Monday, December 3, 2012

Mage Datha - Ajith Perera - Lyrics & MP3



Click Play Button

මගේ දෑත ඔබේ දෑත නලලේ තියා
දිවුරාලා කීව මට ආදරේ කියලා
අමතක කරලා යනවද හැමදෙයක්ම ඔයා
මට අමතක කරන්න බෑ කොහොමටවත් ඔයා
මගේ දෑත ඔබේ දෑත නලලේ තියා

ඈත ඈත ඈත ඇදෙන සරුංගල් දිහා
අපි බලාන උන්නා ඉස්සර ලගට වෙලා
ඒ වගේම කවදාවත් දුර යන්නෑ කියලා
ඔයා මගේ හිත අරගෙන ඈතකට ගියා

මගේ දෑත ඔබේ දෑත නලලේ තියා
දිවුරාලා කීව මට ආදරේ කියලා
අමතක කරලා යනවද හැමදෙයක්ම ඔයා
මට අමතක කරන්න බෑ කොහොමටවත් ඔයා
මගේ දෑත ඔබේ දෑත නලලේ තියා

සිහින සිහින සිහින ගෙනා හැම මොහොතේම
සංසාරේ එකට ඉදිමු කියලා කීවා
අමතක කර දාලා ඒ හැම දෙයක්ම ඔයා
සදා මගෙන් වෙන් වීලා ඈතටම ගියා

මගේ දෑත ඔබේ දෑත නලලේ තියා
දිවුරාලා කීව මට ආදරේ කියලා
අමතක කරලා යනවද හැමදෙයක්ම ඔයා
මට අමතක කරන්න බෑ කොහොමටවත් ඔයා
මගේ දෑත ඔබේ දෑත නලලේ තියා







MP3 එක පහලින් බාගන්න
MP3


Sunday, December 2, 2012

Sandath Nidi Warai - Uditha Sanjaya - Lyrics, Music Video & MP3


Click Play Button

සදත් නිදි වරයි
තරුත් මග බලයි
මා නෙතු අග කදුලු තියා
සදත් නිදි වරයි
තරුත් මග බලයි
මා නෙතු අග කදුලු තියා
කොහේ සැගවුනේ මා ඇයි තනි කලේ
කොහේ සැගවුනේ මා ඇයි තනි කලේ
සිහිනේ

නුබේ සුවද මා සුසුමෙහි සිර කොට තැබුවා
හිමි වූ ඔබ අහිමිවේදැයි මා සිත සැලුනා
නුබ දකින්න ආවත් හිත පතාගෙනම මා
මටත් හොරා මගේ සුසුම් අරන් ඔබ ගියා
මටත් හොරා මගේ සුසුම් අරන් ඔබ ගියා

පන්සලේ පල්ලියේ කොවිලේ වැලි කැට ගානේ
බැලුවා මං ඔබේ ආයුෂ මගේ පන ගානේ
පිහිටවුනේ නැහැ දෙවියන් මගේ සුදු මැණිකේ
නුබටත් දුක හිතුනේ නැද්ද යන්න ගිය වෙලේ
නුබටත් දුක හිතුනේ නැද්ද යන්න ගිය වෙලේ

සදත් නිදි වරයි
තරුත් මග බලයි
මා නෙතු අග කදුලු තියා
සදත් නිදි වරයි
තරුත් මග බලයි
මා නෙතු අග කදුලු තියා
කොහේ සැගවුනේ මා ඇයි තනි කලේ
කොහේ සැගවුනේ මා ඇයි තනි කලේ
සිහිනේ







MP3 එක පහලින් බාගන්න
MP3

Saturday, December 1, 2012

50 Cent - My Life ft Eminem & Adam Levine - With Sinhala Subtitle


ඔන්න යාලුවනේ වැඩ රාජකාරි බහුල සතියකින් පස්සේ, මේ සුන්දර වූ සන්ති අන්තයේ මං තවත් ලස්සන ගීතයක් සිංහල උපසිරැසි සමග අරගෙන ආවා. අද ගෙනාව සිංදුවත් වැඩි ඈතක විකාශය ඇරඹූ ගීතයක් නොවේ. ඉතිං බලමුකෝ වෙනදා වගේම ගීතය ගැන ටිකක්.

මේ ගීතය ගායනා කරන්නේ අපි කවුරුත් දන්න ප්‍රසිද්ද ගායකයෝ තිදෙනෙක් විසින්. ඒ තමයි ඇමෙරිකානූ රෑප් ගායක 50 Cent සහ Eminem සමග Adam Levine යන තිදෙනා. තව මේ ගීතය විකාශය අරඹලා තියෙන්නේ මේ අවුරුද්දේ එනම් 2012 නොවැම්බර් මස 26 වෙනිදා. ඒ කියන්නේ මේ ඉතාමත් මෑතකදි. මේ ගීතය ඇතුලත් කරලා තියෙන්නේ  50 Cent ගේ ඉදිරියේදි නිකුත් කිරීමට නියමිත පස්වන ගීත ඇල්ඹමය වන Street King Immortal. තව මේ ගීතයට රචනයෙන් දායක වෙලා තියෙනවා  Curtis Jackson, Marshall Mathers, Adam Levine, Larry Griffin, Jr., Herb Rooney යන කට්ටිය. ඔය විදිහේ ටිකක් තමයි කියන්න තියෙන්නේ. එහෙනම් හැමොම වෙනදා වගේ ගීතය බාගෙන විතරක් යන්නේ නැතිව පහලින් අදහසකුත් දාගෙනම යන්න හොදේ.

අහිංසක හිත්නේ.

සැ.යු. පහලින් ලබා දී ඇති උපසිරැසි ගොනුව සහ යූ නලයේ ඇති ඔරිජිනල් ගීතය බා ගැනීමෙන් අනතුරුව. උපසිරැසි ගොනුව එයට යොදා නැරඹීමෙන් වඩා ඉහල මට්ටමේ ගුණාත්මක තාවයෙන් යුත් උපසිරැසියක් සහ රූප රචනයක් රස විදිය හැක.

සිංහල උපසිරැසිය ඇතුලත් කල රූප රචනය

 මුරපදය ලෙස dtlakmal.com ලබා දෙන්න

යූ නලයේ ඇති රූප රචනය

සිංහල උපසිරැසි ගොනුව පහලින් බා ගන්න
සිංහල

Tuesday, November 27, 2012

Justin Bieber - As Long As You Love Me ft Big Sean - With Sinhala Subtitle


ඔන්න යාලුවනේ මං අදත් තවත් අලුත් ගීතයකට සිංහල උපසිරැසි අරගෙන ආවා. මේ ගීතයත් ගොඩක් ජනප්‍රිය වෙච්ච ගීතයක්. ඒ වගේම වැඩිය පරණත් නැහැ. අපි බලමු ගීතය ගැන ටිකක් වෙනදා වගේම.

මේ ගීතය ගායනා කරන්නේ ප්‍රසිද්ද කැනේඩියානු ගායන ශිල්පී ජස්ටින් බීබර් කොලුවා විසින්. මේක එයාගේ තුන්වන ගීත ඇල්ඹමය වන බිලිව් කියන ඇල්ඹමයට ඇතුලත් ගීතයක්. මේ ගීතය නිකුත් කරලා තියෙන්නේ මේ අවුරුද්දේ එනම් 2012 ජූලි දහ වෙනිදා. ඒ වගේම මේ ගීතයට රචනයෙන් දායක වෙලා තියෙනවා Rodney Jerkins, Andre Lindal, Nasri Atweh Sean Anderson, සහ Justin Bieber කොලුවත් ඇතුලු පිරිස. ඒ වගේම මේ ගීතයට රැප් කිරීමෙන් දායක වෙනවා අමෙරිකානු රැප් ගායක Big Sean. ඔය වගේ දේවල් තමයි කියන්න තියෙන්නේ. එහෙනම් වැඩි කතා නැතිව ගීතය බලලා පහලින් යම් අදහසකුත් කුරුටු ගාගෙන යන්න. ඔයාලා කැමති ගීත තියෙනවා නම් ඒවත් දන්වන්නකෝ. එහෙනම් අපි ගියා.

අහිංසක හිත්නේ.

සැ.යු. පහලින් ලබා දී ඇති සිංහල උපසිරැසි ගොනුව සහ යූ නලයේ ඇති ඔරිජිනල් රූප රචනය බා ගැනීමෙන් අනතුරුව, එයට උපසිරැසි ගොනුව යොදා නැරඹීමෙන් වඩා ගුනාත්මක තාවයෙන් යුත් රූප රචනයක් සහ උපසිරැසියක් රස විදිය හැකිය.

සිංහල උපසිරැසිය ඇතුලත් කල රූප රචනය

මුර පදය ලෙස dtlakmal.com ලබාදෙන්න

යූ නලයේ ඇති රූප රචනය

සිංහල උපසිරැසි ගොනුව පහලින්
සිංහල

Monday, November 26, 2012

Ludacris - Rest Of My Life ft Usher & David Guetta - With Sinhala Subtitle


ඔන්න යාලුවනේ මං තවත් අලුත් ගීතයකට සිංහල උපසිරස අරගෙන ආවා. මේකත් ගොඩක් ජනප්‍රිය ඇමෙරිකානු හිප්පොප් ගායකයෙක් තමයි ගායනා කරන්නේ. ඉතිං වෙනදා වගේම ගීතය ගැන පොඩ්ඩක් කතා කරලා ඉමුකෝ.

