Tuesday, October 30, 2012

In The End - Linkin Park - With Sinhala Subtitle


ඔන්න යාලුවනේ අදත් මං තව ගීතයකට සිංහල උපසිරසි අරන් ආවා. මේක නම් ටිකක් පරනයි. ඒ කියන්නේ මේ සිංදුව නිකුත් කරලා තියෙන්නේ 2001 වසරේ නොවැම්බර් 21 වන දින. මං මේක තෝරගත්තේ මං ගොඩක් ආස කරන සංගීත කණ්ඩායමක් මේක ගායනා කරන නිසාත ඒ කවුරුත් දන්න ඉතා ප්‍රසිද්ද රොක් සංගීත කණ්ඩයෙමක් වන  Linkin Park කණ්ඩායම විසින් ගායනා කරන In the End යන නම් වූ ගීතය. ගොඩක් අය මේ ගීතය අහලා ඇති. මොකද මේක ගොඩක් ජනප්‍රිය වුන ගීතයක්. මං මේ කණ්ඩායමේ වැඩියෙන්ම ආස ගීත අතර තියෙන ගීතයක් කිවුවොත් නිවැරදී. රොක් සංගීතයට ආස අය ඉන්නවා නම් මේකට ගොඩක් කැමති වෙයි. අනිවා අහලා නැති වෙන්න බැරි එකක් නැහැ. ඒ නිසා අහා තියෙන නැති හැමෝම බලන්නකෝ එහෙනම් කොහොමද කියලා.

මෙතනින් උපසිරැසි අන්තර්ගත කරපු වීඩියෝ එක

මෙන්න යූ නලයේ ඔරිජිනල් ගීතය

 සිංහල උපසිරැසි ගොනුව පහලින් බාගන්න
සිංහල

Monday, October 29, 2012

Beautiful - Akon ft. Colby O'Donis, Kardinal Offishall - With Sinhala Subtitle


ඔන්න යාලුවනේ මං අදත් තවත් ලස්සන සිංදුවකට සිංහල උපසිරැසි අරගෙන ආවා. මේකත් ගොඩක් ජනප්‍රිය වෙච්ච ගීතයක්. ලස්සන බීට් එක. ලස්සන වොයිස් ටික. පට්ට.බලමුකෝ එහෙනම් ගීතය මොකක්ද කියලා.

ගීතය ගැන කියනවා නම් 2009 ජනවාරි මස 6 වෙනිදා සිට විකාශය ආරම්භ කරනු ලැබූ Akon සමග ඇමෙරිකානු පොප් ගායකයකු වන Colby O'Donis සහ  කැනේඩියානු රැප් ගායකයෙක් වෙන  Kardinal Offishall විසින ගායනා කරනු ලබන Beautiful යන නම් දරාපු ගීතයයි. මේ ගීතය රචනා කරලා තියෙන්නේ Colby Colón, Jason Harrow, Aliaune Thiam, Jaylien Wesley, Giorgio Tuinfort පස් දෙනා විසිනි. මේ ගීතය ගැන වැඩි දුරටත් කියනවා නම්. මේ ගීතයේ හරය වන්නේ. රාත්‍රි සමාජශාලාවක සිටින කාන්තාවකගේ ලස්සන දැක. එය නිසා ඇය ලගට ලංවීමට තමන්ට ලැජ්ජාවක් ඇති වී ඇති නිසා. ගාකයා මේ ගීතය ගායනා කරනු ලබයි ඔහොම තමයි ඉතිං කියන්න තියෙන්නේ. කට්ටිය එහෙනම් බලලා හොද නරකත් කියලම යන්නකෝ.

මෙන්න උපසිරැසිය ඇතුලත් කරනු ලැබූ ගීතය
මෙන්න ඔරිජිනල් යූ නලයේ ගීතය
සිංහල උපසිරැසිය මෙතනින් බාගන්න
සිංහල

No Promises - Shayne Ward - With Sinhala Subtitle


ඔන්න යාලුවනේ මං තවත් ගීතයකට සිංහල උපසිරැසි අරගෙන ආවා. මේක නම් ටිකක් පරණ ගීතයක්. නමුත් ගොඩාක් ජනප්‍රිය වෙච්ච එකක්. මං මේ ගීතයට පෞද්ගලිකව ගොඩක් ආසයි. ඒ නිසා හිතුනා මේකටත් උපසිරැසියක් යෙදුවනම් හොදයි කියලා. ඒ නිසා ඔන්න වැඩේ කලා. වැඩේ හොදයි නම් පහලින් අදහසක් දක්වලා ගුණ අගුණ කියලා යන්න හොදද. හරි අපි බලමු අද ගෙනාව සිංදුව මොකක්ද කියලා.

