Monday, July 23, 2012

Get Free Top Level Domain (eg : .com , .info)




You Can Get top Lavel Domain as a Free. Want a know more Details please Visit this site.. Geek. lk

Geek.lk වෙබ් අඩවිය විසින් බ්ලොගර් කරුවන් වෙත නොමිලේ top level domain names ලබාදීම සදහා පොඩි තරගයක් සංවිධානය කළා. කිසිදු ගැටලුවකින් තොරව අපි තරගය නිමා කරලා ජයග්‍රාහකයින් වෙත ත්‍යාගද ලබා දුන්නා.. ඒ පිලිබද විතර සදහා පහත ලින්ක් එක බලන්න.
http://geek.lk/discussion/1339/geek-lk-domain-names-ලබාදීමෙ-තරගයේ-ජයග්‍රාහකයෝ-#Item_1

අපි මෙවැනිම domain names ලබා දීමෙ තරගයේ දෙවැනි අදියරක් ඉදිරියේදී කරමු කියල අදහසක් දැම්ම විතරයි තරගයට ඇතුලත් කරගන්න කියලා පණිවිඩ 50 ක් පමණ ආවා. ඒ නිසා අපි තීරණය කළා මෙම තරගය ඉදිරියටත් පවත්වාගෙන යන්න ඔනී කියලා.

ඉතින් තරගයේ දෙවැනි අදියරෙ සිට අපේ ගීක්ලාට ත්‍යාග ලබාදීම සදහා http://www.hostinglions.com/ ආයතනයත් Geek.lk සමග අත්වැල් බැදගත්තා. සෑම සිංහල බ්ලොගර් කරුවෙකුටම Top Level Domain එකක් ලබාදීම මූලික අරමුණ කරගෙන සෑම මසකටම වරක් ජයග්‍රාහකයින් 05 දෙනෙකුට Domains ලබාදීමට අපි දැන් සූදානම්..

තරගය දිනාගැනීමෙන් ඔබට ලැඛෙන ත්‍යාග
* සෑම මාසයකම ජයග්‍රාහකයින් පස් දෙනෙකු තෝරාගනු ලැඛෙ.
* පළමු ස්ථානය සදහා Unlimited bandwidth Hosting package එකක් සමග .info domain එකක් ලබාදේ
* දෙවනි ස්ථානය, තුන්වන ස්ථානය, සිව්වන් ස්ථානය සහ පස්වන ස්ථාන සදහා .info domain name එක බැගින් ලබාදේ..

domain names වල වැදගත් කම
ඔයා දැනටමත් yourname.blogspot.com, yourname.webs.com හෝ yourname.wordpress.com වලින් බ්ලොග් එකක් පවත්වන් යන බ්ලොගර් කෙනෙක් වෙන්න පුලුවන්. දැන් ඔයාට ඇත්තේ ටිකක් දිග වැඩි (sub domain) බ්ලොග් ලිපිනයක් .
ඉතින් ඔයත් ආස ඇති ඒක yourname.info වගේ ලස්සන කෙටි top level domain name එකක් කරගන්න. ඉතිං ඒක නොමිලේම ඔයා කැමති විදියට කරගන්න දැන් ඔයාට පුලුවන්.
ඒ වගේම ඔයා කැමති විදියේ වෙබ් අඩවියක් වුණත් ඔයාටම හොස්ට් කරගන්න Unlimited Bandwidth Hosting එකකුත් දිනාගන්න ඔයාට පුලුවන්..

ඉතිං ගොඩක් අය බ්ලොග් කරන්නේ විනෝදෙට නිසා domain names ගන්න මුදල් වියදම් කරන්න කැමති වෙන්නේ නෑ. ඒත් ආසයි domain එකක් අරගන්න. ඇත්තටම ඔයා දැනටමත් බ්ලොග් එකක් කරනවානම් ඒ බ්ලොග් එකටම මෙ domain එකක් අරන් දාගන්න පුලුවන්..

නැත්නම් ඔයා අදහස් කරලා ඇති ඔයාගෙම කියල අලුත්ම අලුත් වෙබ් අඩවියක් ආරම්භ කරන්න. ඉතිං ඒ සදහාත් ඔයාට ඔයාගෙම top level domain name එකක් දිනාගන්න දැන් පුලුවන්.

