Showing posts with label නාට්‍ය. Show all posts
Showing posts with label නාට්‍ය. Show all posts

Thursday, October 18, 2012

The Stolen 2012 සිංහල උපසිරැසි සමග



ඔන්න අදත් මං මේ අවුරුද්දේ නිකුත් වුන පට්ටම බයිස්කෝප් එකක් අරන් ආවා. ගොඩක් අය මේ ගැන දන්නවා ඇති. මොකද බොහොමයක් දෙනා කැමති නළුවෙක් තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නේ. ඒ තමයි Nicolas Cage. මොහුගේ චිත්‍රපට ගැන ඉතිං ආයේ කතා කරන්න දෙයක් නෑනේ. මේක වර්ග කරලා තියෙන්නේ සටන් සහ ත්‍රාසය කියන වර්ගීකරණයටයි. මේ චිත්‍රපටයේ කතාව ලියලා තියෙන්නේ ගොඩක් දෙනා බලලා ඇති මේ අවුරුද්දේ නිකුත් වුන Safe House කියන චිත්‍රපට. ඒ චිත්‍රපටයේ කතාව ලියපු කෙනාමයි. එයාගේ නම තමයි David Guggenheim. හරි ඔය ඇති ඒවා ගැන කිවුවා. දැන් අපි චිත්‍රපටිය දිහාට හැරෙමු.

මේ චිත්‍රපටය පටන් ගන්නෙම පොඩි රොබරි කේස් එකකින්. මේකේ මොලකාරයා තමයි අපේ නළු නිකලස් කේජ්. මේ චිත්‍රපටයේ ඔහුගේ නම විල්. මොහු මේ රොබරිය දීලා අන්තිමට පැනලා එද්දි එක් වයසක පුද්ගලයෙක් මොවුන්ව දකිනවා. මොවුන් කිවුවේ විල් වයි ඔහුගේ සහයකයා වන වින්ස්ටන් වයි. ඉතිං වින්ස්ටන් හදන්නේ මේ දැකපු වයසක මිනිහව මරලා දාන්න. ඒත් ඒකට විල් කැමති නැහැ. ඉතිං විල්, වින්ස්ටන්ගෙන් තුවක්කුව උදුර ගන්න ගියාම වින්ස්ටන්ගේ කකුලට වෙඩි පහරක් වදිනවා. ඉතින් විල් මිනිහවත් උස්සගෙන එයාලගේ වාහනේට මිනිහව ගිහින් දානව. ඒත් සල්ලි බෑග් එක මග දාලා තමයි ඇවිත් තියෙන්නේ ඉතිං විල් යනවා ඒක අරගන්න.

ඔය අතරේ පොලිසියෙන් මේක අල්ලන්න මේ කට්ටියව වට කරනවා. ඉතිං විල්ව දාලා අනිත් කට්ටිය වහනේන් පැන ගන්නවා. ඉතිං විල් සල්ලි බෑග් එකත් අරගෙන පනින්න උත්සහ කරන්නේ. ඒත් වැඩේ හරි යන්නේ නැහැ. ඉතිං මේ රොබරිය නිසා පොලිසියෙන් විල්ව අල්ලගෙන හිරේ දානවා. අවුරුදු 8ක් හිරේ ඉදලා එලියට ඇවිත් යනවා තමන්ගේ දුවව බලන්න. ඒත් දුව තාත්තා එක්ක තරහයි. අවුරුදු 8කට කලින් ඒ දීපු රොබරියේ අන්තිමට සල්ලි තිබුනේ විල් ලඟ නිසා මෙකේ අනික් සගයො ටික හිතන්නේ විල් සල්ලි ටික හංගලා තමයි පොලිසියට අහු වුනේ කියලා. මොකද පොලීසියට හොයාගන්න බැරි වෙනවා සල්ලි බෑග් එක. ඉතිං අර මුලින් කකුලට වෙඩි තියපු එකා විල්ගේ දුවව උස්සනවා සල්ලි ටික ගන්න.
සල්ලි ටික විල් ලඟ තියෙනවද ? ඇත්තටම සල්ලි වලට මොකද වුනේ ? විල්ට දුවව පනපිටින් බේරගන්න හැකිවෙයිද ? ඒවා ගැන දැනගන්න මේ චිත්‍රපටය අරගෙනම බලන්න වෙනවා. එහෙනම් තවත් අලුත් චිත්‍රපටයක උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා. ඔබ සැමට තෙරුවන් සරණයි !!
හැමදාම මෙන් කුහක නොවී කරනා මෙහෙය ගැන සිතා පොඩි හරි අදහසක් පහලින් දමාගෙන යන්න.

