Thursday, May 17, 2012

The Thing 2011 සිංහල උපසිරැසි සමග

ඔන්න එහෙනම් තවත් බයිස්කෝප් එකක් ගෙනාවා. මේකත් පට්ට සිරා බයිස්කෝප් එකක්.

කතාව ගැන කියනවා නම් සිරා. මේකයි සීන් එක. පිටසක්වල කේස් එකක් තමයි යන්නේ. කස්ටියකට හම්බෙනවා දඩ යානයක්. ඒත් එක්කම දඩ සතෙක්වත්. ඌ අයිස් තට්ටුවකින් වැහිලා ඉන්නේ. මේ කස්ටිය. මේ කස්ටිය කියන්නේ. පරීක්ෂකයෝ මේ සතාව අයිස් කුට්ටිය පිටින් කපලා එයාලගේ කෑම්පි එකට අරන් යනවා. මේ කට්ටිය ඉතිං හිතන්නේ මූ මැරි ඉන්නේ කියලා. ඒත් එහෙම නෑනේ මූට පන තියෙනවානේ. මල කෙලියයි මූ අයිස් කුට්ටිය කඩාගෙන පනිනවා එලියට. ඔන්න ජංජාලේ පටන්ගත්තා. මෙතනින් එහාට ඉතිං කියලා වැඩක් නැහැ බාගෙනම  බලන්න.

මේ උපසිරැසියත් එක්තරා අඩවියක පලවුනා ඒ අඩවියට මේක දුන්නෙත් මං තමයි. මේ බ්ලොග් එකේ ඇඩ්මිනුත් මමමයි කතෘත් මමමයි. මට ලිපි ලැබෙන්නේ නැහැ කොහෙන්වත්. ලැබෙනවා නම් නොදා ඉන්නෙත් නැහැ. ආසාවෙන් දානවා. දුන්නේ නැහැ කියලා තරහකුත් නැහැ. මං මට ඉඩ තියෙන වෙලාවල් එක්ක සබ් දාගේ මේකේ පබ්ලිෂ් කරන්නම්. හැමෝම දාන ඒවට දාන්නේ නැහැ. එහෙම වැඩක් නැහැනේ දෙන්නෙක් එක බයිස්කොප් එකක් සදහා කාලය කා දාන එක්. එ නිසා අනිත් අඩවිත් එක්ක බලලා තමයි මං සබ් දාන්නේ.

ඔයාලා ආස කරන බයිස්කොප් තියෙනවා නම් කොමෙන්ටුවකින් හරි දාලා යන්න නැත්තම් මගේ මූණුපොතේ  අකවුන්ට් එකට දාන්න. ඒ කිවුවේ ෆෑන් පේජ් එකට අනේ.

එහෙනම් අපි ගිහින් එන්නම් තව බයිස්කොප් එකකින් සෙට් වෙමු.. ජය වේවා..

2 comments: