Showing posts with label P. Show all posts
Showing posts with label P. Show all posts

Thursday, November 15, 2012

Gamata Mema Ena - Priyantha Nawalage - Lyrics , MP3 & Music Video


Click Play Button



ගමට මෙමා එන හැමදාම
සිහිවෙනවා ඔබ මට තාම
පෙම් හිතට.. මේ හැටිම..
දුක උරුම ඇයිදෝ..තාම..

ඒ කාලේ අපි හැදුව
සෙල්ලම් ගේ ඇත මතක
දගකාර කම් කෙරුව
යලි දැකගන්නට ආසයි... පෙරසේම

ඒ කාලේ මම දුන්න
ඔබට අමතකව තිබුන
පොරොන්දුවක් ඇත තවම
සුරැකිව මා හද පතුලේ... ඔබේ නමට

ගමට මෙමා එන හැමදාම
සිහිවෙනවා ඔබ මට තාම
පෙම් හිතට.. මේ හැටිම..
දුක උරුම ඇයිදෝ..තාම..





MP3 එක පහලින් බාගන්න
MP3

Thursday, November 8, 2012

Pitbull - Rain Over Me ft Marc Anthony - With Sinhala Subtitle


ඔන්න යාලුවනේ පොරොන්දු වුන විදිහට මං අදත් තව ලස්සන ගීතයකට සිංහල උපසිරැසි අරගෙන ආවා. අද මං ගෙනාවේ ගොඩක්ම පරණ නැති ඉතාමත් ජනප්‍රිය ගීතයක්. ගීතය ගැන සදහනක් කලොත්.

මේ ගීතය මුලින්ම නිකුත් කරලා තියෙන්නේ 2011 වර්ෂයේ ජූනි 10වන දින. මේ ගීතයගායනා කරන්නේ ඇමෙරිකානු රැප් ගායක  Pitbull විසින් සහ Marc Anthony යන ගායකයින් දෙපල විසින්. තව මේ ගීතය ඇතුලත් වෙන්නේ Pitbull ගේ හය වෙනි ඇල්බම් එක Planet Pit යන්නෙහි. තව මේ ගීතයට හැකිවෙලා තියෙනවා ඇමෙරිකාවේ  Billboard Hot 100 ගීත අතුරින් තිස් වන තැන දිනාගන්න. ඔය වගේ දේවල් ටිකක් තමයි ගීතය ගැන කියන්නේ. වැඩිය කතා නැතුව අපි ගීතය රස විදිමු.

අදත් කියනවා මේ ගීතය යූ නලයෙන් ඔබට බා ගැනීමට පුලුවන් උපරිම ගුණාත්මක තාවයෙන්. එහෙම වීඩියෝ එක බාගෙන උපසිරැසි ගොනුවත් බාගෙන බලනවා නම් හොද ගුණාත්මක තත්වයකින් යුක්තව ගීතය සහ උපසිරැසිය ඔබට රසවිදින්න පුලුවන් වේවි. එහෙනම් හෙටත් මෙන් තව අලුත් ගීතයක් සමගින් හමුවෙන බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා. සැමට තෙරුවන් සරණයි. !!

අහිංසක හිත්නේ. වැඩේ ගැන පහලින් අදහසක් දාගෙනම යන්ඩ හොදේ.. :)

සිංහල උපසිරැසිය අන්තර්ගත කල වීඩියෝ එක මෙතනින්
මුරපදයක් ඉල්ලුවහොත් dtlakmal ලෙස ලබාදෙන්න හොදේ.

යූ නලයේ ඇති ඔරිජිනල් විඩියෝ එක මෙතනින්.
සිංහල උපසිරැසි ගොනුව පහලින් බාගන්න
සිංහල

Monday, November 5, 2012

On The Floor - Jennifer Lopez - With Sinhala Subtitle


ඔන්න යාලුවනේ එහෙනම් අදත් මං තවත් ගීතයකට සිංහල උපසිරැසියක් අරගෙන ආවා. අද මං තෝරගත්තේ 2011 වසරේ පෙබරවාරි මස 8 වෙනිදා විකාශය ඇරඹු බොහෝ දෙනා අදුරණ ප්‍රසිද්ද ගායිකාවක මෙන්ම නිළියකද වන Jennifer Lopez විසිනි. ඇයගේ හත්වන ගීත ඇල්ඹමය වන Love ? කියන ඇල්ඹමයේ ඇතුලත් වන ගීතයක් මේක. ඔය වගේ දේවල් තමයි ගීතය ගැන කියන්න තියෙන්නේ. අපි වැඩි කතා නැතුව දැන් ගීතය බලමුකෝ එහෙනම්.

අදත් කියන්න තියෙන්නේ හොද ගුණාත්මක තත්වයෙන් යුක්තව උපසිරැසි නරඹන්න කැමති අය. මේ ගීතයයි උපසිරැසි ගොනුවයි බාගෙන නරඹන්න වෙනවා. මං අනුමත කරන්නෙත් ඒකමයි. එහෙනම් මං ගියා. තවත් උපසිරැසියකින් හමු වෙමු.

සිංහල උපසිරැසිය ඇතුලත් කල වීඩියෝ එක
මුර පදයක් ඇහුවොත් dtlakmal කියලා දෙන්න හොදේ.  :)

ඔරිජිනල් යූ නලයේ ගීතය

උපසිරැසි ගොනුව පහලින් බාගන්න
සිංහල

Saturday, November 3, 2012

Gangnam Style - PSY - With Sinhala Subtitle


ඔන්න යාලුවනේ මං අදත් සිංහල උපසිරැසියක් අරගෙන ආවා. මේක නම් බොහොමයක් දෙනා දන්න ගීතයක්. මෑත කාලයේ ඉතාමත් ජනප්‍රිය වුන සිංදුවක්. බොහොමයක් දෙනා මේ ගීතය ගැන දැනගත්තේ අපේ මේ ලංකාවේ පහුගිය කාලේ සිද්ද වුන ක්‍රිඩාවක ප්‍රසිද්ද ක්‍රීඩයෙක් සහ අපේ කොල්ලෙක් දාපු ඇඩ් එකක් නිසානේ. :) එහෙම කිවුවම ගොඩක් දෙනා දන්නවා ඇති. හ්ම් එහෙනම් අදත් මං ගීතය ගැන පුංචි හැදින්වීමක් කරන්නම්කෝ.

මේ ගීතය නිකුත් කරලා තියෙන්නේ මේ අවුරුද්දේ ඒ කියන්නේ 2012 වසරේ ජූලි 15වන දින. ඒ වගේම මේ ගීතය අපිට එච්චර හුරු පුරුදු භාශාවක එකක් නෙමී. එහෙම කියන්නත් බැහැ ඉතිං ගොඩක් කොරියන් ගිහින් තියෙන අය ඉන්නවනේ අපේ. ඒ අය නම් දන්නවා ඇති. මේක කොරියානු භාශාමය ගීතයක්. මේක ගායනා කරන්නේ කොරියානු පොප් ගායකයකු වන PSY විසින්. තව මේ ගීතය ගැන කියනවා නම් යූ නලය තුල වැඩිම පිරිසකගේ නැරුඹුම් ගීත අතුරෙන් දෙවනි ස්ථානය ලබාගන්නට මේ ගීතයට හැකි වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ වෙනකොට නැරඹුම් ප්‍රමානය කිවුවොත් මිලියන 620 ඉක්මවා තියෙනවා. කොහොමද සෙල්ලන් නෑනේ. :) ඔය කිවුවා ඇති නේද ගීතය ගැනත්. වැඩිය කියන්න ඕනා නැනේ ඉතිං. එහෙනම් හැමෝටම ආරාධනා කරනවා ගීතය බලලා හොද නරක අදහසකින් පහලින් දන්වලා යන්න කියලා. ඒක තමයි ඉතිං මං බලාපොරොත්තු වෙන දේ.

අදත් මං කියනවා හොද ගුණාත්මක තාවයකින් යුතුව උපසිරැසිය නරඹන්න ඕනා අය යූ නලයෙන් වීඩියෝ එක බාගෙන උපසිරැසි ගොනුම වෙනමම බාගෙන, විඩියෝ එකට යොදාගෙන නරඹන්න. ඒක තමයි මං අනුමත කරන්නේ. ඔන්ලයින් විඩියෝ එකේ උපසිරැසි ගොනුවේ ගුණාත්මක භාවය මට තවමත් හරිහැටි සකස් කරගන්න බැරි වුනා. දන්න කෙනෙක් ඉන්නවා නම් ඒ ගැන මාව දැනුවත් කරනවා නම් මං බොහොමයක් අගය කරනවා. එහෙනම් ගීතය නරඹන්න ආරාධනා කරන ගමන් මං සමුගන්නවා.

සැමට බුදු සරණයි !!

