Showing posts with label C. Show all posts
Showing posts with label C. Show all posts

Saturday, May 25, 2013

Obata Nohaka (Ishan [Mal Devata Tele Drama Theme Song]) Lyrics & MP3




ඔබට නොහැක
මගේ සෙවනට එන්නට....
මටද නොහැක
මල් විමන් තනන්නට
නමුදු සොදුරේ මේ සුවිසල්
අහස යට..
අපේ සුසුමන් හමුවෙලා
මුමුණනු ඇත

අතැගිලි නොබැදෙන
හිත බැදි සෙනෙහස
සසර පුරා ලග ඉන්න ඇතී
ඒ අත් භවයෙත් මේ වාගෙම අපි
හමුවී වෙන් වී යන්න ඇති

හමූ වී වෙන් වෙමු
සසර පුරුද්දට
එකම සදේ.. සද
එළිය දකින කොට
ඉසුරුමුණිය පෙම් යුවල නොවේ අප
හිනැහෙමු කදුලැලි
සගවා හිත යට


MP3 එක පහලින් බාගන්න


Saturday, December 1, 2012

50 Cent - My Life ft Eminem & Adam Levine - With Sinhala Subtitle


ඔන්න යාලුවනේ වැඩ රාජකාරි බහුල සතියකින් පස්සේ, මේ සුන්දර වූ සන්ති අන්තයේ මං තවත් ලස්සන ගීතයක් සිංහල උපසිරැසි සමග අරගෙන ආවා. අද ගෙනාව සිංදුවත් වැඩි ඈතක විකාශය ඇරඹූ ගීතයක් නොවේ. ඉතිං බලමුකෝ වෙනදා වගේම ගීතය ගැන ටිකක්.

මේ ගීතය ගායනා කරන්නේ අපි කවුරුත් දන්න ප්‍රසිද්ද ගායකයෝ තිදෙනෙක් විසින්. ඒ තමයි ඇමෙරිකානූ රෑප් ගායක 50 Cent සහ Eminem සමග Adam Levine යන තිදෙනා. තව මේ ගීතය විකාශය අරඹලා තියෙන්නේ මේ අවුරුද්දේ එනම් 2012 නොවැම්බර් මස 26 වෙනිදා. ඒ කියන්නේ මේ ඉතාමත් මෑතකදි. මේ ගීතය ඇතුලත් කරලා තියෙන්නේ  50 Cent ගේ ඉදිරියේදි නිකුත් කිරීමට නියමිත පස්වන ගීත ඇල්ඹමය වන Street King Immortal. තව මේ ගීතයට රචනයෙන් දායක වෙලා තියෙනවා  Curtis Jackson, Marshall Mathers, Adam Levine, Larry Griffin, Jr., Herb Rooney යන කට්ටිය. ඔය විදිහේ ටිකක් තමයි කියන්න තියෙන්නේ. එහෙනම් හැමොම වෙනදා වගේ ගීතය බාගෙන විතරක් යන්නේ නැතිව පහලින් අදහසකුත් දාගෙනම යන්න හොදේ.

අහිංසක හිත්නේ.

සැ.යු. පහලින් ලබා දී ඇති උපසිරැසි ගොනුව සහ යූ නලයේ ඇති ඔරිජිනල් ගීතය බා ගැනීමෙන් අනතුරුව. උපසිරැසි ගොනුව එයට යොදා නැරඹීමෙන් වඩා ඉහල මට්ටමේ ගුණාත්මක තාවයෙන් යුත් උපසිරැසියක් සහ රූප රචනයක් රස විදිය හැක.

සිංහල උපසිරැසිය ඇතුලත් කල රූප රචනය

 මුරපදය ලෙස dtlakmal.com ලබා දෙන්න

යූ නලයේ ඇති රූප රචනය

සිංහල උපසිරැසි ගොනුව පහලින් බා ගන්න
සිංහල

Friday, November 23, 2012

Oba Wenas Wela - Chandrasena Hettiarachchi - Lyrics & Music Video


ඔබ වෙනස්වෙලා ඔබ වෙනස්වෙලා
සිත දුරස් වෙලා
ඔබ වෙනස්වෙලා ඔබ වෙනස්වෙලා
සිත දුරස්වෙලා මට නපුරුවෙලා

පිටස්තරයි පිට කෙනෙක් වගේ
කිසි දෙනෙක ඉතිං හමු නොවුනු ලෙසේ
පිටස්තරයි පිට කෙනෙක් වගේ
කිසි දෙනෙක ඉතිං හමු නොවුනු ලෙසේ
මට හිතාගන්න බෑ තාම නගේ
ආල පිරුව සිත කොහෙද නුබේ

කාලයත් ගෙවී ලොව වෙනස් වේවි
ගිය නමුත් මගේ සිත වෙනස් නොවී
කාලයත් ගෙවී ලොව වෙනස් වේවි
ගිය නමුත් මගේ සිත වෙනස් නොවී
අකීකරුයි සිත මටම මගේ
හිත හදාගන්න බැහැ ඔබට වගේ

