Tuesday, January 22, 2013

Unicode Sinhala SRT Subtitle File Convert To IDX/Sub Format





බොහෝමයක් දෙනා හොයන ගැටලුවකට උත්තරයක් අරගෙන තමයි මං අද ආවේ. සිංහල උපසිරැසි ගැන්වීමේදි අපි භාවිතා කරන්නේ .srt කියන උපසිරැසි ගොනුව. මෙය ධාවනය කරන්න පුලුවන් වෙන් සිංහල යුනිකේත ස්ථාපනය කර ඇති පරිගණක යන්ත්‍රයක හෝ සිංහල ඇති ජංගම දුරකථනය පමණයි. මේ කාලේ ගොඩක් ජනප්‍රිය විදුලි උපකරණයක්නේ LCD, LED, කියන රූපවාහිනි යන්ත්‍ර, ඊට අමතරව තියෙනවා USB සම්බන්ධතාවක් සැපයිය හැකි DVD, Bluray, ඔය විදිහේ යන්ත්‍ර. නමුත් අපි .srt ගොනුවත් එක්ක මේ කියන යන්ත්‍ර වලින් ධාවනය කරන්න හැදුවොත්. උපසිරැසිය දර්ෂනය වන්නේ නැහැ. එක්කෝ කොටු කොටු වැටෙනවා නැත්තම් නිකන් ප්‍රශ්නාර්ථ ගොඩක් වගේ විකාර සෙට් එකක් වැටෙනවා.

ඉතිං ඕකට කරන්න තියෙන හොදම පිලියම තමයි idx/sub යන උපසිරැසි ගොනු ආකාරයට සකස ගන්න එක. මේක කරන එක ගොඩක් අය දන්නේ නැහැ. දන්න අය කියාදෙන්නෙත් නැහැ. ඒ නිසා තමයි මං තීරණය කලේ මේක ගැන ටිකක් හොයන්න. මොකද මට ඕනා වෙලා තිබුනා සිංහල උපසිරැසි ගොනුව විඩියෝ එකත් එක්ක Merge කරගන්න. ඒ කිවුවේ උපසිරැසියයි විඩියෝ එකයි වෙන වෙනම නැතිව උපසිරැසියත් වීඩියෝ එක ඇතුලටම දාගන්න. මුලින් මං උත්සහ ගත්තා .srt එක කොහොම හරි රිංගවගන්න ඒක හරි ගියා, ඒත් ඒකේ තියෙන ගුණාත්මක භාවය අඩුවුනා. ඉතිං මං උත්සහ කලා idx/sub විදිහට සබ් එක හදලා ඒක විඩියෝ එකත් එක්ක සම්බන්ධ කරගන්න. කොහොම හරි වැඩේ හරි ගියා.

මට මේ වැඩේ කරගන්න හැටි කියලා දුන්නේ ගොඩක් අය දන්න උපසිරැසි කලාවේ දැවැන්තයෙක් වන අරිසෙන් සහෝදරයා. ඇත්තම කියනවා නම් කිසිම දෙයක් හංගන්නේ නැතිව පැහැදිලිව කියා දුන්නා. ඒ ගැන මං ඔහුට ගොඩක් ස්තුති වන්ත වෙනවා. හරි අපි බලමු කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා.

මුලින් මේ ගැන පොඩි හැදින්වීමක් කරන්නම්.

නානාවිධ උපසිරැස ගොනු පවතින අතර, ඒවායින් කීපයක් ලෙස .srt, .ssa, .sub, xml, .mpl, .csv, .smi ඔය වගේ බොහෝමයක් තියෙනවා. ඒ සේරම ගැන කියන්න යන්නේ නැහැ මං. කතා කරන දේ ගැන විතරක් පොඩ්ඩක් කියන්නම්.

 idx/sub කියන්නේ ගොඩක් පරණ උපසිරැසි ගොනු වර්ගයක්. මොකද මෙහිදි වෙන්නේ උපසිරැසි ගොනුවේ ඇති වචන bitmap රූප බවට පත් කරන එකයි. .idx කියන ගොනුවේ සදහන් වන්නේ උපසිරැසිය දර්ෂනයට අවශ්‍යය වන කාල පරතරය සහ .sub  ගොනුවේ bitmap රූප තියාගෙන ඉන්නවා. මේ උපසිරැසි ධාවනය වීමට නම් අනිවාර්යයෙන් විඩියෝවේ සහ idx/sub කියන ගොනු දේකේම නම් සමාන වෙන්න ඕනා. (.srt ගොනුව වගේ විඩියෝ එක අඩට ඇදලා දැම්මට හරියන්නේ නැහැ ඕං). මේ  idx/sub කියන උපසිරැසි ගොනුවේ තියෙන ලොකුම අවාසිය තමයි උපසිරැසි ගොනුවේ ධාරිතාව ගොඩක් ඉහල අගයක් ගන්නවා .srt ගොනුවට වඩා. ඒත් එක්කම මේකේ වාසියකුත් තියෙනවා ඒ තමයි අපි මහන්සි වෙලා හදන .srt උපසිරැසි ගොනුවේ තියෙන අපේ නම් ගම් කපාලා දාන අයට  idx/sub බවට ඒ උපසිරැසිය පරිවර්තනය කලාට පස්සේ ඒ සෙල්ලම දාන්න අමාරු වෙන එක. :D. ඒත් රක්කම තව අවාසියක් තියෙනවා මේ  idx/sub වර්ගයේ උපසිරැසි ගොනු subscene, opensubtitle වගේ ප්‍රසිද්ද උපසිරැසි ලබා දෙන අඩවි බාරගන්නේ නැහැ. ඒ මොකද මේවායේ ධාරිතාවය වැඩි නිසා.

දැන් බලමු මේ වැඩේ කරගන්න අපිට අවශ්‍යවන මෘදුකාංග ගැන.

මුලින්ම ඔයාට අවශ්‍යය වෙනවා subtitleEdit කියන මෘදුකාංගය. ඒක ඔයාට මෙතනින් බාගන්න පුලුවන්.මේ මෘදුකාංගය අවශ්‍ය වෙන්නේ අපේ .srt ලෙස තියෙන උපසිරැසි ගොනුව .ssa බවට පත් කරගැනීමට. (එහෙම කරන්න වෙන්නේ ඇයි කියලා තේරෙයි පල්ලෙහා මෘදුකාංගය බැලුවම)

ඊලගට අවශ්‍ය වෙනවා MaestroSBT කියන වැඩසටහන. ඒකත් ඔයාට බාගන්න පුලුවන් මෙතනින්. (මේ වැඩසටහන තමයි ප්‍රධානම කාර්යය ඉටු කරන්නේ. මේ වැඩසටහනට ඇතුලත් කරන්න පුලුවන් .ssa උපසිරැසි ගොනු පමණයි)

ඊලගට අවශ්‍යය වෙනවා Son2VSub කියන වැඩසටහන. ඒකත් ඔයාට මෙතනින් බාගන්න පුලුවන්. (මේ වැඩසටහන තමයි අපිට අවසන් ප්‍රථිපලය ලබාදෙන්නේ.)

හරි මං හිතනවා දැන් ඔයාලා මං ඉහලින් දීපු වැඩසටහන් ටික බාගන්න ඇති කියලා. එහෙම බාගෙන ඉවරනම්. ඒවා එකින් එකට UNZIP කරගන්න. පිලිවෙලකට. හරිද දැන්.

දැන් එහෙනම් විවෘත කරන්න subtitleEdit කියන වැඩසටහන. ඊලගට ඔයාට idx/sub බවට පත් කරන්න ඕනා කන උපසිරැසි ගොනුව ගන්න. ඒක අරගෙන ඇවිල්ලා අත අරනින් subtitleEdit මෘදුකාංගයට. (ඒක කරන හැටි දන්නේ නැත්තම්. ඉහලින් තියෙන File කියන එකට ගිහිල්ලා Open විධානය දෙන්න)

subtitleEdit මෘදුකාංගට ඔයා උපසිරැසිය දාගත්තා නම්. දැන් අපි ඒක .ssa ගොනුවක් බවට පත් කරමු. ඒක කරන්නේ මෙහෙමයි. ඔයාට පේනවා ඇති Format කියලා එකක් තියෙනවා ඉහල මැද හරියට වෙන්න. අන්න ඒක ඉස්සරහා තියෙනවා පල්ලෙහාට දිග ඇරෙන මෙනුවක් (Drop Down Menu). ඒක ක්ලික් කරලා එතනින් තෝරන්න Sub Station Alpha (.ssa) කියලා එකක්. අන්න ඒක සිලෙක්ට් කරගන්න.

ඊලගට ඒකට එහා පැත්තෙන්ම තියෙනවා නේද Encoding කියලා එකක්. ඒකත් අරවිදිහටම ගිහිල්ලා. ඒකේ තියෙන UTF-8 කියන එක ලබාදෙන්න.

එහෙම තේරුවා නම් ඊලගට සේව් කරගන්න. දැන් ඔයා සාර්ථකව ඔයාගේ  .srt උපසිරැසි ගොනුව .ssa උපසිරැසි ගොනුවක් බවට පරිවර්තනය කරගෙන ඇත.

ඊලගට ඔයා subtitleEdit එක ක්ලෝස් කරලා දාන්න. ඒකේ වැඩ ඉවරයි. දැන් ඕපන් කරගන්න MaestroSBT කියන වැඩසටහන. මං වැඩිය කියන්න යන්නේ නැහැ මං කියන විදිහට කරන්න. පැහැදිලි කිරීම් කරන්න යන්නේ නැහැ. මොකද ඒකෙන් ඔයාගේ ඔලුව අවුල් උනොත්. :D හරි ඔන්න එහෙනම් වැඩේ පටන් ගමු.

මං හිතනවා ඔයා දැන් MaestroSBT විවෘත කරගෙන ඇති කියලා



දැන් එහි ඉහල වහ් කෙරවලේ තියෙන File මෙනු එකට ගිහිල්ලා .ssa විදිහට ඔයා සේව් කරගත්ත උපසිරැසි ගොනුව ලබා දෙන්න.

ඊලගට දකුණු පස කෙලවරේ ඉදන් පහලට ඇති බටන් එතක්. මං පිලිවෙලට කියාගෙන යන්නම් කරන්න ඕනා වෙනස්කම් ගැන.

මුලින්ම තියෙන්නේ Set Files කියලා ඒක ක්ලික් කරලා එන වින්ඩෝ එකේ උඩින්ම තියෙන Browse බටන් එක ඔබලා කොහෙන් හරි New Folder එකක් හදලා OK කරන්න. ඊලගට ඒ වින්ඩෝ එකත් OK කරන්න.
දැන් නැවතත් ප්‍රධාන වින්ඩෝ එකට ඇවිල්ලා ඇති.

දැන් යන්න දෙවනි බටන් එක Rendering. ඒක ක්ලික් කරන්න. දැන් එයි තරමක් ලොකු වින්ඩෝ එකක්. මං එහි රූප රාමුවක් පලින් දෙන්නම්. ඒ රූප රාමුවේ තියෙන විදිහට ඔයාගේ එකත් වෙනස් කරගන්න.



දැන් ක්ලික් කරන්න Rendering Option කියන වින්ඩෝ එකේම තියෙන Color Keys කියන එක. මං එකෙත් රූප රාමුවක් ලබාදෙන්නම්. ඒ විදිහට ඔයාගේ එකත් හදාගන්න. එහෙම හදාගෙන ඉවරවුනා OK විධානය දීලා ඉවත් වෙන්න ප්‍රධාන මෙනු එකට වෙනකම්.




