Thursday, October 18, 2012

Dark Shadow 2012 සිංහල උපසිරැසි සමග


ඔන්න අද අලුත් තවත් බයිස්කෝප් එකක් අපේ බයිස්කෝප් රසිකයන්ට ගෙනාවා. මේක ගැන නම් හුඟ දෙනෙක් දන්නවා ඇති. ඒ මොකද කවුරුත් වගේ දන්නා සුපිරි නළුවෙක්නේ රඟපාන්නේ. ඒ වෙන කවුරුත් නෙමේ Johnny Depp.. දන්නවානේ ඉතින් මෙයාගේ රඟපෑම… මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ සුපිරි කෙනෙක්. එනම් Tim Burton විසින්.. මොහු තමා Corpse Bride (2005), Batman Returns (1992), Edward Scissorhands (1990) වගේ සුපිරි ෆිල්ම් අධ්‍යක්ෂණය කලේ.. ඒ වගේම චිත්‍රපටයේ අනෙක් ප්‍රධාන චරිත Michelle Pfeiffer සහ Helena Bonham Carter විසින් රඟ දක්වනවා..
කතාවෙන් කතාව ෆිල්ම් එක ගැන කියන්න බැරි උනානේ. වැඩිය නොකිය කෙටියෙන්ම කියන්නම්.. මොකද කතාවේ සේරම කිවුවෙත් මේ කතාවේ රසේ නැතිවෙලා යන නිසා.

මයාකාරියක් සමග ආදර සම්බන්දයක් පටන් ගන්න තරුණ කොලුවෙක්.. ඒ නිසා සිදුවන ඝාතනයක්. මේ සියල්ල අස්සේ නොනැවතී පළිගන්නා මායාකාරිය වැම්පයර් බවට පත්කරන කොලුවා සිරගත කර තබයි.. පසු කලක මෙතැනින් ගැලවී මොහු මේ තත්වයට පත් කල මායාකාරිය සොයා තමන් මේ තත්වයට පත් කිරීමේ පළිගැනීම අරඹයි…. මෙතැන් පටන් කතාව නරඹන එක ඔබට බාරයි…
ජාත්‍යන්තර මූවී දර්ශකයේ Ratings: 6.5 ක් ලබා ගත් ඔබ සිනමා ලෝලියකු ලෙස අනිවාර්යයෙන් නැරඹිය යුතු සිනමා සිත්තමක් බව කියන්නට කැමතියි.. එහෙනම් කමෙන්ට් එකක් දාලාම යමුනේ..

අහිංසක හිත්නේ… 


සිංහල උපසිරැසි ගැන්වීම  “ධනුෂ්ක ලක්මාල් | ධනා ” වන අතර, සහය “හර්ශ ද සිල්වා”  විසිනි. එම සොහොයුරන් දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

ලිපිය උපුටා ගැනීම බයිස්කෝප් සිංහලෙන් අඩවියෙනි.


0 comments:

Post a Comment