Sunday, December 23, 2012

Edho Oru Paatu - With Sinhala Subtitle


ඔන්න යාලුවනේ ගොඩ කාලයක් නිෂ්ෂබ්දව ඉදලා ඔන්න අද තවත් ගීතයකට සිංහල උපසිරැසි අරගෙන ආවා. මේ ගීතයට උපසිරැසි ගන්වන්න ගත්තේ ඉල්ලීමකට අනුව. ඒ වගේම මේ ටිකේ උපසිරැසි අරගෙන එන්න බැරිවුනේ වැඩ වලට හිර වුන නිසා ඒ ගැන අහිතක් හිතන්න එපා හොදේ. ඔයාලා කැමති ගීත තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න හොදේ. නැත්තම් මූණු පොතේ පේජ් එකට ගිහින් මැසේජ් එකක් දැම්මත් හරි හොදේ. වැඩි කතා නැතිව අපි බලමුකෝ ගීතය ගැන.

මේ ගීතය ටිකක් පරණ ලස්සන දෙමල චිත්‍රපටයක ඇතුලත් වෙච්ච එකක්. ඒක තමයි 1998දි තිරගත කරන්න පටන් ගත්ත විශිෂ්ඨ රංගන ශිල්පීන් දෙපලක් වන කාර්තික් සහ රෝජා රංගනයෙන් දායක වන Unnidathil Ennai Koduthen යන චිත්‍රපටයේ ඇතුලත් ගීතයක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ වික්‍රමන් විසින්. ඒ වගේම මේ චිත්‍රපටයට ආරාධිත රංගනයෙන් දායක වනවා අජිත් කුමාර්. මේ චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්ථාවක් තියලා තියෙනවා දවස් 200ක් පුරා මේ චිත්‍රපටය සාර්ථක අන්දමින් තිරගත කිරීම නිමිත්තෙන්. ඒ වගේම ටිකක් තමයි චිත්‍රපටය ගැන කියන්නේ. ගොඩක් දෙනා මේ චිත්‍රපටය බලලත් ඇති. චිත්‍රපටය බලලා නැතත් මේ ගීතය නම් අනිවා අහලා ඇති. එහෙනම් වැඩි කතා නැතුම කස්ටිය ගීතය බලලා රසවිදලා පහලින් අදහසකුත් සාගෙනම යන්නකෝ.. එහෙනම් සැමට බුදු සරණයි !!

අහිංසක හිත්නේ :D

උපරිම ගුණාත්මක තාවයෙන් යුත් උපසිරැසියක් සහ රූප රචනයක් රස විදීමට පහලින් දී ඇති යූ නලයේ ඔරිජිනල් ගීතය සහ උපසිරැසි ගොනුව බාගෙන නැරඹීම සිදු කරන්න.


උපසිරැසිය ඇතුලත් කල රූප රචනය

මුරපදය ලෙස dtlakmal.com ලබා දෙන්න.

ඔරිජිනල් රූප රචනය

සිංහල උපසිරැසි ගොනුව පහලින් බාගන්න
Your Ad Here සිංහල

Wednesday, December 19, 2012

Tharuwak Wee Ra Ahase - A-Tune - Lyrics , MP3 & Music Video



Main Artist - A-Tune
Vocals, Lyrics - Lasan
Vocals - Tharindu-A, Chamila Jw, Disani D
Music, Mixing - Shenal M
Lyrics - Tharindu Wimalaweera
Video Director - Malith McR


MP3 අහන්න ප්ලේ (Play) බොත්තම ඔබන්න


තරුවක් වී රෑ අහසේ මා ඔබ සෙව්වත් අද සොඳුරියේ.
මට නොපෙනී ඔබ සැඟවී මා තනිවී රාත්‍රියේ
මගෙ ජීවිතේ ඔබමයි කියා
සිතු සෑම දේ බොඳ වී ගියා අහසේ..

තරු තනි වෙලා සදු සැගවිලා ඔබ දුර ගියා මා හඩවලා
ඔබ ගැන හිතා ඔබ මගේ කියා මා සිතු නිසා අද තනිවෙලා
තරු තනි වෙලා සදු සැගවිලා ඔබ දුර ගියා මා හඩවලා
ඔබ ගැන හිතා ඔබ මගේ කියා මා සිතු නිසා අද තනිවෙලා

හිරු වන්නට ආකාසේ පෙලබුනත් මුලු හදින්
ලැබගන්නට නුබ මා හට පින් නැතිදෝ සොදුරියේ

තරු තනි වෙලා සදු සැගවෙලා ඔබ දුර ගියා මා හඩවලා
ඔබ ගැන හිතා ඔබ මගේ කියා මා සිතු නිසා අද තනිවෙලා
තරු තනි වෙලා සදු සැගවිලා ඔබ දුර ගියා මා හඩවලා
ඔබ ගැන හිතා ඔබ මගේ කියා මා සිතු නිසා අද තනිවෙලා

තරුවක් වී රෑ අහසේ මා ඔබ සෙව්වත් අද සොඳුරියේ.
මට නොපෙනී ඔබ සැඟවී මා තනිවී රාත්‍රියේ
මගෙ ජීවිතේ ඔබමයි කියා
සිතු සෑම දේ බොඳ වී ගියා අහසේ..