තමන්ගේ බ්ලොග් අඩවියට ඇඩ්සෙන්ස් (Adsense) ගන්න බලාපොරොත්තුවක් තියෙනවානම් ඒකටත් top level domain name එකක් තියෙන එක ගොඩක් වටිනවා. වගේම ඒකට ගොඩක් වාසිත් ලැඛෙනවා..

තරගය මොකක්ද
තරගයනම් ගොඩක් ලේසී. කරන්න තියෙන්නේ පහතින් තියෙන Geek.lk වෙබ් අඩවියේ banner එකක් ඔයාගේ වෙබ් අඩවියේ හෝ බ්ලොග් අඩවියේ ප්‍රදර්ෂණය කරන්න විතරයි. ඔයාගේ වෙබ් අඩවිය හරහා Geek.lk වෙබ් අඩවියට කොපමණ පිරිසක් පැමිණෙනවද කියලා තමයි බලන්නේ.

* සෑම මාසයකම ජයග්‍රාහකයින් පස් දෙනෙකු තෝරාගනු ලැඛෙ.
* පළමු ස්ථානය සදහා Unlimited bandwidth Hosting package එකක් සමග .info domain එකක් ලබාදේ
* දෙවනි ස්ථානය, තුන්වන ස්ථානය, සිව්වන් ස්ථානය සහ පස්වන ස්ථාන සදහා .info domain name එක බැගින් ලබාදේ..

මේ පිලිබදව වැඩිදුර තොරතුරු දැනගැනීමට මේ ලින්ක් එකට යන්න. Geek. lk

සියලූම domains Geek.lk සහ hostinglions විසින් ලබාදෙන අතර Unlimited bandwidth Hosting ලබාදෙන්නේ http://hostinglions.com ආයතනය විසිනි.

කළින් තරගයකදී ජයග්‍රාහණය කරනලද වෙබ් අඩවි සහ බ්ලොග් අඩවි නැවතත් ඉදිරිපත් නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු

Sunday, July 22, 2012

Handennata Kaduluth Naa - Rose (Lyrics)



හැඩෙන්නට කදුලුත් නැහැ
රිදෙන්නට හිතුකුත් නැහැ
මගේ ජීවිතේ..... මගේ ජීවිතේ.....
නින්ද මට අද උරුම නැහැ
තවත් හිත රවටන්න බැහැ
ඔබ මගේ ලග නැහැ...
ඔබව මට හිමි නැහැ...

හැඩෙන්නට කදුලුත් නැහැ.....

සිතා ගන්නටවත් බැහැ
ඇයිද මෙතරම් ඔබට ආදරෙයි කියලා
නොදැක ඉන්නට සිතුවත්
හිත අකීකරු වෙනවා
හිමි වුනා නම්..... ඔබව මට සදවතී.....
මගේ පණ මෙන් රකිනවා මම සත්තයි


හදාගන්නට නම් බැහැ
හඩන සිත මගේ ඔයා ගැන විමසනවා
නොලැබෙනා බව දැනුනත්
තවත් මම පෙම් කෙරුවා
ඉන්න සතුටින්...... මගේ සද රාජිණියේ.....
හිමි නැතත් මට  ඔයා මගෙමයි සැමදා

හැඩෙන්නට කුදුලුත් නැහැ........




Tuesday, July 17, 2012

Just 1 Click Iraj & Tony T ft Markia & Infaas & Indira Joshi Lyrics


නෙතු සීරුවේ තියා
මගේ ආදරේ සොයා
වැහි බීරමේ පවා
මෘදු හැගුමන් ගාව ගාවා...... //

කො.. කො.. කො.. කොදුරන්නා 
සද තරු කලබා    මා සිත පිරුණා
නුඹ හින්දා       හීනෙන් මා
නුඹ ගැන සිතුවා      රුව හද අරන්
මාත් ඉන්නම්     ම.. ම.. ම.. මවන්නා
රුව මවන්නා    මේ සීමා බිදින්නා
මම සිතන්නම්    නුඹ පතන්නම්
හැඩුමන් ඉල්ලා සිටින්නම්...