අහිංසක හිත්නේ. 





මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ්ක ලක්මාල් | ධනා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Joker 2012 Hindi සිංහල උපසිරැසි සමග



ඔන්න එහෙනම් තවත් අලුත්ම බයිස්කෝප් එකක් සිංහල උපසිරැසිත් එක්ක අරන් ආවා. Ek Tha Tiger එකෙන් පස්සේ ගේන හිංදි බයිස්කෝප් එකක උපසිරැසියක් තමයි මේක. මං මේක උපසිරැසි ගන්වන්න ගොඩක්ම කැමති වුනේ. මං ආසම නලුවෙක් තමයි මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්නේ. ඒ අපි කවුරුත් දන්න Akshay Kumar, ඔහුට අමතරව මෙම චිත්‍රපටයේ ප්‍රධාන නිලියගේ චරිතයට පණ පොවනවා Sonakshi Sinha එයාවනම් ගොඩක් අය දන්නවා ඇති. ලගදි ආව Rowdy Rathor චිත්‍රපටයෙයේ අක්ෂේත් සමග ප්‍රධාන නිලියගේ චරිතය රගපෑවේ මෙයා තමයි. ඒ බයිස්කෝප් එකත් මීට කලින් අපේ දිනේෂ් සහෝ සිංහල උපසිරැසිත් එක්කම ඔයාලට ගෙනත් දුන්නනේ. ඒ කතා ඇති. දැන් මේ කතාවට බහිමු.

මේකේ කතාව ආරම්භ වෙන්නේ මෙහෙමයි සුන්දන් ඉන්දියාව යටත් කරගෙන හිටපු කාලේ ඔවුන් මුලු ඉන්දියාවම සිතියම් ගත කලා කියනවනේ. ඒත් ඔය සිතියම් ගත කරද්දි එක ගමක් මග ඇරිලා තියෙනවා. ඔතනින් තමයි පටන් ගන්නේ. දැන් මේකේ අක්ෂේ රගපාන්නේ ආදිත්යා කියන චරිතය. මොහු මෙකේ පරීක්ෂනයක් කරමින් ඉන්නවා පිටසක්වල ජීවින් සමග සන්නිවේදන ක්‍රමයක්‌ ගොඩනගා ගන්න විදිහක් ගැන. ඒ අතරේ මොහුට දුරකතන ඇමතුමක් එනවා ඔහුගේ සහෝදරයෙක්ගෙන් එයාගේ තාත්තට අසනීපයි වැඩි දවසක් ජීවත් වෙන්නේ නැහැ ඉතිං ඉන්දියාවට එන්න කියලා. ඉතිං මොකද කරන්නේ අක්ෂේයි අක්ෂේ යාලු වෙලා ඉන්න කෙල්ල ඒ කිවුවේ නිලිය එයාගේ නම දීවා, ඉතිං දෙන්නා එක්ක එනවා ඉන්දියාවට තාත්තව බලන්න. අක්ශේගේ ගමේ නම තමයි පග්ලාපූර්. ඔතනින් තමයි කතාවේ හාස්‍ය පැත්ත ආරම්භ වෙන්නේ.
ඇත්තටම අක්ෂේගේ තාත්තට අසනීපයක් නැහැ. අක්ෂේව ගෙන්න ගන්න ඕනා නිසයි මෙයාලා බොරුවට රගපාලා තියෙන්නේ. ඒත් ඇත්තම ප්‍රශ්නේ තයි මේ පග්ලාපූර් වලට ලොකු වතුර ප්‍රශ්නයක් ඇවිල්ලා. ඒ මොකද වැව වට කරලා වේල්ලක් බැදලා. ඉතිං අක්ෂේගේ උදවු ගන්න තමයි තාත්තලා ඒ බොරුව කරන්නේ. ඉතිං මේකට උදවු කරන්න අක්ෂේ යනවා ඒ පලාත භාරව ඉන්න පුද්ගලයින්ව හමුවේන්න. නමුත් ඒ හැමෝම කියන්නේ එකම කතාවයි. පග්ලාපූර් කියන ගම එයාලගේ බල සීමාවට අයිති නැහැ කියලා. ඇයි එහෙම කියන්නේ, මොකද අර මං මුලින් කිවුවේ සිතියමේ සටහන් වෙලා නැති ගමක් ගැන. ඉතිං ඒ ගම තමයි පග්ලාපූර් කියන්නේ. ඉතිං අද කියෙවුවා ගොඩක් වැඩි කට්ටියම අරගෙන බලන්න. ලස්සන කතාවක් තමයි මේ චිත්‍රපටය පුරාම දිවෙන්නේ. අක්ෂේට හැකි වෙයිද තමන්ගේ ගම ඉන්දියාවේ සිතියමට ඇතුලත් කරගන්න ? ඒවා දැනගන්න මේක බලන්නම වෙනවා.