අහිංසක හිත්නේ. :)

සිංහල උපසිරැසි ඇතුලත් කල විඩියෝ එක

ඔරිජිනල් යූ නලයේ විඩියෝ එක

සිංහල උපසිරැසි ගොනුව පහලින්
සිංහල

Download Sinhala Subtitle File
Download

Tuesday, October 23, 2012

Rahase Hadana (Remake) - Peshala ft Samitha Mudunkotuwa -MP3, Video & Lyrics


රහසේ හඩනා අප හැගුම්
ලොව නෑ දන්නේ අප පැතුම්
ලා සදු පායනා රැයේ දිලිසේ තරුසේ
තනි වී තැවෙනා පෙම් සුසුම්
රහසේ හඩනා අප හැගුම්
ලොව නෑ දන්නේ අප පැතුම්
ලා සදු පායනා රැයේ දිලිසේ තරුසේ
තනි වී තැවෙනා පෙම් සුසුම්
රහසේ හඩනා අප හැගුම්

හිරිමල් වයසේ සෙනෙහින් බැදි එදා
මතකේ නොමියේ ඔබ මා සිතින් සදා
ආදරයේ රස මියුරු වේදනා

රහසේ හඩනා අප හැගුම්
ලොව නෑ දන්නේ අප පැතුම්
ලා සදු පායනා රැයේ දිලිසේ තරුසේ
තනි වී තැවෙනා පෙම් සුසුම්

සද රෑ සිහිනේ සෙවනැල් අස්සේ වෙලි
ඉමු අපි සොදුරේ සුපුරුදු ලෙසින් බැදි
ආදරයේ රස මියුරු වේදනා

රහසේ හඩනා අප හැගුම්
ලොව නෑ දන්නේ අප පැතුම්
ලා සදු පායනා රැයේ දිලිසේ තරුසේ
තනි වී තැවෙනා පෙම් සුසුම්
රහසේ හඩනා අප හැගුම්

MP3 එක පහලින් බාගන්න

MP3

Monday, October 22, 2012

Obe Namata Pudami Sada- Pradeep Rangana - MP3 & Lyrics



ඔය ඇස් දිහා පෙම යාවෙලා
ගෙතු කාරනා හද දිවුරුවා
සිත තෝරනා ඔබ පෙම් සිනා
ලැබෙනා තුරා මා යදිනවා
හැගුමන් පායලා සිතුමන් වෑහිලා
එනමුත් නොහැගෙදෝ ආදරේ
ඉතිරෙන ආදරේ ඔය හද නැවතිලා
මට සිත දේදෝ පැතු කුමරියේ

මාගේ දෛවේ පිදුවේ උරුමේ ඔබ වේදැයි
සිත කීවේ දුටු මුල් දිනේ
පැටලුම් ලියා විසදුම් සොයනා සිත ලග
දෑහින් කිවු ඔබ කවුදෝ කියා
ඔබ නිසා සිත අහැරිලා අදුරේ පවා
තනිකරයිද සිත අසනවා
ඔබ හද හිමි වුනත් ඔබ අහිමි වුනත්
මගේ පපු තුරුලේ සැනසුම ඔබයි
ගැයෙනා  තනුවේ පදවැල් ඔබමයි සදා
එය ඔබෙ නමට පුදමී සදා

ඔය ඇස් දිහා පෙම යාවෙලා
ගෙතු කාරනා හද දිවුරුවා
සිත තෝරනා ඔබෙ පෙම් සිනා
ලැබෙනා තුරා මා යදිනවා
හැගුමන් පායලා සිතුමන් වෑහිලා
එනමුත් නොහැගෙදෝ ආදරේ
ඉතිරෙන ආදරේ ඔය හද නැවතිලා
මට සිත දේදෝ පැතු කුමරියේ

ඇසෙනා මානේ ඔබ අද වේ නම්
ඇතිනම් හෘදේ ඇයි මේ නොපිරූ හිතක්
මාගේ හෘදේ මෙතරම් ආලේ උතුරා යන්නේ
නොපිරෑ තැන් පුරවන්නමයි
ඔබ නිසා තැනු ගීතේ අවසානය ගෙනෙයි
මැවු සිහිනේ පිබිදේයිද මන්දා
ඔබ හද හිමි වුනත් ඔබ අහිමි වුනත්
මගේ පපු තුරුලේ සැනසුම ඔබයි
ගැයෙනා තනුවේ පදවැල් ඔබමයි සදා
එය ඔබ නමට පුදමී සදා

ගැයෙනා තනුවේ පදවැල් ඔබමයි සදා
එය ඔබ නමට පුදමී සදා

MP3 එක මෙතනින් බාගන්න
MP3
Your Ad Here