නෙතු සීරුවේ තියා......

හිත කිවුවත් ඔබ නොවේ කියා
මට ඈත් වෙලා නම් යන්න බැහැ
ඔබ කිවුවත් මගේ නොවේ කියා
මගේ ආදරේ අඩු වෙන්නේ නැහැ

නෙතු සීරුවේ තියා.....



වීඩියෝ එක බලන්න



සලා දෙනෙත් යුග | නිශාන්ත ප්‍රදීප් (Sala Deneth Yuga MP3 & Lyrics & Chords)



i,d fofk;a hq. b.s lr fydfrka n,d

iskd iqkd ug Tn .ek ye.=ï fmdjd
fldfya .sfha Tn uf.a is; ;,d fm,d
iod;khs lshq wmuK fmula ojd

tod fmñka b.s lf,a Tnhs
iod ÿlska ;ksjqfka uf.a f,djhs
wo;a uf.a is; Tng ye.=ñ nrhs
ÿlska jqk;a is; ;ju;a Tn fidhhs

i,d fofk;a hq. b.s lr fydfrka n,d

mqrd iola f,i fmfkaú ±hs
n,dk bkakjd Tn fkdfmfkhs ÿlhs
ì.=ka wrka .sfha uf.a u,hs
ÿlska jqk;a is; ;ju;a Tn m;hs

i,d fofk;a hq. b.s lr fydfrka n,d


==========Sinhala Unicode Lyrics=========

සලා දෙනෙත් යුග ඉගි කර හොරෙන් බලා
සිනා සුනා මට ඔබ ගැන හැගුම් පොවා
කොහේ ගියේ ඔබ මගේ සිත තලා පෙලා
සදාතනයි කියු අපමණ පෙමක් දවා

එදා පෙමින් ඉගි කලේ ඔබයි
සදා දුකින් තනි වුනේ මගේ ලොවයි
අදත් මගේ සිත ඔබට හැගුම් බරයි
දුකින් වුනත් සිත තවමත් ඔබ සොයයි

සලා දෙනෙත් යුග ඉගි කර හොරෙන් බලා.....

පුරා සදක් ලෙස පෙනේවි දැයි
බලාන ඉන්නවා ඔබ නොබෙනෙයි දුකයි
බිගුන් අරන් ගියේ මගේ මලයි
දුකින් වුනත් සිත තවමත් ඔබ පතයි

සලා දෙනෙත් යුග ඉගි කර හොරෙන් බලා.....

MP3 එක මෙතනින් ගන්න



Chords

[Intro]
------------------------------------------- 
| Bm | -  | A  | -  |
| D  | -  | Bm | -  |
| Bm | -  |

[Chorus]
-------------------------------------------
       Bm         D           E         
සලා දෙනෙත් යුග.. ඉගි කර හොරෙන් බලා

A                      Bm
සිනා සුනා මට ඔබ ගැන හැගුම් පොවා

Bm            D            E   
කොහේ ගියේ ඔබ මගේ සිත තලා පෙලා

A                        Bm
සදාතනයි කියු අපමණ පෙමක් දවා


[Inter 1]
------------------------------------------- 
[| Bm | A  | D  | Bm |]
 | Bm | -  |

[Verse 1]
------------------------------------------- 
Bm           D        E      
එදා පෙමින් ඉගි කලේ ඔබයි

A                           Bm
සදා දුකින් තනි වුනේ මගේ ලොවයි

Bm              D         E 
අදත් මගේ සිත ඔබට හැගුම් බරයි

A                  E             Bm
දුකින් වුනත් සිත තවමත් ඔබ සොයයි


[Inter 2]
------------------------------------------- 
|C#m  |-  |A  |-  |
|E    |-  |-  |-  |
|D    |-  |-  |-  |
|Bm   |-  |-  |-  |

[Verse 2]
------------------------------------------- 
Bm             D       E  
පුරා සදක් ලෙස පෙනේවි දැයි