නිකන් බලලා විතරක් යන්න එපා. වැඩේ ගැන හැමදාම කියනවා වගේ පොඩි අදහසක් දක්වලා යන්න. හැමෝටම බුදු සරණයි !!

අහිංසක හිත්නේ.


මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ්ක ලක්මාල් | ධනා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Bol Bachchan 2012 Hindi සිංහල උපසිරැසි සමග



හැමදාම  බයිස්කොප් ගත්තා විතරයි. මටත් හිතුනා කෙනෙක් එක්ක එකතු වෙලා මේ අඩවියට සිහල උපසිරැසියක් එක්කම බයිස්කෝප් එකක් අරන් එන්න. ඉතිං මං මගේ පළවෙනි වැඩේටම තෝරගත්තේ හිංදි චිත්‍රපටියක්. මේක මේ අවුරුද්දේ ආව කොමඩි ගණයට අයත් වෙන චිත්‍රපටියක්. මට මේක කරන්න කියලා කිවුවේ ධනුෂ්ක. මේක හොද පිටපතක් නිකුත් වුනෙත් මේ ලඟකදි. ඉතිං මායි ධනුෂ්කයි එකතු වෙලා මේකට සිංහල උපසිරැසි නිර්මාණය කලා. මගේ පළවෙනි උපසිරැසි නිර්මානය නිසා ගොඩක් අඩුපාඩු එහෙම ඇති. ඒකට කට්ටිය සමාව දෙන්න ඕනා මට.

අපි දැන් කතාව ගැන පොඩ්ඩක් බලමු. මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ ප්‍රසිද්ධ අධ්‍යක්ෂකවරයෙක් වන රෝහිත් ෂේට්ටි විසින් සහ මේ කතාවේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ අපි කවුරුත් දන්න අභිෂේක් භච්චන් නම් සුපිරි රංගන ශිල්පියා. මේ චිත්‍රපටයට අනුව මොහුගේ නම අබ්බාස් අලී, තව මෙයාට ඉන්නවා නංගි කෙනෙක්, ඒ චරිතයට පණ දෙන්නේ කවුරුත් දන්න දමිල නිලි අසින් විසින්, ඇයගේ නම තමයි සානියා අලී. කතාව පටන් ගනිද්දිම මොවුන්ගේ දිල්ලි වල තියෙන සියලුම දේපල තමන්ගේ පියාගේ අභාවයෙන් පසුව ඔහුගේ සහෝදරයා විසින් උරුම කරගන්නවා. ඒ නිසා මේ දෙදෙනාට ඉන්න තැනක් නැති වෙනවා. මේ අතරේ ඉන්නවා ඔවුන්ගේ පියාගේ කල්‍යාණ මිත්‍රයෙක්, ඔහු මේ දෙන්නට කියනවා ඔහුත් එක්ක ඔහුගේ ගම වන රාණක්පූර් වලට යන්න එන්න කියලා. මොවුන්ට ඉන්න තැනකුත් නැති නිසා මේ දෙන්නා ඒ සීයා එක්ක එයාගේ ගමට යනවා. මේ ගමේ ඉන්නවා ලොකු ඨාකුර් කෙනෙක් එයා තමයි අජේ දෙව්ගන්. මෙයාගේ නම තමයි ප්‍රත්විරාජ් රගුවන්සි. මෙයා ආසම නැති දෙයක් තමයි බොරු කියන එක. මේ ගමේ තියෙනවා කොවිලක්. ඒ කොවිල තියෙන්නේ හරියටම ගම් දෙකක් අතර මැද, මේ අනිත් ගම පාලනය කරන්නේ ප්‍රක්වි ගේ සහෝදරයෙක්. මේ දෙන්නා නයි වෛරෙකින් තමයි ඉන්නේ. ඒ නිසා මේ කෝවිල වහලා දාලා තියෙන්නේ. දවසක් මේ කෝවිලේ තාප්පේ උඩ සෙල්ලම් කරමින් ඉන්නවා ලමයෙන්, ඒ ලමයගේ කකුල ලිස්සලා ගිහින් කොවිල ඇතුලේ තියෙන පොකුණට වැටෙනවා. ඉතිං මේ ලමයව බේර ගන්න ඕනා නිසා අබ්බාස් අලී ඒ කිවුවේ අභිශේක් මේ කෝවිලේ දොරට දාලා තිබුන අගුල කඩලා මේ ලමයව බේරගන්නවා. ඔන්න ඔතන ඉදන් තමයි කතාවේ හොදම හරිය පටන් ගන්නේ. මේ ගමේ මිනිස්සු මොනවා කියයිද මුස්ලිම් කෙනෙක් තමන්ගේ කෝවිලේ තිබුන අගුල කඩපු එකට ? අබ්බාස් ට මොන වගේ දෙයකට මුහුන දෙන්න වෙයිද ? ඒ වා දැනගන්න මේ චිත්‍රපටිය බාගෙන බලන්නම වෙනවා.

හැමෝටම මේ චිත්‍රපටිය බාගෙන බලන්න කියලා ආරාධනා කරන ගමන්, මේ මගේ පළවෙනි උපසිරැසි නිර්මාණයට ඔයාලගේ ප්‍රතිචාරයත් දමා යන්න කියලා ඉල්ලිමක් කරනවා.
තව දෙයක් මට මේ චිත්‍රපටියට සහය දීපු ධනුෂ්ක ලක්මාල් කියන්නේ මගේ BF.  ඉතිං මං එයාටත් ස්තුති වන්ත වෙනවා මට මේ චිත්‍රපටියට උපසිරැසි දාන්න මට උදවු කරපු එකට. එයාගේ වචනෙකින්ම මං ලිපියත් අවසාන කරන්නම්.

අහිංසක හිත්නේ.


මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මලින්කා ඩිල්ෂානි” සොයුරියට සහ “ධනුෂ්ක ලක්මාල් | ධනා“ සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Cocktail 2012 Hindi සිංහල උපසිරැසි සමග



ඔන්න ඉතින් බයිස්කෝප් වෙතින් පහුගිය කාලේ එක දිගටම ගින්දර වගේ ඉංග්‍රීසි ෆිල්ම් දුන්න නිසා වෙනසකටත් එක්ක අළුත්ම අළුත් සුපිරිම හින්දි ෆිල්ම් එකකටත් සිංහල සබ් එක්ක ගෙනාවා. ඒ මොකද ඔයාලා බයිස්කෝප් වෙතින් එන සිංහල සබ් ෆයිල් එක එනකන් බලාගෙන ඉන්නවා කියලා. ඉතින් ඔයාලගේ ඒ බලාපොරොත්තුව සුන් කරන්නේ නැතුව අපිත් දහසක් වැඩ රාජකාරි මැද්දේ ඔබේ වින්දනය උදෙසා හැකි තරම ඉක්මනින් ෆිල්ම් එකේ සිංහල උපසිරැසිය ගෙනාවා……… 

මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ හෝමි අධාජනියා විසින්. මේකේ ඉන්න කට්ටිය ගැන ආයේ අමුතුවෙන් කියන්න ඕනි නෑනේ, ඔයාලට මේ පින්තුරේ දැක්ක ගමන්ම දන්නවානේ කට්ටිය කවුද කියලා. මම එයාලගේ ෆිල්ම් එකේ චරිත වල නම් ටික විතරක් කියන්නම්. සයිෆ් අලි කාන් ගෞතම් කපුර් ලෙසත්, දීපිකා පාදුකොන් වෙරෝනිකා මලන්රි ලෙසත්, ඩයනා පෙන්ටි මීරා ශනි ලෙසත් ප්‍රධාන චරිත වලට පන පොවනවා. තව මෙහි බෝමන් ඉරානී, රන්දීප් හුඩා වගේ ප්‍රසිද්ධ තරුත් චරිත නිරුපනය කරනවා.

මෙහි කථාව වෙන්නේ මෘදුකාංග ඉංජිනේරුවෙක් වෙන ගෞතම් කපුර් ටිකක් සෙල්ලක්කාර කෙනෙක්. ඔහු ඉන්දියාවේ සිට ලන්ඩන් බලා එන්නේ තමන්ගේ අළුත් රැකියාව ආරම්භ කිරීමට. මේ අතර මීරා ශනි ඇයගේ විවාහක ස්වාමි පුරුෂයා සොයාගෙන ලන්ඩන් වලට පැමිණෙනවා. නමුත් ඇය ඒ වන විටත් බොරුවකට අසුවෙලා කියලා දැන ගන්න කොට ඇයගේ සල්ලි ඔහු සොරාගෙන අවසානයි. නමුත් මේ වෙලාවේ ඇයට වෙරෝනිකා මලන්රි පිහිටට පැමිණෙනවා. වෙරෝනිකාත් හරිම මුරණ්ඩු හිතුවක්කාර චරිතයක්, අවසානයේ ගෞතම් පැමිණ නවාතැන් ගන්නෙත් වෙරෝනිකා ගේ නිවසේයි. දැන් ක්‍රමක් ක්‍රමයෙන් ගෞතම් හා මීරා අතර ප්‍රේමයක් දළු ලා වැඩෙනවා. නමුත් මීරා එයට කැමති නැහැ, මොකද ඇය විවාහක නිසා. නමුත් ගෞතම්ට වෙරෝනිකාත් ප්‍රේම කරනවා ඔහු හා විවාහ වීමේ බලාපොරොත්තුවෙන්. මේ අතරට නැවතත් මීරා ගේ ස්වමි පුරුෂයා පැමිණෙනවා .ගෞතම් කවුරු එක්ක විවාහ වෙයිද ? තිදෙනාගේ මිතු දමට කුමක් සිදු වෙයිද ? මේවට උත්තරය ලබාගන්න නම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා…

~විශේෂ ස්තූතිය චරිත පොල්ගස්දෙණිය සහෝට~


 සිංහල උපසිරැසි ගැන්වීම  “ධනුෂ්ක ලක්මාල් | ධනා ” සහ “දිනේෂ් ගමගේ දෙල්ලව”  විසිනි. එම සොහොයුරන් දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Dark Shadow 2012 සිංහල උපසිරැසි සමග


ඔන්න අද අලුත් තවත් බයිස්කෝප් එකක් අපේ බයිස්කෝප් රසිකයන්ට ගෙනාවා. මේක ගැන නම් හුඟ දෙනෙක් දන්නවා ඇති. ඒ මොකද කවුරුත් වගේ දන්නා සුපිරි නළුවෙක්නේ රඟපාන්නේ. ඒ වෙන කවුරුත් නෙමේ Johnny Depp.. දන්නවානේ ඉතින් මෙයාගේ රඟපෑම… මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ සුපිරි කෙනෙක්. එනම් Tim Burton විසින්.. මොහු තමා Corpse Bride (2005), Batman Returns (1992), Edward Scissorhands (1990) වගේ සුපිරි ෆිල්ම් අධ්‍යක්ෂණය කලේ.. ඒ වගේම චිත්‍රපටයේ අනෙක් ප්‍රධාන චරිත Michelle Pfeiffer සහ Helena Bonham Carter විසින් රඟ දක්වනවා..
කතාවෙන් කතාව ෆිල්ම් එක ගැන කියන්න බැරි උනානේ. වැඩිය නොකිය කෙටියෙන්ම කියන්නම්.. මොකද කතාවේ සේරම කිවුවෙත් මේ කතාවේ රසේ නැතිවෙලා යන නිසා.

මයාකාරියක් සමග ආදර සම්බන්දයක් පටන් ගන්න තරුණ කොලුවෙක්.. ඒ නිසා සිදුවන ඝාතනයක්. මේ සියල්ල අස්සේ නොනැවතී පළිගන්නා මායාකාරිය වැම්පයර් බවට පත්කරන කොලුවා සිරගත කර තබයි.. පසු කලක මෙතැනින් ගැලවී මොහු මේ තත්වයට පත් කල මායාකාරිය සොයා තමන් මේ තත්වයට පත් කිරීමේ පළිගැනීම අරඹයි…. මෙතැන් පටන් කතාව නරඹන එක ඔබට බාරයි…
ජාත්‍යන්තර මූවී දර්ශකයේ Ratings: 6.5 ක් ලබා ගත් ඔබ සිනමා ලෝලියකු ලෙස අනිවාර්යයෙන් නැරඹිය යුතු සිනමා සිත්තමක් බව කියන්නට කැමතියි.. එහෙනම් කමෙන්ට් එකක් දාලාම යමුනේ..

අහිංසක හිත්නේ… 


සිංහල උපසිරැසි ගැන්වීම  “ධනුෂ්ක ලක්මාල් | ධනා ” වන අතර, සහය “හර්ශ ද සිල්වා”  විසිනි. එම සොහොයුරන් දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

ලිපිය උපුටා ගැනීම බයිස්කෝප් සිංහලෙන් අඩවියෙනි.


