Thursday, May 17, 2012

The Thing 2011 සිංහල උපසිරැසි සමග

ඔන්න එහෙනම් තවත් බයිස්කෝප් එකක් ගෙනාවා. මේකත් පට්ට සිරා බයිස්කෝප් එකක්.

කතාව ගැන කියනවා නම් සිරා. මේකයි සීන් එක. පිටසක්වල කේස් එකක් තමයි යන්නේ. කස්ටියකට හම්බෙනවා දඩ යානයක්. ඒත් එක්කම දඩ සතෙක්වත්. ඌ අයිස් තට්ටුවකින් වැහිලා ඉන්නේ. මේ කස්ටිය. මේ කස්ටිය කියන්නේ. පරීක්ෂකයෝ මේ සතාව අයිස් කුට්ටිය පිටින් කපලා එයාලගේ කෑම්පි එකට අරන් යනවා. මේ කට්ටිය ඉතිං හිතන්නේ මූ මැරි ඉන්නේ කියලා. ඒත් එහෙම නෑනේ මූට පන තියෙනවානේ. මල කෙලියයි මූ අයිස් කුට්ටිය කඩාගෙන පනිනවා එලියට. ඔන්න ජංජාලේ පටන්ගත්තා. මෙතනින් එහාට ඉතිං කියලා වැඩක් නැහැ බාගෙනම  බලන්න.

මේ උපසිරැසියත් එක්තරා අඩවියක පලවුනා ඒ අඩවියට මේක දුන්නෙත් මං තමයි. මේ බ්ලොග් එකේ ඇඩ්මිනුත් මමමයි කතෘත් මමමයි. මට ලිපි ලැබෙන්නේ නැහැ කොහෙන්වත්. ලැබෙනවා නම් නොදා ඉන්නෙත් නැහැ. ආසාවෙන් දානවා. දුන්නේ නැහැ කියලා තරහකුත් නැහැ. මං මට ඉඩ තියෙන වෙලාවල් එක්ක සබ් දාගේ මේකේ පබ්ලිෂ් කරන්නම්. හැමෝම දාන ඒවට දාන්නේ නැහැ. එහෙම වැඩක් නැහැනේ දෙන්නෙක් එක බයිස්කොප් එකක් සදහා කාලය කා දාන එක්. එ නිසා අනිත් අඩවිත් එක්ක බලලා තමයි මං සබ් දාන්නේ.

ඔයාලා ආස කරන බයිස්කොප් තියෙනවා නම් කොමෙන්ටුවකින් හරි දාලා යන්න නැත්තම් මගේ මූණුපොතේ  අකවුන්ට් එකට දාන්න. ඒ කිවුවේ ෆෑන් පේජ් එකට අනේ.

එහෙනම් අපි ගිහින් එන්නම් තව බයිස්කොප් එකකින් සෙට් වෙමු.. ජය වේවා..

Final Destination 5 සිංහල උපසිරැසි සමග


මේක ගැන කියනවා නම් මේකත් එක්තරා අඩවියක පලවුනා. ඒකට දඅන්තේ ඉතිං මමම තමයි. මටත් ආසාවක් ආවනිසයි සංහලෙන් බ්ලොග් එකක් පටන් අරන් මෙහෙම මගේ උපසිරැසි දාන්න හිතුවේ. සමාවෙන්න ඕනා මේක කාට හරි කරදරයක් නම් හොදේ. අහිංසක හිත්නේ.

Planet Of The Apes (2001) සිංහල උපසිරැසි සමග


මේ මගේ දෙවනි උපසිරැසි ගැන්වීම මේක තමයි අර සයිට් එක පල කරන්න බැහැ කිවුව සබ් එක. හිහි.
අවුලක් නැහැ. බලපු නැති කට්ටිය ඉන්නවා නම් බාගෙන බලන්න.

X- MEN First Class සිංහල උපසිරැසි සමග

මේක තමියි මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම. ඇත්තෙන්ම කියනවා නම් මේක ගොඩක් කට්ටිය බලලා ඇති. මේක තවත් ප්‍රධාන පෙලේ උපසිරැසි දෙන සයිට් එකක පලවුනා. ඒකට දුන්නෙත් ඉතිං මං තමයි. හික්ස්. :D

එහෙනම් මොන මගුලකටද අයේ දාන්නේ නේද. එහෙමත් හිතනවා ඇති කස්ටිය. මේකයි කතන්දරේ. මගේ තවත් බ්ලොග් එකක් තිබ්බා ඉතිං මං ඒකටත් මං උපසිරැසි දාපු ගමන් මගේ ඒ සයිට් එකටත් මං දානවා සබ් ෆයිල් ඒක. ඒකේ ඉතිං වරදක් නෑනේ. ඒ දාලා තමයි මං කිවුව අනිත්  ප්‍රධාන පෙලේ සයිට් එකට යවන්නේ. ඉතිං මං ඒ විදිහට තමයි මේකත් ඒ සයිට් එකට යැවුවේ. අදටත් ඒක ඒ සයිට් එකේ ජනප්‍රිය ලිපි 5 ඇතුලත තියෙනවා. මං ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. :D

ඒ සතුටෙන්ම මං තවත් එකකට සබ් දැම්මා දාලා මං අර සයිට් එකටත් යැවුවා. මෙන්න ටික දවසකින් මට මේල් එකක් එනවා. ඔබගේ උපසිරැසි ගොනුව තවත් අඩවියක පලවී ඇති බැවින් අප එය පබිලිෂ් කොරන් නැහැ කියලා.. :'( අහෝ දුකකි. එදා නම් මට ඇත්තටම ගොඩක් දුක හිතුනා. ඒ වෙනත් අඩවිය කිවුවේ මගේම බ්ලොග් කෑල්ලටනේ.. හ්ම්ම්.. කමක් නැහැ මං ඒ අයත් එක්ක කිසිම අමනාපයක් නැහැ. :D