තරු තනි වෙලා සදු සැගවිලා ඔබ දුර ගියා මා හඩවලා
ඔබ ගැන හිතා ඔබ මගේ කියා මා සිතු නිසා අද තනිවෙලා
තරු තනි වෙලා සදු සැගවිලා ඔබ දුර ගියා මා හඩවලා
ඔබ ගැන හිතා ඔබ මගේ කියා මා සිතු නිසා අද තනිවෙලා





MP3 එක පහලින් බා ගන්න
Your Ad Here MP3

Sudu Pichcha Mal - Theekshana Anuradha, Sewwandi Ranathunga - Lyrics , MP3 & MusicVideo



සිංදුව අහන්න ප්ලේ (Play) බොත්තම ඔබන්න


සුදු පිච්ච මල් හිනා පේලි වැහි වස්සන
සොඳුරු වද කාරී.. ආදරේ ඉල්ලන
සුදු පිච්ච මල් හිනා පේලි වැසි වස්සන
සොඳුරු වද කාරීලු මං.. ආදරේ ඉල්ලන
නුබේ සුන්දර සිත මට සොරකම් කරන්න ආසයි
ඒ වරදට මට ඔබගේ වෙන්නත් ආසයි

සුදු සද එලියට ඇහෙරෙයි කොද මල්
රෑ පුරා හා හා ඔබේ නෙත් කැල්මට
නෙපිපිද පෙම් මල් සිත පුරා
ඒ ආලවන්තකම් ඉවසන්නේ කොහොමද මං

නිල් දිය කලබන සුලගක් වාගේ
නිදි වරා හා හා හදවත පුබුදන
රහසක් කියමුද රෑ පුරා
ඒ ආලවන්තකම් ඉවසන්නේ කොහොමද මං

සුදු පිච්ච මල් හිනා පේලි වැහි වස්සන
සොඳුරු වද කාරී.. ආදරේ ඉල්ලන
සුදු පිච්ච මල් හිනා පේලි වැසි වස්සන
සොඳුරු වද කාරීලු මං.. ආදරේ ඉල්ලන
නුබේ සුන්දර සිත මට සොරකම් කරන්න ආසයි
ඒ වරදට මට ඔබගේ වෙන්නත් ආසයි





MP3 එක පහලින් බාගන්න
Your Ad Here MP3

Monday, December 17, 2012

Jelly Bean For Xperia Mini / Mini Pro / Live With Walkman / Active


එක දිගටම පදවැල් සහ ගීත වල උපසිරැසි අරගෙන ආව නිසා ට හිතුනා මෙදා පාර වෙන දෙයක් ගැන ලියන්න ඕනා කියලා. ඉතිං ලියන්න කල්පනා කලා මං දැන් දවස් කීපයක ඉහතදි ඉදන් බාවිතා කරන දෙයක් ගැන. ඒ තමයි මේ වෙනකොට ලෝකයේ බොහෝ සෙයින් ජනප්‍රිය වෙලා තියෙන ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දතියේ අලුත්ම එලි දැක්වීම වන Jelly Bean ගැන. ඇත්තටම කවුරුත් දන්නවා ඇන්ඩ්‍රොයිඩ් හි අයිතිය තියෙන්නේ ගූගල් සමාගමට. ඒ නිසා ඔවුන් මුලින්ම එයාලගේ මෙහෙයුම් පද්දතිය නික්‍රත් කරන්නේ එයාලගේ දුරකථනයක් වල Google Nexus කියන දුරකථනයට. ඒකට නිකුත් කලාට පස්සේ තමයි ඉතිං අනෙක්‍රත් ආයතන විසින් ඔවුනොවුන්ගේ ස්මාර්ට් දුරකථන සදහා එම මෙහුයුම් පද්දතිය හරිගස්සන්නේ. ඉතිං දැනට මං හිතන්නේ නිල වශයෙන් සැම්සුන්ග් ගැලැක්සි එස් 2 සහ 3 එකට නිකුත් කරලද කොහෙද තියෙන්නේ. නමුත් මං දන්නේ නැහැ හරියටම. මොකද මං පාවිච්චි කරන්නේ එක්ස්පීරියා ඒවනේ. :D

ඉතිං ඕක නිල වශයෙන් එනකම් බලන් ඉන්න ඕනා නැහැ අපේ ඩිවලොපර්ස්ලා මොකක් හරි දාපු ගමන් දඩි බිඩි ගාලා අනෙක් ඒවටත් ස්ථාපනය කරන්න පුලුවන් වෙන්න මොනා හරි සුකුරුත්තමක් කරනවනේ. ඒ වගේ තමයි මා ලගත් තියෙනවා එක්ස්පීරියා Mini ඒ කියන්නේ ST15i කියන දුරකථනය. ඉතිං ඕකට නියමෙටම වැඩ කරන ජෙලි එකක් ආවා මේ ලගදි. සිරාවටම වැඩ. තාම මට අවුලක් නම් සෙට් වුනේ නැහැ.