Monday, July 16, 2012

Arjun: The Warrior Prince (2012) | සිංහල උපසිරැසි සමග



මේ පාර දැම්මේ කාටූන් හින්දි බයිස්කෝප් එකකට. මේක මේ අවුරුද්දේ රිලීස් වෙච්ච ෆිල්ම් එකක්. විනාඩි 96ක් පුරා දිවෙන මේ කතාව IMDB පිටුවේ 7.4 ක අගයක් ලබාගන්න හැකි වෙලා තියෙනවා. ඒකත් හොදයිනේ නේද.. J 

එහෙනම් මෙන්න මේකයි කතන්දරේ. අර්ජුන් ඒ කියන්නේ කතා නායකයා. එයා ඈත අතිතේ මහාභාරතයේ ඒ කිවුවේ ඉන්දියාවේ හිටපු යුධ වීරයෙක්. ඒයා යුධ වීරයෙක් වෙන්නේ එයාට සිදුවෙන අසාධාරණකම් එක්ක. මෙයා පොඩි කලේ ඉදන් ඉතා හොදින් දක්ෂකම් පෑව තරුණයෙක්, නිකම්ම තරුණයෙක් නෙමී කුමාරයෙක්, නමුත් හස්තිනපුර් කියන රාජ්‍යෙය් පාලකයා වෙලා හිටියේ මේ අර්ජුන්ගේ පියා. ඒත් මොහු තමාගේ සහෝදරයට රජකම භාර දීලා මොහු වන ගත වෙලා තමන්ගේ දරුවනුත් එක්ක සතුටින් ජීවිතේ ගතකරන්න තීරණය කරනවා. නමුත් ටික කාලෙකින් මොහු මරණයට පත්වෙනවා ඒක නිසා මෙයාගේ බිරිදටයි ලමයින්ටයි ජීවත් වෙන්න විදිහක් නැති නිසා ආයේ එනවා මෙයාලගේ රාජධානියට. ඒ ඇවිල්ලා මෙයාලා හොදින් ඉන්නවා ලමයින් හොදින් ඉගෙන ගන්නවා. ඒත් දැනට ඒ රාජ්‍යය පාලනය කරන රජුගේ පුතා මෙයාලට කැමති නැහැ. එයා හිතන්නේ මෙයාලා මේ ඇවිල්ලා ඉන්නේ රජ කම ගන්න කියලා. ඒ හින්දා ඒ පුතා මෙයාලව මරන්න සැලැස්මක් හදලා ඒක ක්‍රියාත්මක කරනවා. නමුත් මොවුන් මැරෙන්නේ නැහැ. එහි පලිය ගැනීම සදහායි අර්ජුන් යුද්ධ කරන්න එන්නේ. ලස්සන කතාවක්. හොදයි හැමෝම බලන්න. වැඩිය කියන්න ගියොත් මේක බලන එකෙන් තේරුමක් නෑනේ නේද. ඒ නිසා බලලම තීරනේ කරන්න කතාව කොහොමද කියලා. :D

තව දෙයක් කියන්න ඕනා.  පොඩ්ඩක් හිතන්න. අපි මේ උපසිරැසි දාන්න කොච්චර මහන්සි වෙනවද. අපි එහෙම මහන්සි වෙන එක ටිකක් හරි අගය කරනවා නම් එහෙම කමෙන්ට් එකක් නොදා යන්න එපා. අපිටත් මෙහෙම නොකර ෆිල්ම් එක බලලා නිකන් ඉන්න පුලුවන්, ඒත් තව කෙනෙක්ගේ රසවින්දනයක් සදහා මෙහෙම උපසිරැසි දාලා දෙන්නේ හිත සතුටින්. ඒ සතුට වැඩි වෙන්නේ ඔයාලා දාන කමෙන්ට් එකෙන්. මහ අමාරු හෑලි ලියන්න නෙමී කියන්නේ. ELA MAchan කියලා ලියුවත් ඇති. අපි බලාපොරොත්තු වෙන්නේ ඒක. අපිට කවුරුවත් සල්ලි දෙන්නේ නැහැ මේහෙම උපසිරැසි දැම්මයි කියලා. අපිට ලැබෙන එකම දේ හිත සතුටු වෙන එක විතරයි. මං මෙහෙම කියන්නේ මං වගේ උපසිරැසි දාන හැමෝම වෙනුවෙන්. මේ කියන දේවල් සමහරුන්ට නම් දිරවන එකක් නැහැ :D ඒත් කමක් නැහැ මේක කියන්නම ඕනා නිසයි කියුවේ.

