Showing posts with label Theekshana Anuradha. Show all posts
Showing posts with label Theekshana Anuradha. Show all posts

Wednesday, December 19, 2012

Sudu Pichcha Mal - Theekshana Anuradha, Sewwandi Ranathunga - Lyrics , MP3 & MusicVideo



සිංදුව අහන්න ප්ලේ (Play) බොත්තම ඔබන්න


සුදු පිච්ච මල් හිනා පේලි වැහි වස්සන
සොඳුරු වද කාරී.. ආදරේ ඉල්ලන
සුදු පිච්ච මල් හිනා පේලි වැසි වස්සන
සොඳුරු වද කාරීලු මං.. ආදරේ ඉල්ලන
නුබේ සුන්දර සිත මට සොරකම් කරන්න ආසයි
ඒ වරදට මට ඔබගේ වෙන්නත් ආසයි

සුදු සද එලියට ඇහෙරෙයි කොද මල්
රෑ පුරා හා හා ඔබේ නෙත් කැල්මට
නෙපිපිද පෙම් මල් සිත පුරා
ඒ ආලවන්තකම් ඉවසන්නේ කොහොමද මං

නිල් දිය කලබන සුලගක් වාගේ
නිදි වරා හා හා හදවත පුබුදන
රහසක් කියමුද රෑ පුරා
ඒ ආලවන්තකම් ඉවසන්නේ කොහොමද මං

සුදු පිච්ච මල් හිනා පේලි වැහි වස්සන
සොඳුරු වද කාරී.. ආදරේ ඉල්ලන
සුදු පිච්ච මල් හිනා පේලි වැසි වස්සන
සොඳුරු වද කාරීලු මං.. ආදරේ ඉල්ලන
නුබේ සුන්දර සිත මට සොරකම් කරන්න ආසයි
ඒ වරදට මට ඔබගේ වෙන්නත් ආසයි





MP3 එක පහලින් බාගන්න
Your Ad Here MP3

Wednesday, December 5, 2012

Sitha Handuwa - Theekshana Anuradha - Lyrics & MP3


Click Play Button

සිත හැඬුවා ඔබ ගියදා
ළඟ උන්හැටි මතක් වෙලා
බලාහිදිමි නුබ එනකම්
තරහක් නෑ එන්න සොයා
ආදරියේ ආදරියේ
ආදරියේ අහගෙන ඉන්න
විඳවන තරම කියන්න
රිදෙනා තරම් කියන්න

නෙතු කකියන තරම් ඔයා දන්නවා නම්
වෙන් වෙන් නෑ මාව දමා කවදාවත්
මේ සසරේ නුඹ හිමි නැහැ හිදිමි තනි වෙලා
මතු බවයෙදි මගේ වෙනවද රත්තරන් ඔයා

ඔය ඇස් දෙක අහක බලා යන්න ගියා
සුසුමන් හද පාරනවා කදුලු ගලා
මේ සසරේ නුඹ හිමි නැහැ හිදිමි තනි වෙලා
මතු බවයෙදි මගේ වෙනවද රත්තරන් ඔයා

සිත හැඬුවා ඔබ ගියදා
ළඟ උන්හැටි මතක් වෙලා
බලාහිදිමි නුබ එනකම්
තරහක් නෑ එන්න සොයා
ආදරියේ ආදරියේ
ආදරියේ අහගෙන ඉන්න
විඳවන තරම් කියන්න
රිදෙනා තරම් කියන්න
විඳවන තරම් කියන්න



MP3 එක පහලින් බාගන්න
MP3
Your Ad Here

Monday, November 12, 2012

Eelanga Wassane - Theekshana Anuradha - Lyrics, MP3 & Music Video


වසා යන්නකෝ හද දොර සෙමින්
මගේ හැගුම් තව නොරිදමින්
කොහි යම්ද මා නුබගෙ පෙමින්
බැදි උන් ආලේ නමින්

හද සිහිසුන් කල විරාම කොතරම්
ජීවන සංග්‍රාමේ
මේ පුහුදුන් බිම එපා වෙලා
සංක්‍රාන්තියකි ප්‍රේමේ

නුඹ මිහිදන් කල සෙනෙහේ කදුලැල්
සෝ බර ගිම්හානේ
සිතු සිහිලැල් කර ගෙනේවි සැනසුම්
ඊලග වස්සානේ

සිත ඉහිලුම් නැහැ අතීත සැමරුම්
පාරයි සංසාරේ
දුක ඉවසම් තව ඉදීවි කොතෙක් කල්
මේ දිවි කාන්තාරේ

සාගරයක් සරි ආලෙට ගැරහුම්
පවු පුරවනවානේ
මේ අහසත් පොලවත් දෙයි දිවුරුම්
ප්‍රේමය ගැන මාගේ

වසා යන්නකෝ හද දොර සෙමින්
මගේ හැගුම් තව නොරිදමින්
කොහි යම්ද මා නුබගෙ පෙමින්
බැදි උන් ආලේ නමින්

වසා යන්නකෝ හද දොර සෙමින්
මගේ හැගුම් තව නොරිදමින්
කොහි යම්ද මා නුබගෙ පෙමින්
බැදි උන් ආලේ නමින්




MP3 එක පහලින් බාගන්න
MP3