මේ ගීතය නිකුත් කරලා තියෙන්නේ මේ අවුරුද්දේ එනම් 2012 නොවැම්බර් මාසයේ දෙවෙනිදා. ඒ වගේම මේ ගීතය ගායනා කරන්නේ ඇමෙරිකානු ප්‍රසිද්ද හිප් පොප් ගායන ශිල්පියෙකු වන Ludacris විසින්. තව මේ ගීතය ඔහු තනිවම ගායනා කරන ගීතයක් නෙමී. මේ ගීතයේ ඔහුගේ ගායනයට තව ගායකයින් දෙපලකයේ සහය ලැබෙනවා ඒ තමයි අම්භානෙක ප්‍රසිද්ද  Usher සහ David Guetta. මේ ගීතය Ludacris ගේ ඉදිරියේදි නිකුත් වීමට නියමිත අට වන ගීත ඇල්ඹමය වන   Ludaversal හි ඇතුලත් ගීතයක්. තව මේ ගීතය රචනා කරලා තියෙන්නේ  David Guetta, Marvin Scandrick, Christopher Bridges, Giorgio Tuinfort, Oscar Salinas, Usher Raymond IV, Juan Salinas Jr යන සෙට් එක. ඔය විදිහේ දේවල් ටිකක් තමයි ඉතිං කියන්න තියෙන්නේ.

එහෙනම් වෙනදා මගේම හැමෝම ගීතය රසවිදලා ඔයාලගේ අදහසුත් පහලින් දාගෙනම යන්නකෝ.

අහිංසක හිත්නේ.

සැ.යු. පහතින් ලබා දී ඇති සිංහල උපසිරස ගොනුව සහ යූ නලයේ ඇති ඔරිජිනල් ගීතය බා ගැනීමෙන් අනතුරුව උපසිරැසිය එයට යොදා නැරඹීමෙන් ඉතා ඉහල ගුණාත්මක තත්වයේ උපසිරැසියක් සහ රූප රචනයක් රස විදිය හැකිය.

උපසිරැසිය අන්තර්ගත කල රූප රචනය
මුරපදය ලෙස dtlakmal.com දෙන්න.

යූ නලයේ ඇති රූප රචනය

සිංහල උපසිරැසි ගොනුව පහලින් බාගන්න
සිංහල

Me Tharamata Wedana - Damith Asanka - Lyrics & MP3



Click Play Button

මේ තරමට වේදනා 
දැනුනේ ඔබේ ආදරෙන් 
වෙන් වී ගිහින් මාගේ සුදු හංසියේ 
නුබයි නේද මා තව ලංකලේ 
නුබයි නේද මා තව ලංකලේ 

දුරින් ඈත වෙන් වීලා ඔබ ආවේ මා 
ලගින් පෙර මතක බොද වී ගියා
ලංවෙන්න සැනසෙන්න පෙරුමන් පුරා 
වෙන් වී ගියේ කොහොම කදුලක් තියා
නුබයි නේද මා තව ලංකලේ 
නුබයි නේද මා තව ලංකලේ 

කෝ ඒ ආදරේ සුවද මට නම් නෙමී
හදේ මතක මා දෙනෙත් පාරයි අනේ
හමු වෙන්න සැනසෙන්න පෙරුමන් පුරා
තවත් කෝම රවටන්නේ මගේ හිතම මා
නුබයි නේද මා තව ලංකලේ 
නුබයි නේද මා තව ලංකලේ 

මේ තරමට වේදනා 
දැනුනේ ඔබේ ආදරෙන් 
වෙන් වී ගිහින් මාගේ සුදු හංසියේ 
නුබයි නේද මා තව ලංකලේ 
නුබයි නේද මා තව ලංකලේ 


MP3 එක පහලින් බාගන්න
MP3

Raa Tharakawo (Re Make) - Yashan - Lyrics & Music Video



රෑ.. රෑ තාරකාවෝ
මුමුනා කියයි.. දිලි දිලි යලී..
බෑ.. අදහන්න බෑ..
ඒ කී කථා.. ඇසුවද ප්‍රියේ..

ලං වී දෙනෙක් මිතුරු කියනා කතා
රහසේ හෙමින් සවන වැටෙනා කතා
දෑතේ වෙලි කියන හද රැදි කතා
කාටද ඇසෙන්නේ ඉතිං

රෑ.. රෑ තාරකාවෝ
මුමුනා කියයි.. දිලි දිලි යලී..
බෑ.. අදහන්න බෑ..
ඒ කී කථා.. ඇසුවද ප්‍රියේ..

රගන රැගුමන් ගයන ගී
බලන බැල්මන් නෙත් කොනින්
කියන කරන දේ බලන සොයන දේ
සුදුද කලුද එය හොදද නරකදැයි කියලා

රෑ.. රෑ තාරකාවෝ
මුමුනා කියයි.. දිලි දිලි යලී..
බෑ.. අදහන්න බෑ..
ඒ කී කථා.. ඇසුවද ප්‍රියේ..



Saturday, November 24, 2012

Freedom - Nicki Minaj - With Sinhala Subtitle


ඔන්න එහෙනම් යාලුවනේ පොරොන්දු වුනා වගේ. මං අද ලබා දෙන අනික් ගීතය තමයි මෙ දෙන්න හදන්නේ. මේක ඇවිල්ලා මේ දවස් වල ගොඩක් ජනප්‍රිය ගායිකාවක් වන Nicki Minaj විසින් ගායනා කරන Freedom යන නම් දරාපු ගීතය. ගීතය ගැනත් පොඩි සදහනක් කලොත්.

මේ ගීතය නිකුත් කරලා තියෙන්නේ මේ අවුරුද්දේ මේ මාසේ ඒකියන්නේ 2012 නොවැම්බර් මාසේ 03 වෙනිදා. තව මේ ගීතයේ වීඩියෝ දර්ෂනය නිකුත් කරලා තියෙන්නේ දවස් හතරකට උඩදි ඒ කියන්නේ 2012 නොවැම්බර් 20 වෙනිදා. ඒ කියන්නේ මේක අලුත්ම අලුත් ගීතයක්. මේ ගීතයට රචනයෙන් දායක වෙලා තියෙනවා Onika Maraj, Matthew Samuels, Matthew Burnett යන තිදෙනා. ඒ වගේම ඔයාලට මතක ඇති මං මෙයාගේ මේ අවුරුද්දේ නිකුත් වෙච්ච තව ගීතයක් දුන්නා. අර බිබර් කොලුවා එක්ක කියන එක. ඒක බැලුවේ නැත්තම් මෙතනින් ගිහින් ඒක බලන්න. එහෙනම් මේ ගීතය ගැනත් වැඩිය කියන්න යන්නේ නැහැ. අලුත්ම ගීතයක්නේ. හැමෝම බලලා අදහසක් දාගෙනම යන්න. ඒක ඉදිරි ගමනට ධෛර්යයක් වේවි. එහෙනම් සැමට සුභ දවසක්.

අහිංසක හිත්නේ.

සැ.යු. පහතින් ලබා දී ඇති උපසිරැසි ගොනුව සහ යූ නලයේ ඇති ඔරිජිනල් රූප රචනය බා ගැනීමෙන් අනතුරුව උපසිරැසිය එයට යොදා නැරඹීමෙන් වඩා ඉහල ගුණාත්මක තාවයෙන් යුත් උපසිරැසියක් සහ රූප රචනයක් රස විදිය හැකිය.


උපසිරැසිය අන්තර්ගත කල ඇති රූප රචනය

මුරපදය ලෙස dtlakmal.com දෙන්න.

යූ නලයේ ඇති රූප රචනය

සිංහල උපසිරැසි ගොනුව පහලින් බාගන්න
සිංහල

Ho Hey - The Lumineers - With Sinhala Subtitle


ඔන්න යාලුවනේ ගොඩ දවසකින් මං ආයෙත් ආවා සිංහල උපසිරැසියක් අරගෙන. පහු ගිය ටිකේ උපසිරැසි කරන්න වෙලාවක් ලැබුනේ නැහැ නොවැ. මේ රාජකාරි එක්ක එපැයි මේවත් කරන්න. පහු ගිය ටිකේම උපසිරැසි දෙන්න බැරි වුන නිසා. අද මං ඔයාලට උපසිරැසි දෙකක් දෙන්න තීරණය කලා. දැන් පලවෙනි එක සහ තව ටිකින් අනිත් එක දෙන්නම්කෝ. හරි අපි බලමුකෝ දැන් දෙන්න යන ගීතය මොකක්ද කියලා. මේක තමයි මං අර පටන් ගනිපු වැඩේ බිලාබෝර්ඩ් වැඩේ. අන්න ඒකෙම කොටසක්. බිලාබොර්ඩ් දර්ශකයේ වෙනස් කම් කීපයක් වෙලා තියෙනවා. ඒ වා මං පල්ලෙහායින් දාන්නම්කෝ. දැන් බලමු මේ ගීතය ගැන.

මේ ගීතයත් නිකුත් කරලා තියෙන්නේ මේ අවුරුද්දේ එනම් 2012 ජූනි මස 4 වෙනිදා. ඒ වගේම මේ ගීතය ගායනා කරන්නේ අමෙරිකානු රොක් සංගීත කණ්ඩායමක් වන The Lumineers කියන සෙට් එක. මේ ගීතයේ පද රචනයෙන් දායක වෙල ාතියෙන්නේ  Wesley Schultz, Jeremy Fraites කියන පුද්ගලයින් දෙපල. තව මේ ගීතය පාවිච්චි කරලා තියෙනවා මයික්‍රොසොෆ්ට් සමාගමේ 2012 අවුරුද්දේ වෙලද දැන්වීමකටත්. ඒ වගේම මේ ගීතය තමයි අද ඒ කියන්නේ 2012/11/24 වෙනිදා වෙනකොට බිල්බෝර්ඩ් ගීත දර්ශකයේ අට වන ස්ථානය දිනාගෙන ඉන්නේ. ඉතිං එහොම විස්තරයක් තමයි කියන්න තියෙන්නේ. එහෙනම් වෙනදා කියනවා වගේ ගීතය බලලා පොඩි අදහසකුත් පහලින් දාගෙනම යන්නකෝ. තව ටිකින් ආයේ හමු වෙමු. තෙරුව්න සරණයි.

