Showing posts with label M. Show all posts
Showing posts with label M. Show all posts

Wednesday, November 14, 2012

One More Night - Maroon 5 With Sinhala Subtitle


කොහොමද යාලුවනේ, ඔන්න පොරොන්දු වුනා වගේ මං අදත් තව ලස්සන ගීතයකට සිංහල උපසිරසි අරගෙන ආවා. මෙදා පාර අරගෙන ආවෙත් ටිකක් අලුත් ගීතයකට. මං මේක තෝරගන්න හේතු වුනේ. මට පොඩි අදහසක් ආවා. ඇමෙරිකාවේ විකාශය වන ප්‍රසිද්ධම අපි කවුරුත් දන්න ගීත දර්ෂකයක් තියෙනවානේ  Billboard Hot 100 කියලා. ඉතිං මං කල්පනා කලා මේකේ විකාශය වන ගීත වලට උපසිරැසි අරගෙන එන්න. මේ දර්ශකයේ දැනටමත් දෙවන ස්ථානයේ සහ හතරවන ස්ථානයේ රැදිලා තියෙන ගීත සදහා මං උපසිරැසි ලබා දීලා තියෙනවා. ඒ නිසා අද අරන් ආවේ පලමු ස්ථානයේ රැදිලා තියෙන ගීතයට උපසිරැසියි.

අර විදිහට ඉහතින් කිවුවම කවුරුත් දන්නවනේ මේක ගොඩක් ජනප්‍රිය ගීතයක් කියලා. ඉතිං අපි වෙනදා වගේම අදත් බලමු ගීතය ගැන ටිකක් විපරම් කොරලා. මේ ගීතය ගායනා කරන්නේ අමෙරිකානු පොප් සහ රොක් සංගීත කණ්ඩායමක් වන  Maroon 5 කියන කණ්ඩායම. තව මේ ගීතය නිකුත් කරලා තියෙන්නේ මේ අවුරුද්දේ, ඒ කියන්නේ 2010 ජූනි මස 19 වෙනිදා. තව මේ ගීතය ඇතුලත් වෙලා තියෙන්නේ එයාලගේ හතරවන ගීත ඇල්ඹමය වන  Overexposed (2012) කියන ඇල්ඹමයේ. ඒ වගේම මේ ගීතයට රචනයෙන් දායක වෙලා තියෙනවා  Adam Levine, Shellback, Max Martin සහ Savan Kotecha යන සිව් දෙනා. ඔය විදිහේ ටිකක් තමයි ඉතිං කියන්න තියෙන්නේ. එහෙනම් දැන් හැමෝම ගීතය නරඹලා අදහසක් පහලින් කොටාගෙන යන්නකෝ.

තව ඔයාලා කැමති ගීත තියෙනවා නම් අදහසක් මගින් දක්වලා යන්න. පුලු පුලුවන් විදිහට ලබා දෙන්න උත්සහ කරන්නම්. :D එහෙනම් නැවතත් හෙට දිනයේ මෙවන් වෙලාවක තවත් අලුත් ගීතයක් /ගෙන ඒමේ බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා. ඔබ සැමට සුභ රාත්‍රියක්.

සැ.යු : සිංහල උපසිරැසි ගොනුව සහ යූ නලයේ ඇති ඔරිජිනල් ගීතය බා ගැනීමෙන් පසු, උපසිරැසිය එයට යොදා ධාවනය කිරීමෙන්, වීඩියෝවේ සහ උපසිරැසියේ උපරිම ගුණාත්මක තාවය අත්විදිය හැකිය.

Billboard Hot 100 ගීත දර්ෂකයේ පලමු ස්ථානයේ සිට දහ වන ස්ථානය දක්වා ඇති ගීත


01. One More Night - Maroon 5
02. Gangnam Style - PSY (උපසිරැසි ලබා දී ඇත.)
03. Some Nights - fun.
04. Diamonds - Rihanna (උපසිරැසි ලබා දී ඇත.)
05. We Are Never Ever Getting Ba... - Taylor Swift
06. Die Young - Ke$ha
07. Locked Out Of Heaven - Bruno Mars
08. As Long As You Love Me - Justin Bieber Featuring Big Sean
09. Too Close - Alex Clare
10. Let Me Love You (Until You L... - Ne-Yo