ඉතිං මට හිතුනා මේක ඔයාලා එක්ක බෙදාගන්න ඕනා කියලා. මේක Sony Ericsson දුරකථන කීපයකටම වැඩ කරනවා. ඒ තමයි Xperia Mini, Xperia Mini Pro, Live With Walkman, Xperia Active ඔය සෙට් එකටම වැඩ කරනවා. තව මං හිතන්නේ මේ රොම් එකම තව ගොඩක් ඒවට හදලා තියෙනවා. දැනට මං මේ ටිකට දාන විදිහ ගැන කියන්නම්.

මුලින්ම අවශ්‍යය ඒවා ගැන කියන්නම්කෝ.

1. ඉහත සදහන් කල දුරකථන වලින් එකක්
2. අවම වශයෙන් බැටරිය සියයට 70ක් වත් චාර්ජ් කරලා තියෙන්න ඕනා
3. ඩේටා කේබල් එකක්
4. ඔයාට ආරක්ෂා කරගන්න දත්ත, ඒ කියන්නේ SMS, Call Log වගේ ඉන්ටර්නල් මෙමරි එකේ තියෙන ඒවා බැකප් එකක් දාගන්න.

හරි දැන් වැඩේ කරන හැටි පියවරෙන් පියවර කියලා දෙන්නම්. හරියට කියවලා වැඩේ කරන්න.

1 පියවර. - මුලින්ම මං ඔයාලගේ දුරකථන වර්ගයට අනුව අදාල ෆර්ම්වෙයාර් එක බාගන්න ලින්කු දෙන්නම්.

Your Ad Here Xperia Mini Pro
Your Ad Here Live With Walkman
Your Ad Here Xperia Active 
Your Ad Here
2 පියවර - ඉහලින් සදහන් කල ලින්කුවෙන් ඔයාලගේ ෆෝන් එකට අදාල සිප් ෆයිල් එක බාගන්න.

3 පියවර - දැන් ඔයාලට ඕනා වෙනවා ෆ්ලෑෂ්ටූල් කියන සොෆ්ට්වෙයාර් එක. ඒක මෙතනින් බාගන්න

4 පියවර - ෆ්ලෑෂ්ටූල් එක බාගත්තට පස්සේ ඒක ඔයලගේ මැෂින් එකට ඉන්ස්ටෝල් කරගන්න. පාත් එක වෙනස් කරන්න එපා. C පාර්ටිෂන් එකටම යන්න දෙන්න. ඒක ලේසියි ඒකයි.

5 පියවර - ඊලගට ෆ්ලෑෂ්ටූල් ඉන්ස්ටෝල් වුනාට පස්සේ, යන්න ඉන්ස්ටෝල් වුන තැනට. ඔයා පාත් එක වෙනස් නොකලා නම් ඒක ඇති C පාර්ටිෂන් එක ඕපන් කරපු ගමන්.

6 පියවර - ෆ්ලෑෂ්ටූල් ෆොල්ඩර් එක ඇතුලට යන්න. එතකොට ඔයලා දකි Drivers කියලා ෆොල්ඩර් එකක් ඒකත් ඕපන් කරන්න. ඒකේ ඇතුලේ ඇති සෙටප් ෆයිල් එකක්. ඒකත් ඉන්ස්ටෝල් කරගන්න. ඒක ඉන්ස්ටෝල් කරද්දි පලවෙනි නෙක්ස්ට් බොත්තමෙන් පස්සේ එයි ටික් දාන්න බොක්සස් ගොඩක්. ඔයා ඒ ඔක්කොටම ටික් දාලා නෙක්ස්ට් කරන්න හොදේ.

7 පියවර - ඩ්‍රයිවර්ස් ටිකත් ඉන්ස්ටෝල් වෙලා ඉවර වුනාම මැෂිම රීස්ටාර්ට් කරන්න.

8 පියවර - හරි දැන් මැෂිම රිස්ටාර්ට් වුනානේ, ඊලගට අර මුලින් බාගත්තු සිප් ෆයිල් එක තියෙන්නේ. ඒක ඕපන් කරලා ඒකේ ඇතුලේ ඇති boot.img කියලා එකක්, ඒක ඩෙක්ස්ටොප් එකට ඇදලා දාගන්න.

9 පියවර - boot ෆයිල් එක ගත්තට පස්සේ ඔයා ෆෝන් එක මැෂිමට ගහලා අර සිප් ෆයිල් එක ඔයාලගේ ෆෝන් එකේ මෙමරියට කොපි කරගන්න.

10 පියවර - සිප් එක ෆෝන් එකට දාගත්තට පස්සේ ෆෝන් එක ගලවලා ඔෆ් කරන්න ෆොන් එක.

11 පියවර - ඊලගට ඔයා ආයේ යන්න ෆ්ලෑෂ්ටූල් ෆෝල්ඩර් එකට, ගිහින් ෆ්ලැෂ්ටූල් එක ඕපන් කරගන්න. ඒකට ඇති කලුපාට අකුණක් වගේ අයිකන් එකක්. ඒක ඩබල් ක්ලික් කරාම ඕපන් වෙයි.

12 පියවර - ඊලගට ෆ්ලෑධ්ටූල් ඕපන් කලාම එයි වින්ඩෝ එකක්. ඒ වින්ඩෝ එකේ වම් පැත්තේ ඉහල කෙලවරේ ඇති කලින් විදිහටම කලුපාට අකුණක් ඇදලා තියෙන අයිකන් එකක්. ඒක ක්ලික් කරන්න.

