Wednesday, November 7, 2012

Jab Tak Hai Jaan - Challa - With Sinhala Subtitle


ඔන්න යාලුවනේ අදත් තව අලුත් ගීතයකට උපසිරැසියක් අරගෙන මං ආවා. මෙච්චර දවස් දුන්නේ පැරණි ගීතනේ. ඉතිං ඔන්න ඒකටත් එක්ක මං අලුත්ම ගීතයකට උපසිරැසිය අරගෙන ආවා. මේත ඉදිරියට එන්න නියමිතව තියෙන අලුත්ම හින්දි චිත්‍රපටයක ගීතයක්.

මේ චිත්‍රපටය ගැන කියනවා නම් මේ අවුරුද්දේ දිවාලි උත්සවය නිමිති කරගෙන එලිදක්වන්න තියෙන ශාරුක් ඛාන් රගන අලුත්ම චිත්‍රපටය වන Jab Tak Hai Jaan  චිත්‍රපටයේ ඇතුලත් ගීතයක්. මේ චිත්‍රපටය ගැනත් ටිකක් කියනවා නම්. මේ චිත්‍රපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ බොලිවුඩ් වල රොමැන්ටික් රජු ලෙස සැලකෙන මෑතකදී නැසී ගිය යාෂ් රාජ් චොප්රා විසින්. ඔහු විසින් නිෂ්පාදනය කල චිත්‍රපට ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. බොහොමයක් දෙනා ඔහු ගැන සහ ඔහුගේ වැඩ ගැන දන්නවනේ. හරි ඒ චිත්‍රපටයේ එන Challa යන ගීතයට තමයි උපසිරැසි ගෙනාවේ. වැඩි යමක් කියන්නේ නැහැ ගීතය ගැනත්. මේ ගීතය ගායනා කරන්නේ Rabbi Shergill යන ප්‍රසිද්ද ගායකයා විසින්. ඉතිං හැමෝටම මේ ගීතය නරඹන්න කියලා ආරාධනා කරනවා.

තව දෙයක් කියන්න තියෙනවා මට චිත්‍රපටයේ එන ඔරිජිනල් ගීතයේ වීඩියෝ පටය හොයාගන්න බැරිවුනා. නමුත් මේ ගීතය නම් සම්පූර්ණයෙන්ම අන්තර්ගත වෙලා තියෙනවා මේ දීලා තියෙන වීඩියෝ එකේ. ඔරිජිනල් වීඩියෝ එක ආව ගමන් ඒකට උපසිරැසිය යාවත්කාලීන කරන්නම්. එහෙනම් හැමටම නරඹන්න කියලා ආරාධනා කරනවා. ස්තුතියි.

අදත් කියනවා උපසිරැසි ගොනුව සහ යූ නලයේ දී ඇති ගිතය බාගෙන නැරඹීමෙන් උපසිරැසිය උපරිම ගුණාත්මක තාවයකින් නැරඹිය හැකිය. අහිංසක හිත්නේ. :)

උපසිරැසිය ඇතුලත් කල වීඩියෝ එක

මුර පදයක් ඉල්ලුවහොත් dtlakmal ලෙස දෙන්න. :)

යූ නලයේ ඇති විඩියෝ එක

 සිංහල උපසිරැසි ගොනුව පහතින්
සිංහල

3 comments:

  1. චූටි මල්ලිNovember 16, 2012 at 11:24 PM

    එළකිරිනෙ මෙකෙ අනික් ටිකටත් පුලුවන්නම් දෙන්නකො ඔක්කොම හොදයි

    ReplyDelete
  2. @ චූටි මල්ලි. මං උත්සහ ගන්නම් සහෝ.. දිගටම රැදිලා ඉන්න. ඉක්මනින්ම ලබාදෙන්න බලන්නම්.. :)

    ReplyDelete