සිංහල උපසිරැසිය ඇතුලත් කර ඇති වීඩියෝව


මුරපදය සදහා dtlakmal.com ලෙස දෙන්න

යූ නලයේ ඇති ඔරිජිනල් වීඩියෝව

සිංහල උපසිරැසි ගොනුව පහලින්
සිංහල

Thursday, November 8, 2012

Pitbull - Rain Over Me ft Marc Anthony - With Sinhala Subtitle


ඔන්න යාලුවනේ පොරොන්දු වුන විදිහට මං අදත් තව ලස්සන ගීතයකට සිංහල උපසිරැසි අරගෙන ආවා. අද මං ගෙනාවේ ගොඩක්ම පරණ නැති ඉතාමත් ජනප්‍රිය ගීතයක්. ගීතය ගැන සදහනක් කලොත්.

මේ ගීතය මුලින්ම නිකුත් කරලා තියෙන්නේ 2011 වර්ෂයේ ජූනි 10වන දින. මේ ගීතයගායනා කරන්නේ ඇමෙරිකානු රැප් ගායක  Pitbull විසින් සහ Marc Anthony යන ගායකයින් දෙපල විසින්. තව මේ ගීතය ඇතුලත් වෙන්නේ Pitbull ගේ හය වෙනි ඇල්බම් එක Planet Pit යන්නෙහි. තව මේ ගීතයට හැකිවෙලා තියෙනවා ඇමෙරිකාවේ  Billboard Hot 100 ගීත අතුරින් තිස් වන තැන දිනාගන්න. ඔය වගේ දේවල් ටිකක් තමයි ගීතය ගැන කියන්නේ. වැඩිය කතා නැතුව අපි ගීතය රස විදිමු.

අදත් කියනවා මේ ගීතය යූ නලයෙන් ඔබට බා ගැනීමට පුලුවන් උපරිම ගුණාත්මක තාවයෙන්. එහෙම වීඩියෝ එක බාගෙන උපසිරැසි ගොනුවත් බාගෙන බලනවා නම් හොද ගුණාත්මක තත්වයකින් යුක්තව ගීතය සහ උපසිරැසිය ඔබට රසවිදින්න පුලුවන් වේවි. එහෙනම් හෙටත් මෙන් තව අලුත් ගීතයක් සමගින් හමුවෙන බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා. සැමට තෙරුවන් සරණයි. !!

අහිංසක හිත්නේ. වැඩේ ගැන පහලින් අදහසක් දාගෙනම යන්ඩ හොදේ.. :)

සිංහල උපසිරැසිය අන්තර්ගත කල වීඩියෝ එක මෙතනින්
මුරපදයක් ඉල්ලුවහොත් dtlakmal ලෙස ලබාදෙන්න හොදේ.

යූ නලයේ ඇති ඔරිජිනල් විඩියෝ එක මෙතනින්.
සිංහල උපසිරැසි ගොනුව පහලින් බාගන්න
සිංහල

Monday, November 5, 2012

Oba Mata Ahimi Wela - Manjula Pushpakumara - MP3 & Lyrics


හිමි වුනු ඔබ මට අහිමි වෙලා
කොහොමද වාවාගන්නේ මා ආදරේ
පෑ ආදරේ
නිදි නැති රැය ඔබ ගැනම සිතා
මතකය පාරා කදුලු සලා ජීවිතේ
මේ ජීවිතේ
සිතුවේ නෑ පැහැසර සිනා
කුරිරු වී හැර යයි කියා

සිහින නෙලා පැලදුව දා
මල් මාල හිත් මානයේ
සිහි වෙනවා උමතු සිනා
නිල් පාට නෙත් මායිමේ
සිහින නෙලා පැලදුව දා
මල් මාල හිත් මානයේ
සිහි වෙනවා උමතු සිනා
නිල් පාට නෙත් මායිමේ
ලංවුනේ වෙන්නනම් පෙම් කලේ තුරුලේ ඉදන්
ඇයි ඔයා මට මේ තරම්

පෙම බිද දා හැර ගිය දා
දුක දැනුනේ නැතිදෝ මගේ
කදුලු හොරා වැටෙන තුරා
පිටු පැවේ ඇයි ජීවිතේ
පෙම බිද දා හැර ගිය දා
දුක දැනුනේ නැතිදෝ මගේ
කදුලු හොරා වැටෙන තුරා
පිටු පැවේ ඇයි ජීවිතේ
ලංවුනේ වෙන්නනම් පෙම් කලේ තුරුලේ ඉදන්
ඇයි ඔයා මට මේ තරම්

