Showing posts with label I. Show all posts
Showing posts with label I. Show all posts
Monday, December 2, 2013
Sweety Manika - Iraj ft Infaz , Janani - MP3 and Lyrics
Posted By:
vdotu
On 9:22 PM
In I, Lyrics, Sinhala, පදවැල්, සිංදු, සිංහල
Saturday, November 17, 2012
Jab Tak Hai Jaan - Ishq Shava - With Sinhala Subtitle
ඔන්න යාලුවනේ මං අදත් තව අලුත් ගීතයකට උපසිරැසි අරගෙන ආවා. මේ ගීතය ලබාදෙන්න සිතුවේ බොහෝ දෙනාගේ ඉල්ලීම නිසයි. මේ ටිකේම ඉංග්‍රිසි සිංදු වල උපසිරැසි අරගෙන ආව නිසා වෙනසකටත් එක්ක මේකට දෙන්න හිතුවා. ඇත්තම කියනවා නම් කවුරුත් දන්නවා ඇතිනේ තාම මේ ගීතය ඇතුලත් වන චිත්‍රපටය සිනමාශාලා වල තිරගත වෙනවා. එහෙයින් මේ ගීතය ඇතුලත් හොද ගුණාත්මක තාවයෙන් යුත් රූප රචනයක් හොයාගන්න බැරිවුනා. නමුත් ඔරිජිනල් රූප රචනයේ බාගයකුත් දැනට නිකුත් කරලා තියෙන කැමරා කොපියක බාගයකුත් එකතු කරලා, ඒකට ඔරිජිනල් ඕඩියෝ එක දාලා තමයි මං මේ විඩියෝ එක හැදුවේ. කට්ටිය ඉල්ලීම් අහක දාන්නත් බෑනේ. ඒකය මේ විදිහට වැඩේ කලේ. ඔරිජිනල් වීඩියෝවක් හමුබවුන ගමන් අනිවා යාවත්කාලින කරනවා. එතකම් කැමති කට්ටිය මේක රස විදින්නකෝ. විඩියෝවේ බාගයක් පමණ කොටසක තමයි ප්‍රශ්නයක් තියෙන්නේ. සංගීතයේ සහ පද රචනයේ කිසිම අඩුවක් නැහැ. සම්පූර්ණ ගීතයම තියෙනවා. ඒ නිසා බය නැතිව බලන්න.
ගීතය ගැන වැඩි යමක් කියන්න ඕනා නැහැනේ. මොකද මීට කලිනුත් මං මේ චිත්‍රපටියේ ගීතයක් ලබාදුන්නනේ. මේ ගීතය ගැන කියනවා නම් කියන්න තියෙන්නේ. මේ ගීතය ගායනා කරන්නේ Raghav Mathur, Shilpa Rao දෙපල විසින් සහ මේ ගීතයේ පද නිර්මාණය කරලා තියෙන්නේ Gulzar විසින්. ඒ වගේම මේ ගීතයට රංගනයෙන් දායක වෙන්නේ Shah Rukh Khan & Katrina Kaif දෙපල. ඔය විදිහේ ටිකක් තමයි කියන්න තියෙන්නේ. එහෙනම් හැමෝටම ගීතය නරඹන්න කියලා ආරාධනා කරන ගමන් මං සමුගන්නවා තවත් අලුත් ගීතයක් සමග හමුවීමේ බලාපොරොත්තුවෙන්.
තව කියන්න තියෙන්නේ මං මේ ගීතය අප්ලෝඩ් කලේ යූ නලයට. ඉතිං අපහසුවකින් තොරව ඔයාලට නරඹන්න පුලුවන් වේවි.
උපසිරැසිය සමග ගීතය යූ නලයෙන්
උපසිරැසිය දර්ෂනය වීමට විඩියෝවේ පහල දකුණු කෙලවරේ ඇති CC බොත්තම ඔබන්න.
යම් ගැටලුවක් වේ නම් අදහසක් මගින් දන්වන්න.
සිංහල උපසිරැසි ගොනුව පහලින් බාගන්න
Tuesday, October 23, 2012
Heeneka Thani Karala - Iraj and Thiwanka Lakmal ft Devashrie - MP3 , Lyrics & Music Video
Updated - Music Video Now Available
දඟකාර දෙකොපුල් අතරේ
තනිවෙන්න සිතුනා ආයේ
හසරැල්ල ඔය සුදු මුහුනේ
මැවෙනවා මගේ සිත අයිනේ
මාව හීනෙක තනිකරලා
ඈත යන්නට ඔබ ගියදා
තුරුලේම උන්නු කාලේ
මතකයත් කවියක් වාගේ රත්තරන් මගේ
ඔබ ගිහින් දුරු කතරක විදි දුක ගැන හිතා
මගේ හිතේ ගිනි කදුලු වීලා
දඟකාර දෙකොපුල් අතරේ
තනිවෙන්න සිතුනා ආයේ
හසරැල්ල ඔය සුදු මුහුනේ
මැවෙනවා මගේ සිත අයිනේ
මාව හීනෙක තනිකරලා
ඈත යන්නට මං ගියදා
අන්දකාරයේ ඔය දෙනෙතම මං හොයලා
ආදරේ පදවැල් කදුලක අමුණලා
පුංචි ඔය ඇස් වලින් මට නොකියු කතා
අහන් ඉන්න ආසයි තව ලං වෙලා
දඟකාර දෙකොපුල් අතරේ
තනිවෙන්න සිතුනා ආයේ
හසරැල්ල ඔය සුදු මුහුනේ
මැවෙනවා මගේ සිත අයිනේ
මාව හීනෙක තනිකරලා
ඈත යන්නට මං ගියදා
ඈත යන්නට මං ගියදා
MP3 එක පහලින් බාගන්න
Tuesday, July 17, 2012
Just 1 Click Iraj & Tony T ft Markia & Infaas & Indira Joshi Lyrics
මගේ ආදරේ සොයා
වැහි බීරමේ පවා
මෘදු හැගුමන් ගාව ගාවා...... //
කො.. කො.. කො.. කොදුරන්නා
සද තරු කලබා මා සිත පිරුණා
නුඹ හින්දා හීනෙන් මා
නුඹ ගැන සිතුවා රුව හද අරන්
මාත් ඉන්නම් ම.. ම.. ම.. මවන්නා
රුව මවන්නා මේ සීමා බිදින්නා
මම සිතන්නම් නුඹ පතන්නම්
හැඩුමන් ඉල්ලා සිටින්නම්...
නෙතු සීරුවේ තියා......
හිත කිවුවත් ඔබ නොවේ කියා
මට ඈත් වෙලා නම් යන්න බැහැ
ඔබ කිවුවත් මගේ නොවේ කියා
මගේ ආදරේ අඩු වෙන්නේ නැහැ
නෙතු සීරුවේ තියා.....
වීඩියෝ එක බලන්න
Subscribe to:
Posts (Atom)