A                           Bm
බලාන ඉන්නවා ඔබ නොබෙනෙයි දුකයි

Bm             D      E  
බිගුන් අරන් ගියේ මගේ මලයි

A                            Bm
දුකින් වුනත් සිත තවමත් ඔබ පතයි


Monday, July 16, 2012

Arjun: The Warrior Prince (2012) | සිංහල උපසිරැසි සමග



මේ පාර දැම්මේ කාටූන් හින්දි බයිස්කෝප් එකකට. මේක මේ අවුරුද්දේ රිලීස් වෙච්ච ෆිල්ම් එකක්. විනාඩි 96ක් පුරා දිවෙන මේ කතාව IMDB පිටුවේ 7.4 ක අගයක් ලබාගන්න හැකි වෙලා තියෙනවා. ඒකත් හොදයිනේ නේද.. J 

එහෙනම් මෙන්න මේකයි කතන්දරේ. අර්ජුන් ඒ කියන්නේ කතා නායකයා. එයා ඈත අතිතේ මහාභාරතයේ ඒ කිවුවේ ඉන්දියාවේ හිටපු යුධ වීරයෙක්. ඒයා යුධ වීරයෙක් වෙන්නේ එයාට සිදුවෙන අසාධාරණකම් එක්ක. මෙයා පොඩි කලේ ඉදන් ඉතා හොදින් දක්ෂකම් පෑව තරුණයෙක්, නිකම්ම තරුණයෙක් නෙමී කුමාරයෙක්, නමුත් හස්තිනපුර් කියන රාජ්‍යෙය් පාලකයා වෙලා හිටියේ මේ අර්ජුන්ගේ පියා. ඒත් මොහු තමාගේ සහෝදරයට රජකම භාර දීලා මොහු වන ගත වෙලා තමන්ගේ දරුවනුත් එක්ක සතුටින් ජීවිතේ ගතකරන්න තීරණය කරනවා. නමුත් ටික කාලෙකින් මොහු මරණයට පත්වෙනවා ඒක නිසා මෙයාගේ බිරිදටයි ලමයින්ටයි ජීවත් වෙන්න විදිහක් නැති නිසා ආයේ එනවා මෙයාලගේ රාජධානියට. ඒ ඇවිල්ලා මෙයාලා හොදින් ඉන්නවා ලමයින් හොදින් ඉගෙන ගන්නවා. ඒත් දැනට ඒ රාජ්‍යය පාලනය කරන රජුගේ පුතා මෙයාලට කැමති නැහැ. එයා හිතන්නේ මෙයාලා මේ ඇවිල්ලා ඉන්නේ රජ කම ගන්න කියලා. ඒ හින්දා ඒ පුතා මෙයාලව මරන්න සැලැස්මක් හදලා ඒක ක්‍රියාත්මක කරනවා. නමුත් මොවුන් මැරෙන්නේ නැහැ. එහි පලිය ගැනීම සදහායි අර්ජුන් යුද්ධ කරන්න එන්නේ. ලස්සන කතාවක්. හොදයි හැමෝම බලන්න. වැඩිය කියන්න ගියොත් මේක බලන එකෙන් තේරුමක් නෑනේ නේද. ඒ නිසා බලලම තීරනේ කරන්න කතාව කොහොමද කියලා. :D

තව දෙයක් කියන්න ඕනා.  පොඩ්ඩක් හිතන්න. අපි මේ උපසිරැසි දාන්න කොච්චර මහන්සි වෙනවද. අපි එහෙම මහන්සි වෙන එක ටිකක් හරි අගය කරනවා නම් එහෙම කමෙන්ට් එකක් නොදා යන්න එපා. අපිටත් මෙහෙම නොකර ෆිල්ම් එක බලලා නිකන් ඉන්න පුලුවන්, ඒත් තව කෙනෙක්ගේ රසවින්දනයක් සදහා මෙහෙම උපසිරැසි දාලා දෙන්නේ හිත සතුටින්. ඒ සතුට වැඩි වෙන්නේ ඔයාලා දාන කමෙන්ට් එකෙන්. මහ අමාරු හෑලි ලියන්න නෙමී කියන්නේ. ELA MAchan කියලා ලියුවත් ඇති. අපි බලාපොරොත්තු වෙන්නේ ඒක. අපිට කවුරුවත් සල්ලි දෙන්නේ නැහැ මේහෙම උපසිරැසි දැම්මයි කියලා. අපිට ලැබෙන එකම දේ හිත සතුටු වෙන එක විතරයි. මං මෙහෙම කියන්නේ මං වගේ උපසිරැසි දාන හැමෝම වෙනුවෙන්. මේ කියන දේවල් සමහරුන්ට නම් දිරවන එකක් නැහැ :D ඒත් කමක් නැහැ මේක කියන්නම ඕනා නිසයි කියුවේ.

තරහ වෙන්ඩ එපා හොදේ.. අහිංසක හිත්නේ... :D

තව උපසිරැසියකින් සෙට් වෙමු හැමෝටම බුදු සරණයි !!

ආහ් තව එකක් මේ ෆිල්ම් එකට සබ් දාන්න කියලා කිවුවේ අපේ විකියා කොල්ලා. වැඩක් නැහැ කියලා ඌගෙන් තිබ්බ වදයක් නම්. මේක ඉවර කරනකම් මූ ඉන්න දුන්නෙම නැහැනේ.. හිහි..  විකියා සහෝටත් ස්තුතී හොදේ හැමවෙලේම මැසේජ් කර කර හොයලා බැලුවට ඉන්නවද මැරිලද කියලා.. :D එහෙනම් අපි ගියා..... විසිල් එකයි බල්ටි දෙකයි කියලා...................................


උපසිරැසි ගැන්වීම ධනුෂ්ක ලක්මාල් | ධනා විසිනි
උපුටා ගන්නවා නම් අනිවා දැනුම් දීමක් කරන්න ඕනා හොදේ....


සිංහල උපසිරැසි මෙතනින් බාගන්න

Friday, July 13, 2012

XPERIA MINI WITH ICE CREAM SANDWICH සිංහලෙන්




මං මේක හොයාගන්න කාපු කට්ට දන්න නිසා ඔන්න මං මේක කට්ටියත් එක්ක බෙදාගන්න හැදුවා. තව ඇතිනේ xperia mini st15i දුරකතනේ පාවිච්චි කරන අය. ඔන්න මේක ඒ අයට...

Saturday, June 30, 2012

තමන්ගෙම කියලා ONLINE RADIO එකක් හදා ගන්න කැමතිද?



මොකද කියන්නේ මේ වැඩේ කරලා බලමුද?... මම නම් හිතන්නේ ගොඩක් අය මේක දන්නවා ඇති..
මෙක දැම්මේ දන්නේ නැති අයට.....
ඉතින් වැඩි කතා ඔනේ නෑනේ අපි වැඩේ කරලම බලමු...

ඉන්ටර්නෙට් එකේ නිකම් ඉදලා සල්ලි හොයන්න

අද මං කියලා දෙන්න යන්නේ වෙනස්ම විදිහේ ක්‍රමයක් ඊ මනී හොයන්න. PTC සයිට් වල වැඩ කරලා එපා වලානේ ඇත්තේ. ක්ලික් කරනවා ක්ලික් කරනවා මහලොකු ගානක් හම්බෙන්නෙත් නැහැ. දවසට ක්ලික් කරන්න පුලුවන් ගැනත් සීමා කරලා තියෙන්නේ. ඉතිං හරි කම්මැලි වැඩක්නේ මේක. ඉතිං මෙන්න තියෙනවා නියම වැඩක් මේක හරි ලේසි කිසි කරදරයක් නැහැ.

Wednesday, June 13, 2012

Wake Up Sid (2009) Hindi සිංහල උපසිරැසි සමග


ඔන්න එහෙනම් අදත් සිංහල උපසිරැසිත් එක්ක පට්ට බයිස්කෝප් එකක් අරගෙන ආවා. මෙච්චර දවස් දැම්මේ ඉංග්‍රීසි ඒවටනේ. ඉතිං මේ පාර දැම්මා හින්දි එකකට. මේක එසේ මෙසේ එකක් නෙමී පට්ට ආදර කතාවක්. ඕනා කෙනෙක්ට කම්මැලි නැතුව යටන් ගත්ත වෙලාවේ ඉදන් ඉවරවෙනකම් එක දිගට බලන්න පුලුවන්.

Sunday, June 10, 2012

You Got Served Beat The World 2011 සිංහල උපසිරැසි සමග


ඔන්න අද ගෙනාවේ අපේ නටන කොල්ලොන්ට හරියන එකක්. ඔයගොල්ලෝ හැමෝම බලලා ඇතිනේ Step Up බයිස්කෝප් සෙට් එක. මේකත් ඒ වගේ එකක් තමයි. මෙකත් කොටස් දෙකක් තියෙන ෆිල්ම් එකක්. මං මේ සබ් දැම්මේ දෙවෙනි කොටසට. මේක ගිය අවුරුද්දේ ආව පට්ට බයිස්කොප් එකක් තමයි. නටන්න කැමති කට්ටිය ඉන්නවා නම් අරගෙන බලන්න. හොද වැඩ කෑලි ටිකක් පුරුදු වෙන්න පුලුවන්නේ..

Saturday, June 9, 2012

Piranha 3DD (2012) සිංහල උපසිරැසි සමග


ඔන්න එහෙනම් මේ පාර උණු උණූවේ බයිස්කෝප් එකක් ගෙනාවා සිංහල උපසිරැසිත් එක්කම. වැඩි ඈතක ආව බයිස්කෝප් එකකුත් නෙමී මෙක. මේ අවුරුද්දෙම ආව එකක් තමයි ඕන් අරගෙන ආවේ. කවුරුත් දන්න බයිස්කෝප් එකක් තමයි මේක. මේ කලින් කොටසක් ආවේ ගිය අවුරුද්දේ හැබැයි එකේ තිබ්බෙනම් එක D එකයි. එත් මේකේ දෙකක්ම තියෙනවා. :D

Friday, June 1, 2012

X Men 2000 සිංහල උපසිරැසි සමග


ඔන්න යාලුවනේ මං තවත් බයිස්කෝප් එකක් එක්ක ආවා. ගොඩ කාලෙකින් තමයි බයිස්කෝප් එකකට සිංහල උපසිරැසි දැම්මේ. කට්ටියට මාව අමතකත් වෙලා ඇති දැන් නේද :'(  හ්ම්ම් සමාවෙන්න ඕනා. කොහෙද මේ වැඩත් එක්ක එපැයි මේවා කරන්න..  ඉතිං කොහොමින් කොහොම හරි  බයිස්කෝප් එකකට සබ් දැම්මා ඉතිං.

Thursday, May 17, 2012

The Thing 2011 සිංහල උපසිරැසි සමග

ඔන්න එහෙනම් තවත් බයිස්කෝප් එකක් ගෙනාවා. මේකත් පට්ට සිරා බයිස්කෝප් එකක්.

කතාව ගැන කියනවා නම් සිරා. මේකයි සීන් එක. පිටසක්වල කේස් එකක් තමයි යන්නේ. කස්ටියකට හම්බෙනවා දඩ යානයක්. ඒත් එක්කම දඩ සතෙක්වත්. ඌ අයිස් තට්ටුවකින් වැහිලා ඉන්නේ. මේ කස්ටිය. මේ කස්ටිය කියන්නේ. පරීක්ෂකයෝ මේ සතාව අයිස් කුට්ටිය පිටින් කපලා එයාලගේ කෑම්පි එකට අරන් යනවා. මේ කට්ටිය ඉතිං හිතන්නේ මූ මැරි ඉන්නේ කියලා. ඒත් එහෙම නෑනේ මූට පන තියෙනවානේ. මල කෙලියයි මූ අයිස් කුට්ටිය කඩාගෙන පනිනවා එලියට. ඔන්න ජංජාලේ පටන්ගත්තා. මෙතනින් එහාට ඉතිං කියලා වැඩක් නැහැ බාගෙනම  බලන්න.