හිමි වුනු ඔබ මට අහිමි වෙලා
කොහොමද වාවාගන්නේ මා ආදරේ
පෑ ආදරේ
නිදි නැති රැය ඔබ ගැනම සිතා
මතකය පාරා කදුලු සලා ජීවිතේ
මේ ජීවිතේ
සිතුවේ නෑ පැහැසර සිනා
කුරිරු වී හැර යයි කියා


MP3 එක පහලින් බාගන්න

Tuesday, October 23, 2012

Mariah Carey - We Belong Together With Sinhala SUbtitle


Updated : Now you can watch this song online with Sinhala Subtitle

ඔන්න යාලුවනේ. තවත් අලුත් වැඩකට අත ගැහුවා මං. මට මේක හිතුනේ. අපි ගොඩක් සිංදු අහනවා විවිධ භාෂාවන් වල. අපි ගොඩක් වෙලාවට රසවිදින්නේ එහි තාලය නැතිනම් සංගීතය වගේ දේවල්. සිංදුවෙන් කියන්නේ මොකක්ද කියන එක ගැන හිතන්නේ නැහැ. (මං ඒ කිව්වේ මං ගැන, සමහර විට ඔයාලා එහෙම නැතුව ඇති හොදේ ) ඉතිං ඒක නිසා මං හිතුවා අලුත් වැඩක් කරන්න. අලුත් කිවුවට මං දන් නැහැ තව කවුරු හරි මෙහෙම දෙයක් පටන් අරන් තියෙනවද කියලා. ඒ කතා හරි කියමුකෝ. මේකයි වැඩේ. අපි අහන ලස්සන විදේශිය භාශාමය සිංදු වලට සිංහල උපසිරැසි යොදන්න. 

මේක ගැන මගේ හිතේ ටික කාලෙක ඉදන් අදහසක් තිබුනා. ඉතිං ඒ අදහස මල්පර දරමින්. මං පලවෙනි වැඩේට අත ගැහුවා. චිත්‍රපටයකට උපසිරැසි ගන්වනවා වගේ නෙමීනේ මේ වැඩේ. මොකද සිංදුවකට උපසිරැසි ෆයිලයක් නිකුත් වෙන්නේ නැහැනේ. ඉතිං මුල ඉදන් ටයිමින් එහෙම සකස් කරලා වැඩේ කරන්න ඕනා. ඒකත් කොහොම හරි කරගත්තා කියන්නකෝ. අන්තිමේදි වැඩේ වුනේ මේ උපසිරැසි ෆයිලය විඩියෝ එකට දාගන්න එකනේ. කොහොම හරි දගලලා දගලලා ඒකත් කරගත්තා. නමුත් ඒක යූ නලයට අප්ලෝඩ් කලාම උපසිරැසි දර්ෂනය වෙන්නේ නැහැ. ඒ හේතුව නිසා මට උපසිරැසි ෆයිලය වෙනමම තමයි දෙන්න වෙන්නේ.  කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා නම් කොහොමද මේ SRT ෆයිල් එක වීඩියෝ එකත් එක්ක ජොයින් කරලා එන්කෝඩ් කරගන්නේ කියලා මට කියන්න. මං උපරිම උත්සහය දරනවා ඒ දේ කොහොම හරි හොයාගෙන ඔයාලට අරගෙන එන්න. මගේ බලාපොරොත්තුව උනෙත් ඒකමයි. ඉතිං කරන්න දෙයක් නැහැ දැනට අපි මෙහෙම බලමු. ඉදිරියට අපි උත්සයක් දරමු. ඔයාලත් මට ඒක කරගන්න සහයෝගය දෙයි කියලා හිතනවා. ඒක හරිග
 ඒ කතා ඉවර කරල බලමු හා හා පුරාවට පලවෙනියට තෝරගත්ත සිංදුව මොකක්ද කියලා එහෙනම්. 