බිල්බොර්ඩ් ගීත දර්ෂකයේ අද දිනට ඇතුලත් පලමු ගීත දහය


01. Diamonds - Rihanna (උපසිරැසි ලබා දී ඇත.)
02. One More Night - Maroon 5 (උපසිරැසි ලබා දී ඇත)
03. Die Young - Ke$ha (උපසිරැසි ලබා දී ඇත)
04. Locked Out Of Heaven - Bruno Mars
05. Some Nights - fun.
06. Let Me Love You (Until You L... - Ne-Yo (උපසිරැසි ලබා දී ඇත.)
07. Gangnam Style - PSY (උපසිරැසි ලබා දී ඇත.)
08. Ho Hey - The Lumineers (උපසිරැසි ලබා දී ඇත.)
09. We Are Never Ever Getting Ba... - Taylor Swift
10. I Cry - Flo Rida (උපසිරැසි ලබා දී ඇත.)


සැ.යු : පහලින් දී ඇති උපසිරැසි ගොනුව සහ යූ නලයේ ඇති ඔරිජිනල් ගීතය බා ගෙන නැරඹීම තුලින් වඩා ගුණාත්මක තාවයෙන් ඉහල රූප රචනයක් සහ උපසිරැසියක් රසවිදිය හැකිය.

උපසිරැසිය අන්තර්ගත කල රූප රචනය

මුර පදය ලෙස dtlakmal.com ලබා දෙන්න

යූ නලයේ ඇති රූප රචනය

සිංහල උපසිරැසි ගොනුව පහලින් බාගන්න
සිංහල

Super Six DVDRip - Sinhala Movie - Download


ඔන්න යාලුවනේ නෙට් එක පැත්තේ කරක් ගහනකකොට අපේ ලංකාවේ තිරගත වෙච්ච චිත්තර පටියක හොද කොපියක් සහිත පිටපතක් හොයාගන්න ලැබුනා. ඒ නිසා හිතුවා මේකත් කස්ටිය එක්ක බෙදාගන්න. මේ චිත්තර පටිය ගැන ගන් බොහෝ දෙනා දන්නවා ඇති. මොකද සෑහෙන ප්‍රචාරයක් දුන්නනේ. අනික වැඩියම වියදමක් දරලා කරපු චිත්තර පටියක් කියලා තමයි මේක නම් දරලා තියෙන්නේ. ලංකාවේ එතෙක් මෙතෙක් දුරට තිරගත වෙච්චර ෆිල්ම් වලින් සුපිරියට කලර්ස් තියෙන සුපිරිට සවුන්ඩ්ස් තියෙන චිත්තර පටියක් කිවුවොත් නිවැරදි. 

චිතත්රපටිය ගැන සදහනක් කලොත්, මේක මේ අවුරුද්දේ ඒ කියන්නේ 2012 මැයි 17 තමයි නිකුත් කලේ. ඒ වගේම මේක අධ්‍යක්ෂනය කලේ උදාර පල්ලියගුරුගේ. ඒ වගේම මේ චිත්‍රපටියට රංගනයෙන් දායක වෙනවා අති දක්ෂ රංගන ශිල්පියෝ බොහෝ දෙනෙක්, නම් වශයෙන් කීප දෙනෙක් කිවුවොත්, රොෂාන් රණවන, හේමාල් රණසිංහ, සනත් ගුණතිලක, අරුණි රාජපක්ෂ, මහේන්ද්‍ර පෙරේරා, රොඩ්නි වර්ණකුලසූරිය, ප්‍රියන්ත සෙනෙවි රත්න, සාරංග දිසාසේකර, සුනෙත් චිත්‍රානන්ද සහ ගාමින්ද්‍ර පියවිරාජ් ඔය වගේ සෙට් එකක්. මේ චිත්‍රපටියේ රෑගත කිරීම් සිදු කරලා තියෙන්නේ ලංකාවේ සහ මැලේසියාවේ. බලපු නැති අය ඉන්නවා නම් අරගෙන බලන්න. එහෙනම් තවත් මොනා හරි දෙයක් සෙට් වුනොත් අරගෙන එන්නම්කෝ. ජයවේවා.

සැ.යු. බාගන්න කට්ටිය අඩුගානේ පැයක්වත් බාලා ඉවර වෙලා සීඩ් කරන්න හොදේ. අනිත් අයට අරගන්න ලේසි වේවි.

චිත්‍රපටිය පහලින් බාගන්න
බාගන්න


Friday, November 23, 2012

Oba Wenas Wela - Chandrasena Hettiarachchi - Lyrics & Music Video


ඔබ වෙනස්වෙලා ඔබ වෙනස්වෙලා
සිත දුරස් වෙලා
ඔබ වෙනස්වෙලා ඔබ වෙනස්වෙලා
සිත දුරස්වෙලා මට නපුරුවෙලා

පිටස්තරයි පිට කෙනෙක් වගේ
කිසි දෙනෙක ඉතිං හමු නොවුනු ලෙසේ
පිටස්තරයි පිට කෙනෙක් වගේ
කිසි දෙනෙක ඉතිං හමු නොවුනු ලෙසේ
මට හිතාගන්න බෑ තාම නගේ
ආල පිරුව සිත කොහෙද නුබේ