මේ උපසිරැසියත් එක්තරා අඩවියක පලවුනා ඒ අඩවියට මේක දුන්නෙත් මං තමයි. මේ බ්ලොග් එකේ ඇඩ්මිනුත් මමමයි කතෘත් මමමයි. මට ලිපි ලැබෙන්නේ නැහැ කොහෙන්වත්. ලැබෙනවා නම් නොදා ඉන්නෙත් නැහැ. ආසාවෙන් දානවා. දුන්නේ නැහැ කියලා තරහකුත් නැහැ. මං මට ඉඩ තියෙන වෙලාවල් එක්ක සබ් දාගේ මේකේ පබ්ලිෂ් කරන්නම්. හැමෝම දාන ඒවට දාන්නේ නැහැ. එහෙම වැඩක් නැහැනේ දෙන්නෙක් එක බයිස්කොප් එකක් සදහා කාලය කා දාන එක්. එ නිසා අනිත් අඩවිත් එක්ක බලලා තමයි මං සබ් දාන්නේ.

ඔයාලා ආස කරන බයිස්කොප් තියෙනවා නම් කොමෙන්ටුවකින් හරි දාලා යන්න නැත්තම් මගේ මූණුපොතේ  අකවුන්ට් එකට දාන්න. ඒ කිවුවේ ෆෑන් පේජ් එකට අනේ.

එහෙනම් අපි ගිහින් එන්නම් තව බයිස්කොප් එකකින් සෙට් වෙමු.. ජය වේවා..

Final Destination 5 සිංහල උපසිරැසි සමග


මේක ගැන කියනවා නම් මේකත් එක්තරා අඩවියක පලවුනා. ඒකට දඅන්තේ ඉතිං මමම තමයි. මටත් ආසාවක් ආවනිසයි සංහලෙන් බ්ලොග් එකක් පටන් අරන් මෙහෙම මගේ උපසිරැසි දාන්න හිතුවේ. සමාවෙන්න ඕනා මේක කාට හරි කරදරයක් නම් හොදේ. අහිංසක හිත්නේ.

Planet Of The Apes (2001) සිංහල උපසිරැසි සමග


මේ මගේ දෙවනි උපසිරැසි ගැන්වීම මේක තමයි අර සයිට් එක පල කරන්න බැහැ කිවුව සබ් එක. හිහි.
අවුලක් නැහැ. බලපු නැති කට්ටිය ඉන්නවා නම් බාගෙන බලන්න.

X- MEN First Class සිංහල උපසිරැසි සමග

මේක තමියි මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම. ඇත්තෙන්ම කියනවා නම් මේක ගොඩක් කට්ටිය බලලා ඇති. මේක තවත් ප්‍රධාන පෙලේ උපසිරැසි දෙන සයිට් එකක පලවුනා. ඒකට දුන්නෙත් ඉතිං මං තමයි. හික්ස්. :D

එහෙනම් මොන මගුලකටද අයේ දාන්නේ නේද. එහෙමත් හිතනවා ඇති කස්ටිය. මේකයි කතන්දරේ. මගේ තවත් බ්ලොග් එකක් තිබ්බා ඉතිං මං ඒකටත් මං උපසිරැසි දාපු ගමන් මගේ ඒ සයිට් එකටත් මං දානවා සබ් ෆයිල් ඒක. ඒකේ ඉතිං වරදක් නෑනේ. ඒ දාලා තමයි මං කිවුව අනිත්  ප්‍රධාන පෙලේ සයිට් එකට යවන්නේ. ඉතිං මං ඒ විදිහට තමයි මේකත් ඒ සයිට් එකට යැවුවේ. අදටත් ඒක ඒ සයිට් එකේ ජනප්‍රිය ලිපි 5 ඇතුලත තියෙනවා. මං ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. :D

ඒ සතුටෙන්ම මං තවත් එකකට සබ් දැම්මා දාලා මං අර සයිට් එකටත් යැවුවා. මෙන්න ටික දවසකින් මට මේල් එකක් එනවා. ඔබගේ උපසිරැසි ගොනුව තවත් අඩවියක පලවී ඇති බැවින් අප එය පබිලිෂ් කොරන් නැහැ කියලා.. :'( අහෝ දුකකි. එදා නම් මට ඇත්තටම ගොඩක් දුක හිතුනා. ඒ වෙනත් අඩවිය කිවුවේ මගේම බ්ලොග් කෑල්ලටනේ.. හ්ම්ම්.. කමක් නැහැ මං ඒ අයත් එක්ක කිසිම අමනාපයක් නැහැ. :D