13 පියවර - එතකොට එයි චූටි බොක්ස් එකක් ටික් දාන්න පුලුවන්. ඒකේ Fastboot mode  කියන එකට ටික් එක දාලා පහලින් තියෙන ok බොත්තම ඔබන්න.

14 පියවර - දැන් ඔයාගේ ඕෆ් කරපු ෆොන් එකේ Volume UP බටන් එක ඔබාගෙන USB කේබල් එක සම්බන්ධ කරන්න.

15 පියවර - ඊලගට ආයෙමත් ෆ්ලෑෂ්ටූල් එකට යන්න. ඒකේ දැන් ඇති බටන් ගොඩක් තියෙන වින්ඩෝ එකක් ඇවිල්ලා. එකෙන් දකුණූ පැත්තේ තියෙන Select Kernel to Flash කියන එක තෝරන්න. එතකොට එයි බොක්ස් එකක්. ඒකෙන් ඩෙක්ස්ටොප් එකට ගිහින් අර boot.img කියන එක දෙන්න. එතකොට තත්පර පහක් හයක් යද්දි වැටෙයි සක්සස්ෆුලි කියලා. ඊට පස්සේ ෆ්ලෑෂ්ටූල් ක්ලෝස් කරලා දාන්න.

16 පියවර - හරි දැන් ෆොන් එකත් ඩේටා කේබල් එකෙන් ගලවලා ගන්න.

17 පියවර - දැන් ෆෝන් එක ඔන් කරන්න. ඔන් කරලා ෆෝන් එකේ නෙටිෆිකේෂන් බල්බ් එක දිහා බලාගෙන ඉන්න. ටික වෙලාවකින් ඒ බල්බ් එක පත්තු වෙයි. ඒ පත්තු වුන ගමන්ම VOLUME DOWN බටන් එක ඔබාගෙන ඉන්න. එතකොට ස්ක්‍රින් එකේ මෙනු එකක් වැටෙයි. ඒක වැටුනම අත අරින්න බටන් එක.

18 පියවර - දැන් ඒ මෙනු එකේ ඇති Wipe Data / Factory Reset කියලා එතනට යන්න. (ඉහල පහල යන්න පාවිච්චි කරන්න volume up / down බොත්තන් දෙක)

19 පියවර - එතනට ගියාට පස්සේ ඒක ඇතුලට යන්න. ඒකට හෝම් Home බොත්තම පාවිච්චි කරන්න.

20 පියවර - ඒක ඇතුලට ගියාට පස්සේ NO ගොඩකුයි එක YES එකකුයි ඇති. ආයෙමත් ඒ YES එක ලගට ගිහින් හොම් බොත්තම ඔබන්න.

21 පියවර - ඊලගට ආයෙමත් අර ප්‍රධාන මෙනු එකේ ඇති Wipe Cache Partition කියලා ඒකත් අර කලින් කලා වගේ කරන්න.

22 පියවර - දැන් ආයෙමත් ප්‍රධාන මෙනු එකේ තියෙන Advance කියන එකට යන්න.

23 පියවර - එතනට ගිහින් ඒකේ ඇතුලේ තියෙන Wipe Dalvik Cache කියන එකත් කලින් විදිහටම කරන්න.

24 පියවර - ඊලගට ආයෙමත් ප්‍රධාන මෙනු එකට ගිහින් Install Zip From SD Card කියන එකට යන්න, ඒකේ ඇතුලේ ඇති Choose Zip From SD Card කියලා ඒකට යන්න. එතකොට ඔයාලගේ මෙමරි එකේ තියෙන ෆයිල් ටික පෙන්නයි. එතනින් ඔයා මුලින් බාගනිපු සිප් ෆයිල් එක දාගනිපු තැනට ගිහින් එක සිලෙක්ට් කරන්න.

25 පියවර - ඒක දීපු ගමන් ඉන්ස්ටෝල් වීම ආරම්භ වෙයි. ටික වෙලාවක් ඉන්න. ඉන්ස්ටොල් වෙලා ඉවරනම් ආයෙමත් අර මෙනු එකටම යයි. එතකොට Reboot කියන එකට ගිහින් Reboot System දෙන්න.

26 පියවර - පලවෙනි පාර ඔන් වෙන්න ටිකක් වෙලා යාවි. බය වෙන්න එපා. දැන් වැඩ ටික ඉවරයි. ඔන් වුනාම සෙටින්ග්ස් වලට ගිහිල්ලා About Phone ගිහිල්ලා බලන්න ඔයාගේ ඇන්ඩ්‍රොයිඩ් වර්ෂන් එක 4.1.2 වෙලා ඇති. ඒ කියන්නේ ඔයත් දැන් කන්නේ ජෙලි. :D

 ඇත්තටම මං මේ රොම් එකට ආස මේකේ බැටරි ආයු කාලය නම් මං පාවිච්චි කරපු අනිත් රොම් වලට වඩා වැඩි. අනික වේගවත් බවෙනුත් ඉදිරියෙන් සිටිනවා. ඔයාලත් දාගෙන බලන්න. ගැටලුවක් ආවොත් අහන්න. කියාදෙන්නම්.. :D

Google App ටික වෙනමම දාගන්න ඕනා. ඒකට මං ලින්ක් එක දෙන්නම් ඒක බාගෙන මෙමරි එකට කොපි කරගෙන මං 17 වෙනි පියවර සහ 24 වෙනි පියවරේ කියල තියෙන විදිහට ඒකත් ඉන්ස්ටෝල් කරගන්න.


