Sunday, December 8, 2013

Monday, December 2, 2013

Sweety Manika - Iraj ft Infaz , Janani - MP3 and Lyrics





MP3 එක පහලින් බාගන්න
MP3

Badtameez Dil - Yeh Jawaani Hai Deewani With Sinhala Subtitles



ඔන්න තවත් ලස්සන ගීතයකට උපසිරැසි අරගෙන ආවා. මේ ගීතයට කැමති කට්ටියත් ගිහිල්ලා බලන්නකෝ කොහොමද කියලා.

Friday, November 29, 2013

Sun Raha Hai Sinhala Version (Pawi Awaden - Thilina Sampath) Lyrics and Mp3



සිහිනෙන්වත් ඔබ හට මා නැතිවේදෝ
සිතුවම් මැකිලා අදුරේ
තනිවිලා මා මේ ලෝකේ
ආදරේ නාමෙන් මියැදිලා
හුස්මක් වත් නැ දැන් ඇගේ
දුටු රූපේ සිහිනෙන් වාගේ
බොද වීලා ඈතට ඇදෙනවා

සිහිනෙන්වත් ඔබ හට මා නැතිවේදෝ
යලි ආයේ මා සිත ආලේ වේදෝ
පාවි ආවදෙන් ඇගේ සිනාවන්
පාවි ආවදෙන් මාගේ වේදනාවන්

පාවි ආවදෙන් ඇගේ සිනාවන්
පාවි ආවදෙන් මාගේ වේදනාවන්

මාගේ වී ඒ ආදරේ
මා සිතේ දග කෙරූ
ඉටුවේ නම් මා හදේ
ඈ කෙරේ වූ පැතුම්
මැවේවි ජීවය මගේ
පායාවී පුන් සද වාගේ

සිහිනෙන්වත් ඔබ හට මා නැතිවේදෝ
යලි ආයේ මා සිත ආලේ වේදෝ
පාවි ආවදෙන් ඇගේ සිනාවන්
පාවි ආවදෙන් මාගේ වේදනාවන්

ජීවිතේ දැන් නැවතිලා
මාගේ අද ඉතිං
මේ ගී දැන් කාටදෝ
පවසන්නේ මා හදින්
මේ කදුලැල් මාගේ නොවේදෝ
මේ ගී දැන් ඈ හට වේදෝ

සිහිනෙන්වත් ඔබ හට මා නැතිවේදෝ
යලි ආයේ මා සිත ආලේ වේදෝ
පාවි ආවදෙන් ඇගේ සිනාවන්
පාවි ආවදෙන් මාගේ වේදනාවන්

පාවි ආවදෙන් ඇගේ සිනාවන්
පාවි ආවදෙන් මාගේ වේදනාවන්


Bhula Dena Mujhe (Aashiqui 2) With Sinhala Subtitle


Film Name : Aashiqui 2

Director  :Mohit Suri
Producer : Bhushan Kumar,Mukesh Bhatt and Krishan Kumar.
Movie Written : Shagufta Rafiqui
Music : Jeet Ganguly (T-Series)
Singer : Mustafa Zahid
Lyrics Writter : Sanjay masoomm

Sinhala Subtitle Creator : DT Lakmal

Watch a Song

Saturday, October 19, 2013

Sun Raha Hai (Aashiqui 2) Original Video and Original Sound Track with SINHALA Subtitle



ගොඩ දවසකින් ආයෙමත් මන් ලස්සන ගීතයකට සිංහල උපසිරැසි අරගෙන ආවා. මේ වෙනකොටත් ගොඩ දෙනෙක් මේ ගීතය අහලා ඇති, මේ ගීතය ඇතුලත් ච්ත්තරපටයත් නරඹලා ඇති. මේ ගීතය මගේ හිතට වැදුන නිසා මට හිතුනා සබ් එක්ක මේක දෙන්න ඕනා කියලා. එහෙනම් හැමෝම බලලා හොද නරක කියන්නකෝ.

අහිංසක හිත්නේ




උපසිරැසි ගොනුව පහලින් බාගන්න
බාගන්න

Saturday, October 5, 2013

Susumin Weli MP3 & Lyrics (Thum Hi Ho Sinhala Version by Sanka Dineth)


MP3 එක මෙතනින් අහන්න

ජීවිතයට හිමි අවසන් හුස්මත්
රැගෙන ගියා නුබ රැගෙන ගියා
ජීවිතයට හිමි අවසන් හුස්මත්
රැගෙන ගියා නුබ රැගෙන ගියා

මේ ලොව එක සැනසුම් සුසුමක් නෑ
නුබ නැති දා මා තනි වූ දා

කදුලින් තෙමී සුසුමින් වෙලි
හදවතින් මා මැරි මැරි
නෑ යලි සතුටක් දැනී
ඔබේ ආදරෙන් මා යයි දැවී

තුරුලේ වෙලි මට කීව කතා යලි
සවනේ රැව් දෙයි මහද රිදී
ඔබ නැති ලෝකෙක මට මා හිමි නැත
මා මියදෙයි සුසුමන් සිරවී
හැම හුස්මක නුබෙ නම ඇත ලිය වී
හැර යන්නට බැහැ කිසිදා.....

