒ සතුට වැඩි වෙන්නේ ඔයාලා දාන කමෙන්ට් එකෙන්. මහ අමාරු හෑලි ලියන්න නෙමී කියන්නේ. ELA MAchan කියලා ලියුවත් ඇති. අපි බලාපොරොත්තු වෙන්නේ ඒක. අපිට කවුරුවත් සල්ලි දෙන්නේ නැහැ මේහෙම උපසිරැසි දැම්මයි කියලා. අපිට ලැබෙන එකම දේ හිත සතුටු වෙන එක විතරයි. මං මෙහෙම කියන්නේ මං වගේ උපසිරැසි දාන හැමෝම වෙනුවෙන්. මේ කියන දේවල් සමහරුන්ට නම් දිරවන එකක් නැහැ :D ඒත් කමක් නැහැ මේක කියන්නම ඕනා නිසයි කියුවේ.

තරහ වෙන්ඩ එපා හොදේ.. අහිංසක හිත්නේ... :D

තව උපසිරැසියකින් සෙට් වෙමු හැමෝටම බුදු සරණයි !!

ආහ් තව එකක් මේ ෆිල්ම් එකට සබ් දාන්න කියලා කිවුවේ අපේ විකියා කොල්ලා. වැඩක් නැහැ කියලා ඌගෙන් තිබ්බ වදයක් නම්. මේක ඉවර කරනකම් මූ ඉන්න දුන්නෙම නැහැනේ.. හිහි..  විකියා සහෝටත් ස්තුතී හොදේ හැමවෙලේම මැසේජ් කර කර හොයලා බැලුවට ඉන්නවද මැරිලද කියලා.. :D එහෙනම් අපි ගියා..... විසිල් එකයි බල්ටි දෙකයි කියලා...................................


උපසිරැසි ගැන්වීම ධනුෂ්ක ලක්මාල් | ධනා විසිනි
උපුටා ගන්නවා නම් අනිවා දැනුම් දීමක් කරන්න ඕනා හොදේ....


සිංහල උපසිරැසි මෙතනින් බාගන්න

Thursday, May 17, 2012

Planet Of The Apes (2001) සිංහල උපසිරැසි සමග


මේ මගේ දෙවනි උපසිරැසි ගැන්වීම මේක තමයි අර සයිට් එක පල කරන්න බැහැ කිවුව සබ් එක. හිහි.
අවුලක් නැහැ. බලපු නැති කට්ටිය ඉන්නවා නම් බාගෙන බලන්න.

X- MEN First Class සිංහල උපසිරැසි සමග

මේක තමියි මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම. ඇත්තෙන්ම කියනවා නම් මේක ගොඩක් කට්ටිය බලලා ඇති. මේක තවත් ප්‍රධාන පෙලේ උපසිරැසි දෙන සයිට් එකක පලවුනා. ඒකට දුන්නෙත් ඉතිං මං තමයි. හික්ස්. :D

එහෙනම් මොන මගුලකටද අයේ දාන්නේ නේද. එහෙමත් හිතනවා ඇති කස්ටිය. මේකයි කතන්දරේ. මගේ තවත් බ්ලොග් එකක් තිබ්බා ඉතිං මං ඒකටත් මං උපසිරැසි දාපු ගමන් මගේ ඒ සයිට් එකටත් මං දානවා සබ් ෆයිල් ඒක. ඒකේ ඉතිං වරදක් නෑනේ. ඒ දාලා තමයි මං කිවුව අනිත්  ප්‍රධාන පෙලේ සයිට් එකට යවන්නේ. ඉතිං මං ඒ විදිහට තමයි මේකත් ඒ සයිට් එකට යැවුවේ. අදටත් ඒක ඒ සයිට් එකේ ජනප්‍රිය ලිපි 5 ඇතුලත තියෙනවා. මං ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. :D

ඒ සතුටෙන්ම මං තවත් එකකට සබ් දැම්මා දාලා මං අර සයිට් එකටත් යැවුවා. මෙන්න ටික දවසකින් මට මේල් එකක් එනවා. ඔබගේ උපසිරැසි ගොනුව තවත් අඩවියක පලවී ඇති බැවින් අප එය පබිලිෂ් කොරන් නැහැ කියලා.. :'( අහෝ දුකකි. එදා නම් මට ඇත්තටම ගොඩක් දුක හිතුනා. ඒ වෙනත් අඩවිය කිවුවේ මගේම බ්ලොග් කෑල්ලටනේ.. හ්ම්ම්.. කමක් නැහැ මං ඒ අයත් එක්ක කිසිම අමනාපයක් නැහැ. :D