Sunday, December 16, 2012

Ada Ape Thaththa - Funky Dirt - Lyrics , MP3 & Music Video



ගීතය ධාවනයට (Play) ප්ලේ බොත්තම ඔබන්න


අද අපෙ තාත්තා ගෙදර ඇවිල්ලා අඩිය පොලවෙ ගහලා
මවෙත ඔරවලා අහපු දේට මට කට උත්තර නෑනෙ.
කාත් එක්කකද බොල තෝ බස් හොල්ට් ගානේ අත් අල්ලන් ඉන්නේ
පිං බෝ ගහ හන්දියේ හොල්ට් එක ගාවයි මං තොගේ වැඩ දැක්කේ

ආ ඒකද තාත්තේ ඒ මගේ කෙල්ලයි ඔබේ ලේලිය වන්නේ
කියපු ගමන් කන හරහට පාරක් තාත්තා මට ගැහුවේ
අයි අයි අයියෝ අයියෝ අම්මියෝ මෙන්න තාත්තා ගහනෝ
අයි අයි අයියෝ අයියෝ අම්මියෝ  එලව එලව ගහනෝ

ලවු එක මගේ නැගලම යනකොට දෛවයේ සරදමදෝ
පැනි හල හල හිටි මම අප්පොච්චට ඇයි අසුවුනේදෝ
මට මෙතරම් බාදා දෝ

එහෙනම් ඉදගෙන හිටගෙන පෙරලි පෙරලි එලිවෙනකම් මල් කැඩුවා
අද ෆොන් එකවත් නැහැ අපේ අප්පොච්චා පොලවේ ගහලා කැඩුවා
අද ෆොන් එකවත් නැහැ අපේ අප්පොච්චා පොලවේ ගහලා කැඩුවා
ඉලන්දාරි කාලේ උබ වගේ නොවේ කාලකන්නි වැඩ කෙරුවේ නැහැ
උබලගේ කාලේ තාත්තේ මේ වගේ ඉන්ටනෙට්‍ ෆේස්බුක් තිබ්බේ නැහැ

අයි අයි අයියෝ අයියෝ අම්මියෝ මෙන්න තාත්තා ගහනෝ
අයි අයි අයියෝ අයියෝ අම්මියෝ  එලව එලව ගහනෝ

අද අපෙ තාත්තා ගෙදර ඇවිල්ලා අඩිය පොලවෙ ගහලා
මවෙත ඔරවලා අහපු දේට මට කට උත්තර නෑනෙ.
කාත් එක්කකද බොල තෝ බස් හොල්ට් ගානේ අත් අල්ලන් ඉන්නේ
පිං බෝ ගහ හන්දියේ හොල්ට් එක ගාවයි මං තොගේ වැඩ දැක්කේ
ආ ඒකද තාත්තේ ඒ මගේ කෙල්ලයි ඔබේ ලේලිය වන්නේ
කියපු ගමන් කන හරහට පාරක් තාත්තා මට ගැහුවේ





MP3 එක පහලින් බාගන්න
Your Ad Here
MP3

Saturday, December 15, 2012

Mal Sihinaye - Yashan, Shanudrie - Lyrics , MP3 & Music Video



ගීතය ධාවනයට ප්ලේ (Play) බොත්තම ඔබන්න

සිහිනයේ මල් සිහිනයේ
ඔය දෑසකී ඒ සිහිනයේ
ආදරේ මන් ආදරේ
සිත ඔබටමයි හරි ආදරේ
සිහිනයේ මල් සිහිනයේ
ඔය දෑසකී ඒ සිහිනයේ
ආදරේ මන් ආදරේ
සිත ඔබටමයි හරි ආදරේ

සසරේ මතක ඔය නෙත් දෙකේ තියාලා
මා ජීවිතේ ඔය නෙත් දෙකේ ලියවුනා
දෑතේ වෙලි නෙත් හින කවි කන්දරා
ජීවිතේ ආදරෙන් සැනසුනා

දෑසින් ගෙනා ඒ මල් හිනා දෑසින් කියු ඒ ගී කතා
සිත් වල නෙත්වල ගීවල ලියවුනු ඒ පෙම් කතා
සෙනෙහේ මතකේ සැමදා ගැයෙනා ඒ ගී කතා
සිත් වල නෙත්වල ගීවල ලියවුනු ඒ පෙම් කතා
සෙනෙහේ මතකේ සැමදා ගැයෙනා ඒ ගී කතා

සසරේ මතක ඔය නෙත් දෙකේ තියාලා
මා ජීවිතේ ඔය නෙත් දෙකේ ලියවුනා
දෑතේ වෙලි නෙත් හින කවි කන්දරා
ජීවිතේ ආදරෙන් සැනසුනා