කාලයත් ගෙවී ලොව වෙනස් වේවි
ගිය නමුත් මගේ සිත වෙනස් නොවී
කාලයත් ගෙවී ලොව වෙනස් වේවි
ගිය නමුත් මගේ සිත වෙනස් නොවී
අකීකරුයි සිත මටම මගේ
හිත හදාගන්න බැහැ ඔබට වගේ

ඔබ වෙනස්වෙලා ඔබ වෙනස්වෙලා
සිත දුරස් වෙලා
ඔබ වෙනස්වෙලා ඔබ වෙනස්වෙලා
සිත දුරස්වෙලා මට නපුරුවෙලා
ඔබ වෙනස්වෙලා


Monday, November 19, 2012

Omi, The Card Game in Sinhala for Android Users


ඔන්න එහෙනම් අපේ ඇන්ඩ්‍රොයිඩ් සෙට් එකට පොඩි ගේම් එකක් අරගෙන තමිය මං ආවේ. සෙල්ලස් කඩේ පැත්තේ කරක් ගහනකොට තමයි මටත් මේක සෙට් උනේ. වැඩක් නෑ කියලා වැඩේ සුපිරි ඕන්. වැඩි කතාවක් කියන්නේ නැතිව මං කියන්නම්කෝ මොකක්ද මේ ගේම් එක කියලා. අපේ රටේ මල ගෙයක් එහෙම කාරිය සිද්ද උනාම රෑ එලිවෙනතුරා නිදි මරන්න ඕනාවට කස්ටිය කොල 52ක් තියෙන කාඩ් කුට්ටමක් උස්සගෙන එකෙන් බාගයක් විතරම අයින් කරලා. හතර දෙනෙක් හතර පැත්තක ඉදගෙන. ඒක්කෙනාට කොල 8 ගානේ බෙදලා, තව මොනාද මන්දා තුරුම්පුද මොකක්ද එකක් කියලා එක එක කොල දදා ගොඩවල් ගහගෙන වැඩියෙන්ම ගොඩවල් ගත්ත කට්ටියට කැට ද මොනාද දිදි කරන සෙල්ලම නොවෑ මේක. හිහි

එහෙම කිවුවම නොදන්න කෙනෙක් නෑ මං හිතන්නේ. මේක තමයි "ඕමි" කියන්නේ. දැන් මල ගෙවල් ඕනා නෑ , හතර දෙනෙක් ඕනා නැහැ. ඔයාට තනියෙම මේ සෙල්ලම කරන්න පුලුවන් ඔයාගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයත් එක්ක. පට්ට ඈ. අනික මේක අපේ මේ ලන්කාවේ කොල්ලන්ගේ වැඩක්නේ. ඉතිං දන්න සිංහලෙන්ම ඕමි ගහන් කැමති කට්ටියට තමයි මං මේක ගෙනාවේ. ගොඩක් අය මේ ගැන දන්නවත් ඇති. නොදන්න අය ඉන්නා නම් ඒ අයට තමයි ඕන් ගෙනාවේ. කට්ටිය අරගෙනම සෙල්ලම් කරලා බලන්න. හරිම ලේසි. නොදන්න අයත් අරගෙන බලන්න සෙල්ලම් කරලා. අමාරු නැහැ. එහෙනම් මේ වගේ තවත් සුකුරුත්තමක් සෙට් වුනොත් ආයේ අරගෙන එන්නම්කෝ ඔයාලගේ දැන ගනීම පිනිස. :)

මං මේකේ පින්කුව දෙන්නේ සෙල්ලම් කඩේම ලින්කුව. ඒකට ගිහින් අපේ මේ සහෝදරයින්ට තරු ලකුණු එහෙම දීලා පොඩ්ඩක් දිරිය දෙන්න අමතක කරන්න එපා. එහෙනම් මං ගියා. සැමට සුභ දවසක්..

ස්කිරින් සොට් ටිකකුත් දෙන්නම්කෝ....






මෙතනින් ගිහින් ගන්න ගේම් එක.

Duka Wedi Tharamata - Noyel Raj - Lyrics , MP3 & Music Video


දුක වැඩි තරමට කඳුළු හෙලන්නට නෙත තවමත් විවර වෙලා
කවදාවත් හිමි නොවනට ඔබ මාගෙන් ඈත් වෙලා
හැඩවෙන නෙතගට තරවටු කෙරුවාට කඳුලැල් නෑ නතර වෙලා
හැමදාමත් රිදවන්නට ඔබ ගියෙ ඇයි ඈත්වෙලා

වෙනසක් නැහැ මගේ සිහිනේ තාමත් මල් පිබිදෙන්නේ
රැවටුන මේ හිත මා ගේ තනිවුන බව නැහැ දන්නේ
උන් යහන පුරා විදි සුවද පවා නැත දුක විතරක් ඉතිරි වෙලා

