Tuesday, March 5, 2013

Tere Bina (Tezz Movie Song) With Sinhala Subtitle


ඔන්න යාලුවනේ ආයෙමත් මං තවත් ලස්සන ගීතයකට සිංහල උපසිරැසි අරගෙන ආවා. මේකටත් මං උපසිරැසි ගැන්වුයේ ඉල්ලීමක් පරිදි. ඇත්තටම මේක ලස්සන සිංදුවක්. සිංදුව ගැනත් කෙටි විස්තරයක් මං කියන්නම්කෝ.

ගිය අවුරුද්දේ ඒ කියන්නේ 2012 අවුරුද්දේ ආව ලස්සන හින්දි චිත්‍රපටයකට තමයි මේ ගීතය ඇතුලත් වෙලා තියෙන්නේ. මේ චිත්‍රපටය ගොක් අය බලලා ඇති අනිවාර්යයෙන්. කවුරුත් දන්න ප්‍රසිද්ද චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන ප්‍රියදර්ෂන් විසින් අධ්‍යක්ෂනය කරපු Tezz යන නම් දාරාපු චිත්‍රපටයේ ඇතුලත් ගීතයක් තමයි මේක. චිත්‍රපටය ගැන කිවුවොත් බොලිවුඩ් වල බොහෝ ජනප්‍රියතාවයක් උසුලන නලු නිලි පිරිසක් තමයි මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්නේ. ඒ අතරින් නම් කීපයක් කියනවා නම් Anil Kapoor,Ajay Devgn,Zayed Khan,Mohanlal,Boman Irani,Kangna Ranaut,Sameera Reddy. අද මං මේ ගෙනාව සිංදුව මේ චිත්‍රපටයේ තියෙන ජනප්‍රියම සිංදුව කිවුවොත් නිවැරදි ඇති. මාත් අහපු පලවෙනි පාරම ගොඩක් ආස හිතුනා. මොකද මේ ගීතය ගායනා කරන්නේ ඉතාමත් ප්‍රසිද්ද පට්ට පතුරු ලෙස ගීත ගායනා කරන Rahat Fateh Ali Khan විසින්. එහෙනම් හැමෝම ගීතය රසවිදලා, පොඩි හරි අදහසක් පහලින් දාගෙන යන්න අමතක කරන්න එපා හොදද.

අහිංසක හිත්නේ.

සිංහල උපසිරැසි ඇතුලත් කල ගීතය

මුරපදය dtlakmal.com

සිංහල උපසිරැසි ගොනුව පහලින් බාගන්න
සිංහල

1 comments: