Thursday, May 17, 2012

X- MEN First Class සිංහල උපසිරැසි සමග

මේක තමියි මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම. ඇත්තෙන්ම කියනවා නම් මේක ගොඩක් කට්ටිය බලලා ඇති. මේක තවත් ප්‍රධාන පෙලේ උපසිරැසි දෙන සයිට් එකක පලවුනා. ඒකට දුන්නෙත් ඉතිං මං තමයි. හික්ස්. :D

එහෙනම් මොන මගුලකටද අයේ දාන්නේ නේද. එහෙමත් හිතනවා ඇති කස්ටිය. මේකයි කතන්දරේ. මගේ තවත් බ්ලොග් එකක් තිබ්බා ඉතිං මං ඒකටත් මං උපසිරැසි දාපු ගමන් මගේ ඒ සයිට් එකටත් මං දානවා සබ් ෆයිල් ඒක. ඒකේ ඉතිං වරදක් නෑනේ. ඒ දාලා තමයි මං කිවුව අනිත්  ප්‍රධාන පෙලේ සයිට් එකට යවන්නේ. ඉතිං මං ඒ විදිහට තමයි මේකත් ඒ සයිට් එකට යැවුවේ. අදටත් ඒක ඒ සයිට් එකේ ජනප්‍රිය ලිපි 5 ඇතුලත තියෙනවා. මං ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. :D

ඒ සතුටෙන්ම මං තවත් එකකට සබ් දැම්මා දාලා මං අර සයිට් එකටත් යැවුවා. මෙන්න ටික දවසකින් මට මේල් එකක් එනවා. ඔබගේ උපසිරැසි ගොනුව තවත් අඩවියක පලවී ඇති බැවින් අප එය පබිලිෂ් කොරන් නැහැ කියලා.. :'( අහෝ දුකකි. එදා නම් මට ඇත්තටම ගොඩක් දුක හිතුනා. ඒ වෙනත් අඩවිය කිවුවේ මගේම බ්ලොග් කෑල්ලටනේ.. හ්ම්ම්.. කමක් නැහැ මං ඒ අයත් එක්ක කිසිම අමනාපයක් නැහැ. :D


මං දැන් ඉදං දිගටම මේ බ්ලෝග් එකට මං දාන උපසිරැසි පබිලිෂ් කොරන්නම්කෝ. හ්ම්ම් අම්භානෙක මගේ හෑල්ලක් කිවුවා නේද පිචර් එක ගැන නොකියා. සොරි හොද්. ඒක කියන්න ඕනා කරපු නිසයි කිවුවේ. දැන් මෙන්න මේකයි කතන්දරේ. මං මේක අලුතෙන් කියන්නේ නෑ. මං මේක ගැන දාපු ලිපියම ආයේ දාන්නම්කො මේකේ. මොක ඒ ලිපියත් මගේ නොවෑ. අනික මමනේ කතෘ මං මගෙන් අවසර ගන්න ඕනා නෑනේ කොපි කරන්න. නේද.. :D

ඔන්න එහෙනම් මමත් හා හා පුරා කියලා බයිස්කෝප් එකකට සිහල සබ් දැම්මා. දැන් තමයි වැඩේ ඉවර උනේ. දැන් වෙලාව නම් පේන විදිහට රැ 10.05. ගොඩක් රැ වෙලා නෑ එහෙනම්. හ්ම් කොහොමින් හරි වැඩේ කලානේ. අනේ සහෝලා ටික සමාව බජනය කරන්න ඕනා. ගොඩක් අම්භානෙක වැරදි ඇති. ඒවා ගැන එච්චර වද වෙන්න එපා ඉතිං අපි තාම අලුත්නේ.

සබ් දාන්න ගත්තේ එසේ මෙසේ බයිස්කෝප් එකකටත් නෙමේ ඉතිං. මේක ඇවිල්ලා කවුරුත් බලලා තියෙන බයිස්කෝප් සෙට් එකක ඊලඟ පියවරක්.  මේකට IMDB රේටින් වලින් 10 න් 8 ක්ම අරන් තියෙනවා. සුපිරි තමා ඉතිං. මේක ඩිරෙක්ට් කරලා තියෙන්නේ Matthew Vaughn. තව ජනප්‍රිය නලුවෝ සෙට් එකකුත් ඉන්නවා James McAvoy, Michael Fassbender, Jennifer Lawrence ඔන්න ඔය වගේ.

මේකයි කතන්දරේ…. ජාන අස්පෙට් වෙච්ච සෙට් එකක් ඉන්නවා. ඒකෙන් ඔවුන්ට අසාමාන්‍ය බලයන් ගොඩක් ලැබිලා තියෙනවා. කස්ටියක් ඉන්නවා ඔවුන්ට ඕනා මේ ලෝකය අල්ලගන්න ඔවුන්ගේ තියෙන බලයෙන්. ඉතිං ඒක නවත්තන්න තව බලයන් ලැබිච්ච සෙට් එකක් උත්සහ කරනවා. ඒක තමා ඉතිං කෙටියෙන් කියන්න තියෙන්නේ. මොනා උනත් කට්ටියම බාගෙන බලන්න.

බෑවේ නැතත් කමක් නෑ අපිට කමෙන්ට් පාරක් දාලා යන්න අහිංසක හිත්නේ මොනා උනත්.. එහෙනම් අපි ගියා. ඉක්මනටම තව බයිස්කෝප් එකකට අතගහන්නම්. මේකට සබ් දාන්න පටන් ගත්තේ දැන් දවස් දෙකකට කලින්. කොහොම හරි වැඩේ කලා ඉක්මනටම. පට්ට බයිස්කෝප් එකක් නිසා. ගොඩක් මහන්සියෙන් ආසාවෙන් කරපු වැඩක්. ඒකට කෘත ගුණ සලතන එක අපේ සහෝලගේ වැඩක්. මේකෙන් අපිට සල්ලි හම්බවෙන් නෑනේ. අපේ ආත්ම තෘප්තිය නිසානේ අපි මේක කරන්නේ ඒ නිසා මේ බයිස්කෝප් එක බාගෙන විතරක් යන අයටත් ස්තුතී කමෙන්ට් එකක් දාලා අපිව දිරිමත් කරන සහෝලටත් ගොඩක් ස්තූති. ජය වේවා..

විසිල් එකයි බල්ටි දෙකයි කියලා බාගෙන විතරක් නම් යන්න එපා.. අහිංසක හිත්නේ



මේ ඔක්කොම උපසිරැසි අයිතිය මගෙයි. කවුරු හරි කොපි කරනවා නම් මගෙන් අවසරේ ගන්න ඕනා හොදේ.
       

0 comments:

Post a Comment