Saturday, September 1, 2012

Teri Meri Kahaani 2012 සිංහල උපසිරැසි සමග


ඔන්න මම අද අරගෙන ආවේ මේ අවුරුද්දේ රිලීස් වෙච්ච හිංදි ලස්සන ආදර කතාවක් අරගෙන. මේ කතාව ගැන කියනවා නම් මේකේ ප්‍රධාන චරිත වලට පන පොවන්නේ කවුරුත් දන්න ප්‍රසිද්ද නලු නිළි දෙපලක්. ඒ තමයි ෂයිඩ් කපූර් එක්ක ප්‍රියංකා චොප්රා. මේක ටිකක් වෙනස්ම විදිහට ආව කතාවක් කියලා මට කියන්න පුලුවන්. කවුරුත් නොහිතන පැත්තක් ගැන ගොඩක් ලස්සන විදිහට කතා කරලා තියෙනවා.
හරි වැඩි කතා නැතුව මං කතාව සැකෙවින් කියන්නම්කෝ. මෙහෙමයි මේක කාල වකවානු තුනක් ඈදලා හදපු බයිස්කෝප් එකක්. ඒ කියන්නේ අපි දන්නේ නැහැ මේ ජීවිතේචි අපිට හමුඋන කෙනා මීට කලින් හමු වෙලා තියෙනවද කියලා, නැත්තමයි ආයමත් ලබන ආත්මෙදි හමු වේවිද කියලා. ඉති මේකේ යන්නේ ඒ විදිහ කතාවක්. ආත්ම තුනකදීම තමන්ගේ ආදරය ලබාගන්න කන කට්ට සහ ඒකෙන් ඇති වෙන හිත් වේදෙනාව ගොඩක් හොදට මේ චිතුපටියේ ගැබිව තියෙනවා. ඇයි තමන් ඇත්තට ආදරය කරලත් තමන්ට ඒ අදරය කරන කෙනාව ලබාගන්න එදච්චර දුක් විදින්න වෙන්නේ. ඇත්තටම මේ කතාව බලන්න ගොඩක් ලස්සනයි. ආදරය කරන අයනම් මේ කතාවට ගොඩක් කැමති වෙයි.
ඒ නිසා හැමෝම අරගෙන බලන්න. ගොඩක් ලස්සනයි. මේකේ ලස්සන ගීත වගයකුත් අන්තර්ගත වෙනවා. . කතාව ලස්සනයි. ඊට වඩා කියන්න දෙයක් නැහැ. හැමෝම අරගෙන බලලා හොද නරක කමෙන්ට් එකකින් දාගෙන යන්න.
තව අලුත් බයිස්කෝප් එකකින් හමුවෙන බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා. හැමෝටම ජය.
අහිංසක හිත්නේ