කදුලින් තෙමී සුසුමින් වෙලි
හදවතින් මා මැරි මැරි
නෑ යලි සතුටක් දැනී
ඔබේ ආදරෙන් මා යයි දැවී

කදුලින් තෙමී සුසුමින් වෙලි
හදවතින් මා මැරි මැරි
නෑ යලි සතුටක් දැනී
ඔබේ ආදරෙන් මා යයි දැවී


MP3 මෙතනින් බාගන්න
Download

Saturday, May 25, 2013

Obata Nohaka (Ishan [Mal Devata Tele Drama Theme Song]) Lyrics & MP3




ඔබට නොහැක
මගේ සෙවනට එන්නට....
මටද නොහැක
මල් විමන් තනන්නට
නමුදු සොදුරේ මේ සුවිසල්
අහස යට..
අපේ සුසුමන් හමුවෙලා
මුමුණනු ඇත

අතැගිලි නොබැදෙන
හිත බැදි සෙනෙහස
සසර පුරා ලග ඉන්න ඇතී
ඒ අත් භවයෙත් මේ වාගෙම අපි
හමුවී වෙන් වී යන්න ඇති

හමූ වී වෙන් වෙමු
සසර පුරුද්දට
එකම සදේ.. සද
එළිය දකින කොට
ඉසුරුමුණිය පෙම් යුවල නොවේ අප
හිනැහෙමු කදුලැලි
සගවා හිත යට


MP3 එක පහලින් බාගන්න


Tuesday, March 5, 2013

Tere Bina (Tezz Movie Song) With Sinhala Subtitle


ඔන්න යාලුවනේ ආයෙමත් මං තවත් ලස්සන ගීතයකට සිංහල උපසිරැසි අරගෙන ආවා. මේකටත් මං උපසිරැසි ගැන්වුයේ ඉල්ලීමක් පරිදි. ඇත්තටම මේක ලස්සන සිංදුවක්. සිංදුව ගැනත් කෙටි විස්තරයක් මං කියන්නම්කෝ.

ගිය අවුරුද්දේ ඒ කියන්නේ 2012 අවුරුද්දේ ආව ලස්සන හින්දි චිත්‍රපටයකට තමයි මේ ගීතය ඇතුලත් වෙලා තියෙන්නේ. මේ චිත්‍රපටය ගොක් අය බලලා ඇති අනිවාර්යයෙන්. කවුරුත් දන්න ප්‍රසිද්ද චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන ප්‍රියදර්ෂන් විසින් අධ්‍යක්ෂනය කරපු Tezz යන නම් දාරාපු චිත්‍රපටයේ ඇතුලත් ගීතයක් තමයි මේක. චිත්‍රපටය ගැන කිවුවොත් බොලිවුඩ් වල බොහෝ ජනප්‍රියතාවයක් උසුලන නලු නිලි පිරිසක් තමයි මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්නේ. ඒ අතරින් නම් කීපයක් කියනවා නම් Anil Kapoor,Ajay Devgn,Zayed Khan,Mohanlal,Boman Irani,Kangna Ranaut,Sameera Reddy. අද මං මේ ගෙනාව සිංදුව මේ චිත්‍රපටයේ තියෙන ජනප්‍රියම සිංදුව කිවුවොත් නිවැරදි ඇති. මාත් අහපු පලවෙනි පාරම ගොඩක් ආස හිතුනා. මොකද මේ ගීතය ගායනා කරන්නේ ඉතාමත් ප්‍රසිද්ද පට්ට පතුරු ලෙස ගීත ගායනා කරන Rahat Fateh Ali Khan විසින්. එහෙනම් හැමෝම ගීතය රසවිදලා, පොඩි හරි අදහසක් පහලින් දාගෙන යන්න අමතක කරන්න එපා හොදද.

අහිංසක හිත්නේ.

සිංහල උපසිරැසි ඇතුලත් කල ගීතය

මුරපදය dtlakmal.com

සිංහල උපසිරැසි ගොනුව පහලින් බාගන්න
සිංහල

Mage Es Diha Bala - Hiran Thenuwara (6th Lane) - Lyrics, Music Video & MP3




මගේ ඇස් දිහා බලා හඩන්නට එපා
මේ තරම් ආදරේ දුරක් ඇවිදින්
දුකක් දී නුඔ ගියා
මගේ ඇස් දිහා බලා

කුලුදුල් මගේ ආදරේ සගවන්න බෑ
රහසේ හඩනා තරම් නුඹ දන්නේ නැහැ
ආයේ හමුවෙන්න මට තහනම්
ඉවසන්න බෑ මේ සරදම්

මගේ ඇස් දිහා බලා හඩන්නට එපා
මේ තරම් ආදරේ දුරක් ඇවිදින්
දුකක් දී නුඔ ගියා
මගේ ඇස් දිහා බලා

දෙනෙත් තරු මල් බලා හිනහෙන්න බෑ
කීයු පෙති ආදරෙන් සිපගන්න බෑ
කීව නාහන හැටි හිත මගේ
අහිමි නුඹ ගැන දැන් ලතවෙන්නම්

මගේ ඇස් දිහා බලා හඩන්නට එපා
මේ තරම් ආදරේ දුරක් ඇවිදින්
දුකක් දී නුඔ ගියා
මගේ ඇස් දිහා බලා





MP3 එක පහලින් බාගන්න
MP3

Saturday, February 23, 2013

Priyanka Chopra - In My City feat Will.i.am with Sinhala Subtitle


ඔන්න සෑහෙන කාලෙකට පස්සේ තවත් අලුත් සිංදුවකට උපසිරැසි අරගෙන ආවා. මේකට සබ් දාන්න හිතුවේ යාලුවෙක් කරපු ඉල්ලීමකට අනුව. ඒ යාලුවවත් මං මේ වෙලාවේ මතක් කරනවා එහෙනම්.