මේ ගීතය මුලින්ම ගායනා කරලා තියෙන්නේ බ්‍රයන් රයිස් කියන ගායකයා. ඒ 2005 වසරෙදි තිරගත කෙරුණු  හාස්‍යය චිත්‍රපටයක් සදහා. එය ඒ කාලේ ඒ කියන්නේ 2005 සහ 2006 යන වර්ෂ වල සුපර් හිට් එකක් වෙලා තියෙනවා. ඊට පස්සේ 2006 අවුරුද්දෙදිම අර අපේ ශිහාන් අයියා කරනවා වගේ මේ සිංදුවත් නැවත ගායනයක් සිදු කරලා තියෙනවා Shayne Ward විසින්. අද අපි අහන්නෙත් එයා ගායනා කරන ගීතයම තමයි. එයා මේ ගීතය ගායනා කලාට පස්සේ ඇමෙරිකාව තුල එවකට ජනප්‍රිය ගීත අතුරෙන් දෙවනි ස්ථානය ලබා ගැනීමටත් හැකි වෙලා තියෙනවා. තව වැඩිම අලෙවියක් සිදු වූ ගීත අතර දහසය වැනි ස්ථානය හිමි කර ගැනීමටත් මේ ගීතයට හැකි වෙලා තියෙනවා. අමෙරිකාව තුල පමනක් පිටපත් 200,000 ක් පමණ  අලෙවි වි තියෙනවා. ඔය වගේ දේවල් තමයි ඉතිං කියන්න තියෙන්නේ. ඒ කතාත් නවත්තලා අපි එහෙනම් සිංදුව බලල ඉමු. අදත් මං ඔයාලට දීලා තියෙනවා ඔරිජිනල් යූ නලයේ ගීතයත්, සිංහල උපසිරැසි ඇතුලත් කරණු ලැබූ ගීතයත්. සිංහල උපසිරැසි ඇතුලත් කරපු ගීතයේ තියෙන අඩුපාඩුව තමයි උපසිරැසි වල වර්ණය සහ පැහැදිලි කම ටිකක් අඩුයි. මම නම් කැමති ඔයාලා යූ නලයෙන් විඩියෝ එක බාගෙන. ඊලගට පහලින් දෙන උපසිරැසි ගොනුවත් බාගෙන. ඒක වීඩියෝ එකට දාගෙන බලනවා නම්. හරියට අපි නිකන් චිත්‍රපටියකට උපසිරැසි දාගෙන බලනවා වගේ. එහෙම කලා නම් සබ් එකේ ගුණාත්මකතාවයත් ඉහලා යාවි මං හිතන්නේ. එහෙනම් කතා ඇති මෙන්න ගීතය.

සිංහල උපසිරැසි ඇතුලත් කරණු ලැබූ ගීතය

යූ නලයේ ඇති ඔරිජිනල් ගීතය

සිංහල උපසිරැසි ගොනුව පහලින්
සිංහල

Saturday, October 27, 2012

Love the Way You Lie - Eminem ft Rihanna - With Sinhala Subtitle


ඔන්න යාලුවනේ අලුත් වැඩේ තෙවනි එලි දැක්වීමත් අරගෙන මං ආවා. පසු ගිය ඉදිරිපත් කිරීම් දෙකේම තිබුන අඩුපාඩු ගොඩක් තිබුනා නොවැ. දැන් නම් ඒවා ටිකක් හදාගන්න පුලුවන් උනා. යූ නලයට දාන්න බැරි එකයි තියෙන ප්‍රශ්නය. යු නලයෙන් කියනවනේ මේ විඩියෝ එකේ කොපිරියට් ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඉතිං කාටවත් පෙන්නේ නැහැ මං අප්ලෝඩ් කලාට. ඉතිං මොකෑ කරන්නේ. දන්න කවුරු හරි ඉන්නවා නම් ඒක හදාගෙන වැඩේ කරගන්න පුලුවන් විදිහක්. මට කියන්න හොදේ.

හරි බලමුකෝ අද ගෙනාව සිංදුව මොකක්ද කියලා. 2010 අගෝස්තු නමවෙනිදා පටන් විකාශය ඇරඹු  Eminem සහ Rihanna විසින් ගායනා කරන Love the Way You Lie ගීතයයි. මෙම ගීතය Marshall Mathers, Alexander Grant, Holly Hafermann විසින් රචනා කරන ලද විනාඩි 4 කුත් තත්පර 23 කුත් දිවෙන Hip hop, pop යන වර්ගීකරණයට අයත් වන ගීතයක්. මං හිතන්නේ බොහොමයක් දෙනා මේ ගීතය අසා ඇති. මොකද ගොඩක් ජනප්‍රිය වුන ගීතයක් තමයි මේක. මෙම ගීතය සති 25ක් පුරා ගීත දර්ෂක වල පලමු ස්ථානයේ රැදිලා තියෙනවා. එයට ඇමෙරිකාවේ  Billboard Hot 100 කියන දර්ෂකයත් ඇතුලත්. මෙම ගීතය ඇමෙරිකාව තුල මිලියන පහක් පමණ අලෙවි වෙලා තියෙනවා. එ නිසා 2010 වර්ෂයේ වැඩිම අලෙවියක් වූ ගීතය ලෙස මෙම ගීතය වාර්ථා තබනවා. ඒ වගේම ග්රැමි සම්මාන පහකටත් නාම යෝජනා වෙලා තියෙනවා. තව සිංදුව ගැන කියනවා නම් ගොඩක් ඒවා තියෙනවා ඉතිං. ඒවා ගැන කියන්න ඕනා නැනේ. ඔයාලා සිංදුව බලලා ඉන්නකෝ එහෙනම්

මෙන්න සිංහල උපසිරැසිය ඇතුලත් කරපු විඩියෝ එක.


මෙන්න ඔරිජිනල් යූ නලයේ විඩියෝ එක



 සිංහල උපසිරැසි ගොනුව පහලින් බාගන්න
සිංහල

Friday, October 26, 2012

Dhomi Dhaala - Dinesh & Shafraz - MP3 & Lyrics



ඩෝම්මි දාලා ඩොමික්කි දාලා
ඩෝම්මි දාලා ඩොමික්කි දාලා
ඩෝම්මි දාලා ඩොමික්කි දාලා

නිල් දෑසේ මායාවේ බැල්මෙන් මා දැවුනානේ
ආඩම්බර ආදරියේ
මේ සැන්දෑ හෝරාවේ ලං වී ඉන්නයි සිතුවේ
ඇයි මා සිත රිදවන්නේ

ඩෝම්මි දාලා ඩොමික්කි දාලා
ඩෝම්මි දාලා ඩොමික්කි දාලා

ලංවිලා ස්නේහේ පාලා හිනහෙමි ඉගිපා
හැංගීලා නෙතගින් බලා පැන යමි රවටා
ආශා මල් සිහිනේ රැදුනයි ඔබ මාගේ
ආඩම්බර ලදුනේ නොතලන් සිත මාගේ

ඩෝම්මි දාලා ඩොමික්කි දාලා
ඩෝම්මි දාලා ඩොමික්කි දාලා

නිල් දෑසේ මායාවේ බැල්මෙන් මා දැවුනානේ
ආඩම්බර ආදරියේ
මේ සැන්දෑ හෝරාවේ ලං වී ඉන්නයි සිතුවේ
ඇයි මා සිත රිදවන්නේ

ඩෝම්මි ඩෝම්මි
ඩොමික්කි ඩොමික්කි
ඩෝම්මි ඩෝම්මි
ඩොමික්කි ඩොමික්කි
ඩෝම්මි ඩෝම්මි
ඩොමික්කි ඩොමික්කි
ඩෝම්මි ඩෝම්මි
ඩොමික්කි ඩොමික්කි

ඩෝම්මි දාලා ඩොමික්කි දාලා
ඩෝම්මි දාලා ඩොමික්කි දාලා

බන්දාලා කරමුතු මාලා ගෙන යමි සිතලා
මදහසින් කෝලම්පාලා ඇයි යන්නේ පිටුපා
ආශා මල් සිහිනේ රැජිනයි ඔබ මාගේ
ආඩම්බර ලදුනේ නොතලන් සිත මාගේ

නිල් දෑසේ මායාවේ බැල්මෙන් මා දැවුනානේ
ආඩම්බර ආදරියේ
මේ සැන්දෑ හෝරාවේ ලං වී ඉන්නයි සිතුවේ
ඇයි මා සිත රිදවන්නේ

ඩෝම්මි දාලා ඩොමික්කි දාලා
ඩෝම්මි දාලා ඩොමික්කි දාලා

ඩෝම්මි දාලා ඩොමික්කි දාලා
ඩෝම්මි දාලා ඩොමික්කි දාලා

ඩෝම්මි දාලා ඩොමික්කි දාලා
ඩෝම්මි දාලා ඩොමික්කි දාලා

ඩෝම්මි දාලා ඩොමික්කි දාලා
ඩෝම්මි දාලා ඩොමික්කි දාලා

MP3 එක පහලින් බාගන්න
MP3

Thursday, October 25, 2012

Justin Bieber - Baby ft. Ludacris With Sinhala Subtitles


Online Video Updated
ඔන්න මං අලුතින් පටන්ගත්තු වැඩේ තවත් අදියරක් අරගෙන ඔයාලා හමුවට ආවා. පලමු එකේදි කරගන්න බැරිවුන අඩු පාඩු ටිකක් මේකෙදි හරිගස්සගන්න පුලුවන් කම ලැබුනා. පලමු විඩියෝ එක මට ඔන්ලයි සිංහල උපසිරැසියත් සමග ධාවනය විදිහට සකස් කරගන්න බැරිවුනානේ. ඉතිං මං හොයලා හොයලා වැඩේ කොහොම හරි ගොඩ දාගත්තා. නමුත් සංදුව වෙනමම අරන් සබ් එක ඒකට ඇදලා දාලා බලන තරම් කොලිටි එකක් සහ වර්ණ ගැන්වීම් වගේ දේවල් මෙ තුලින් අහිමි වුනා. නමුත් ඔයාලා ලග මේ සිංදුව තියේ නම් උපසිරැසි ෆයිලය බා ගැනීම විතරක් ඔබලට කරන්න පුලුවන්. එහෙම අකමැති අයට ඔන්ලයින් බලන්නත් හැකියාව තියෙනවා. පලමුව දීපු සිංදුවත් මං නැවත හරිගස්සලා ඔන්ලයින් බලන්න පුලුවන් විදහට සකස් කලා. කලින් එක බැලුවේ නැත්තම් මෙතනින් ගිහින් බලන්නකෝ.



හරි බලමු මං අද ගෙනාවේ මොකක්ද කියලා. මේක ගැන නම් හැම කෙනෙක්ම දන්නවා මං හිතන්නේ අමුතුවෙන් කියන්න ඕනා නැහැ. මේ ගීතය තමයි අපි කවුරුත් අදුනන මෑත කාලයේදි බොහොමයක් ජනප්‍රිය ගායකු වූ Justin Bieber ගායනා කරන Baby ගීතය. ජස්ටින් බීබර් ගැන ටිකක් කියනවා නම් මොහු 1994 මාර්තු පලවෙනිදා කැනඩාවෙදි උපත ලැබු හුරතල් පෙනුමක් තියෙන කොලු ගැටයෙක්. මොහු ගීත ගායනයට වගේම ගීත රචනයට සහ සංගීත අධ්‍යක්ෂනයටත් දක්ෂකම් පානවා. තව මොහුට ගිටාර් , පියානෝ, ට්‍රම්පට් වැනි සංගීත භාණ්ඩ හොදින් වාදනය කිරීමේ හැකියාවකුත් තියෙනවා. එයා ගැන කිවුවා ඇතිනේ. අපි දැන් ගීතය ගැනත් ටිකක් බලමුකෝ.



බීබර් කොලුවගේ මයි වර්ල්ඩ් දෙවන සංස්කරණය කියන ඇල්බමයට නිකුත් කරන ලද  බීබර් සමග  Tricky Stewart සහ Terius Nash යන තිදෙනා විසින් රචනා කරන ලද ගීතයකි. ඒ දෙන්නම තමයි බීබර් කොලුවා විසින් ගායනා කරපු තව ජනප්‍රිය ගීතයක් වන වන් ටයිම් කියන ගීතයත් කරලා තියෙන්නේ. මේ ගීතය මුලින්ම නිකුත් කරලා තියෙන්නේ 2010 ක් වූ ජනවාර් මස 18 වන දින. නමුත් මෙය ග්‍රවන් විදුලියේ ප්‍රකාශය ආරම්භ කරලා තියෙන්නේ 2010 ජනවාරි මස 26 වන දින. තව මෙම ගීතයට හැකි වෙලා තියෙනවා රටවල් දාහතරක ටොප් ටීවි චාර්ට් වල පලමු තැන ලබාගන්න. සෙල්ලන් නෑනේ. තව කියන්න තියෙන ලොකුම දේ තමයි. තවමත් අපි කවුරුත් දන්න යූ නලයේ වැඩිම පිරිසක් නරඔපු ගීතයට හිමි තැන ලැබෙන්නෙත් මේකටම තමයි. කී දෙනෙක් බලලා තියෙනවද කිවුවොත් 791,737,608. ඔය ඇති නේද ගීතය ගැනත් කිවුවා.



දැන් එහෙනම් අපි ගීතය බලලා ඉමු. ඔයාලා රසවින්දා නම් මගේ හිතටත් පොඩි සතුටක් ලැබෙන්න පහලින් පොඩි හරි අදහසක් දාලා යන්න හොදේ. සැමටම බුදු සරණයි !!



අහිංසක හිත්නේ.



සිංහල උපසිරැසි ඇතුලත් කරනූ ලැබූ ගීතය
යූ නලයට අප්ලෝඩ් කලාම පොඩි නීතිමය ප්‍රශ්නයක් මතු වෙනවා. ඒ නිසා ඔන්ලයින් බලන අයට ඉහල විඩියෝ එකෙන් ගීතය රසවිදින්න පුලුවන්.

නැති නම් යූ නලයෙන් ඔරිජිනල් වීඩියෝ එක බාගෙන, පහ ඇති උපසිරැසි ගොනුව එයට දමා නරඹන්නත් පුලුවන්.

මෙන්න ඔරිජිනල් වීඩියෝ එක යූ නලයෙන්.


වර්ණ ගැන්වූ සිංහල උපසිරැසි ගොනුව පහලින් බාගන්න

baby

Tuesday, October 23, 2012

Mariah Carey - We Belong Together With Sinhala SUbtitle


Updated : Now you can watch this song online with Sinhala Subtitle

ඔන්න යාලුවනේ. තවත් අලුත් වැඩකට අත ගැහුවා මං. මට මේක හිතුනේ. අපි ගොඩක් සිංදු අහනවා විවිධ භාෂාවන් වල. අපි ගොඩක් වෙලාවට රසවිදින්නේ එහි තාලය නැතිනම් සංගීතය වගේ දේවල්. සිංදුවෙන් කියන්නේ මොකක්ද කියන එක ගැන හිතන්නේ නැහැ. (මං ඒ කිව්වේ මං ගැන, සමහර විට ඔයාලා එහෙම නැතුව ඇති හොදේ ) ඉතිං ඒක නිසා මං හිතුවා අලුත් වැඩක් කරන්න. අලුත් කිවුවට මං දන් නැහැ තව කවුරු හරි මෙහෙම දෙයක් පටන් අරන් තියෙනවද කියලා. ඒ කතා හරි කියමුකෝ. මේකයි වැඩේ. අපි අහන ලස්සන විදේශිය භාශාමය සිංදු වලට සිංහල උපසිරැසි යොදන්න. 

මේක ගැන මගේ හිතේ ටික කාලෙක ඉදන් අදහසක් තිබුනා. ඉතිං ඒ අදහස මල්පර දරමින්. මං පලවෙනි වැඩේට අත ගැහුවා. චිත්‍රපටයකට උපසිරැසි ගන්වනවා වගේ නෙමීනේ මේ වැඩේ. මොකද සිංදුවකට උපසිරැසි ෆයිලයක් නිකුත් වෙන්නේ නැහැනේ. ඉතිං මුල ඉදන් ටයිමින් එහෙම සකස් කරලා වැඩේ කරන්න ඕනා. ඒකත් කොහොම හරි කරගත්තා කියන්නකෝ. අන්තිමේදි වැඩේ වුනේ මේ උපසිරැසි ෆයිලය විඩියෝ එකට දාගන්න එකනේ. කොහොම හරි දගලලා දගලලා ඒකත් කරගත්තා. නමුත් ඒක යූ නලයට අප්ලෝඩ් කලාම උපසිරැසි දර්ෂනය වෙන්නේ නැහැ. ඒ හේතුව නිසා මට උපසිරැසි ෆයිලය වෙනමම තමයි දෙන්න වෙන්නේ.  කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා නම් කොහොමද මේ SRT ෆයිල් එක වීඩියෝ එකත් එක්ක ජොයින් කරලා එන්කෝඩ් කරගන්නේ කියලා මට කියන්න. මං උපරිම උත්සහය දරනවා ඒ දේ කොහොම හරි හොයාගෙන ඔයාලට අරගෙන එන්න. මගේ බලාපොරොත්තුව උනෙත් ඒකමයි. ඉතිං කරන්න දෙයක් නැහැ දැනට අපි මෙහෙම බලමු. ඉදිරියට අපි උත්සයක් දරමු. ඔයාලත් මට ඒක කරගන්න සහයෝගය දෙයි කියලා හිතනවා. ඒක හරිග
 ඒ කතා ඉවර කරල බලමු හා හා පුරාවට පලවෙනියට තෝරගත්ත සිංදුව මොකක්ද කියලා එහෙනම්. 

මේ සිංදුව ගායනා කරන්නේ ඇමෙරිකානු ජාතික Mariah Carey විසින්. ඇය ගායිකාවක් මෙන්ම ගීත රචිකාවියක් තව නිලියක් සහ ගීත පටිගත කරන්නියක්ද වෙනවා. ඇය විසින් ගායනා කරන ලද  We Belong Together ගීතයටයි මා පලවෙනි උපසිරැසි ගැන්වුම සිදුකලේ. මේ ගීතය ඇයගේ දස වන ගීත ඇල්බමය වන The Emancipation of Mimi  වලට අයිති එකක්. මේ ගීතය නිකුත් කරනු ලැබුවේ 2005 මාර්තු 29 වන දින. මෙම ගීතයට ග්රැමී සම්මාන දෙකකුත් රේඩියෝ මියුසික් කියන සම්මාන දෙකකුත් සොල් ට්‍රේන් මියුසික් කියන සම්මාන දෙකකුත්, වයිබ් සම්මානයකුත් , වර්ඩ් මියුසික් සම්මාන එකකුත්, ටීන් චොයිස් (තාරුන්‍න්‍යය තේරිම්) යන සම්මානයකුත් දිනාගෙන තියෙනවා.  ඔය ඇතිනේ සිංදුව ගැන කිවුවා. :D 

ඔන්න එහෙනම් මගේ පලවෙනි නිර්මාණය ඔයාලට පුද කරනවා. බලලා හොද නරක ගැන අදහසකුත් දාගෙනම යන්න. ඒක මට දිරියක් වේවි ඉදිරියටත්. තව ඔබ කැමති ගීත තියේ නම් ඒවත් අදහසක් මගින් දන්වා යන්න. පුලු පුලුවන් විදිහට ඒවත් කරලා දෙන්න උත්සහ ගන්නම්. පලවෙනි එක නිසා වැරදි ඇති. චිත්‍රපටි වලට උපසිරැසි යෙදුවට මේක අලුත්ම දෙයක්නේ ඉතිං.

එහෙනම් හැමෝටම ගීතය රසවිදින්න කියන ගමන් මං සමුගන්නවා. 

එහෙනම් සැමටම බුදු සරණයි !!

අහිංසක හිත්නේ.

මෙන්න උපසිරැසි අන්තර්ගත කරපු විඩියෝ එක


මෙන්න සිංදුව යූ නලයෙන්


සිංදුව ටොරන්ට් වලින් බාන අයට මෙතනින් බාගන්න පුලුවන් 1080P කොපිය
මෙතනින් යූ නලයේ විඩියෝ එක බාගන්න පුලුවන් 22MB
නමුත් මෙතනින් බාගත්තම ඔයාලා බාන ෆයිල් එක රීනේම් කරන්න මෙන්න මේ විදිහට.
we belong together.mp4  කියලා. එහෙම නැති වුනොත් විඩියෝ එක පේන එකක් නැහැ.

ඔයාලා ලග IDM තියේ නම් කෙලින්ම යූ නලයේ විඩියෝ එක ප්ලේ කරලා යටින් එන ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරලා බාගන්න. ඒක තමයි ලේසිම විදිහ මං හිතන්නේ.

සිංහල උපසිරැසි ෆයිල් එක මෙතනින් බාගන්න.


තවත් උපසිරැසියකින් හමුවෙමු.

Nandamma - A-Tune - MP3 & Lyrics


සුන්දර සිහිනයක් පැතු හැම ලෝකයක්
කුලුදුල් ආලයක් මට ඔබයි අහිමි කලේ 
දැක්කම උදේට කැඳ නැ දවසෙම
මොන කරුමයක් දෝ මගේ පස්සෙම්මයි වැටි
නැන්දමේ ඩිංගක් අහන්න දුව දෙනවද මට කියන්න
රැක ගන්නම් පණ මෙන් ජීවිතේ මට හිමි ආදරේ

මතකයි මට අද වගේ හමුවුනු පන්තියේ
ඉරිදට රොටරියේ වැරදුනොතින් නම් අපි සිග්මා එකේ
ගෝල්ෆේස් එක වටේ යමු අස්සයා පිටේ
හවසට පුරහලේ එක කුඩයටදි අපි පාර්ක් එකේ
138 තුන් මුල්ලේ වටේ යනකොට කූල් එකේ
දැක්කයි නැන්දම්මව හොල්ට් එකේ
කොහේ ගියත් අනේ නැහැ නිවනක් හිතේ
මගේ ජීවිතේම දැන් කරුමයක්ද මේ නැන්දම්මගේ වදේ

නැන්දම්මේ ඩිංගක් අහන්න දුව දෙනවද මට කියන්න
රැක ගන්නම් පණ මෙන් ජීවිතේ මට හිමි ආදරේ

නැන්දම්මේ ඩිංගක් අහන්න දුව දෙනවද මට කියන්න
රැක ගන්නම් පණ මෙන් ජීවිතේ මට හිමි ආදරේ

MP3 පහලින් බාගන්න
MP3

Heeneka Thani Karala - Iraj and Thiwanka Lakmal ft Devashrie - MP3 , Lyrics & Music Video


Updated - Music Video Now Available

දඟකාර දෙකොපුල් අතරේ 
තනිවෙන්න සිතුනා ආයේ 
හසරැල්ල ඔය සුදු මුහුනේ
මැවෙනවා මගේ සිත අයිනේ
මාව හීනෙක තනිකරලා
ඈත යන්නට ඔබ ගියදා

තුරුලේම උන්නු කාලේ
මතකයත් කවියක් වාගේ රත්තරන් මගේ
ඔබ ගිහින් දුරු කතරක විදි දුක ගැන හිතා
මගේ හිතේ ගිනි කදුලු වීලා

දඟකාර දෙකොපුල් අතරේ 
තනිවෙන්න සිතුනා ආයේ 
හසරැල්ල ඔය සුදු මුහුනේ
මැවෙනවා මගේ සිත අයිනේ
මාව හීනෙක තනිකරලා
ඈත යන්නට මං ගියදා

අන්දකාරයේ ඔය දෙනෙතම මං හොයලා
ආදරේ පදවැල් කදුලක අමුණලා
පුංචි ඔය ඇස් වලින් මට නොකියු කතා
අහන් ඉන්න ආසයි තව ලං වෙලා

දඟකාර දෙකොපුල් අතරේ 
තනිවෙන්න සිතුනා ආයේ 
හසරැල්ල ඔය සුදු මුහුනේ
මැවෙනවා මගේ සිත අයිනේ
මාව හීනෙක තනිකරලා
ඈත යන්නට මං ගියදා

ඈත යන්නට මං ගියදා

MP3 එක පහලින් බාගන්න
MP3


Rahase Hadana (Remake) - Peshala ft Samitha Mudunkotuwa -MP3, Video & Lyrics


රහසේ හඩනා අප හැගුම්
ලොව නෑ දන්නේ අප පැතුම්
ලා සදු පායනා රැයේ දිලිසේ තරුසේ
තනි වී තැවෙනා පෙම් සුසුම්
රහසේ හඩනා අප හැගුම්
ලොව නෑ දන්නේ අප පැතුම්
ලා සදු පායනා රැයේ දිලිසේ තරුසේ
තනි වී තැවෙනා පෙම් සුසුම්
රහසේ හඩනා අප හැගුම්

හිරිමල් වයසේ සෙනෙහින් බැදි එදා
මතකේ නොමියේ ඔබ මා සිතින් සදා
ආදරයේ රස මියුරු වේදනා

රහසේ හඩනා අප හැගුම්
ලොව නෑ දන්නේ අප පැතුම්
ලා සදු පායනා රැයේ දිලිසේ තරුසේ
තනි වී තැවෙනා පෙම් සුසුම්

සද රෑ සිහිනේ සෙවනැල් අස්සේ වෙලි
ඉමු අපි සොදුරේ සුපුරුදු ලෙසින් බැදි
ආදරයේ රස මියුරු වේදනා

රහසේ හඩනා අප හැගුම්
ලොව නෑ දන්නේ අප පැතුම්
ලා සදු පායනා රැයේ දිලිසේ තරුසේ
තනි වී තැවෙනා පෙම් සුසුම්
රහසේ හඩනා අප හැගුම්

MP3 එක පහලින් බාගන්න

MP3

Iwasaida Manda - Athula Adikari, Samitha Mudunkotuwa - Lyrics , Music Video & Mp3



ඉවසයිද මන්දා මා දුන් රිදුම් 
වෙන්වීල ආදා වෙනතාක් බලන් 
උන්නාට මා රහසේ තුරුලක හෙමින් 
මට ඉන්න බෑනේ මතකෙට හොරෙන්

තනියම වින්දා දුන් දුක් සුසුම්
තව කදුලු නැහැනේ දෙනෙතේ ඉතිං
ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්
මට මාද නැතිවුනා සත්තයි හෙමින්

ගොලුවෙච්ච තරු දහසේ කදුලැල් උනන්නෙ
දරාගන්න බෑනේ මතකේ විලාපේ
ආදරේ ඔබෙන් තරම් ලැබුනේ නැහැ කාගෙන්වත්
රැකගන්න බැරිවුනේ සංසාර ආදරේ

ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්
මට මාද නැතිවුනා සත්තයි හෙමින්

මේ පාලු දුක් සිහිනේ අතරමං වෙලා බොහොසේ
ආයි ගන්න බැහැ සෙනෙහස ඔබේ
ජීවිතය වැටුනු තරම් නැගිට ගන්න බෑ‍ ආයේ
මැරි මැරි උපදි මේ සංසාර ආදරේ

උන්නාට මා රහසේ තුරුලක හෙමින් 
මට ඉන්න බෑනේ මතකෙට හොරෙන්

ඉවසයිද මන්දා මා දුන් රිදුම් 
වෙන්වීල ආදා වෙනතාක් බලන් 
උන්නාට මා රහසේ තුරුලක හෙමින් 
මට ඉන්න බෑනේ මතකෙට හොරෙන්

තනියම වින්දා දුන් දුක් සුසුම්
තව කදුලු නැහැනේ දෙනෙතේ ඉතිං
ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්
මට මාද නැතිවුනා සත්තයි හෙමින්



MP3 එක පහලින් බාගන්න
MP3

Monday, October 22, 2012

Obe Namata Pudami Sada- Pradeep Rangana - MP3 & Lyrics



ඔය ඇස් දිහා පෙම යාවෙලා
ගෙතු කාරනා හද දිවුරුවා
සිත තෝරනා ඔබ පෙම් සිනා
ලැබෙනා තුරා මා යදිනවා
හැගුමන් පායලා සිතුමන් වෑහිලා
එනමුත් නොහැගෙදෝ ආදරේ
ඉතිරෙන ආදරේ ඔය හද නැවතිලා
මට සිත දේදෝ පැතු කුමරියේ

