Sunday, December 23, 2012

Edho Oru Paatu - With Sinhala Subtitle


ඔන්න යාලුවනේ ගොඩ කාලයක් නිෂ්ෂබ්දව ඉදලා ඔන්න අද තවත් ගීතයකට සිංහල උපසිරැසි අරගෙන ආවා. මේ ගීතයට උපසිරැසි ගන්වන්න ගත්තේ ඉල්ලීමකට අනුව. ඒ වගේම මේ ටිකේ උපසිරැසි අරගෙන එන්න බැරිවුනේ වැඩ වලට හිර වුන නිසා ඒ ගැන අහිතක් හිතන්න එපා හොදේ. ඔයාලා කැමති ගීත තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න හොදේ. නැත්තම් මූණු පොතේ පේජ් එකට ගිහින් මැසේජ් එකක් දැම්මත් හරි හොදේ. වැඩි කතා නැතිව අපි බලමුකෝ ගීතය ගැන.

මේ ගීතය ටිකක් පරණ ලස්සන දෙමල චිත්‍රපටයක ඇතුලත් වෙච්ච එකක්. ඒක තමයි 1998දි තිරගත කරන්න පටන් ගත්ත විශිෂ්ඨ රංගන ශිල්පීන් දෙපලක් වන කාර්තික් සහ රෝජා රංගනයෙන් දායක වන Unnidathil Ennai Koduthen යන චිත්‍රපටයේ ඇතුලත් ගීතයක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ වික්‍රමන් විසින්. ඒ වගේම මේ චිත්‍රපටයට ආරාධිත රංගනයෙන් දායක වනවා අජිත් කුමාර්. මේ චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්ථාවක් තියලා තියෙනවා දවස් 200ක් පුරා මේ චිත්‍රපටය සාර්ථක අන්දමින් තිරගත කිරීම නිමිත්තෙන්. ඒ වගේම ටිකක් තමයි චිත්‍රපටය ගැන කියන්නේ. ගොඩක් දෙනා මේ චිත්‍රපටය බලලත් ඇති. චිත්‍රපටය බලලා නැතත් මේ ගීතය නම් අනිවා අහලා ඇති. එහෙනම් වැඩි කතා නැතුම කස්ටිය ගීතය බලලා රසවිදලා පහලින් අදහසකුත් සාගෙනම යන්නකෝ.. එහෙනම් සැමට බුදු සරණයි !!

අහිංසක හිත්නේ :D

උපරිම ගුණාත්මක තාවයෙන් යුත් උපසිරැසියක් සහ රූප රචනයක් රස විදීමට පහලින් දී ඇති යූ නලයේ ඔරිජිනල් ගීතය සහ උපසිරැසි ගොනුව බාගෙන නැරඹීම සිදු කරන්න.


උපසිරැසිය ඇතුලත් කල රූප රචනය

මුරපදය ලෙස dtlakmal.com ලබා දෙන්න.

ඔරිජිනල් රූප රචනය

සිංහල උපසිරැසි ගොනුව පහලින් බාගන්න
Your Ad Here සිංහල

5 comments:

  1. එකනේ අෆ්ෆා මොකෝ සයිලන් එකේ හිටියේ.. එල එල

    ReplyDelete
  2. @සුදු මහත්තයා : දන්නේ නැද්ද ඉතිං වැඩ රාජකාරි අස්සේ එපැයි මේවත් කොරන්න. ඒකනේ.. :D

    ReplyDelete
  3. meke film ekata subtitles nedda?

    ReplyDelete