අද ගෙනාව සිංදුව නම් ටිකක් වෙනස් වෙයි. මොකද අපි මෙතෙක් කල් රංගන හැකියාවන් දැකපු නිලියක් තමයි මේ සිංදුව කරලා තියෙන්නේ. ඒ තමයි ජනප්‍රිය බොලිවුඩ් නිලියක් වෙන ප්‍රියන්කා චොප්රා. ගොඩක් අය දන්නවා ඇති හින්දි චිත්තර පටි බලනවා නම්. එයා තමයි මේ ගීතය ගායනා කරන්නේ. තව මේ ගීතයට රචනයෙන් දායක වෙලා තියෙනවා Priyanka Chopra, Ester Dean, RedOne, William Adams, Ester Dean, Brett James, Dante Jones, RedOne කියන සෙට් එක. ඒ වගේම මේ ගීතයේ ප්‍රියන්කා සමග සහය ගායනයක් කරනවා ඇමෙරිකානු රැප් ගායකකේ වෙන  will.i.am. ලස්සනට විඩියෝ එකත් කරලා තියෙනවා. හැමෝම බලන්නකෝ එහෙනම් කොහොමද නිලියගේ ගායන හැකියාවත් කියලා.

එහෙනම් තවත් ගීතයකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් මං යනවා හොදේ. අහිංසක හිත්නේ.

සිංහල උපසිරැසි සමග ගීතය නරඹන්න

මුරපදය ලෙස dtlakmal.com

ඔරිජිනල් ගීතය යූ නලයේ ඇති.

සිංහල උපසිරැසි ගොනුව පහලින් බාගන්න
සිංහල

Friday, February 22, 2013

Hachchiyak Denna - Ranidu - Lyrics , Music Video & MP3




හාච්චියක් දෙන්න
මට කියන්නකෝ දැන් ආලේ කරන්නම්
හාච්චියක්  දෙන්න
කරමාලෙ නම් සාක්කුවේ දැන්
ලෑස්තියක් නැද්ද
මට හෙලන්නකෝ මෘදු වාත්තු බැල්මක්
ගාස්තුවක් දෙන්න
සුදු ලමිස්සියේ යන් යාප්පුවෙන් දැන්
නඩත්තුවක් දෙන්න
ලග සාප්පුවෙන් තනි සීට්ටුවෙන්
රන් මාලයක් ගන්න
ඔබ එක්කන් යන්න හදිස්සි
සාත්තුවක් දෙන්න
මගේ ආදරේ නම් සාගරේ වන්
ජීනවිතේ ගන්න
හැම ආත්මයේ මං ගාල් වුනේ නම්

හේ කෙල්ලේ
සද වතුරේ තෙමිලා බලන්නම්
හේ කෙල්ලේ
රතු දෙතොලේ සුවය විදින්නම්
හේ කෙල්ලේ
මෘදු කොපුලේ සුසුම් සලන්නම්
හේ කෙල්ලේ
හද පතුලේ සුවද බෙදන්නමයි

හාච්චියක් දෙන්න
මට කියන්නකෝ දැන් ආලේ කරන්නම්
හාච්චියක්  දෙන්න
කරමාලෙ නම් සාක්කුවේ දැන්
ලෑස්තියක් නැද්ද
මට හෙලන්නකෝ මෘදු වාත්තු බැල්මක්
ගාස්තුවක් දෙන්න
සුදු ලමිස්සියේ යන් යාප්පුවෙන් දැන්

හේ කෙල්ලේ
මම පැතුවේ තුරුලේ නිදන්නයි
හේ කෙල්ලේ
සද සිසිලේ පපුවේ වෙලෙන්නයි
හේ කෙල්ලේ
නෙතු සැලුනේ ඔබව දකින්නයි
හේ කෙල්ලේ
ඉගි කෙරුවේ  කරුණූ කියන්නයි

නඩත්තුවක් දෙන්න
ලග සාප්පුවෙන් තනි සීට්ටුවෙන්
රන් මාලයක් ගන්න
ඔබ එක්කන් යන්න හදිස්සි
සාත්තුවක් දෙන්න
මගේ ආදරේ නම් සාගරේ වන්
ජීවිතේ ගන්න
හැම ආත්මයේ මං ගාල් වුනේ නම්

හාච්චියක් දෙන්න
මට කියන්නකෝ දැන් ආලේ කරන්නම්
හාච්චියක්  දෙන්න
කරමාලෙ නම් සාක්කුවේ දැන්
ලෑස්තියක් නැද්ද
මට හෙලන්නකෝ මෘදු වාත්තු බැල්මක්
ගාස්තුවක් දෙන්න
සුදු ලමිස්සියේ යන් යාප්පුවෙන් දැන්





MP3 එක බාගන්න
MP3

Tuesday, February 5, 2013

Adariye - Shan Hassim - Lyrics & MP3






ආදරේ ඔබේ හදින් පැතූ
මිරිගුවක් කලේ
නෑ ඔබ නෑ ලගින්
ආදරියේ මා රිදවා ගියේ

ආදරේ ඔබේ හදින් පැතූ
මිරිගුවක් කලේ

රනින් මාල මුදු තැලි පලදා
අපේ වෙන්න හීන දැක්කා
හීන මැවුවේ මා විතරයි
ආදරේ නමින්
ඔබේ වෙන්න බෑ ආයෙත්
පෙරදා ලෙසින්

ආදරේ ඔබේ හදින් පැතූ

හීන අපේ සිද බිද දමලා
දෙනෙත් අගට කදුලැලි තියලා
අලුත් ලොවක කිරුලු පලදා
යන්න නුඹ ගිහින්
ඔබේ වෙන්න බෑ ආයෙත්
පෙරදා ලෙසින්

ආදරේ ඔබේ හදින් පැතූ
මිරිගුවක් කලේ



MP3 එක පහලින් බාගන්න 

Wednesday, January 30, 2013

Idea Honey Bunny Ur Style With Sinhala Subtitles



කොහොමද කස්ටියට. සෑහෙන කාලෙකින් ඔන්න සයිට් එක පැත්තට ආවා. මේ ටිකේ එනන් බැරි උනේ කොහෙද මගේ මොනිටර් පොඩ්ඩ ගියානේ යන්න. දැනුත් මේ ගෙදර තියෙන රූපවාහිනි යන්තරේ ගහලානේ ආවේ. ගෙදරිනුත් කෑගහනවා. ඒ නිසා ඉක්මනට මේක පබ්ලිස් කොරලා යන්න ඕනා.