මාගේ දෛවේ පිදුවේ උරුමේ ඔබ වේදැයි
සිත කීවේ දුටු මුල් දිනේ
පැටලුම් ලියා විසදුම් සොයනා සිත ලග
දෑහින් කිවු ඔබ කවුදෝ කියා
ඔබ නිසා සිත අහැරිලා අදුරේ පවා
තනිකරයිද සිත අසනවා
ඔබ හද හිමි වුනත් ඔබ අහිමි වුනත්
මගේ පපු තුරුලේ සැනසුම ඔබයි
ගැයෙනා  තනුවේ පදවැල් ඔබමයි සදා
එය ඔබෙ නමට පුදමී සදා

ඔය ඇස් දිහා පෙම යාවෙලා
ගෙතු කාරනා හද දිවුරුවා
සිත තෝරනා ඔබෙ පෙම් සිනා
ලැබෙනා තුරා මා යදිනවා
හැගුමන් පායලා සිතුමන් වෑහිලා
එනමුත් නොහැගෙදෝ ආදරේ
ඉතිරෙන ආදරේ ඔය හද නැවතිලා
මට සිත දේදෝ පැතු කුමරියේ

ඇසෙනා මානේ ඔබ අද වේ නම්
ඇතිනම් හෘදේ ඇයි මේ නොපිරූ හිතක්
මාගේ හෘදේ මෙතරම් ආලේ උතුරා යන්නේ
නොපිරෑ තැන් පුරවන්නමයි
ඔබ නිසා තැනු ගීතේ අවසානය ගෙනෙයි
මැවු සිහිනේ පිබිදේයිද මන්දා
ඔබ හද හිමි වුනත් ඔබ අහිමි වුනත්
මගේ පපු තුරුලේ සැනසුම ඔබයි
ගැයෙනා තනුවේ පදවැල් ඔබමයි සදා
එය ඔබ නමට පුදමී සදා

ගැයෙනා තනුවේ පදවැල් ඔබමයි සදා
එය ඔබ නමට පුදමී සදා

MP3 එක මෙතනින් බාගන්න
MP3
Your Ad Here

Sunday, October 21, 2012

Wen Wenna Bari Tharam - Chillie Thilanka - MP3 and Lyrics



වෙන් වෙන්න බැරි තරම්
ඇයි මාව ලං කරන්
ඔබ යන්න සමු අරන් 
හිතුවේ ඇයි කියන්

හිත හදාගන්න බැරිවේවි
දුක දරාගන්න බැරි වේවි
ඔබ නැතිව ඉන්න බැරි වේවි
ජීවිතයත් නිම වේවි

වෙන් වෙන්න බැරි තරම්
ඇයි මාව ලං කරන්
ඔබ යන්න සමු අරන් 
හිතුවේ ඇයි කියන්

කදුලැල් හදුනා සිනාසෙන්න කියා දුන්නේ ඔබ මයි
සුන්දර විදිහට පෙම් කරන්න කියාදුන්නේ ඔබමයි
මේ තරමට ඔබ මට පෙම් කරලා දාලා යන්න හිතුවාද මා..ව

හිත හදාගන්න බැරිවේවි
දුක දරාගන්න බැරි වේවි
ඔබ නැතිව ඉන්න බැරි වේවි
ජීවිතයත් නිම වේවි

ඉස්සර වාගේ රණ්ඩු වෙලා තරගෙට හඩන්න ආසයි
ආයෙත් ටිකකින් තුරුලු කරන් තොල්පෙති තෙමන්න ආසයි
මේ තරමට ඔබ මට පෙම් කරලා දාලා යන්න හිතුවාද මා..ව

හිත හදාගන්න බැරිවේවි
දුක දරාගන්න බැරි වේවි
ඔබ නැතිව ඉන්න බැරි වේවි
ජීවිතයත් නිම වේවි

වෙන් වෙන්න බැරි තරම්
ඇයි මාව ලං කරන්
ඔබ යන්න සමු අරන් 
හිතුවේ ඇයි කියන්

හිත හදාගන්න බැරිවේවි
දුක දරාගන්න බැරි වේවි
ඔබ නැතිව ඉන්න බැරි වේවි
ජීවිතයත් නිම වේවි

MP3 එක පහලින් බාගන්න


MP3
Your Ad Here

බොලිවුඩ් සිනමාවේ රොමැන්ටික් රජු යාෂ් චොප්රා මිය යයි



බොලිවුඩ් සිනමාවේ ප්‍රසිද්ද රොමැන්ටික් චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක් මෙන්ම චිත්‍රපට නිෂ්පාදක වරයෙක්ද වන යාෂ් රාජ් චොප්රා මහතා අද හදිසියේම ඉන්දියාවේ පෞද්ගලික රෝහලක් තුල සිටියදි අප අතරින් සදහටම සමුගත්තා. මෙයට හේතුව ලෙස සදහන් වන්නේ පසුගිය සතියේ ඔහුට වැලදී තිබුණු ඩෙංගු උණ රෝගයයි. ඒ මහතා මිය යන විට අසූවැනි වියේ පසුවුවා.

මිය යන විට ඔහුගේ නවතම චිත්‍රපටය වන "Jab Tak Hai Jaan." නිර්මාණය කිරිමේ කටයුත්තට වැඩි කාලයක් යෙදවමින් සිට තිබෙනවා. 

ඔහු විසින් මේ තාක් නිෂ්පාදනය කරන ලද චිත්‍රපට ලයිස්තුව පහතින් දැක්වේ.