සිහිනෙන් ඇවිත් ඔයා ලන්වෙලා
සිහිනේ වෙලී මං නුබේ වෙලා
සිහිනේ සෙනෙහේ ගීයේ ගැයුනේ නුබේ නම නිසා
සැමදා ලංවී ඉන්නම් මෙලෙසේ මං නුබේ වෙලා
සිහිනේ සෙනෙහේ ගීයේ ගැයුනේ නුබේ නම නිසා
සැමදා ලංවී ඉන්නම් මෙලෙසේ මං නුබේ වෙලා

සසරේ මතක ඔය නෙත් දෙකේ තියාලා
මා ජීවිතේ ඔය නෙත් දෙකේ ලියවුනා
දෑතේ වෙලි නෙත් හින කවි කන්දරා
ජීවිතේ ආදරෙන් සැනසුනා


Music Video Coming Soon

MP3 එක පහලින් බාගන්න
Your Ad Here 
MP3

Thursday, December 13, 2012

Bandara Aiye - Ajith Bandara, Shanika Madhumali - Lyrics, MP3 & Music Video


ගීතයට සවන් දෙන්න ප්ලේ (Play) බොත්තම ඔබන්න

බණ්ඩාර අයියේ මේ පෝයට කතරගමට යං
දෙවියන්ගෙන් ඉල්ලන්න නොවෙයි වැඳලා එන්න යං
මධුමලීගෙ ආශාව නිසා එහෙනම් අපි යං
පහුගිය දොහේදි වෙච්ච බාර යළි සිහි කරමින්

මැණික් ගගේ වතුර තැටිය අත ගා බැලුවම
බණ්ඩාරේ නුඹේ හිත දැක්කයි මං හොද හැටියට
මධුමලියේ නුඹේ සෙනෙහේ තරම දැනගත්තයි මම
මේ මැණික් ගගේ රැලි නැගෙන්නේ නැහැ ඒ තරමට

බණ්ඩාර අයියේ මේ පෝයට කතරගමට යං
දෙවියන්ගෙන් ඉල්ලන්න නොවෙයි වැඳලා එන්න යං
මධුමලීගෙ ආශාව නිසා එහෙනම් අපි යං
පහුගිය දොහේදි වෙච්ච බාර යළි සිහි කරමින්

ලොකු මුදලක් දී නොගත්තාට පුජා වට්ටිය
දෙවියන් ඉටු කර දේවි සංසාර පැතුම් පෙල
ඉල්ලන්න නොවේ ආවේ දෙවියනි නුඹ ගාවට
මොනවත්ම එපා අපි දෙන්නට තියෙනවා සෙනෙහස

බණ්ඩාර අයියේ මේ පෝයට කතරගමට යං
දෙවියන්ගෙන් ඉල්ලන්න නොවෙයි වැඳලා එන්න යං
මධුමලීගෙ ආශාව නිසා එහෙනම් අපි යං
පහුගිය දොහේදි වෙච්ච බාර යළි සිහි කරමින්





MP3 එක පහලින් බාගන්න
Your Ad Here 
MP3

Nawathi Methekin - Kasun Kalhara - Lyrics, MP3 & Music Video



Audio ගීතය මෙතනින් අහන්න ප්ලේ (Play) බොත්තම ඔබන්න

නැගෙන බිදෙන හැම සමුදුරු රැලි මත
නුඹෙ මුවග හිනැහෙනු මා දුටුවා
නොදැනිම වාගේ දේදුනු බොඳ කර
කඳුලක් නෙත තනියට නැඟුනා..

මතකද හැම රෑ මා ඔබ දුටුවා
පැතු පැතුම් කිරි සිනහාව රන්
දින ගෙවනා  හැටි අප දැන හිටියා
අද නුඹ කොහිදැයි සිත ඇසුවත්
අද නුඹ කොහිදැයි සිත ඇසුවත්
අද නුඹ කොහිදැයි සිත ඇසුවත්
අද නුඹ කොහිදැයි සිත ඇසුවත්

ඉරණම ලියැවී අප වෙන් කරදා
දෙගුරුන් හමුවේ සිත නිහඩයි
නුඹ මියැදෙන බව දැන දැන සිතකින්
නෙලාගන්න සොදුරේ කෙලෙසින්
නෙලාගන්න සොදුරේ කෙලෙසින්
නෙලාගන්න සොදුරේ කෙලෙසින්
නෙලාගන්න සොදුරේ කෙලෙසින්

මා තුරුලට ගෙන සුරතල් කරනට
අහිමිවු අත් මට හිමිවුවානම්
අන් සතු උයනක නුඹ හිනැහෙන යුරු
දැක දුටුවෙමි නැවතී මෙතෙකින්
දැක දුටුවෙමි නැවතී මෙතෙකින්
දැක දුටුවෙමි නැවතී මෙතෙකින්
දැක දුටුවෙමි නැවතී මෙතෙකින්



MP3 එක පහලින් බා ගන්න
Your Ad Here 
MP3

Monday, December 10, 2012

Katta Kala Mattu Weela - Nishan (Flashback) - Lyrics, MP3 & Music Video



MP3 එක අහන්න ප්ලේ (Play) බොත්තම ඔබන්න.