තරහ වෙන්ඩ එපා හොදේ.. අහිංසක හිත්නේ... :D

තව උපසිරැසියකින් සෙට් වෙමු හැමෝටම බුදු සරණයි !!

ආහ් තව එකක් මේ ෆිල්ම් එකට සබ් දාන්න කියලා කිවුවේ අපේ විකියා කොල්ලා. වැඩක් නැහැ කියලා ඌගෙන් තිබ්බ වදයක් නම්. මේක ඉවර කරනකම් මූ ඉන්න දුන්නෙම නැහැනේ.. හිහි..  විකියා සහෝටත් ස්තුතී හොදේ හැමවෙලේම මැසේජ් කර කර හොයලා බැලුවට ඉන්නවද මැරිලද කියලා.. :D එහෙනම් අපි ගියා..... විසිල් එකයි බල්ටි දෙකයි කියලා...................................


උපසිරැසි ගැන්වීම ධනුෂ්ක ලක්මාල් | ධනා විසිනි
උපුටා ගන්නවා නම් අනිවා දැනුම් දීමක් කරන්න ඕනා හොදේ....


සිංහල උපසිරැසි මෙතනින් බාගන්න

Sunday, June 10, 2012

You Got Served Beat The World 2011 සිංහල උපසිරැසි සමග


ඔන්න අද ගෙනාවේ අපේ නටන කොල්ලොන්ට හරියන එකක්. ඔයගොල්ලෝ හැමෝම බලලා ඇතිනේ Step Up බයිස්කෝප් සෙට් එක. මේකත් ඒ වගේ එකක් තමයි. මෙකත් කොටස් දෙකක් තියෙන ෆිල්ම් එකක්. මං මේ සබ් දැම්මේ දෙවෙනි කොටසට. මේක ගිය අවුරුද්දේ ආව පට්ට බයිස්කොප් එකක් තමයි. නටන්න කැමති කට්ටිය ඉන්නවා නම් අරගෙන බලන්න. හොද වැඩ කෑලි ටිකක් පුරුදු වෙන්න පුලුවන්නේ..

Friday, June 1, 2012

X Men 2000 සිංහල උපසිරැසි සමග


ඔන්න යාලුවනේ මං තවත් බයිස්කෝප් එකක් එක්ක ආවා. ගොඩ කාලෙකින් තමයි බයිස්කෝප් එකකට සිංහල උපසිරැසි දැම්මේ. කට්ටියට මාව අමතකත් වෙලා ඇති දැන් නේද :'(  හ්ම්ම් සමාවෙන්න ඕනා. කොහෙද මේ වැඩත් එක්ක එපැයි මේවා කරන්න..  ඉතිං කොහොමින් කොහොම හරි  බයිස්කෝප් එකකට සබ් දැම්මා ඉතිං.

Thursday, May 17, 2012

The Thing 2011 සිංහල උපසිරැසි සමග

ඔන්න එහෙනම් තවත් බයිස්කෝප් එකක් ගෙනාවා. මේකත් පට්ට සිරා බයිස්කෝප් එකක්.

කතාව ගැන කියනවා නම් සිරා. මේකයි සීන් එක. පිටසක්වල කේස් එකක් තමයි යන්නේ. කස්ටියකට හම්බෙනවා දඩ යානයක්. ඒත් එක්කම දඩ සතෙක්වත්. ඌ අයිස් තට්ටුවකින් වැහිලා ඉන්නේ. මේ කස්ටිය. මේ කස්ටිය කියන්නේ. පරීක්ෂකයෝ මේ සතාව අයිස් කුට්ටිය පිටින් කපලා එයාලගේ කෑම්පි එකට අරන් යනවා. මේ කට්ටිය ඉතිං හිතන්නේ මූ මැරි ඉන්නේ කියලා. ඒත් එහෙම නෑනේ මූට පන තියෙනවානේ. මල කෙලියයි මූ අයිස් කුට්ටිය කඩාගෙන පනිනවා එලියට. ඔන්න ජංජාලේ පටන්ගත්තා. මෙතනින් එහාට ඉතිං කියලා වැඩක් නැහැ බාගෙනම  බලන්න.