ඔබ වෙනස්වෙලා ඔබ වෙනස්වෙලා
සිත දුරස් වෙලා
ඔබ වෙනස්වෙලා ඔබ වෙනස්වෙලා
සිත දුරස්වෙලා මට නපුරුවෙලා
ඔබ වෙනස්වෙලා


Monday, October 29, 2012

Beautiful - Akon ft. Colby O'Donis, Kardinal Offishall - With Sinhala Subtitle


ඔන්න යාලුවනේ මං අදත් තවත් ලස්සන සිංදුවකට සිංහල උපසිරැසි අරගෙන ආවා. මේකත් ගොඩක් ජනප්‍රිය වෙච්ච ගීතයක්. ලස්සන බීට් එක. ලස්සන වොයිස් ටික. පට්ට.බලමුකෝ එහෙනම් ගීතය මොකක්ද කියලා.

ගීතය ගැන කියනවා නම් 2009 ජනවාරි මස 6 වෙනිදා සිට විකාශය ආරම්භ කරනු ලැබූ Akon සමග ඇමෙරිකානු පොප් ගායකයකු වන Colby O'Donis සහ  කැනේඩියානු රැප් ගායකයෙක් වෙන  Kardinal Offishall විසින ගායනා කරනු ලබන Beautiful යන නම් දරාපු ගීතයයි. මේ ගීතය රචනා කරලා තියෙන්නේ Colby Colón, Jason Harrow, Aliaune Thiam, Jaylien Wesley, Giorgio Tuinfort පස් දෙනා විසිනි. මේ ගීතය ගැන වැඩි දුරටත් කියනවා නම්. මේ ගීතයේ හරය වන්නේ. රාත්‍රි සමාජශාලාවක සිටින කාන්තාවකගේ ලස්සන දැක. එය නිසා ඇය ලගට ලංවීමට තමන්ට ලැජ්ජාවක් ඇති වී ඇති නිසා. ගාකයා මේ ගීතය ගායනා කරනු ලබයි ඔහොම තමයි ඉතිං කියන්න තියෙන්නේ. කට්ටිය එහෙනම් බලලා හොද නරකත් කියලම යන්නකෝ.

මෙන්න උපසිරැසිය ඇතුලත් කරනු ලැබූ ගීතය
මෙන්න ඔරිජිනල් යූ නලයේ ගීතය
සිංහල උපසිරැසිය මෙතනින් බාගන්න
සිංහල

Sunday, October 21, 2012

Wen Wenna Bari Tharam - Chillie Thilanka - MP3 and Lyrics



වෙන් වෙන්න බැරි තරම්
ඇයි මාව ලං කරන්
ඔබ යන්න සමු අරන් 
හිතුවේ ඇයි කියන්

හිත හදාගන්න බැරිවේවි
දුක දරාගන්න බැරි වේවි
ඔබ නැතිව ඉන්න බැරි වේවි
ජීවිතයත් නිම වේවි

වෙන් වෙන්න බැරි තරම්
ඇයි මාව ලං කරන්
ඔබ යන්න සමු අරන් 
හිතුවේ ඇයි කියන්

කදුලැල් හදුනා සිනාසෙන්න කියා දුන්නේ ඔබ මයි
සුන්දර විදිහට පෙම් කරන්න කියාදුන්නේ ඔබමයි
මේ තරමට ඔබ මට පෙම් කරලා දාලා යන්න හිතුවාද මා..ව

හිත හදාගන්න බැරිවේවි
දුක දරාගන්න බැරි වේවි
ඔබ නැතිව ඉන්න බැරි වේවි
ජීවිතයත් නිම වේවි

ඉස්සර වාගේ රණ්ඩු වෙලා තරගෙට හඩන්න ආසයි
ආයෙත් ටිකකින් තුරුලු කරන් තොල්පෙති තෙමන්න ආසයි
මේ තරමට ඔබ මට පෙම් කරලා දාලා යන්න හිතුවාද මා..ව

හිත හදාගන්න බැරිවේවි
දුක දරාගන්න බැරි වේවි
ඔබ නැතිව ඉන්න බැරි වේවි
ජීවිතයත් නිම වේවි

වෙන් වෙන්න බැරි තරම්
ඇයි මාව ලං කරන්
ඔබ යන්න සමු අරන් 
හිතුවේ ඇයි කියන්

හිත හදාගන්න බැරිවේවි
දුක දරාගන්න බැරි වේවි
ඔබ නැතිව ඉන්න බැරි වේවි
ජීවිතයත් නිම වේවි

MP3 එක පහලින් බාගන්න


MP3
Your Ad Here

Thursday, October 11, 2012

Hadaganna Me Hitha Centigradz Lyrics




හදාගන්න මේ හිත මාගේ
හිනාවෙන්න මා රවටා
දමායන්නදෝ ලංවුයේ
කියාදෙන්න වරද සොයා
එදා දුන්න ආදර ලෝකේ
හදේ ගැස්ම දොරේ ගලා
හමායන්න මාරුත ගින්නේ
සදාකල්ම අතැර දමා