1973 Daag: A Poem of Lovea
1975 Deewar
1976 Kabhi Kabhie
1977 Doosra Aadmi
1978 Trishul
1979 Noorie
Kaala Patthar
1981 Nakhuda
Silsila
1982 Sawaal
1984 Mashaal
1985 Faasle
1988 Vijay
1989 Chandni
1991 Lamhe
1993 Darr
Aaina
1994  Yeh Dillagi
1995 Dilwale Dulhania Le Jayenge
1997 Dil To Pagal Hai
Humko Ishq Ne Mara (TV)
2000 Zubeidaa
Mohabbatein
2002 Mere Yaar Ki Shaadi Hai
Mujhse Dosti Karoge!
Saathiya
2004 Hum Tum
Dhoom
Veer-Zaara
2005 Bunty Aur Babli
Salaam Namaste
Neal n' Nikki
2006 Fanaa
Dhoom 2
Kabul Express
2007 Ta Ra Rum Pum
Jhoom Barabar Jhoom
Chak De!
Laaga Chunari Mein
Aaja Nachle
2008 Tashan
Thoda Pyaar Thoda Magic
Bachna Ae Haseeno
Roadside Romeo

co-produced with Walt Disney Pictures
Rab Ne Bana Di Jodi
2009 New York
Dil Bole Hadippa!
Rocket Singh: Salesman of the Year
2010 Pyaar Impossible
Badmaash Company
Lafangey Parindey
Band Baaja Baaraat
2011 Mere Brother Ki Dulhan
Ladies vs Ricky
2012 Ishaqzaade
Ek Tha Tiger
Jab Tak Hai Jaan

ඔහුගේ ඉදිරියට නිකුත් වීමට තිබූ නවතම චිත්‍රපටය Jab Tak Hai Jaan.


එහි ගීත.




Sansare - Dayasiri Jayasekara - Lyrics & MP3 Download



සන්සාරේ ආ ලෙසිනා
ශුංගාරේ යා කෙරුනා 
සන්සාරේ ආ ලෙසිනා
ශුංගාරේ යා කෙරුනා 

පිනි යායේ සැරි සරලා
වරුගානේ කොදුරමිනා
හිත අස්සේ ඈ රැදුනා
හිත මානේ පිනි සිනා
නෙතු යායේ ඉගි වසිනා

රතු දෙතොලක පැහැසැර වැදුනා
වතුසුදු මල හදකුල පිපනා
ඔබ සුවදැති මදනල වෑහිලා පායා
වස්සානේ සේයා
රැස්මානේ ගාවා
සංසිදෙනා සේමා
පෙම්කෙරුවා ඈ
නෙතු පැටලී ආදා මාගේ කියා
මල් වාරේ ආවා සොයා

ලැසි ගමනට ආලය හිතිලා
ඇසිපිය යට සෙනෙහස පිරුනා
සද පරදන වත මට සිහි විලා බෝමා
වෙල් තිරේ පිරා
ගිම්හානේ පේනා
ඇස් බැදුනේ ඇ හා
ලං වෙනවා ඈ
නෙතු පැටලී ආදා මාගේ කියා
මල් වාරේ ආවා සොයා

සන්සාරේ ආ ලෙසිනා
ශුංගාරේ යා කෙරුනා 
පිනි යායේ සැරි සරලා

වරුගානේ කොදුරමිනා
හිත අස්සේ ඈ රැදුනා
හිත මානේ පිනි සිනා
නෙතු යායේ ඉගි වසිනා

MP3 එක පහලින් බාගන්න


MP3

Saturday, October 20, 2012

Anduru Ahasaka Raa Katayam - Rakitha - Lyrics and MP3 Download



අදුරු අහසක රෑ කැටයම්
සදකි තනිකම් කල සිත්තම්
ඔබට තවකෙක් පමනක් නම්
මියෙමි සදවත අද මා නම්
නොනිමි කදුලක පටලා හද
අදුර කිම සැගවී දුර පෙර
කිබද මාහදක ඔබ වූ සද
කිමද ඉකි බිද හදවත අද

නොපිපි කොද කුසුමකි ඉකි බිද
මා පැතු සෙනේ
මග නොදැන ඔබ යන මග දැක 
මිය යනු කෙසේ
දිවි තත් නැතත් මා හඩවා
ලතැවුල් රැයේ
මේ ජීවිතේ ඔබ නැතිනම්
කිම මෙනවියේ

අදුරු අහසක රෑ කැටයම්
සදකි තනිකම් කල සිත්තම්
ඔබට තවකෙක් පමනක් නම්
මියෙමි සදවත අද මා නම්
නොනිමි කදුලක පටලා හද
අදුර කිම සැගවී දුර පෙර
කිබද මාහදක ඔබ වූ සද
කිමද ඉකි බිද හදවත අද



මුකුලිතව සිත වත නෙත වැදි
කදුලයි නෙතේ
සිතක දුක දැක ඔබ මෙන් 
වෙන් වී ගියේ
දිව තත් නැතත් මා හඩවා
ලතැවුල් රැයේ
මේ ජීවිතේ ඔබ නැති නම් 
කිම මෙනවියේ


අදුරු අහසක රෑ කැටයම්
සදකි තනිකම් කල සිත්තම්
ඔබට තවකෙක් පමනක් නම්
මියෙමි සදවත අද මා නම්
නොනිමි කදුලක පටලා හද
අදුර කිම සැගවී දුර පෙර
කිබද මාහදක ඔබ වූ සද
කිමද ඉකි බිද හදවත අද

MP3 එක පහලින් බාගන්න