මේ උපසිරැසියත් එක්තරා අඩවියක පලවුනා ඒ අඩවියට මේක දුන්නෙත් මං තමයි. මේ බ්ලොග් එකේ ඇඩ්මිනුත් මමමයි කතෘත් මමමයි. මට ලිපි ලැබෙන්නේ නැහැ කොහෙන්වත්. ලැබෙනවා නම් නොදා ඉන්නෙත් නැහැ. ආසාවෙන් දානවා. දුන්නේ නැහැ කියලා තරහකුත් නැහැ. මං මට ඉඩ තියෙන වෙලාවල් එක්ක සබ් දාගේ මේකේ පබ්ලිෂ් කරන්නම්. හැමෝම දාන ඒවට දාන්නේ නැහැ. එහෙම වැඩක් නැහැනේ දෙන්නෙක් එක බයිස්කොප් එකක් සදහා කාලය කා දාන එක්. එ නිසා අනිත් අඩවිත් එක්ක බලලා තමයි මං සබ් දාන්නේ.

ඔයාලා ආස කරන බයිස්කොප් තියෙනවා නම් කොමෙන්ටුවකින් හරි දාලා යන්න නැත්තම් මගේ මූණුපොතේ  අකවුන්ට් එකට දාන්න. ඒ කිවුවේ ෆෑන් පේජ් එකට අනේ.

එහෙනම් අපි ගිහින් එන්නම් තව බයිස්කොප් එකකින් සෙට් වෙමු.. ජය වේවා..

Final Destination 5 සිංහල උපසිරැසි සමග


මේක ගැන කියනවා නම් මේකත් එක්තරා අඩවියක පලවුනා. ඒකට දඅන්තේ ඉතිං මමම තමයි. මටත් ආසාවක් ආවනිසයි සංහලෙන් බ්ලොග් එකක් පටන් අරන් මෙහෙම මගේ උපසිරැසි දාන්න හිතුවේ. සමාවෙන්න ඕනා මේක කාට හරි කරදරයක් නම් හොදේ. අහිංසක හිත්නේ.

Planet Of The Apes (2001) සිංහල උපසිරැසි සමග


මේ මගේ දෙවනි උපසිරැසි ගැන්වීම මේක තමයි අර සයිට් එක පල කරන්න බැහැ කිවුව සබ් එක. හිහි.
අවුලක් නැහැ. බලපු නැති කට්ටිය ඉන්නවා නම් බාගෙන බලන්න.

X- MEN First Class සිංහල උපසිරැසි සමග

මේක තමියි මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම. ඇත්තෙන්ම කියනවා නම් මේක ගොඩක් කට්ටිය බලලා ඇති. මේක තවත් ප්‍රධාන පෙලේ උපසිරැසි දෙන සයිට් එකක පලවුනා. ඒකට දුන්නෙත් ඉතිං මං තමයි. හික්ස්. :D

එහෙනම් මොන මගුලකටද අයේ දාන්නේ නේද. එහෙමත් හිතනවා ඇති කස්ටිය. මේකයි කතන්දරේ. මගේ තවත් බ්ලොග් එකක් තිබ්බා ඉතිං මං ඒකටත් මං උපසිරැසි දාපු ගමන් මගේ ඒ සයිට් එකටත් මං දානවා සබ් ෆයිල් ඒක. ඒකේ ඉතිං වරදක් නෑනේ. ඒ දාලා තමයි මං කිවුව අනිත්  ප්‍රධාන පෙලේ සයිට් එකට යවන්නේ. ඉතිං මං ඒ විදිහට තමයි මේකත් ඒ සයිට් එකට යැවුවේ. අදටත් ඒක ඒ සයිට් එකේ ජනප්‍රිය ලිපි 5 ඇතුලත තියෙනවා. මං ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. :D

ඒ සතුටෙන්ම මං තවත් එකකට සබ් දැම්මා දාලා මං අර සයිට් එකටත් යැවුවා. මෙන්න ටික දවසකින් මට මේල් එකක් එනවා. ඔබගේ උපසිරැසි ගොනුව තවත් අඩවියක පලවී ඇති බැවින් අප එය පබිලිෂ් කොරන් නැහැ කියලා.. :'( අහෝ දුකකි. එදා නම් මට ඇත්තටම ගොඩක් දුක හිතුනා. ඒ වෙනත් අඩවිය කිවුවේ මගේම බ්ලොග් කෑල්ලටනේ.. හ්ම්ම්.. කමක් නැහැ මං ඒ අයත් එක්ක කිසිම අමනාපයක් නැහැ. :D