මේ සිංදුව ගායනා කරන්නේ ඇමෙරිකානු ජාතික Mariah Carey විසින්. ඇය ගායිකාවක් මෙන්ම ගීත රචිකාවියක් තව නිලියක් සහ ගීත පටිගත කරන්නියක්ද වෙනවා. ඇය විසින් ගායනා කරන ලද  We Belong Together ගීතයටයි මා පලවෙනි උපසිරැසි ගැන්වුම සිදුකලේ. මේ ගීතය ඇයගේ දස වන ගීත ඇල්බමය වන The Emancipation of Mimi  වලට අයිති එකක්. මේ ගීතය නිකුත් කරනු ලැබුවේ 2005 මාර්තු 29 වන දින. මෙම ගීතයට ග්රැමී සම්මාන දෙකකුත් රේඩියෝ මියුසික් කියන සම්මාන දෙකකුත් සොල් ට්‍රේන් මියුසික් කියන සම්මාන දෙකකුත්, වයිබ් සම්මානයකුත් , වර්ඩ් මියුසික් සම්මාන එකකුත්, ටීන් චොයිස් (තාරුන්‍න්‍යය තේරිම්) යන සම්මානයකුත් දිනාගෙන තියෙනවා.  ඔය ඇතිනේ සිංදුව ගැන කිවුවා. :D 

ඔන්න එහෙනම් මගේ පලවෙනි නිර්මාණය ඔයාලට පුද කරනවා. බලලා හොද නරක ගැන අදහසකුත් දාගෙනම යන්න. ඒක මට දිරියක් වේවි ඉදිරියටත්. තව ඔබ කැමති ගීත තියේ නම් ඒවත් අදහසක් මගින් දන්වා යන්න. පුලු පුලුවන් විදිහට ඒවත් කරලා දෙන්න උත්සහ ගන්නම්. පලවෙනි එක නිසා වැරදි ඇති. චිත්‍රපටි වලට උපසිරැසි යෙදුවට මේක අලුත්ම දෙයක්නේ ඉතිං.

එහෙනම් හැමෝටම ගීතය රසවිදින්න කියන ගමන් මං සමුගන්නවා. 

එහෙනම් සැමටම බුදු සරණයි !!

අහිංසක හිත්නේ.

මෙන්න උපසිරැසි අන්තර්ගත කරපු විඩියෝ එක


මෙන්න සිංදුව යූ නලයෙන්


සිංදුව ටොරන්ට් වලින් බාන අයට මෙතනින් බාගන්න පුලුවන් 1080P කොපිය
මෙතනින් යූ නලයේ විඩියෝ එක බාගන්න පුලුවන් 22MB
නමුත් මෙතනින් බාගත්තම ඔයාලා බාන ෆයිල් එක රීනේම් කරන්න මෙන්න මේ විදිහට.
we belong together.mp4  කියලා. එහෙම නැති වුනොත් විඩියෝ එක පේන එකක් නැහැ.

ඔයාලා ලග IDM තියේ නම් කෙලින්ම යූ නලයේ විඩියෝ එක ප්ලේ කරලා යටින් එන ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරලා බාගන්න. ඒක තමයි ලේසිම විදිහ මං හිතන්නේ.

සිංහල උපසිරැසි ෆයිල් එක මෙතනින් බාගන්න.


තවත් උපසිරැසියකින් හමුවෙමු.

Tuesday, July 17, 2012

Just 1 Click Iraj & Tony T ft Markia & Infaas & Indira Joshi Lyrics


නෙතු සීරුවේ තියා
මගේ ආදරේ සොයා
වැහි බීරමේ පවා
මෘදු හැගුමන් ගාව ගාවා...... //

කො.. කො.. කො.. කොදුරන්නා 
සද තරු කලබා    මා සිත පිරුණා
නුඹ හින්දා       හීනෙන් මා
නුඹ ගැන සිතුවා      රුව හද අරන්
මාත් ඉන්නම්     ම.. ම.. ම.. මවන්නා
රුව මවන්නා    මේ සීමා බිදින්නා
මම සිතන්නම්    නුඹ පතන්නම්
හැඩුමන් ඉල්ලා සිටින්නම්...

නෙතු සීරුවේ තියා......

හිත කිවුවත් ඔබ නොවේ කියා
මට ඈත් වෙලා නම් යන්න බැහැ
ඔබ කිවුවත් මගේ නොවේ කියා
මගේ ආදරේ අඩු වෙන්නේ නැහැ

නෙතු සීරුවේ තියා.....



වීඩියෝ එක බලන්න