ඊලගට තියෙන බොත්තම තමයි Timing, ඒක ක්ලික් කරන්න. එතකොට ලැබෙයි කුඩා වින්ඩෝ එකක්. ඒකට අපි ලබාදෙන්න ඕනා FPS අගය. කොහොමද ඒක හොයන්නේ. සිම්පල් ඔයා උපසිරැසි ගන්වන් වීඩියෝ එක ප්ලේ කරන්න ඊලගට වීඩියේ එක උඩ Right Click කරලා Media Info / Video Info ඔය විදිහට ඇති, ප්ලෙයර් එකෙන් ප්ලෙයර් එකට වෙනස් වෙනවා. ඒතකොට ලැබෙයි විඩියේ එක ගැන තොරතුරු. ඒකේ බල්න්න වීඩියෝ කියන ටැග් එකේ ඇති Frame Rate : 25.000 fps ඔය වගේ. අන්න එහෙම ඔයාගේ විඩියෝ එකේ අගය බලලා මේ වින්ඩෝ එකේ තියෙන FPS In සහ FPS Out කියන දෙකට ලබාදෙන්න. මතක තියාගන්න මෙහි එන අගයන් දෙකම එකම අගයන් විය යුතුයි. ඊලගට OK විධානය දෙන්න.

දැන් නැවතත් ප්‍රධාන වින්ඩෝ එකේ ඉන්නේ ඔයා. ඊලගට Segments කියන බොත්තම ඇත්තේ ඒක ගැන මං සදහන් කරන්නේ නැහැ, මොකද එකෙන් මං තාම වැඩක් ගත්තේ නැහැ.

හරි දැන් ඊලගට තියෙන්නේ Styles බොත්තම. ක්ලික් කරන්න ඒක. එතකොට ලැයෙි පොඩි වින්ඩෝ එකක්. ඒකේ තියෙන Default කියන එක සිලෙක්ට් කරලා Edit Style කියන එක ක්ලික් කරන්න. දැන් එයි තවත් අලුත් වින්ඩෝ එකක්.




ඒකෙදි ඔයා Font Face, Font Type කියන තැන තියෙන Change  කියන බොත්තම ඔබන්න. එකෙදි නැවත්ත කුඩා වින්ඩෝ එකක් ඕපන් වෙයි. ඒකෙන් තොරන්න Font එක ලෙස Iskoola Pota සහ සයිස් එක ලෙස 50 දෙන්න. (එයාට කැමති සයිස් රකක් දෙන්න හොදේ). ඊලගට OK බාත්තම ඔබන්න.



තව ඕනා නම් ඔයාට අකුරු වලට පාට එකතු කරගන්න අනම් මනම් කරන වැඩ ඔතනදි කරගන්න පුලුවන් පොඩ්ඩක් කරලා බලන්නකෝ ඒවා ඔයාම. ඒවා සේරම ඉවර වුනාම OK බොත්තම ඔබලා ආයෙමත් ප්‍රධාන මෙනු එකට යන්න.

ඊලගට තියෙන්නේ Edit & Preview  බොත්තම. ඒක ගැනත් මං සදහන් කරන්නෙ නැහැ. (ඒක ගැන පොඩියට කිවුවොත් ඔයාගේ උපසිරැසිය තිරයේ දිස්වෙන්න ඕනා කොතැනද කියලා වෙනස් කරගන්න පුලුවන්. )

දැන් මං කිවුව විදිහට සේරම වැඩ ටික කලා නම් අන්තිමේටම තියෙන Generate කියන බොත්තම ඔබන්න. එවිට ප්‍රෝග්‍රෙස් බාර් එකක් එයි ඒක පිරිලා ඉවර නෙකම් ඉන්න.

දැන් ඔයා ගිහිල්ලා බලන්න අර New Folder එකට ඒකේ ඇති පිරෙන්න icon ගොඩක්. දැන් ඉන්නේ අන්තිම පියවරේ. දැන් විවෘත කරගන්න අන්තිමේටම අපි බාගත්තු වැඩසටහන Son2Vob.

එය කුඩා වින්ඩෝ එකක්. එහි ඉහලින්ම තියෙන ….. සහිත බොත්තම ඔබන්න. ඊලට එයි ඔපන් කරන වින්ඩෝ එක. එකෙන් ඔයා ලබාදෙන්න අර New Folder එක. ඒක ඇතුලේ ඇති තනි ෆයිල් එකක් .son විදිහේ. ඒක ඕපන් කරගන්න.



ඊලගට තියෙන ….. බොත්තම ඔබලා idx/sub  ගොනුව සේව් වි යුතු තැන ලබා දෙන්න. ඊලගට ඔයා පහලින් දකීවි Width Height   FPS කියලා ටෙක්ස් ෆීල්ඩ් තුනක්. ඒවට ඔයා පිලිවෙලින් ලබාදෙන්න ඕනා ඔයා  MaestroSBT එකෙදි Rendering කියන තැනදි ලබා දීපු අගය සහ Timing කියන තැනදි ලබා දීපු අගය. මං නම් දෙන්නේ  1920  1080  23.976 කියන සෙට් එක තමයි. (ඔයා ඔයා ලබා දීපු අගයන් දෙන්න) ඒ ටික පිරෙව්වට පස්සේ එකෙන්ම ඔබන්න Convert බොත්තම. ටික වෙලාවක් යයි වැඩේට. කලින් වගේම ප්‍රෝග්‍රස් බාර් එකක් පිරෙයි. ඒ පිරිලා ඉවර උනාම. ඔයා විඩියෝ එකත් එක්ක ප්ලේ කරලා බලන්න. වැඩේ ගොඩ.

දැන් ඔයා ලග තියෙන ඕනෑම .srt වර්ගයේ උපසිරැසි ගොනුවක්  idx/sub   විදිහට හදලා ඔයාලගේ රූපවාහිනි යන්ත්‍රයෙන් නරඹන්න පුලුවන්. තව ඔයාට උපසිරැසි ගොනුව ලේසියෙන්ම වීඩියෝව සමග සම්බන්ධ කරන්න පුලුවන්. එහෙනම් මේ පාර ලිවුවේ ගොඩක් දීර්ඝ ලිපියක්. කියවන්න ගියාම එපා වෙයිද මන්දා. උවමනාව තියෙන කෙනා කියවයිනේ. නේද. :D එහෙනම් මං ගියා. තවත් මොනා හරි දේකින් ඉක්මනින්ම හම්බවෙමුකෝ.

ආයෙමත් මතක් කරන්න ඕනා මාව මේ පිලිබදව දැනුවත් කල අරිසෙන් සහෝදරයාව. ඔහුට මේ මොහොතේ මං ගොඩක් ස්තුති වන්ත වෙනවා.

අහිංසක හිත්නේ.

48 comments:

  1. මේක ගොඩක් වටිනා ලිපියක් මචං... මට නම් ගොඩක් වැදගත්... thanx (Y)

    ReplyDelete
  2. ගොඩක් වටිනා ලිපියක්. සෑහෙන්න දේවල් ඉගෙනගත්තා . මේක කරගන්නේ කොහොමද කියල හොය හොය හිටියේ .ස්තුතියි සහෝ.

    ReplyDelete
  3. @ashan, @Vishwa Deshan, @Buddy Thanks mchanla adahas dakwuwata

    ReplyDelete
  4. පට්ට සහෝ මටත් ඕන වෙලා තිබ්බ දෙයක් මේක කරන හැටි.

    ReplyDelete
  5. මේහෙම කලාට tv එකේ වැඩ කරන්නෙ නෑනෙ....???? ඇයි ඒ?

    ReplyDelete
  6. @Isuru Wada karanna ona machan. balanna Video file eke name ekai, sub/idx file 2ke name 2kai eka samanada kiyala..

    ReplyDelete
  7. මචන් මම එහෙම කලාම එන්නේ අකුරු කලු පාටට නේ :(
    මොකක් හරි කියපන්කෝ විසඳුමක්. මම හෙන දුකක් විඳින්නේ ලැප් එක HDMI එකකින් කනෙක්ට් කරගෙන. සිංහල සබ්ටයිටල් දාගෙන බලන්න. මේක හරි ගියොත් ඒ කරදරේ ඉවරයි. ලොකු පිනක්.

    ReplyDelete
  8. @ Ano, Machan man kiyala thiyena vidihata Akuru wala colors hadala, oye steps tika oye vidihatama karapan mchan. poddak ayemath check karala balapan..

    man dala thiayena 4to eke vidihata colors hadala try karala balanna. hariyanna ona

    ReplyDelete
  9. මචන් මමත් උඹේ පියවර ඒ විදිහටම කළා. මගේ TV එක Samsung Series 5 LED එකක්. එත් සබ් එක වැඩ කරන්නේ නැහැනේ එකේ. මම USB එකෙන් තමා ෆිල්ම් එක TV එකට සම්බන්ධ කලේ. srt නම් වැඩ එත් සිංහල සබ් එක වැඩ නැහැ. මම මේ උඩ දුන්න පියවර ටික අපහු කරලා බැලුවා. දෙතුන් සැරයක් චෙක් කළා. එත් TV එකේ Play වෙන්නේ නැහැ. USB Drive එක ලැප් එකට ගහලා Play කලාම idx සබ් එක වැඩ. එත් TV එකේ නැහැ. කරන්න දෙයක් නැති නිසා අර උඩ යාළුවා කිව්වා වගේ HDMI කේබල් එක ලැප් එකට ගහල තමා බලන්නේ. TV එකේ මේ ෆෝමැට් එක වැඩ නැද්ද දන්නේ නැහැ. මොනවා හරි දන්න දෙයක් තියෙනවනම් කියලා දියන් මචෝ.

    ReplyDelete
  10. @Hasantha : uba qwa wage tv eke idx sub wada karanne nadda danne na mchan. eth ape tv eke nam wada karanawa machan. ane manda. HDMI eka thamai danata thiyena visaduma. :(

    ReplyDelete
  11. මම ඔය විදිහටම කලා,ටිකක් බෝල්ඩ් ගතිය වැඩියි.
    ඒක අඩු කරගන්නේ කොහොමද?

    ReplyDelete
  12. Thanks mchan post ekata,but machan ape TV eke simbols ne vatenne.visadumak thiyanavada...
    idx .sub vadakaranava tv eke, can zoom eke dennathi hinada thanayi ma avla,

    ReplyDelete
  13. මචං ධනුෂ්ක මේක කරන්නේ කොහොමද කියලා බල බලා හිටියේ. ඒත් බන් MaestroSBT එකට එනකන් හරියට වැඩේ වෙනවා. පස්සේ Son2Vob එකට දාලා කියුව විදියට කන්වර්ට් වෙන්න දුන්නා නමුත් කන්වර්ට් වෙන්නේ නෑනේ. අයිඩීඑක්ස් ෆයිල් එක හැදෙනවා සබ් එකත් හැදෙනවා සබ් එකේ කිලෝ බයිට් 0 මොකද කරන්නේ? ප්‍රොග්රස් බාර් එකක් එන්නෙත් නෑ

    ReplyDelete
  14. ධනුෂ්ක සහෝ සබ් එක්ක ෆිල්ම් එක මර්ජ් කරන සොෆ්ට් එකක් කියන්න්කෝ

    ReplyDelete
  15. @Lhiru - mchan aye parak karala balapan mchan. .son file eka neda import kale Son2Vob ekata. ehem akala nam aniva wenna ona mchan.

    @Leon I Cafe - ekata nam mchan man use karanne TVC - Total Video Converter eka thamai

    ReplyDelete
  16. Bro iskoola pota aniwaryen denna ooneda....?

    ReplyDelete
  17. මාත් මේ සිංහල උපසිරැසි Idx sub විදිහට හදන හැටි හොය හොයා හිටියේ.
    ඔයාට ගොඩක් ස්තූතියි.....

    ReplyDelete
  18. subtitle editor එකෙන්ම sub/idx විදිහට කර ගත්තොත් වැඩ කරන්නේ නැද්ද?

    ReplyDelete
  19. Sira katawa..apita sub/idx subtitledit ekenma export karanna puluwanna puluwan neda..?

    ReplyDelete
  20. thawa vdiyak nedda srt sub/idx walata harawana vidiya gena

    ReplyDelete
  21. no need to waste time . just use Winavi all in one converter
    https://youtu.be/nBm23q6ZU4s.

    ReplyDelete
  22. iskoola pota font eka MaestroSBT pennan nane

    ReplyDelete
    Replies
    1. Control panal font folder ekata gihin iskolapota font eka right clk karala show select karanna.

      Delete
  23. hi.... mama rasika machan... me idx/sub hadila iwara unama video 1kath ekka play karama a=+? a_-+/a+ mevidiyata wada ai machan? iskoola pota dala oya kiyapu piyawara ehemama kara... mokadda awula machan.. .

    ReplyDelete
  24. මචං මං ෙම් කියපු විදියටම කලා ඒත් සිංහල අකුරු වැෙටන්ෙන නැ ඔය උඩ රසික කියන විදියටමයි වැෙටන්ෙන අැයි බන් ඒ්

    ReplyDelete
  25. iskoola pota font eka MaestroSBT pennan nane

    ReplyDelete
  26. machan plz kiyapan ban visadumak

    ReplyDelete
  27. Akuru hariyata penne nathi hethuwa hoyagaththa.

    "MaestroSBT" eken file open karanakota "Open UFT-8 File" select karanna.
    Naththam Unicode pennanne na.

    ReplyDelete
  28. Okkoma hari bn...samaharak films walata hariyatama wada..samaharak film wala sub 1 pennanne na...helo me machan...mn oya tyna piliwekatamai karanne..mokakda hethuwa kiyla hithaganna ba..

    ReplyDelete
  29. මාත් මේක කරන හැටි ගොඩක් හෙව්ව වැඩේ ගොඩ , ස්තූතියි , MaestroSBT එකෙන් ssa fie එක open කරගන්නකොට open uft-8 දෙන්න නැත්නම් විකාර ටිකක් පෙන්නනෙ , thank you ����

    ReplyDelete
  30. අනික video එක play වෙන්න පටන්ගෙන විනාඩි 5කට විතර පස්සෙ තමයි sub file එක load වෙලා ඉවර වෙන්නෙ , ඒක නිසා ප්ලේ කරල ටිකක් බලන් ඉන්න .

    ReplyDelete
  31. මේක නිකං වැඩකරන්නේ නං නෑ ඒත් dvd එකකට write කරලා film එකත් එක්කම sub එකත් (.sub file එක) දාලා නියමෙට වැඩ ඇත්තටම අපිට ඕනි ඒක නෙමේ නේ මේක නේ වෙන්න ඕනේ sub එකයි film එකයි pen එක්කට දාලා tv එකෙන් බලන්න නේ ඒකට sub එක film එකත් එක්ක merge කරන්න ඕනේ WinAVI All-in-One Converter එකෙන් පුළුවන් ඒක කරන්න

    ReplyDelete
  32. මචන් phone eken subtitles merge krala tv eken blana kramyk ndda.mta computer ekk na

    ReplyDelete
    Replies
    1. Phone eken merge karanna puluwan kramayak hamubnananm matath kiyala denna.

      Delete
  33. Wade try karala karagatta.Niyama pahadilikireemak machan.Thanks a lot.Tiger Zinda Hai,URI films dekama set una.
    Baaghi 2 eke nm Subtitle eka hadaddi Generate karama Error ekak enawa machan.Eka nm karaganna hambun na.
    But overall Thanks a lot.

    ReplyDelete
  34. Machan phone eken oya wade kranna app ndda

    ReplyDelete
  35. Thank you kiyala dunnata. me link eke thiyana widihath wada karanawa. Try karala balanna.

    https://vpsfix.com/3449/hardcode-sinhala-subtitle-file-video/

    ReplyDelete
  36. Thanks bro... Godak watinwa...

    ReplyDelete
  37. වටින ලිපියක්. ඒත් මේ විදිහට හැදුවත් ටීවී එකට දැම්මාම undefined subtitle කියලනේ එන්නේ, Sinhala font එක ටීවී එකේ support කරන්නේ නෑනේ.

    ReplyDelete
  38. mona hutthakda ponnayo me? Sarlawa kiyapan nathnam puka keepan

    ReplyDelete