ඇත්ත කියනවා නම් මං මේ අද ගෙනාව සිංදුව ටිකක් පරණ සිංදුවක්. ඒ උනාට මේ කාලේ හැම තැනින්ම ඇහෙන්න ගත්තා. ඒ නිසයි මාත් පොඩ්ඩක් විතර විපරම් කොරලා බැලුවේ. ගොඩක් අය නම් අහලා ඇති. මේ සිංදුවට උපසිරැසි දාලා, අප්ලෝඩුත් කොරලා දැන් සතියක් විතර වෙනවා. කොහෙද පබ්ලිෂ් කොරගන්න බැරිවුනානෙ මොනිටරේ ගිය හින්දා. ඔන් එහෙනම් අද දීලා යන්නමයි ආවේ. 

කට්ටිය බලන්නකෝ හොද නරක. මේක ටිකක් ෆනි (විහිලු) සිංදුවක්. මේක ගායනා කරන්නේ Amitbabh Bhattacharya සහ Amit Trivedi කියන දෙන්නා තමයි. තව මේ සිංදුව ලියලා තියෙන්නෙත්  Amitbabh Bhattacharya කියන කෙනාමයි. තව 2011 විතර තමයි මේ සිංදුව එලියට දාලා තියේනනේ. එහෙම තමයි මට නම් ආරන්චි වුනේ. වැඩිය මුකුත් කියන්න යන්නේ නැහැ අද නම්. මේ හදිස්සියේ ඇවිල්ලා මේක දාලා යන්නේ. එහෙනම් හැමෝම බලලා හොද නරක කොමෙන්ටුවකින් දාලා යන්නකෝ.

හැමෝටම තෙරුවන් සරණයි !!

අහිංසක හිත්නේ.

උපසිරැසිය සමග ගීතය නරඹන්න

මුරපදය dtlakmal.com

උපසිරැසි ගොනු පහලින් බාගන්න




Tuesday, January 22, 2013

Unicode Sinhala SRT Subtitle File Convert To IDX/Sub Format





බොහෝමයක් දෙනා හොයන ගැටලුවකට උත්තරයක් අරගෙන තමයි මං අද ආවේ. සිංහල උපසිරැසි ගැන්වීමේදි අපි භාවිතා කරන්නේ .srt කියන උපසිරැසි ගොනුව. මෙය ධාවනය කරන්න පුලුවන් වෙන් සිංහල යුනිකේත ස්ථාපනය කර ඇති පරිගණක යන්ත්‍රයක හෝ සිංහල ඇති ජංගම දුරකථනය පමණයි. මේ කාලේ ගොඩක් ජනප්‍රිය විදුලි උපකරණයක්නේ LCD, LED, කියන රූපවාහිනි යන්ත්‍ර, ඊට අමතරව තියෙනවා USB සම්බන්ධතාවක් සැපයිය හැකි DVD, Bluray, ඔය විදිහේ යන්ත්‍ර. නමුත් අපි .srt ගොනුවත් එක්ක මේ කියන යන්ත්‍ර වලින් ධාවනය කරන්න හැදුවොත්. උපසිරැසිය දර්ෂනය වන්නේ නැහැ. එක්කෝ කොටු කොටු වැටෙනවා නැත්තම් නිකන් ප්‍රශ්නාර්ථ ගොඩක් වගේ විකාර සෙට් එකක් වැටෙනවා.

ඉතිං ඕකට කරන්න තියෙන හොදම පිලියම තමයි idx/sub යන උපසිරැසි ගොනු ආකාරයට සකස ගන්න එක. මේක කරන එක ගොඩක් අය දන්නේ නැහැ. දන්න අය කියාදෙන්නෙත් නැහැ. ඒ නිසා තමයි මං තීරණය කලේ මේක ගැන ටිකක් හොයන්න. මොකද මට ඕනා වෙලා තිබුනා සිංහල උපසිරැසි ගොනුව විඩියෝ එකත් එක්ක Merge කරගන්න. ඒ කිවුවේ උපසිරැසියයි විඩියෝ එකයි වෙන වෙනම නැතිව උපසිරැසියත් වීඩියෝ එක ඇතුලටම දාගන්න. මුලින් මං උත්සහ ගත්තා .srt එක කොහොම හරි රිංගවගන්න ඒක හරි ගියා, ඒත් ඒකේ තියෙන ගුණාත්මක භාවය අඩුවුනා. ඉතිං මං උත්සහ කලා idx/sub විදිහට සබ් එක හදලා ඒක විඩියෝ එකත් එක්ක සම්බන්ධ කරගන්න. කොහොම හරි වැඩේ හරි ගියා.

මට මේ වැඩේ කරගන්න හැටි කියලා දුන්නේ ගොඩක් අය දන්න උපසිරැසි කලාවේ දැවැන්තයෙක් වන අරිසෙන් සහෝදරයා. ඇත්තම කියනවා නම් කිසිම දෙයක් හංගන්නේ නැතිව පැහැදිලිව කියා දුන්නා. ඒ ගැන මං ඔහුට ගොඩක් ස්තුති වන්ත වෙනවා. හරි අපි බලමු කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා.

මුලින් මේ ගැන පොඩි හැදින්වීමක් කරන්නම්.

නානාවිධ උපසිරැස ගොනු පවතින අතර, ඒවායින් කීපයක් ලෙස .srt, .ssa, .sub, xml, .mpl, .csv, .smi ඔය වගේ බොහෝමයක් තියෙනවා. ඒ සේරම ගැන කියන්න යන්නේ නැහැ මං. කතා කරන දේ ගැන විතරක් පොඩ්ඩක් කියන්නම්.

 idx/sub කියන්නේ ගොඩක් පරණ උපසිරැසි ගොනු වර්ගයක්. මොකද මෙහිදි වෙන්නේ උපසිරැසි ගොනුවේ ඇති වචන bitmap රූප බවට පත් කරන එකයි. .idx කියන ගොනුවේ සදහන් වන්නේ උපසිරැසිය දර්ෂනයට අවශ්‍යය වන කාල පරතරය සහ .sub  ගොනුවේ bitmap රූප තියාගෙන ඉන්නවා. මේ උපසිරැසි ධාවනය වීමට නම් අනිවාර්යයෙන් විඩියෝවේ සහ idx/sub කියන ගොනු දේකේම නම් සමාන වෙන්න ඕනා. (.srt ගොනුව වගේ විඩියෝ එක අඩට ඇදලා දැම්මට හරියන්නේ නැහැ ඕං). මේ  idx/sub කියන උපසිරැසි ගොනුවේ තියෙන ලොකුම අවාසිය තමයි උපසිරැසි ගොනුවේ ධාරිතාව ගොඩක් ඉහල අගයක් ගන්නවා .srt ගොනුවට වඩා. ඒත් එක්කම මේකේ වාසියකුත් තියෙනවා ඒ තමයි අපි මහන්සි වෙලා හදන .srt උපසිරැසි ගොනුවේ තියෙන අපේ නම් ගම් කපාලා දාන අයට  idx/sub බවට ඒ උපසිරැසිය පරිවර්තනය කලාට පස්සේ ඒ සෙල්ලම දාන්න අමාරු වෙන එක. :D. ඒත් රක්කම තව අවාසියක් තියෙනවා මේ  idx/sub වර්ගයේ උපසිරැසි ගොනු subscene, opensubtitle වගේ ප්‍රසිද්ද උපසිරැසි ලබා දෙන අඩවි බාරගන්නේ නැහැ. ඒ මොකද මේවායේ ධාරිතාවය වැඩි නිසා.

දැන් බලමු මේ වැඩේ කරගන්න අපිට අවශ්‍යවන මෘදුකාංග ගැන.

මුලින්ම ඔයාට අවශ්‍යය වෙනවා subtitleEdit කියන මෘදුකාංගය. ඒක ඔයාට මෙතනින් බාගන්න පුලුවන්.මේ මෘදුකාංගය අවශ්‍ය වෙන්නේ අපේ .srt ලෙස තියෙන උපසිරැසි ගොනුව .ssa බවට පත් කරගැනීමට. (එහෙම කරන්න වෙන්නේ ඇයි කියලා තේරෙයි පල්ලෙහා මෘදුකාංගය බැලුවම)

ඊලගට අවශ්‍ය වෙනවා MaestroSBT කියන වැඩසටහන. ඒකත් ඔයාට බාගන්න පුලුවන් මෙතනින්. (මේ වැඩසටහන තමයි ප්‍රධානම කාර්යය ඉටු කරන්නේ. මේ වැඩසටහනට ඇතුලත් කරන්න පුලුවන් .ssa උපසිරැසි ගොනු පමණයි)

ඊලගට අවශ්‍යය වෙනවා Son2VSub කියන වැඩසටහන. ඒකත් ඔයාට මෙතනින් බාගන්න පුලුවන්. (මේ වැඩසටහන තමයි අපිට අවසන් ප්‍රථිපලය ලබාදෙන්නේ.)

හරි මං හිතනවා දැන් ඔයාලා මං ඉහලින් දීපු වැඩසටහන් ටික බාගන්න ඇති කියලා. එහෙම බාගෙන ඉවරනම්. ඒවා එකින් එකට UNZIP කරගන්න. පිලිවෙලකට. හරිද දැන්.

දැන් එහෙනම් විවෘත කරන්න subtitleEdit කියන වැඩසටහන. ඊලගට ඔයාට idx/sub බවට පත් කරන්න ඕනා කන උපසිරැසි ගොනුව ගන්න. ඒක අරගෙන ඇවිල්ලා අත අරනින් subtitleEdit මෘදුකාංගයට. (ඒක කරන හැටි දන්නේ නැත්තම්. ඉහලින් තියෙන File කියන එකට ගිහිල්ලා Open විධානය දෙන්න)

subtitleEdit මෘදුකාංගට ඔයා උපසිරැසිය දාගත්තා නම්. දැන් අපි ඒක .ssa ගොනුවක් බවට පත් කරමු. ඒක කරන්නේ මෙහෙමයි. ඔයාට පේනවා ඇති Format කියලා එකක් තියෙනවා ඉහල මැද හරියට වෙන්න. අන්න ඒක ඉස්සරහා තියෙනවා පල්ලෙහාට දිග ඇරෙන මෙනුවක් (Drop Down Menu). ඒක ක්ලික් කරලා එතනින් තෝරන්න Sub Station Alpha (.ssa) කියලා එකක්. අන්න ඒක සිලෙක්ට් කරගන්න.

ඊලගට ඒකට එහා පැත්තෙන්ම තියෙනවා නේද Encoding කියලා එකක්. ඒකත් අරවිදිහටම ගිහිල්ලා. ඒකේ තියෙන UTF-8 කියන එක ලබාදෙන්න.

එහෙම තේරුවා නම් ඊලගට සේව් කරගන්න. දැන් ඔයා සාර්ථකව ඔයාගේ  .srt උපසිරැසි ගොනුව .ssa උපසිරැසි ගොනුවක් බවට පරිවර්තනය කරගෙන ඇත.

ඊලගට ඔයා subtitleEdit එක ක්ලෝස් කරලා දාන්න. ඒකේ වැඩ ඉවරයි. දැන් ඕපන් කරගන්න MaestroSBT කියන වැඩසටහන. මං වැඩිය කියන්න යන්නේ නැහැ මං කියන විදිහට කරන්න. පැහැදිලි කිරීම් කරන්න යන්නේ නැහැ. මොකද ඒකෙන් ඔයාගේ ඔලුව අවුල් උනොත්. :D හරි ඔන්න එහෙනම් වැඩේ පටන් ගමු.

මං හිතනවා ඔයා දැන් MaestroSBT විවෘත කරගෙන ඇති කියලා



දැන් එහි ඉහල වහ් කෙරවලේ තියෙන File මෙනු එකට ගිහිල්ලා .ssa විදිහට ඔයා සේව් කරගත්ත උපසිරැසි ගොනුව ලබා දෙන්න.

ඊලගට දකුණු පස කෙලවරේ ඉදන් පහලට ඇති බටන් එතක්. මං පිලිවෙලට කියාගෙන යන්නම් කරන්න ඕනා වෙනස්කම් ගැන.

මුලින්ම තියෙන්නේ Set Files කියලා ඒක ක්ලික් කරලා එන වින්ඩෝ එකේ උඩින්ම තියෙන Browse බටන් එක ඔබලා කොහෙන් හරි New Folder එකක් හදලා OK කරන්න. ඊලගට ඒ වින්ඩෝ එකත් OK කරන්න.
දැන් නැවතත් ප්‍රධාන වින්ඩෝ එකට ඇවිල්ලා ඇති.

දැන් යන්න දෙවනි බටන් එක Rendering. ඒක ක්ලික් කරන්න. දැන් එයි තරමක් ලොකු වින්ඩෝ එකක්. මං එහි රූප රාමුවක් පලින් දෙන්නම්. ඒ රූප රාමුවේ තියෙන විදිහට ඔයාගේ එකත් වෙනස් කරගන්න.



දැන් ක්ලික් කරන්න Rendering Option කියන වින්ඩෝ එකේම තියෙන Color Keys කියන එක. මං එකෙත් රූප රාමුවක් ලබාදෙන්නම්. ඒ විදිහට ඔයාගේ එකත් හදාගන්න. එහෙම හදාගෙන ඉවරවුනා OK විධානය දීලා ඉවත් වෙන්න ප්‍රධාන මෙනු එකට වෙනකම්.




ඊලගට තියෙන බොත්තම තමයි Timing, ඒක ක්ලික් කරන්න. එතකොට ලැබෙයි කුඩා වින්ඩෝ එකක්. ඒකට අපි ලබාදෙන්න ඕනා FPS අගය. කොහොමද ඒක හොයන්නේ. සිම්පල් ඔයා උපසිරැසි ගන්වන් වීඩියෝ එක ප්ලේ කරන්න ඊලගට වීඩියේ එක උඩ Right Click කරලා Media Info / Video Info ඔය විදිහට ඇති, ප්ලෙයර් එකෙන් ප්ලෙයර් එකට වෙනස් වෙනවා. ඒතකොට ලැබෙයි විඩියේ එක ගැන තොරතුරු. ඒකේ බල්න්න වීඩියෝ කියන ටැග් එකේ ඇති Frame Rate : 25.000 fps ඔය වගේ. අන්න එහෙම ඔයාගේ විඩියෝ එකේ අගය බලලා මේ වින්ඩෝ එකේ තියෙන FPS In සහ FPS Out කියන දෙකට ලබාදෙන්න. මතක තියාගන්න මෙහි එන අගයන් දෙකම එකම අගයන් විය යුතුයි. ඊලගට OK විධානය දෙන්න.

දැන් නැවතත් ප්‍රධාන වින්ඩෝ එකේ ඉන්නේ ඔයා. ඊලගට Segments කියන බොත්තම ඇත්තේ ඒක ගැන මං සදහන් කරන්නේ නැහැ, මොකද එකෙන් මං තාම වැඩක් ගත්තේ නැහැ.

හරි දැන් ඊලගට තියෙන්නේ Styles බොත්තම. ක්ලික් කරන්න ඒක. එතකොට ලැයෙි පොඩි වින්ඩෝ එකක්. ඒකේ තියෙන Default කියන එක සිලෙක්ට් කරලා Edit Style කියන එක ක්ලික් කරන්න. දැන් එයි තවත් අලුත් වින්ඩෝ එකක්.




ඒකෙදි ඔයා Font Face, Font Type කියන තැන තියෙන Change  කියන බොත්තම ඔබන්න. එකෙදි නැවත්ත කුඩා වින්ඩෝ එකක් ඕපන් වෙයි. ඒකෙන් තොරන්න Font එක ලෙස Iskoola Pota සහ සයිස් එක ලෙස 50 දෙන්න. (එයාට කැමති සයිස් රකක් දෙන්න හොදේ). ඊලගට OK බාත්තම ඔබන්න.



තව ඕනා නම් ඔයාට අකුරු වලට පාට එකතු කරගන්න අනම් මනම් කරන වැඩ ඔතනදි කරගන්න පුලුවන් පොඩ්ඩක් කරලා බලන්නකෝ ඒවා ඔයාම. ඒවා සේරම ඉවර වුනාම OK බොත්තම ඔබලා ආයෙමත් ප්‍රධාන මෙනු එකට යන්න.

ඊලගට තියෙන්නේ Edit & Preview  බොත්තම. ඒක ගැනත් මං සදහන් කරන්නෙ නැහැ. (ඒක ගැන පොඩියට කිවුවොත් ඔයාගේ උපසිරැසිය තිරයේ දිස්වෙන්න ඕනා කොතැනද කියලා වෙනස් කරගන්න පුලුවන්. )

දැන් මං කිවුව විදිහට සේරම වැඩ ටික කලා නම් අන්තිමේටම තියෙන Generate කියන බොත්තම ඔබන්න. එවිට ප්‍රෝග්‍රෙස් බාර් එකක් එයි ඒක පිරිලා ඉවර නෙකම් ඉන්න.

දැන් ඔයා ගිහිල්ලා බලන්න අර New Folder එකට ඒකේ ඇති පිරෙන්න icon ගොඩක්. දැන් ඉන්නේ අන්තිම පියවරේ. දැන් විවෘත කරගන්න අන්තිමේටම අපි බාගත්තු වැඩසටහන Son2Vob.

එය කුඩා වින්ඩෝ එකක්. එහි ඉහලින්ම තියෙන ….. සහිත බොත්තම ඔබන්න. ඊලට එයි ඔපන් කරන වින්ඩෝ එක. එකෙන් ඔයා ලබාදෙන්න අර New Folder එක. ඒක ඇතුලේ ඇති තනි ෆයිල් එකක් .son විදිහේ. ඒක ඕපන් කරගන්න.



ඊලගට තියෙන ….. බොත්තම ඔබලා idx/sub  ගොනුව සේව් වි යුතු තැන ලබා දෙන්න. ඊලගට ඔයා පහලින් දකීවි Width Height   FPS කියලා ටෙක්ස් ෆීල්ඩ් තුනක්. ඒවට ඔයා පිලිවෙලින් ලබාදෙන්න ඕනා ඔයා  MaestroSBT එකෙදි Rendering කියන තැනදි ලබා දීපු අගය සහ Timing කියන තැනදි ලබා දීපු අගය. මං නම් දෙන්නේ  1920  1080  23.976 කියන සෙට් එක තමයි. (ඔයා ඔයා ලබා දීපු අගයන් දෙන්න) ඒ ටික පිරෙව්වට පස්සේ එකෙන්ම ඔබන්න Convert බොත්තම. ටික වෙලාවක් යයි වැඩේට. කලින් වගේම ප්‍රෝග්‍රස් බාර් එකක් පිරෙයි. ඒ පිරිලා ඉවර උනාම. ඔයා විඩියෝ එකත් එක්ක ප්ලේ කරලා බලන්න. වැඩේ ගොඩ.

දැන් ඔයා ලග තියෙන ඕනෑම .srt වර්ගයේ උපසිරැසි ගොනුවක්  idx/sub   විදිහට හදලා ඔයාලගේ රූපවාහිනි යන්ත්‍රයෙන් නරඹන්න පුලුවන්. තව ඔයාට උපසිරැසි ගොනුව ලේසියෙන්ම වීඩියෝව සමග සම්බන්ධ කරන්න පුලුවන්. එහෙනම් මේ පාර ලිවුවේ ගොඩක් දීර්ඝ ලිපියක්. කියවන්න ගියාම එපා වෙයිද මන්දා. උවමනාව තියෙන කෙනා කියවයිනේ. නේද. :D එහෙනම් මං ගියා. තවත් මොනා හරි දේකින් ඉක්මනින්ම හම්බවෙමුකෝ.

ආයෙමත් මතක් කරන්න ඕනා මාව මේ පිලිබදව දැනුවත් කල අරිසෙන් සහෝදරයාව. ඔහුට මේ මොහොතේ මං ගොඩක් ස්තුති වන්ත වෙනවා.

අහිංසක හිත්නේ.

Friday, January 18, 2013

Oba Kawruda - Shihan Mihiranga - Lyrics , MP3 & Music Video



ගීතය රසවිදින්න ප්ලේ බොත්තම ඔබන්න

හිත ලග දගකරමින්
හීන ගෙනාවේ ...
මා හිත කිතිකවමින්
සෙනෙහස පැවේ ...
ඔබ දෙවුදුවක්ද මට කියන්න ...
සුර ලොවින් වැඩියාද කියන්න...
මගේ හිත නලවල කලබන ඔබ කවුරුද ....
මගේ හිත නලවල කලබන ඔබ කවුරුද ....

ඔය ඉග වට දැවටෙන සලු පට
වෙන්නට මට ආසයි
ඔය තොල් මත රැදෙන්න බිදුවක්
නවතින්නට ආසයි
ඔය ඉග වට දැවටෙන සලු පට
වෙන්නට මට ආසයි
ඔය තොල් මත රැදෙන්න බිදුවක්
නවතින්නට ආසයි

ඔබ දෙවුදුවක්ද මට කියන්න ...
සුර ලොවින් වැඩියාද කියන්න...
මගේ හිත නලවල කලබන ඔබ කවුරුද ....
මගේ හිත නලවල කලබන ඔබ කවුරුද ....

හිත ලග දගකරමින්
හීන ගෙනාවේ ...
මා හිත කිතිකවමින්
සෙනෙහස පැවේ ...
ඔබ දෙවුදුවක්ද මට කියන්න ...
සුර ලොවින් වැඩියාද කියන්න...
මගේ හිත නලවල කලබන ඔබ කවුරුද ....
මගේ හිත නලවල කලබන ඔබ කවුරුද ....

මේ තරමට ආදරේ හිතෙන්න
මොනවද මට කිවේ
හොරෙන්ම හිත ඔබ ලග නැවිතුනා
නෑ මටවත් දැනුනේ
මේ තරමට ආදරේ හිතෙන්න
මොනවද මට කිවේ
හොරෙන්ම හිත ඔබ ලග නැවිතුනා
නෑ මටවත් දැනුනේ

ඔබ දෙවුදුවක්ද මට කියන්න ...
සුර ලොවින් වැඩියාද කියන්න...
මගේ හිත නලවල කලබන ඔබ කවුරුද ....
මගේ හිත නලවල කලබන ඔබ කවුරුද ....

හිත ලග දගකරමින්
හීන ගෙනාවේ ...
මා හිත කිතිකවමින්
සෙනෙහස පැවේ ...
ඔබ දෙවුදුවක්ද මට කියන්න ...
සුර ලොවින් වැඩියාද කියන්න...
මගේ හිත නලවල කලබන ඔබ කවුරුද ....
මගේ හිත නලවල කලබන ඔබ කවුරුද ....




MP3 එක පහලින් බාගන්න
MP3

Tuesday, January 8, 2013

Kessata Kossata - Lahiru Perera - Lyrics & MP3 Download



ගීතය රසවිදින්න ප්ලේ බොත්තම ඔබන්න


කැස්සට කොස්ඇට.. උණට කුරුම්බා..
වැස්සට නොතෙමී.. කුඩය ගනිල්ලා..
රස්නෙට වෙනිවැල් බිව්වම ඇඟට හොඳා..

වක්කඩ අස්සේ හකුරු හංගලා..
නැතිවෙන හකුරට නාහෙන් හඬලා..
අස්සය පැන්නම කඩුල්ල වසනු එපා..

උෂ්නෙට මුං ඇට සව් කැද බොන්න සුදා
අරලු ගෙඩි දෙකක් බිවුවම බඩට හිනා
බර්මියුඩා වල නැතිවෙන නැව් හොයලා
යකඩ බරට විකුනමු අපි කොමිස් තියා

සන්ග්ලාස් දාගෙන වටපිට බලලා
වැස්සක් දැන් දැන් එතැයි කියාලා
අව්වේ රෙදි ටික ඇතුලට ගන්න එපා

මහදැන මුත්තගේ උපදෙස් අහලා
එලුවව අරගෙන බෙල්ලෙන් කපලා
කැකිල්ලේ රජුගෙන් තීන්දු අසනු එපා

උෂ්නෙට මුං ඇට සව් කැද බොන්න සුදා
අරලු ගෙඩි දෙකක් බිවුවම බඩට හිනා
බර්මියුඩා වල නැතිවෙන නැව් හොයලා
යකඩ බරට විකුනමු අපි කොමිස් තියා

ශේක්ස්පියර් ගැන ලෝකෙට කියලා
මිස්ටර් බීන්ලගේ නාට්ටි බලලා
හවසට ඇවිදින් නෝනට බනිනු එපා

ලෝක විනාසෙට ඇගිලිත් ගැනලා
අල්ලේ ඉරි මත ලෝකය තියලා
සෙනසුරු අපලෙට ජීවිතේ ලියනු එපා

උෂ්නෙට මුං ඇට සව් කැද බොන්න සුදා
අරලු ගෙඩි දෙකක් බිවුවම බඩට හිනා
බර්මියුඩා වල නැතිවෙන නැව් හොයලා
යකඩ බරට විකුනමු අපි කොමිස් තියා


MP3 එක පහලින් බාගන්න
Your Ad Here MP3

Wednesday, January 2, 2013

Seetha Maruthe - Ruwan Hettiarachchi - Lyrics, MP3 & Music Video


ගීතය රසවිදින්න ප්ලේ බොත්තම ඔබන්න

සීත මාරුතේ වෙලෙමින් ඇස් දිහා බලන්
ඔබ මට ආදරේ කියූ මතකය හීනයක් වගේ
ඈත මීදුමේ දිදුලන පුන් සදක් වගේ
එළියයි ඒ හැගුම් හිතේ ඔබමයි ජීවිතේ මගේ

දෑලේ ගගුලැල්ලක් සේ මා සීතයි හිත බෝමා
දෝරේ යයි සිතුවිලි සේනා ආදරයෙන් පෙගිලා
ජීවිතයේ සතුටයි මා දුටුවේ
සාගරයේ ගැඹුරයි ඒ හැගුමේ

සීත මාරුතේ වෙලෙමින් ඇස් දිහා බලන්
ඔබ මට ආදරේ කියූ මතකය හීනයක් වගේ
ඈත මීදුමේ දිදුලන පුන් සදක් වගේ
එළියයි ඒ හැගුම් හිතේ ඔබමයි ජීවිතේ මගේ

යහනේ තනි යහනේ පේනා හීනෙන් ඉගිපානා
රෑ තුන්යම ඔය ඇස් මානා මා මුසපත් කරනා
ආදරයේ මිහිරෙන් මා නිවුනේ
ඒ ඇසුරේ අලුතින් මා ඉපිදේ

සීත මාරුතේ වෙලෙමින් ඇස් දිහා බලන්
ඔබ මට ආදරේ කියූ මතකය හීනයක් වගේ
ඈත මීදුමේ දිදුලන පුන් සදක් වගේ
එළියයි ඒ හැගුම් හිතේ ඔබමයි ජීවිතේ මගේ





MP3 එක පහලින් බාගන්න
Your Ad Here MP3