දුක වැඩි තරමට කඳුළු හෙලන්නට නෙත තවමත් විවර වෙලා
කවදාවත් හිමි නොවනට ඔබ මාගෙන් ඈත් වෙලා
හැඩවෙන නෙතගට තරවටු කෙරුවාට කඳුලැල් නෑ නතර වෙලා
හැමදාමත් රිදවන්නට ඔබ ගියෙ ඇයි ඈත්වෙලා

කදුලක් කදුලක් ගානේ ඔය රුවමයි සිහි වෙන්නේ
මට නොලැබුන ඔබේ සෙනෙහේ වෙන කොහේ බව නැහැ දැනුනේ
ජීවිතය පුරා පැතු පැතුම් මකා ඔබ දුක විතරක් උරුම කලා

දුක වැඩි තරමට කඳුළු හෙලන්නට නෙත තවමත් විවර වෙලා
කවදාවත් හිමි නොවනට ඔබ මාගෙන් ඈත් වෙලා
හැඩවෙන නෙතගට තරවටු කෙරුවාට කඳුලැල් නෑ නතර වෙලා
හැමදාමත් රිදවන්නට ඔබ ගියෙ ඇයි ඈත්වෙලා






MP3 එක පහලින් බාගන්න
MP3

Sunday, November 18, 2012

NE-YO - Let Me Love You - With Sinhala Subtitle


ඔන්න යාලුවනේ පොරොන්දු වුන විදිහට මං අදත් තව අලුත් ගීතයකට සිංහල උපසිරැසි අරගෙන ආවා. මේකත් මං අලුතෙන් පටන් ගත්තු වැඩේ කොටසක්. ඒ කිවුවේ බිල්බෝර්ඩ් ජනප්‍රියම ගීත 100 යේ පලමු ගීත දහයට ඇතුලත් වෙන ගීතයක් තමයි මං අරගෙන ආවේ. ගීතය ගැන සදහනක් කලොත්.

මේ ගීතය නිකුත් කරලා තියෙන්නේ මේ අවුරුද්දේ එනම් 2012 ජූලි 10වෙනිදා. ඒ වගේම මේ ගීතය තමයි බිල්බෝර්ඩ් ජනප්‍රියම ගීත 100 අතුරෙන් මේ වන විට අට වන ස්ථානය දිනා ගෙන තියෙන්නේ. මේ ගීතය ගායනා කරනු ලබන්නේ අමෙරිකාණු ප්‍රසිද්ද ගායකයෙක් සහ ගීත රචකයෙක් වන Ne-Yo විසින්. මේ ගීතය ඔහුගේ පස්වන ගීත ඇල්ඹමය වන R.E.D. (2012) හි ඇතුලත් ගීතයක්.  මේ ගීතයේ පද රචනයෙන් දායක වෙලා තියෙනවා Mikkel S. Erkisen, Sia Furler, Mark Hadfield, Tor E. Hermansen, Mike Di Scala, සහ Shaffer Smith යන පිරිස. ඔය වගේ දේවල් ටිකක් තමයි කියන්න තියෙන්නේ. එහෙනම් වැඩි කතා නවත්වලා ගීතය නරඹලා ඉමු. ගීතය නරඹලා නිකන් යන්නේ නැතිව පහලින් අදහසකුත් දාගෙනම යන්න හොදේ. ඒක ඉදිරි ගමනට ධෛර්යයක් වේවි. එහෙනම් නැවතත් හෙට දිනයේ හමුවෙන බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා. සැමට සුභ රාත්‍රියක්.

අහිංසක හිත්නේ.

සැ.යු : සිංහල උපසිරැසි ගොනුව සහ යූ නලයේ ඇති ඔරිජිනල් රූප රචනය බා ගැනීමෙන් අනතුරුව, උපසිරැසි ගොනුව එයට යොදා නැරඹීමෙන් වඩා ඉහල ගුණාත්මක තාවයෙන් යුත් රූප රචනයක් සහ උපසිරැසියක් රස විදිය හැකිය.

සිංහල උපසිරැසි ඇතුලත් කල රූප රචනය


මුරපදය ලෙස dtlakmal.com ලබා දෙන්න

යූ නලයේ ඇති රූප රචනය

සිංහල උපසිරැසි ගොනුව පහලින් බාගන්න
සිංහල

Saturday, November 17, 2012

Jab Tak Hai Jaan - Ishq Shava - With Sinhala Subtitle


ඔන්න යාලුවනේ මං අදත් තව අලුත් ගීතයකට උපසිරැසි අරගෙන ආවා. මේ ගීතය ලබාදෙන්න සිතුවේ බොහෝ දෙනාගේ ඉල්ලීම නිසයි. මේ ටිකේම ඉංග්‍රිසි සිංදු වල උපසිරැසි අරගෙන ආව නිසා වෙනසකටත් එක්ක මේකට දෙන්න හිතුවා. ඇත්තම කියනවා නම් කවුරුත් දන්නවා ඇතිනේ තාම මේ ගීතය ඇතුලත් වන චිත්‍රපටය සිනමාශාලා වල තිරගත වෙනවා. එහෙයින් මේ ගීතය ඇතුලත් හොද ගුණාත්මක තාවයෙන් යුත් රූප රචනයක් හොයාගන්න බැරිවුනා. නමුත් ඔරිජිනල් රූප රචනයේ බාගයකුත් දැනට නිකුත් කරලා තියෙන කැමරා කොපියක බාගයකුත් එකතු කරලා, ඒකට ඔරිජිනල් ඕඩියෝ එක දාලා තමයි මං මේ විඩියෝ එක හැදුවේ. කට්ටිය ඉල්ලීම් අහක දාන්නත් බෑනේ. ඒකය මේ විදිහට වැඩේ කලේ. ඔරිජිනල් වීඩියෝවක් හමුබවුන ගමන් අනිවා යාවත්කාලින කරනවා. එතකම් කැමති කට්ටිය මේක රස විදින්නකෝ. විඩියෝවේ බාගයක් පමණ කොටසක තමයි ප්‍රශ්නයක් තියෙන්නේ. සංගීතයේ සහ පද රචනයේ කිසිම අඩුවක් නැහැ. සම්පූර්ණ ගීතයම තියෙනවා. ඒ නිසා බය නැතිව බලන්න.

ගීතය ගැන වැඩි යමක් කියන්න ඕනා නැහැනේ. මොකද මීට කලිනුත් මං මේ චිත්‍රපටියේ ගීතයක් ලබාදුන්නනේ. මේ ගීතය ගැන කියනවා නම් කියන්න තියෙන්නේ. මේ ගීතය ගායනා කරන්නේ Raghav Mathur, Shilpa Rao දෙපල විසින් සහ මේ ගීතයේ පද නිර්මාණය කරලා තියෙන්නේ Gulzar විසින්. ඒ වගේම මේ ගීතයට රංගනයෙන් දායක වෙන්නේ Shah Rukh Khan & Katrina Kaif දෙපල. ඔය විදිහේ ටිකක් තමයි කියන්න තියෙන්නේ. එහෙනම් හැමෝටම ගීතය නරඹන්න කියලා ආරාධනා කරන ගමන් මං සමුගන්නවා තවත් අලුත් ගීතයක් සමග හමුවීමේ බලාපොරොත්තුවෙන්.

තව කියන්න තියෙන්නේ මං මේ ගීතය අප්ලෝඩ් කලේ යූ නලයට. ඉතිං අපහසුවකින් තොරව ඔයාලට නරඹන්න පුලුවන් වේවි.

උපසිරැසිය සමග ගීතය යූ නලයෙන්
උපසිරැසිය දර්ෂනය වීමට විඩියෝවේ පහල දකුණු කෙලවරේ ඇති CC බොත්තම ඔබන්න.
යම් ගැටලුවක් වේ නම් අදහසක් මගින් දන්වන්න.

සිංහල උපසිරැසි ගොනුව පහලින් බාගන්න
සිංහල

Friday, November 16, 2012

Flo Rida - I Cry With Sinhala Subtitle


ඔන්න යාලුවනේ පොරොන්දු වුනා වගේ මං අදත් තව අලුත් ලස්සන ගීතයකට සිංහල උපසිරැසි අරගෙන ආවා. මේකත් මං අලුතෙන් පටන් ගත්ත වැඩේ වන  Billboard Hot 100 ගීත දර්ෂකයේ ජනප්‍රියම ගීත දහයට ඇතුලත් වෙන ගීතයක්. අපි වැඉි කතා නැතිව ගීතය ගැන ටිකක් බලමු.

මේ ගීතය ගායනා කරන්නේ හිප් පොප් ගායනයේ ඉතාමත් ජනප්‍රිය ගායකයෙක් වෙන ඇමෙරිකානු ජාතික Flo Rida විසින්. ඒ වගේම මේ ගීතය මුලින්ම විකාශය කරලා තියෙන්නේ 2012 සැප්තැම්බර් මාසයේ 18 වෙනිදා. මේක ඔහුගේ හතරවන ගීත ඇල්ඹමය වන  Wild Ones කියන ඇල්ඹමයට ඇතුලත් වන ගීතයක්.මේ ගීතයට රචනයෙන් නම් දායක වෙලා තියෙනවා හෙන සෙට් එකක්. Flo Rida, Alex Schwartz, Joe Khajadourian, Scott Cutler, Jeffrey Hull, Brenda Russell, Raphael Judrin, Pierre-Antoine Melki, Paul Bäumer, සහ Maarten Hoogstraten. යන අය තමයි රචනය කරලා තියෙන්නේ. තව මං මේ ගීතයට උපසිරැසි ගන්වන්න හිතුවේ මං ඉහත සදහන් කලා වගේ  Billboard Hot 100 ගීත දර්ෂකයේ අද මේ වන විට මේ ගීතය තමයි දහ වන ස්ථානයේ පසුවන්නේ. ඒ නිසයි මං හිතුවේ මේකට උපසිරැසි දාන්න ඕනා කියලා. එහෙනම් වැඩි කතාවකින් තොරවම ගීතය නරