Tuesday, November 27, 2012

Justin Bieber - As Long As You Love Me ft Big Sean - With Sinhala Subtitle


ඔන්න යාලුවනේ මං අදත් තවත් අලුත් ගීතයකට සිංහල උපසිරැසි අරගෙන ආවා. මේ ගීතයත් ගොඩක් ජනප්‍රිය වෙච්ච ගීතයක්. ඒ වගේම වැඩිය පරණත් නැහැ. අපි බලමු ගීතය ගැන ටිකක් වෙනදා වගේම.

මේ ගීතය ගායනා කරන්නේ ප්‍රසිද්ද කැනේඩියානු ගායන ශිල්පී ජස්ටින් බීබර් කොලුවා විසින්. මේක එයාගේ තුන්වන ගීත ඇල්ඹමය වන බිලිව් කියන ඇල්ඹමයට ඇතුලත් ගීතයක්. මේ ගීතය නිකුත් කරලා තියෙන්නේ මේ අවුරුද්දේ එනම් 2012 ජූලි දහ වෙනිදා. ඒ වගේම මේ ගීතයට රචනයෙන් දායක වෙලා තියෙනවා Rodney Jerkins, Andre Lindal, Nasri Atweh Sean Anderson, සහ Justin Bieber කොලුවත් ඇතුලු පිරිස. ඒ වගේම මේ ගීතයට රැප් කිරීමෙන් දායක වෙනවා අමෙරිකානු රැප් ගායක Big Sean. ඔය වගේ දේවල් තමයි කියන්න තියෙන්නේ. එහෙනම් වැඩි කතා නැතිව ගීතය බලලා පහලින් යම් අදහසකුත් කුරුටු ගාගෙන යන්න. ඔයාලා කැමති ගීත තියෙනවා නම් ඒවත් දන්වන්නකෝ. එහෙනම් අපි ගියා.

අහිංසක හිත්නේ.

සැ.යු. පහලින් ලබා දී ඇති සිංහල උපසිරැසි ගොනුව සහ යූ නලයේ ඇති ඔරිජිනල් රූප රචනය බා ගැනීමෙන් අනතුරුව, එයට උපසිරැසි ගොනුව යොදා නැරඹීමෙන් වඩා ගුනාත්මක තාවයෙන් යුත් රූප රචනයක් සහ උපසිරැසියක් රස විදිය හැකිය.

සිංහල උපසිරැසිය ඇතුලත් කල රූප රචනය

මුර පදය ලෙස dtlakmal.com ලබාදෙන්න

යූ නලයේ ඇති රූප රචනය

සිංහල උපසිරැසි ගොනුව පහලින්
සිංහල

Monday, November 26, 2012

Ludacris - Rest Of My Life ft Usher & David Guetta - With Sinhala Subtitle


ඔන්න යාලුවනේ මං තවත් අලුත් ගීතයකට සිංහල උපසිරස අරගෙන ආවා. මේකත් ගොඩක් ජනප්‍රිය ඇමෙරිකානු හිප්පොප් ගායකයෙක් තමයි ගායනා කරන්නේ. ඉතිං වෙනදා වගේම ගීතය ගැන පොඩ්ඩක් කතා කරලා ඉමුකෝ.

මේ ගීතය නිකුත් කරලා තියෙන්නේ මේ අවුරුද්දේ එනම් 2012 නොවැම්බර් මාසයේ දෙවෙනිදා. ඒ වගේම මේ ගීතය ගායනා කරන්නේ ඇමෙරිකානු ප්‍රසිද්ද හිප් පොප් ගායන ශිල්පියෙකු වන Ludacris විසින්. තව මේ ගීතය ඔහු තනිවම ගායනා කරන ගීතයක් නෙමී. මේ ගීතයේ ඔහුගේ ගායනයට තව ගායකයින් දෙපලකයේ සහය ලැබෙනවා ඒ තමයි අම්භානෙක ප්‍රසිද්ද  Usher සහ David Guetta. මේ ගීතය Ludacris ගේ ඉදිරියේදි නිකුත් වීමට නියමිත අට වන ගීත ඇල්ඹමය වන   Ludaversal හි ඇතුලත් ගීතයක්. තව මේ ගීතය රචනා කරලා තියෙන්නේ  David Guetta, Marvin Scandrick, Christopher Bridges, Giorgio Tuinfort, Oscar Salinas, Usher Raymond IV, Juan Salinas Jr යන සෙට් එක. ඔය විදිහේ දේවල් ටිකක් තමයි ඉතිං කියන්න තියෙන්නේ.

එහෙනම් වෙනදා මගේම හැමෝම ගීතය රසවිදලා ඔයාලගේ අදහසුත් පහලින් දාගෙනම යන්නකෝ.

අහිංසක හිත්නේ.

සැ.යු. පහතින් ලබා දී ඇති සිංහල උපසිරස ගොනුව සහ යූ නලයේ ඇති ඔරිජිනල් ගීතය බා ගැනීමෙන් අනතුරුව උපසිරැසිය එයට යොදා නැරඹීමෙන් ඉතා ඉහල ගුණාත්මක තත්වයේ උපසිරැසියක් සහ රූප රචනයක් රස විදිය හැකිය.

උපසිරැසිය අන්තර්ගත කල රූප රචනය
මුරපදය ලෙස dtlakmal.com දෙන්න.

යූ නලයේ ඇති රූප රචනය

සිංහල උපසිරැසි ගොනුව පහලින් බාගන්න
සිංහල

Me Tharamata Wedana - Damith Asanka - Lyrics & MP3



Click Play Button

මේ තරමට වේදනා 
දැනුනේ ඔබේ ආදරෙන් 
වෙන් වී ගිහින් මාගේ සුදු හංසියේ 
නුබයි නේද මා තව ලංකලේ 
නුබයි නේද මා තව ලංකලේ 

දුරින් ඈත වෙන් වීලා ඔබ ආවේ මා 
ලගින් පෙර මතක බොද වී ගියා
ලංවෙන්න සැනසෙන්න පෙරුමන් පුරා 
වෙන් වී ගියේ කොහොම කදුලක් තියා
නුබයි නේද මා තව ලංකලේ 
නුබයි නේද මා තව ලංකලේ 

කෝ ඒ ආදරේ සුවද මට නම් නෙමී
හදේ මතක මා දෙනෙත් පාරයි අනේ
හමු වෙන්න සැනසෙන්න පෙරුමන් පුරා
තවත් කෝම රවටන්නේ මගේ හිතම මා
නුබයි නේද මා තව ලංකලේ 
නුබයි නේද මා තව ලංකලේ 

මේ තරමට වේදනා 
දැනුනේ ඔබේ ආදරෙන් 
වෙන් වී ගිහින් මාගේ සුදු හංසියේ 
නුබයි නේද මා තව ලංකලේ 
නුබයි නේද මා තව ලංකලේ 


MP3 එක පහලින් බාගන්න
MP3

Raa Tharakawo (Re Make) - Yashan - Lyrics & Music Video



රෑ.. රෑ තාරකාවෝ
මුමුනා කියයි.. දිලි දිලි යලී..
බෑ.. අදහන්න බෑ..
ඒ කී කථා.. ඇසුවද ප්‍රියේ..