කට්ට කාල මට්ටු වීලා
රට්ටු බැන්න කාලේ 
දොට්ට දැම්මේ මට්ටු වෙන්න
කියල අම්ම මාගේ 
මම දැන් මහමගේ 
මා ළඟ නැහැ සතේ
යාලුවෝ කෝ මගේ
පාලුව දැන් දැනේ

හන්දි ගානේ රණ්ඩු කරලා
චන්ඩි පාට් දැම්මේ
උබ පලයන් මචන් කියලා මාව මුලට දැම්මේ
කරමුලටම හිරවුනාට පස්සේ
ලගම හිටපු යාලුවෝ ටික නැනේ
මගේ ලගම හිටපු යාලුවෝ ටික නැනේ

කට්ට කාල මට්ටු වීලා
රට්ටු බැන්න කාලේ 
දොට්ට දැම්මේ මට්ටු වෙන්න
කියල අම්ම මාගේ 
මම දැන් මහමගේ 
මා ළඟ නැහැ සතේ
යාලුවෝ කෝ මගේ
පාලුව දැන් දැනේ

පච්ච කොටලා චප්පෝ දාලා රස්තා ගතිය ගත්තේ
ස්කයිප් එකේ ලෝන් චැටර්ස් එෆ් බී එකේ දැම්මේ
රී ලෝඩ් දාලා නැති වුනාට පස්සේ
කෙල්ලත් අනේ මාව දාලා පැන්නේ
මගේ කෙල්ලත් අනේ මාව දාලා පැන්නේ

කට්ට කාල මට්ටු වීලා
රට්ටු බැන්න කාලේ 
දොට්ට දැම්මේ මට්ටු වෙන්න
කියල අම්ම මාගේ 
මා දැන් මහමගේ 
මම ළඟ නැහැ සතේ
යාලුවෝ කෝ මගේ
පාලුව දැන් දැනේ


MP3 එක පහලින් බාගන්න

MP3
Your Ad Here

Sunday, December 9, 2012

Jab Tak Hai Jaan - Title Song With Sinhala Subtitle


ඔන්න යාලුවනේ මේ ටිකේම මං දුන්නේ ඉංග්‍රිසි ගීත වලට උපසිරැසි නිසා. අද අරගෙන ආවා අති සාර්ථක ලෙස තවමත් තිරගත වෙන අපේ ශාරුක් ඛාන් රගන අලුත්ම චිත්‍රපටයේ තේමා ගීතය. ඒ කියන්නේ මේක හින්දි ගීතයක්. හිහි. මීට කලිනුත් මං මේ චිත්‍රපටයේම ජනප්‍රිය ගීත දෙකකට උපසිරැසි අරගෙන ආවා. එහෙනම් වැඩි කතා නොකියම මේ ගීතය රසවිදිමු අපි.

ගීතය ගැන කෙටි සදහනක් කලොත් මේ ගීතය ගායනා කරන්නේ Raghav Mathur සහ Shakthisree Gopalan දෙපල විසින්. තව මේ ගීතයේ පද රචනය කරලා තියෙන්නේ ප්‍රසිද්ද රචකයෙකු වන Gulzar විසින්. ඒ වගේම මේ ගීතයට සංගීත අධ්‍යක්ෂනයෙන් දායක වෙලා තියෙන්නේ ඉතාමත් ජනප්‍රිය සහ විශිෂ්ඨ සංගීත නිර්මාණකරුවෙක් වනA R Rahman විසින්. එහෙනම් හැමෝටම ගීතය රසවිදින්න කියලා ආරාධනා කරන ගමන් මං සමුගන්නවා. ඔබ සැමට තෙරුවන් සරණයි. බලලා අහක බලාගෙන යන්නේ නැතිව පහලින් අදහසක් දාගෙන යන්න හොදේ.. අහිංසක හිත්නේ.

මීට පෙර මේ චිත්‍රපටයේ ලබා දුන් ගීත දෙක

01.Challa

වඩා ගුණාත්මක තාවයෙන් ඉහල රසවින්දනයක් සදහා මා අනුමත කරන්නේ, යූ නලයේ ගීතය බාගෙන, මා පහලින් දී ඇති උපසිරැසි ගොනුවත් බාගෙන, වීඩියෝවට එය යොදා නැරඹිම.


උපසිරැසි අන්තර්ගත කරපු රූප රචනය


මුරපදය ලෙස dtlakmal.com දෙන්න


මෙන්න යූ නලයේ විඩියෝව



සිංහල උපසිරැසි ගොනුව පහලින්
සිංහල
Your Ad Here

Saturday, December 8, 2012

You Da One - Rihanna With Sinhala Subtitle


ඔන්න එහෙනම් ගොඩ දවසකට පස්සේ අදත් තව ලස්සන ගීතයකට සිංහල උපසිරැසි අරගෙන මං ආවා. මේ ගීතයනම් ටිකක් විතර පරණයි. ඉතිං බලමුකෝ වෙනදා වගේම ගීතය ගැනත් ටිකක්.

