Friday, February 14, 2014

Jeevithe Sunwela - Viraj ft KushRaj Lyrics

ජීවිතේ සුන්වෙලා
හදවතේ වැලලිලා
මතකයේ හැන්ගිලා
විදවමී දිවිතුරා
ආදරේ ඇයි මේ තරම් වේදනා
ආදරේ ඇයි මේ තරම් වේදනා

පවසාවි දෙවියන් පවා
ඇසුවෝතින් මා පැතුවේ ඔබමයි කියා
යලි ආවොත් මාගේ වෙලා
පිලිගන්නම් සිටියොතින් ජීවත් වෙලා
සේනෙහේ නාමෙන් ගැලූ
කදුලින් පිරුනේ මේ සාගරේ
මගේ දුක හදුනන්නේ සාගරේ

මට තාම අදහන්න බෑ
ඔබ යනතුරා සිටියා ගොලුවි බලා
ඔබේ නාමේ රුධිරෙන් ලියා
දිවුරන්නම් හැමදාම ඔබගේ කියා
සෙනෙහේ නාමෙන් හෙලු
සුසුමින් පිරුනේ මේ මාරුතේ
මගේ දුක හදුනන්නේ මාරුතේ

ජීවිතේ සුන්වෙලා
හදවතේ වැලලිලා
මතකයේ හැන්ගිලා
විදවමී දිවිතුරා
ආදරේ ඇයි මේ තරම් වේදනා
ආදරේ ඇයි මේ තරම් වේදනා