ලං වී දෙනෙක් මිතුරු කියනා කතා
රහසේ හෙමින් සවන වැටෙනා කතා
දෑතේ වෙලි කියන හද රැදි කතා
කාටද ඇසෙන්නේ ඉතිං

රෑ.. රෑ තාරකාවෝ
මුමුනා කියයි.. දිලි දිලි යලී..
බෑ.. අදහන්න බෑ..
ඒ කී කථා.. ඇසුවද ප්‍රියේ..

රගන රැගුමන් ගයන ගී
බලන බැල්මන් නෙත් කොනින්
කියන කරන දේ බලන සොයන දේ
සුදුද කලුද එය හොදද නරකදැයි කියලා

රෑ.. රෑ තාරකාවෝ
මුමුනා කියයි.. දිලි දිලි යලී..
බෑ.. අදහන්න බෑ..
ඒ කී කථා.. ඇසුවද ප්‍රියේ..



Saturday, November 24, 2012

Freedom - Nicki Minaj - With Sinhala Subtitle


ඔන්න එහෙනම් යාලුවනේ පොරොන්දු වුනා වගේ. මං අද ලබා දෙන අනික් ගීතය තමයි මෙ දෙන්න හදන්නේ. මේක ඇවිල්ලා මේ දවස් වල ගොඩක් ජනප්‍රිය ගායිකාවක් වන Nicki Minaj විසින් ගායනා කරන Freedom යන නම් දරාපු ගීතය. ගීතය ගැනත් පොඩි සදහනක් කලොත්.

මේ ගීතය නිකුත් කරලා තියෙන්නේ මේ අවුරුද්දේ මේ මාසේ ඒකියන්නේ 2012 නොවැම්බර් මාසේ 03 වෙනිදා. තව මේ ගීතයේ වීඩියෝ දර්ෂනය නිකුත් කරලා තියෙන්නේ දවස් හතරකට උඩදි ඒ කියන්නේ 2012 නොවැම්බර් 20 වෙනිදා. ඒ කියන්නේ මේක අලුත්ම අලුත් ගීතයක්. මේ ගීතයට රචනයෙන් දායක වෙලා තියෙනවා Onika Maraj, Matthew Samuels, Matthew Burnett යන තිදෙනා. ඒ වගේම ඔයාලට මතක ඇති මං මෙයාගේ මේ අවුරුද්දේ නිකුත් වෙච්ච තව ගීතයක් දුන්නා. අර බිබර් කොලුවා එක්ක කියන එක. ඒක බැලුවේ නැත්තම් මෙතනින් ගිහින් ඒක බලන්න. එහෙනම් මේ ගීතය ගැනත් වැඩිය කියන්න යන්නේ නැහැ. අලුත්ම ගීතයක්නේ. හැමෝම බලලා අදහසක් දාගෙනම යන්න. ඒක ඉදිරි ගමනට ධෛර්යයක් වේවි. එහෙනම් සැමට සුභ දවසක්.

අහිංසක හිත්නේ.

සැ.යු. පහතින් ලබා දී ඇති උපසිරැසි ගොනුව සහ යූ නලයේ ඇති ඔරිජිනල් රූප රචනය බා ගැනීමෙන් අනතුරුව උපසිරැසිය එයට යොදා නැරඹීමෙන් වඩා ඉහල ගුණාත්මක තාවයෙන් යුත් උපසිරැසියක් සහ රූප රචනයක් රස විදිය හැකිය.


උපසිරැසිය අන්තර්ගත කල ඇති රූප රචනය

මුරපදය ලෙස dtlakmal.com දෙන්න.

යූ නලයේ ඇති රූප රචනය

සිංහල උපසිරැසි ගොනුව පහලින් බාගන්න
සිංහල

Ho Hey - The Lumineers - With Sinhala Subtitle


ඔන්න යාලුවනේ ගොඩ දවසකින් මං ආයෙත් ආවා සිංහල උපසිරැසියක් අරගෙන. පහු ගිය ටිකේ උපසිරැසි කරන්න වෙලාවක් ලැබුනේ නැහැ නොවැ. මේ රාජකාරි එක්ක එපැයි මේවත් කරන්න. පහු ගිය ටිකේම උපසිරැසි දෙන්න බැරි වුන නිසා. අද මං ඔයාලට උපසිරැසි දෙකක් දෙන්න තීරණය කලා. දැන් පලවෙනි එක සහ තව ටිකින් අනිත් එක දෙන්නම්කෝ. හරි අපි බලමුකෝ දැන් දෙන්න යන ගීතය මොකක්ද කියලා. මේක තමයි මං අර පටන් ගනිපු වැඩේ බිලාබෝර්ඩ් වැඩේ. අන්න ඒකෙම කොටසක්. බිලාබොර්ඩ් දර්ශකයේ වෙනස් කම් කීපයක් වෙලා තියෙනවා. ඒ වා මං පල්ලෙහායින් දාන්නම්කෝ. දැන් බලමු මේ ගීතය ගැන.

මේ ගීතයත් නිකුත් කරලා තියෙන්නේ මේ අවුරුද්දේ එනම් 2012 ජූනි මස 4 වෙනිදා. ඒ වගේම මේ ගීතය ගායනා කරන්නේ අමෙරිකානු රොක් සංගීත කණ්ඩායමක් වන The Lumineers කියන සෙට් එක. මේ ගීතයේ පද රචනයෙන් දායක වෙල ාතියෙන්නේ  Wesley Schultz, Jeremy Fraites කියන පුද්ගලයින් දෙපල. තව මේ ගීතය පාවිච්චි කරලා තියෙනවා මයික්‍රොසොෆ්ට් සමාගමේ 2012 අවුරුද්දේ වෙලද දැන්වීමකටත්. ඒ වගේම මේ ගීතය තමයි අද ඒ කියන්නේ 2012/11/24 වෙනිදා වෙනකොට බිල්බෝර්ඩ් ගීත දර්ශකයේ අට වන ස්ථානය දිනාගෙන ඉන්නේ. ඉතිං එහොම විස්තරයක් තමයි කියන්න තියෙන්නේ. එහෙනම් වෙනදා කියනවා වගේ ගීතය බලලා පොඩි අදහසකුත් පහලින් දාගෙනම යන්නකෝ. තව ටිකින් ආයේ හමු වෙමු. තෙරුව්න සරණයි.

බිල්බොර්ඩ් ගීත දර්ෂකයේ අද දිනට ඇතුලත් පලමු ගීත දහය


01. Diamonds - Rihanna (උපසිරැසි ලබා දී ඇත.)
02. One More Night - Maroon 5 (උපසිරැසි ලබා දී ඇත)
03. Die Young - Ke$ha (උපසිරැසි ලබා දී ඇත)
04. Locked Out Of Heaven - Bruno Mars
05. Some Nights - fun.
06. Let Me Love You (Until You L... - Ne-Yo (උපසිරැසි ලබා දී ඇත.)
07. Gangnam Style - PSY (උපසිරැසි ලබා දී ඇත.)
08. Ho Hey - The Lumineers (උපසිරැසි ලබා දී ඇත.)
09. We Are Never Ever Getting Ba... - Taylor Swift
10. I Cry - Flo Rida (උපසිරැසි ලබා දී ඇත.)


සැ.යු : පහලින් දී ඇති උපසිරැසි ගොනුව සහ යූ නලයේ ඇති ඔරිජිනල් ගීතය බා ගෙන නැරඹීම තුලින් වඩා ගුණාත්මක තාවයෙන් ඉහල රූප රචනයක් සහ උපසිරැසියක් රසවිදිය හැකිය.

උපසිරැසිය අන්තර්ගත කල රූප රචනය

මුර පදය ලෙස dtlakmal.com ලබා දෙන්න

යූ නලයේ ඇති රූප රචනය

සිංහල උපසිරැසි ගොනුව පහලින් බාගන්න
සිංහල

Super Six DVDRip - Sinhala Movie - Download


ඔන්න යාලුවනේ නෙට් එක පැත්තේ කරක් ගහනකකොට අපේ ලංකාවේ තිරගත වෙච්ච චිත්තර පටියක හොද කොපියක් සහිත පිටපතක් හොයාගන්න ලැබුනා. ඒ නිසා හිතුවා මේකත් කස්ටිය එක්ක බෙදාගන්න. මේ චිත්තර පටිය ගැන ගන් බොහෝ දෙනා දන්නවා ඇති. මොකද සෑහෙන ප්‍රචාරයක් දුන්නනේ. අනික වැඩියම වියදමක් දරලා කරපු චිත්තර පටියක් කියලා තමයි මේක නම් දරලා තියෙන්නේ. ලංකාවේ එතෙක් මෙතෙක් දුරට තිරගත වෙච්චර ෆිල්ම් වලින් සුපිරියට කලර්ස් තියෙන සුපිරිට සවුන්ඩ්ස් තියෙන චිත්තර පටියක් කිවුවොත් නිවැරදි. 

චිතත්රපටිය ගැන සදහනක් කලොත්, මේක මේ අවුරුද්දේ ඒ කියන්නේ 2012 මැයි 17 තමයි නිකුත් කලේ. ඒ වගේම මේක අධ්‍යක්ෂනය කලේ උදාර පල්ලියගුරුගේ. ඒ වගේම මේ චිත්‍රපටියට රංගනයෙන් දායක වෙනවා අති දක්ෂ රංගන ශිල්පියෝ බොහෝ දෙනෙක්, නම් වශයෙන් කීප දෙනෙක් කිවුවොත්, රොෂාන් රණවන, හේමාල් රණසිංහ, සනත් ගුණතිලක, අරුණි රාජපක්ෂ, මහේන්ද්‍ර පෙරේරා, රොඩ්නි වර්ණකුලසූරිය, ප්‍රියන්ත සෙනෙවි රත්න, සාරංග දිසාසේකර, සුනෙත් චිත්‍රානන්ද සහ ගාමින්ද්‍ර පියවිරාජ් ඔය වගේ සෙට් එකක්. මේ චිත්‍රපටියේ රෑගත කිරීම් සිදු කරලා තියෙන්නේ ලංකාවේ සහ මැලේසියාවේ. බලපු නැති අය ඉන්නවා නම් අරගෙන බලන්න. එහෙනම් තවත් මොනා හරි දෙයක් සෙට් වුනොත් අරගෙන එන්නම්කෝ. ජයවේවා.

සැ.යු. බාගන්න කට්ටිය අඩුගානේ පැයක්වත් බාලා ඉවර වෙලා සීඩ් කරන්න හොදේ. අනිත් අයට අරගන්න ලේසි වේවි.

චිත්‍රපටිය පහලින් බාගන්න
බාගන්න


Friday, November 23, 2012

Oba Wenas Wela - Chandrasena Hettiarachchi - Lyrics & Music Video


ඔබ වෙනස්වෙලා ඔබ වෙනස්වෙලා
සිත දුරස් වෙලා
ඔබ වෙනස්වෙලා ඔබ වෙනස්වෙලා
සිත දුරස්වෙලා මට නපුරුවෙලා

පිටස්තරයි පිට කෙනෙක් වගේ
කිසි දෙනෙක ඉතිං හමු නොවුනු ලෙසේ
පිටස්තරයි පිට කෙනෙක් වගේ
කිසි දෙනෙක ඉතිං හමු නොවුනු ලෙසේ
මට හිතාගන්න බෑ තාම නගේ
ආල පිරුව සිත කොහෙද නුබේ

කාලයත් ගෙවී ලොව වෙනස් වේවි
ගිය නමුත් මගේ සිත වෙනස් නොවී
කාලයත් ගෙවී ලොව වෙනස් වේවි
ගිය නමුත් මගේ සිත වෙනස් නොවී
අකීකරුයි සිත මටම මගේ
හිත හදාගන්න බැහැ ඔබට වගේ

ඔබ වෙනස්වෙලා ඔබ වෙනස්වෙලා
සිත දුරස් වෙලා
ඔබ වෙනස්වෙලා ඔබ වෙනස්වෙලා
සිත දුරස්වෙලා මට නපුරුවෙලා
ඔබ වෙනස්වෙලා


Monday, November 19, 2012

Omi, The Card Game in Sinhala for Android Users


ඔන්න එහෙනම් අපේ ඇන්ඩ්‍රොයිඩ් සෙට් එකට පොඩි ගේම් එකක් අරගෙන තමිය මං ආවේ. සෙල්ලස් කඩේ පැත්තේ කරක් ගහනකොට තමයි මටත් මේක සෙට් උනේ. වැඩක් නෑ කියලා වැඩේ සුපිරි ඕන්. වැඩි කතාවක් කියන්නේ නැතිව මං කියන්නම්කෝ මොකක්ද මේ ගේම් එක කියලා. අපේ රටේ මල ගෙයක් එහෙම කාරිය සිද්ද උනාම රෑ එලිවෙනතුරා නිදි මරන්න ඕනාවට කස්ටිය කොල 52ක් තියෙන කාඩ් කුට්ටමක් උස්සගෙන එකෙන් බාගයක් විතරම අයින් කරලා. හතර දෙනෙක් හතර පැත්තක ඉදගෙන. ඒක්කෙනාට කොල 8 ගානේ බෙදලා, තව මොනාද මන්දා තුරුම්පුද මොකක්ද එකක් කියලා එක එක කොල දදා ගොඩවල් ගහගෙන වැඩියෙන්ම ගොඩවල් ගත්ත කට්ටියට කැට ද මොනාද දිදි කරන සෙල්ලම නොවෑ මේක. හිහි

එහෙම කිවුවම නොදන්න කෙනෙක් නෑ මං හිතන්නේ. මේක තමයි "ඕමි" කියන්නේ. දැන් මල ගෙවල් ඕනා නෑ , හතර දෙනෙක් ඕනා නැහැ. ඔයාට තනියෙම මේ සෙල්ලම කරන්න පුලුවන් ඔයාගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයත් එක්ක. පට්ට ඈ. අනික මේක අපේ මේ ලන්කාවේ කොල්ලන්ගේ වැඩක්නේ. ඉතිං දන්න සිංහලෙන්ම ඕමි ගහන් කැමති කට්ටියට තමයි මං මේක ගෙනාවේ. ගොඩක් අය මේ ගැන දන්නවත් ඇති. නොදන්න අය ඉන්නා නම් ඒ අයට තමයි ඕන් ගෙනාවේ. කට්ටිය අරගෙනම සෙල්ලම් කරලා බලන්න. හරිම ලේසි. නොදන්න අයත් අරගෙන බලන්න සෙල්ලම් කරලා. අමාරු නැහැ. එහෙනම් මේ වගේ තවත් සුකුරුත්තමක් සෙට් වුනොත් ආයේ අරගෙන එන්නම්කෝ ඔයාලගේ දැන ගනීම පිනිස. :)

මං මේකේ පින්කුව දෙන්නේ සෙල්ලම් කඩේම ලින්කුව. ඒකට ගිහින් අපේ මේ සහෝදරයින්ට තරු ලකුණු එහෙම දීලා පොඩ්ඩක් දිරිය දෙන්න අමතක කරන්න එපා. එහෙනම් මං ගියා. සැමට සුභ දවසක්..

ස්කිරින් සොට් ටිකකුත් දෙන්නම්කෝ....






මෙතනින් ගිහින් ගන්න ගේම් එක.

Duka Wedi Tharamata - Noyel Raj - Lyrics , MP3 & Music Video


දුක වැඩි තරමට කඳුළු හෙලන්නට නෙත තවමත් විවර වෙලා
කවදාවත් හිමි නොවනට ඔබ මාගෙන් ඈත් වෙලා
හැඩවෙන නෙතගට තරවටු කෙරුවාට කඳුලැල් නෑ නතර වෙලා
හැමදාමත් රිදවන්නට ඔබ ගියෙ ඇයි ඈත්වෙලා

වෙනසක් නැහැ මගේ සිහිනේ තාමත් මල් පිබිදෙන්නේ
රැවටුන මේ හිත මා ගේ තනිවුන බව නැහැ දන්නේ
උන් යහන පුරා විදි සුවද පවා නැත දුක විතරක් ඉතිරි වෙලා

දුක වැඩි තරමට කඳුළු හෙලන්නට නෙත තවමත් විවර වෙලා
කවදාවත් හිමි නොවනට ඔබ මාගෙන් ඈත් වෙලා
හැඩවෙන නෙතගට තරවටු කෙරුවාට කඳුලැල් නෑ නතර වෙලා
හැමදාමත් රිදවන්නට ඔබ ගියෙ ඇයි ඈත්වෙලා

කදුලක් කදුලක් ගානේ ඔය රුවමයි සිහි වෙන්නේ
මට නොලැබුන ඔබේ සෙනෙහේ වෙන කොහේ බව නැහැ දැනුනේ
ජීවිතය පුරා පැතු පැතුම් මකා ඔබ දුක විතරක් උරුම කලා

දුක වැඩි තරමට කඳුළු හෙලන්නට නෙත තවමත් විවර වෙලා
කවදාවත් හිමි නොවනට ඔබ මාගෙන් ඈත් වෙලා
හැඩවෙන නෙතගට තරවටු කෙරුවාට කඳුලැල් නෑ නතර වෙලා
හැමදාමත් රිදවන්නට ඔබ ගියෙ ඇයි ඈත්වෙලා






MP3 එක පහලින් බාගන්න
MP3

Sunday, November 18, 2012

NE-YO - Let Me Love You - With Sinhala Subtitle


ඔන්න යාලුවනේ පොරොන්දු වුන විදිහට මං අදත් තව අලුත් ගීතයකට සිංහල උපසිරැසි අරගෙන ආවා. මේකත් මං අලුතෙන් පටන් ගත්තු වැඩේ කොටසක්. ඒ කිවුවේ බිල්බෝර්ඩ් ජනප්‍රියම ගීත 100 යේ පලමු ගීත දහයට ඇතුලත් වෙන ගීතයක් තමයි මං අරගෙන ආවේ. ගීතය ගැන සදහනක් කලොත්.

මේ ගීතය නිකුත් කරලා තියෙන්නේ මේ අවුරුද්දේ එනම් 2012 ජූලි 10වෙනිදා. ඒ වගේම මේ ගීතය තමයි බිල්බෝර්ඩ් ජනප්‍රියම ගීත 100 අතුරෙන් මේ වන විට අට වන ස්ථානය දිනා ගෙන තියෙන්නේ. මේ ගීතය ගායනා කරනු ලබන්නේ අමෙරිකාණු ප්‍රසිද්ද ගායකයෙක් සහ ගීත රචකයෙක් වන Ne-Yo විසින්. මේ ගීතය ඔහුගේ පස්වන ගීත ඇල්ඹමය වන R.E.D. (2012) හි ඇතුලත් ගීතයක්.  මේ ගීතයේ පද රචනයෙන් දායක වෙලා තියෙනවා Mikkel S. Erkisen, Sia Furler, Mark Hadfield, Tor E. Hermansen, Mike Di Scala, සහ Shaffer Smith යන පිරිස. ඔය වගේ දේවල් ටිකක් තමයි කියන්න තියෙන්නේ. එහෙනම් වැඩි කතා නවත්වලා ගීතය නරඹලා ඉමු. ගීතය නරඹලා නිකන් යන්නේ නැතිව පහලින් අදහසකුත් දාගෙනම යන්න හොදේ. ඒක ඉදිරි ගමනට ධෛර්යයක් වේවි. එහෙනම් නැවතත් හෙට දිනයේ හමුවෙන බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා. සැමට සුභ රාත්‍රියක්.

අහිංසක හිත්නේ.

සැ.යු : සිංහල උපසිරැසි ගොනුව සහ යූ නලයේ ඇති ඔරිජිනල් රූප රචනය බා ගැනීමෙන් අනතුරුව, උපසිරැසි ගොනුව එයට යොදා නැරඹීමෙන් වඩා ඉහල ගුණාත්මක තාවයෙන් යුත් රූප රචනයක් සහ උපසිරැසියක් රස විදිය හැකිය.

සිංහල උපසිරැසි ඇතුලත් කල රූප රචනය


මුරපදය ලෙස dtlakmal.com ලබා දෙන්න

යූ නලයේ ඇති රූප රචනය

සිංහල උපසිරැසි ගොනුව පහලින් බාගන්න
සිංහල

Saturday, November 17, 2012

Jab Tak Hai Jaan - Ishq Shava - With Sinhala Subtitle


ඔන්න යාලුවනේ මං අදත් තව අලුත් ගීතයකට උපසිරැසි අරගෙන ආවා. මේ ගීතය ලබාදෙන්න සිතුවේ බොහෝ දෙනාගේ ඉල්ලීම නිසයි. මේ ටිකේම ඉංග්‍රිසි සිංදු වල උපසිරැසි අරගෙන ආව නිසා වෙනසකටත් එක්ක මේකට දෙන්න හිතුවා. ඇත්තම කියනවා නම් කවුරුත් දන්නවා ඇතිනේ තාම මේ ගීතය ඇතුලත් වන චිත්‍රපටය සිනමාශාලා වල තිරගත වෙනවා. එහෙයින් මේ ගීතය ඇතුලත් හොද ගුණාත්මක තාවයෙන් යුත් රූප රචනයක් හොයාගන්න බැරිවුනා. නමුත් ඔරිජිනල් රූප රචනයේ බාගයකුත් දැනට නිකුත් කරලා තියෙන කැමරා කොපියක බාගයකුත් එකතු කරලා, ඒකට ඔරිජිනල් ඕඩියෝ එක දාලා තමයි මං මේ විඩියෝ එක හැදුවේ. කට්ටිය ඉල්ලීම් අහක දාන්නත් බෑනේ. ඒකය මේ විදිහට වැඩේ කලේ. ඔරිජිනල් වීඩියෝවක් හමුබවුන ගමන් අනිවා යාවත්කාලින කරනවා. එතකම් කැමති කට්ටිය මේක රස විදින්නකෝ. විඩියෝවේ බාගයක් පමණ කොටසක තමයි ප්‍රශ්නයක් තියෙන්නේ. සංගීතයේ සහ පද රචනයේ කිසිම අඩුවක් නැහැ. සම්පූර්ණ ගීතයම තියෙනවා. ඒ නිසා බය නැතිව බලන්න.

ගීතය ගැන වැඩි යමක් කියන්න ඕනා නැහැනේ. මොකද මීට කලිනුත් මං මේ චිත්‍රපටියේ ගීතයක් ලබාදුන්නනේ. මේ ගීතය ගැන කියනවා නම් කියන්න තියෙන්නේ. මේ ගීතය ගායනා කරන්නේ Raghav Mathur, Shilpa Rao දෙපල විසින් සහ මේ ගීතයේ පද නිර්මාණය කරලා තියෙන්නේ Gulzar විසින්. ඒ වගේම මේ ගීතයට රංගනයෙන් දායක වෙන්නේ Shah Rukh Khan & Katrina Kaif දෙපල. ඔය විදිහේ ටිකක් තමයි කියන්න තියෙන්නේ. එහෙනම් හැමෝටම ගීතය නරඹන්න කියලා ආරාධනා කරන ගමන් මං සමුගන්නවා තවත් අලුත් ගීතයක් සමග හමුවීමේ බලාපොරොත්තුවෙන්.

තව කියන්න තියෙන්නේ මං මේ ගීතය අප්ලෝඩ් කලේ යූ නලයට. ඉතිං අපහසුවකින් තොරව ඔයාලට නරඹන්න පුලුවන් වේවි.

උපසිරැසිය සමග ගීතය යූ නලයෙන්
උපසිරැසිය දර්ෂනය වීමට විඩියෝවේ පහල දකුණු කෙලවරේ ඇති CC බොත්තම ඔබන්න.
යම් ගැටලුවක් වේ නම් අදහසක් මගින් දන්වන්න.

සිංහල උපසිරැසි ගොනුව පහලින් බාගන්න
සිංහල

Friday, November 16, 2012

Flo Rida - I Cry With Sinhala Subtitle


ඔන්න යාලුවනේ පොරොන්දු වුනා වගේ මං අදත් තව අලුත් ලස්සන ගීතයකට සිංහල උපසිරැසි අරගෙන ආවා. මේකත් මං අලුතෙන් පටන් ගත්ත වැඩේ වන  Billboard Hot 100 ගීත දර්ෂකයේ ජනප්‍රියම ගීත දහයට ඇතුලත් වෙන ගීතයක්. අපි වැඉි කතා නැතිව ගීතය ගැන ටිකක් බලමු.

මේ ගීතය ගායනා කරන්නේ හිප් පොප් ගායනයේ ඉතාමත් ජනප්‍රිය ගායකයෙක් වෙන ඇමෙරිකානු ජාතික Flo Rida විසින්. ඒ වගේම මේ ගීතය මුලින්ම විකාශය කරලා තියෙන්නේ 2012 සැප්තැම්බර් මාසයේ 18 වෙනිදා. මේක ඔහුගේ හතරවන ගීත ඇල්ඹමය වන  Wild Ones කියන ඇල්ඹමයට ඇතුලත් වන ගීතයක්.මේ ගීතයට රචනයෙන් නම් දායක වෙලා තියෙනවා හෙන සෙට් එකක්. Flo Rida, Alex Schwartz, Joe Khajadourian, Scott Cutler, Jeffrey Hull, Brenda Russell, Raphael Judrin, Pierre-Antoine Melki, Paul Bäumer, සහ Maarten Hoogstraten. යන අය තමයි රචනය කරලා තියෙන්නේ. තව මං මේ ගීතයට උපසිරැසි ගන්වන්න හිතුවේ මං ඉහත සදහන් කලා වගේ  Billboard Hot 100 ගීත දර්ෂකයේ අද මේ වන විට මේ ගීතය තමයි දහ වන ස්ථානයේ පසුවන්නේ. ඒ නිසයි මං හිතුවේ මේකට උපසිරැසි දාන්න ඕනා කියලා. එහෙනම් වැඩි කතාවකින් තොරවම ගීතය නරඹලා පහලින් අදහසක් කොටා ගෙනම යන්න.

සැමට බුදු සරණයි !!  අහිංසක හිත්නේ.

සැ.යු : සිංහල උපසිරැසි ගොනුව සහ යූ නලයේ ඇති ඔරිජිනල් ගීතය බා ගෙන, උපසිරැසිය එයට යොදා නැරඹීමෙන් වඩා ගුණාත්මක තාවයෙන් යුත් රූප රචනයක් සහ උපසිරැසියක් ඔබට රස විදිය හැක.

සිංහල උපසිරැසිය අන්තර්ගත කල රූප රචනය
මුරපදය ලෙස dtlakmal.com දෙන්න.

යූ නලයේ ඇති ඔරිජිනල් රූප රචනය


සිංහල උපසිරැසි ගොනුව පහලින්
සිංහල

Thursday, November 15, 2012

Die Young - Ke$ha - With Sinhala Subtitle


ඔන්න යාලුවනේ මං පොරොන්දු වනු පරිදි අදත් තව අලුත් ගීතයකට උපසිරැසි අරගෙන ආවා. ඔයාලට මතක ඇතිනේ මං ඊයේ කිවුවා. මට පොඩි අදහසක් ආවා කියලා  Billboard Hot 100 කියන ඇමෙරිකාණු ගීත දර්ෂකයේ ඇති ගීත වලට උපසිරැසි දෙන්න ඕනා කියලා. ඉතිං අදත් අරගෙන ආවේ එහෙම එකක් තමයි. නමුත් ඊයේ තිබුන තත්වය නෙමී අද තියෙන්නේ. අද ගීත දර්ෂකයේ යම් යම් වෙනස් කම් කීපයක් සිදු වෙලා තියෙනවා. අද මේ වෙනකොට ගීත දර්ෂකය තියෙන හැටි මං පහලින් කියන්නම්කෝ. දැන් අපි බලමු අද ගෙනාව ගීතය ගැන.

මේ ගීතය තමයි අද වෙනකොට  Billboard Hot 100 ගීත දර්ෂකයේ තුන් වන තැන දිනාගෙන තියෙන්නේ. මේ ගීතය ගායනා කරන්නේ ඇමෙරිකානු ගායිකා  Kesha විසින්. මේක ඇයගේ දෙවන ගීත ඇල්ඹමය වන Warrior කියන එකට ඇතුලත් කරලා තියෙන ගීතයක්. තව මේ ගීතය නිකුත් කරලා තියෙන්නේ මේ අවුරුද්දේ ඒ කියන්නේ 2012 සැප්තැම්බර් මස 25 වෙනිදා. තව මේ ගීතයට රචනයෙන් දායක වෙලා තියෙනවා  Lukasz Gottwald, Benjamin Levin, Henry Walter, සහ fun කියන සෙට් එක. ඔය වගේ ටිකක් තමයි කියන්න තියෙන්නේ. හරි එහෙමනම් හැමෝම ගීතය රස විදලා හොද නරක ගැන අදහසක් පහලින් දාගෙනම යන්නකෝ.

අද මේ වෙනකොට  Billboard Hot 100 ගීත දර්ෂකයේ ජනප්‍රියම ගීත 10 ට ඇතුලත් වෙන ගීත ලයිස්තුව.


01. One More Night - Maroon 5 (උපසිරැසි ලබා දී ඇත)
02. Diamonds - Rihanna (උපසිරැසි ලබා දී ඇත.)
03. Die Young - Ke$ha (උපසිරැසි ලබා දී ඇත)
04. Some Nights - fun.
05. Gangnam Style - PSY (උපසිරැසි ලබා දී ඇත.)
06. Locked Out Of Heaven - Bruno Mars
07. We Are Never Ever Getting Ba... - Taylor Swift
08. Let Me Love You (Until You L... - Ne-Yo
09. Too Close - Alex Clare
10. I Cry - Flo Rida

එහෙනම් හෙට දිනයේදි නැවතත් හමු වීමේ බලාපොරොත්තුවෙන් මං සමු ගන්නවා. සැමට සුභ රාත්‍රියක්.

අහිංසක හිත්නේ. අදහසක් දාගෙනම යන්න හොදේ.. :D

සැ.යු : උපසිරැසි ගොනුව සහ යූ නලයේ ඇති ගීතය බාගෙන, උපසිරැසිය එයට යොදා නැරඹීමෙන් ඉතා හොද ගුණාත්මක තාවයෙන් යුත් උපසිරසියක් සහ වීඩියෝවක් රස විදිය හැක.

සිංහල උපසිරැසිය අන්තර්ගත කල රූප රචනය

මුරපදය ලෙස dtlakmal.com දෙන්න

යූ නලයේ ඇති ඔරිජිනල් වීඩියෝව


 සිංහල උපසිරැසි ගොනුව පහලින් බාගන්න
සිංහල

Gamata Mema Ena - Priyantha Nawalage - Lyrics , MP3 & Music Video


Click Play Button



ගමට මෙමා එන හැමදාම
සිහිවෙනවා ඔබ මට තාම
පෙම් හිතට.. මේ හැටිම..
දුක උරුම ඇයිදෝ..තාම..

ඒ කාලේ අපි හැදුව
සෙල්ලම් ගේ ඇත මතක
දගකාර කම් කෙරුව
යලි දැකගන්නට ආසයි... පෙරසේම

ඒ කාලේ මම දුන්න
ඔබට අමතකව තිබුන
පොරොන්දුවක් ඇත තවම
සුරැකිව මා හද පතුලේ... ඔබේ නමට

ගමට මෙමා එන හැමදාම
සිහිවෙනවා ඔබ මට තාම
පෙම් හිතට.. මේ හැටිම..
දුක උරුම ඇයිදෝ..තාම..





MP3 එක පහලින් බාගන්න
MP3

Kage Kawdo - Rakith Warawitage - Lyrics, MP3 & Music Video



කාගේ කවුදෝ
නුබේ නම කුමක්දෝ
ආසයි දැනගන්න මා
දහසකුත් දේ පවසන්න ආසයි
ඔබ හා දෙඩමලු වෙලා
කොමල කෙරුවේ සිත ගාව රැදුනේ ඔබමයි මුල්ම දිනේ
සතුටු වූවත් දුකක් දැනුනා ඔබ යන්න ගිය ඒ වෙලේ

කොමල කෙරුවේ සිත ගාව රැදුනේ ඔබමයි මුල්ම දිනේ
සතුටු වූවත් දුකක් දැනුනා ඔබ යන්න ගිය ඒ වෙලේ
මාලිගාවන් පැතුවේම නෑ මා පැතුවේ ඔබේ ආදරේ
බොලද හන්දා සිත ගොලුම වූවා හොරහින් නුඹ දෙස බලා

කොමල කෙරුවේ සිත ගාව රැදුනේ ඔබමයි මුල්ම දිනේ
සතුටු වූවත් දුකක් දැනුනා ඔබ යන්න ගිය ඒ වෙලේ
කොමල කෙරුවේ සිත ගාව රැදුනේ ඔබමයි මුල්ම දිනේ
සතුටු වූවත් දුකක් දැනුනා ඔබ යන්න ගිය ඒ වෙලේ


MP3 එක පහලින් බාගන්න
MP3


Adding 3D Social Icons With Rotate Spin Effect To Blogger


ඔන්න යාලුවනේ මේ ටිකේම උපසිරැසි අරගෙන ආව නිසා මට හිතුනා අපේ බ්ලොග් කරන කට්ටියට පොඩි ගැජමැටික් එකක් කියලා දෙන්න. වැඩිය කතා නැතිව මොකක්ද කියලා කෙලින්ම බලමුකෝ. ඔයාලට පේනවද මේ මගේ බ්ලොග් එකේ දකුණු පැත්තේ උඩින් තියෙන පොඩි සුකුරුත්තම. මූණු පොතේ අයිනය, ට්විටරයේ, ගූගල් එකතු කිරීමේ, වගේ සෙට් එකක් තියෙන්නේ. එතනට මවුස් එක අරන් ගියාම දැක්කද ඒ අයිකන ටික කැරකෙනවා. :D ගති නේද. ඉතිං මං කියලා දෙන්න හැදුවේ ඒ ගැජට් එකම ඔයාලගේ බ්ලොග් එකටත් දාගන්න විදිහක්. මහලොකු දෙයක් නැහැ ඉතිං කොපි පේස්ට් එකක් තමයි දාන්න තියෙන්නේ. එහෙනම් පියවරෙන් පියවර බලන්නකෝ.


Icon Icon Icon Icon

1 පියවර: මුලින්ම ඔයලගේ බ්ලොගර් ගිණුමට ලොග් වෙන්න.

2 පියවර: ඊලගට ඔයාලගේ බ්ලොග් එකේ Layout කියන ටැබ් එක ක්ලික් කරන්නකෝ. 

3 පියවර: ඊලගට තියෙනවා නිකන් කොටු කොටු ගොඩක්. එකෙන් ඔයා මේ ගැජට් එක දාන්න කැමති තැන තියෙනවනේ. එතනට ගිහින් එතන තියෙන කොටුවක තියෙන Add a Gadget කියන එක ක්ලික් කරන්නකෝ.

4 පියවර: ඊලට එයි වින්ඩෝ එකක්, එකේ පොඩ්ඩක් පල්ලෙහාට යනකොට දකින්න ලැබෙයි HTML/JavaScript කියලා එකක්. ඒක ක්ලික් කරන්න.

5 පියවර: ඊලගට ඒ වින්ඩෝ එකේම එයි ටයිප් කරන්න පුලුවන් වෙන්න ටෙක්ස් ෆීල්ඩ් දෙකක්. උඩම ටෙක්ස් ෆීල්ඩ් එකේ ඇත්තේ Tittle කියලා, අනිත් පහල තියෙන ලොකු ටෙක්ස් ෆීල්ඩ් එකේ ඇත්තේ Content කියලා.

6 පියවර: හරි දැන් මං මේ පහලින් දෙන කෝඩ් එක ඇතුලත් ටෙක්ස් ෆයිල් එක බාගන්නකෝ.

මෙතනින් කෝඩ් එක බාගන්න

7 පියවර: එහෙනම් කෝඩ් එක බාගත්තනම්. ඒ කොඩ් එක කොපි කරගෙන, අර Content කියන ටෙක්ස් ෆීල්ඩ් එකට පේස්ට් කරගන්න.

8 පියවර: හරිද. එහෙනම් පේස්ට් කරගත්තා නම්. ඔයාට පොඩි වැඩක් තියෙනවා කරන්න. ඒ තමයි ඔයාගේ මූණුපොතේ, ට්විටර් ගිණුමේ, ගූගල් ප්ලස් ගිනුමේ, RSS ගිණූමේ ලින්කු ටික මේ කෝඩ් එකට ඇතුලත් කරගන්න ඕනා.

ඒක හරිම ලේසි. පොඩ්ඩක් කියවගෙන යන්න කොඩ් එක, මුලින්ම ඔයාට හමුවෙයි Your-Feed-Url-Paste-Hear කියලා එකක්. ඒ පේලිය වෙනුවට ඔයාගේ  RSS ලිපිනය ලබා දෙන්න.

ඒ වගේම අනිත් ගිණුම් වලත් ලිපින ලබා දෙන්න. මං කියන්නම් ඒවා දාන්න ඕනා තැන් ටික.
Your-Feed-Email- Url-Paste Hear මෙතනට ඊමේල් ගිනුමේ RSS ලිපිනය ලබාදෙන්න
Your-Facebook Profile-URL-Paste Hear මෙතනට මූණු පොතේ ගිණුමේ ලිපිනය දෙන්න.
Your-Twitter-Profile-URL-Paste Hear මෙතනට ටිව්ටර් ගිණූමේ ලිපිනය දෙන්න
Your-Google Plus-URL-Paste Hear මෙතනට ගූගල් ප්ලස් ගිණූමේ ලිපිනය දෙන්න.

එච්චරයි. ඔය ටික දුන්නා නම් පහලින් තියෙන Save බටන් එක ක්ලික් කරන්න.

වැදගත් : යම් කිසි බොත්තමක් ඉවත් කරන්න වුවමනා නම්, මේ ආකාරය අනුගමනය කරන්න.

උදා ලෙස, RSS බොත්තම අයින් කරමු. <!--Start Rss Icon--> මෙතැන් පටන් <!--End Rss Icon--> මේ දක්වා ඇති කෝඩ් ටික සම්පූර්ණයෙන් ඉවත් කරන්න.

අනිකුත් බොත්තම් අයින් කරද්දිත් එසේමයි.

හොදයි. යම්කිස් ගැටලුවක් ආවොත් කියන්න. උදවුවක් දෙන්නම්. එහෙනම් හැමෝටම සුභ දවසක්. තව ටිකකින් අලුත් ගීතයකට උපසිරැසි දෙන්නත් තියෙනවා නේ. එහෙනම් මං ගියා. 

අහිංසක හිත්නේ. 