මේ ගීතය ගායනා කරන්නේ අපි කවුරුත් දන්න ඉතා ප්‍රසිද්ද ගායිකාවක් වන රිහානා විසින්. මේ ගීතය ඇයගේ හයවන ගීත ඇල්ඹමය වන  Talk That Talk  කියන ඇල්ඹමයට ඇතුලත් වෙච්ච ගීතයක්. මේ ගීතය නිකුත් කරලා තියෙන්නේ 2011 නොවැම්බර් මස 14 වෙනිදා. ඒ වගේම මේ ගීතයට පද රචනයෙන් දායක වෙලා තියෙනවා Ester Dean, Henry Walter, John Hill, Lukasz Gottwald, Robyn Fenty යන පිරිස. හ්ම්ම් ගීතය ගැන කිවුවා ඇතිනේ. එහෙනම් හැමෝම ගීතය රසවිදලා පහලින් අදහසකුත් දාගෙනම යන්න හොදේ. අහිංසක හිත්නේ..

සැ.යු. පහතින් ලබා දී ඇති උපසිරැසි ගොනුව සහ යූ නලයේ ඇති ඔරිජිනල් ගීතයේ විඩියෝව බාගැනීමෙන් අනතුරුව, උපසිරැසි ගොනුව එයට යොදා නැරඹීම තුලින් ඉතා ඉහල මට්ටමේ ගුණාත්මක තාවයෙන් යුත් රසවින්දනයක් ලැබිය හැකිය.

උපසිරැසිය ඇතුලත් කල රූප රචනය
මුරපදය dtlakmal.com ලෙස ලබාදෙන්න

යූ නලයේ ඇති ඔරිජිනල් රූප රචනය

සිංහල උපසිරැසි ගොනුව පහතින් බාගන්න
සිංහල

Your Ad Here

Wednesday, December 5, 2012

Sitha Handuwa - Theekshana Anuradha - Lyrics & MP3


Click Play Button

සිත හැඬුවා ඔබ ගියදා
ළඟ උන්හැටි මතක් වෙලා
බලාහිදිමි නුබ එනකම්
තරහක් නෑ එන්න සොයා
ආදරියේ ආදරියේ
ආදරියේ අහගෙන ඉන්න
විඳවන තරම කියන්න
රිදෙනා තරම් කියන්න

නෙතු කකියන තරම් ඔයා දන්නවා නම්
වෙන් වෙන් නෑ මාව දමා කවදාවත්
මේ සසරේ නුඹ හිමි නැහැ හිදිමි තනි වෙලා
මතු බවයෙදි මගේ වෙනවද රත්තරන් ඔයා

ඔය ඇස් දෙක අහක බලා යන්න ගියා
සුසුමන් හද පාරනවා කදුලු ගලා
මේ සසරේ නුඹ හිමි නැහැ හිදිමි තනි වෙලා
මතු බවයෙදි මගේ වෙනවද රත්තරන් ඔයා

සිත හැඬුවා ඔබ ගියදා
ළඟ උන්හැටි මතක් වෙලා
බලාහිදිමි නුබ එනකම්
තරහක් නෑ එන්න සොයා
ආදරියේ ආදරියේ
ආදරියේ අහගෙන ඉන්න
විඳවන තරම් කියන්න
රිදෙනා තරම් කියන්න
විඳවන තරම් කියන්න



MP3 එක පහලින් බාගන්න
MP3
Your Ad Here

Monday, December 3, 2012

Kavikariye - Bathiya & Santhush - Lyrics & MP3


Click Play Button

උණුහුම විඳ විඳ සියොළඟ දැනුනේ මායා
සත්තයි ළඳුනේ ආවේ සඳවත පායා
සරාගී නුවන් ඡායා හදේ දැල්විලා මා
ඔබයි මාගෙ පෙම් වස්සානේ
උණුහුම විඳ විඳ සියොළඟ දැනුනේ මායා
සත්තයි ළඳුනේ ආවේ සඳවත පායා
සරාගී නුවන් ඡායා හදේ දැල්විලා මා
ඔබයි මාගෙ පෙම් වස්සානේ
කවිකාරියේ ........

කවිකාරියේ
මට හාදු දී ඔබේ දෑස මානේ හීන වස්සා‍නේ
මායම් කතා මුලු රෑම වෑහි ඔබේ කෝල දෑසේ පැටලි මා ඉන්නේ
අපේ ආදරේ දැන් කවි පෙලක් වාගේ
අපේ ආදරේ දැන් කවිපෙලක්

උණුහුම විද විද දෙතොලේ හැගුමන් පාලා
රෑ නිදි දිවුවේ කොපුලේ රැගුමක් වීලා
නුරාගි බැලුම් සේනා දසුන් මත් කලා මා
ඇවිත් නේද පෙම් වස්සානේ


කවිකාරියේ....... කවිකාරියේ
මට හාදු දී ඔබේ දෑස මානේ හීන වස්සා‍නේ
මායම් කතා මුලු රෑම වෑහි ඔබේ කෝල දෑසේ පැටලි මා ඉන්නේ
අපේ ආදරේ දැන් කවි පෙලක් වාගේ
අපේ ආදරේ දැන් කවිපෙලක්


කවිකාරියේ....... කවිකාරියේ
මට හාදු දී ඔබේ දෑස මානේ හීන වස්සා‍නේ
මායම් කතා මුලු රෑම වෑහි ඔබේ කෝල දෑසේ පැටලි මා ඉන්නේ
අපේ ආදරේ දැන් කවි පෙලක් වාගේ
අපේ ආදරේ දැන් කවිපෙලක්




MP3 එක පහලින් බාගන්න
MP3