Wednesday, November 14, 2012

One More Night - Maroon 5 With Sinhala Subtitle


කොහොමද යාලුවනේ, ඔන්න පොරොන්දු වුනා වගේ මං අදත් තව ලස්සන ගීතයකට සිංහල උපසිරසි අරගෙන ආවා. මෙදා පාර අරගෙන ආවෙත් ටිකක් අලුත් ගීතයකට. මං මේක තෝරගන්න හේතු වුනේ. මට පොඩි අදහසක් ආවා. ඇමෙරිකාවේ විකාශය වන ප්‍රසිද්ධම අපි කවුරුත් දන්න ගීත දර්ෂකයක් තියෙනවානේ  Billboard Hot 100 කියලා. ඉතිං මං කල්පනා කලා මේකේ විකාශය වන ගීත වලට උපසිරැසි අරගෙන එන්න. මේ දර්ශකයේ දැනටමත් දෙවන ස්ථානයේ සහ හතරවන ස්ථානයේ රැදිලා තියෙන ගීත සදහා මං උපසිරැසි ලබා දීලා තියෙනවා. ඒ නිසා අද අරන් ආවේ පලමු ස්ථානයේ රැදිලා තියෙන ගීතයට උපසිරැසියි.

අර විදිහට ඉහතින් කිවුවම කවුරුත් දන්නවනේ මේක ගොඩක් ජනප්‍රිය ගීතයක් කියලා. ඉතිං අපි වෙනදා වගේම අදත් බලමු ගීතය ගැන ටිකක් විපරම් කොරලා. මේ ගීතය ගායනා කරන්නේ අමෙරිකානු පොප් සහ රොක් සංගීත කණ්ඩායමක් වන  Maroon 5 කියන කණ්ඩායම. තව මේ ගීතය නිකුත් කරලා තියෙන්නේ මේ අවුරුද්දේ, ඒ කියන්නේ 2010 ජූනි මස 19 වෙනිදා. තව මේ ගීතය ඇතුලත් වෙලා තියෙන්නේ එයාලගේ හතරවන ගීත ඇල්ඹමය වන  Overexposed (2012) කියන ඇල්ඹමයේ. ඒ වගේම මේ ගීතයට රචනයෙන් දායක වෙලා තියෙනවා  Adam Levine, Shellback, Max Martin සහ Savan Kotecha යන සිව් දෙනා. ඔය විදිහේ ටිකක් තමයි ඉතිං කියන්න තියෙන්නේ. එහෙනම් දැන් හැමෝම ගීතය නරඹලා අදහසක් පහලින් කොටාගෙන යන්නකෝ.

තව ඔයාලා කැමති ගීත තියෙනවා නම් අදහසක් මගින් දක්වලා යන්න. පුලු පුලුවන් විදිහට ලබා දෙන්න උත්සහ කරන්නම්. :D එහෙනම් නැවතත් හෙට දිනයේ මෙවන් වෙලාවක තවත් අලුත් ගීතයක් /ගෙන ඒමේ බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා. ඔබ සැමට සුභ රාත්‍රියක්.

සැ.යු : සිංහල උපසිරැසි ගොනුව සහ යූ නලයේ ඇති ඔරිජිනල් ගීතය බා ගැනීමෙන් පසු, උපසිරැසිය එයට යොදා ධාවනය කිරීමෙන්, වීඩියෝවේ සහ උපසිරැසියේ උපරිම ගුණාත්මක තාවය අත්විදිය හැකිය.

Billboard Hot 100 ගීත දර්ෂකයේ පලමු ස්ථානයේ සිට දහ වන ස්ථානය දක්වා ඇති ගීත


01. One More Night - Maroon 5
02. Gangnam Style - PSY (උපසිරැසි ලබා දී ඇත.)
03. Some Nights - fun.
04. Diamonds - Rihanna (උපසිරැසි ලබා දී ඇත.)
05. We Are Never Ever Getting Ba... - Taylor Swift
06. Die Young - Ke$ha
07. Locked Out Of Heaven - Bruno Mars
08. As Long As You Love Me - Justin Bieber Featuring Big Sean
09. Too Close - Alex Clare
10. Let Me Love You (Until You L... - Ne-Yo

සිංහල උපසිරැසිය ඇතුලත් කර ඇති වීඩියෝව


මුරපදය සදහා dtlakmal.com ලෙස දෙන්න

යූ නලයේ ඇති ඔරිජිනල් වීඩියෝව

සිංහල උපසිරැසි ගොනුව පහලින්
සිංහල

Pem Kindura - Waruna Madushanka - Lyrics, MP3 & Music Video


සඳ කැල්මෙන් නාවා
හිම යායෙන් ආවා
ඔබ සොයාලා පෙම් කිඳුරා
ඇස් මායිම් ගාවා දුක් කඳුලක් දීලා
ඔබ නොරිදා ඉදිමි මා
ජීවිතයෙ පෙම් සුවඳ ඔබනම්
ඒ සුවඳින් මා මත් වෙන්නම්
ඔය හිතම මා ලඟම ඇත්නම්
ඒ හිතට මා ලං වෙන්නම්

හිත් ගගුලේම ගිලිලා
මා සනසන්න සුහදේ
මුලු දිවියේම බැදිලා
තව රස දෙන්න මිහිරේ
මේ දිවියේ
මල් පිපුනේම ඔබ හින්දාදෝ
රෑ සද සේ මේ දිවියේම එලියයි ඔයා

සඳ කැල්මෙන් නාවා
හිම යායෙන් ආවා
ඔබ සොයාලා පෙම් කිඳුරා
ඇස් මායිම් ගාවා දුක් කඳුලක් දීලා
ඔබ නොරිදා ඉදිමි මා
ජීවිතයෙ පෙම් සුවඳ ඔබනම්
ඒ සුවඳින් මා මත් වෙන්නම්
ඔය හිතම මා ලඟම ඇත්නම්
ඒ හිතට මා ලං වෙන්නම්

මුලු සසරේම බැදිලා
ඈ මගේ වෙන්න පැතුවේ
ඇයි සිතුසේ ම සිබලා
ඔබ නිල් දෑස වැසුවේ
මේ දිවියේ
මල් පිපුනේම ඔබ හින්දාදෝ
රෑ සද සේ මේ දිවියේම එලියයි ඔයා

සඳ කැල්මෙන් නාවා
හිම යායෙන් ආවා
ඔබ සොයාලා පෙම් කිඳුරා
ඇස් මායිම් ගාවා දුක් කඳුලක් දීලා
ඔබ නොරිදා ඉදිමි මා
ජීවිතයෙ පෙම් සුවඳ ඔබනම්
ඒ සුවඳින් මා මත් වෙන්නම්
ඔය හිතම මා ලඟම ඇත්නම්
ඒ හිතට මා ලං වෙන්නම්




MP3 එක පහලින් බාගන්න
MP3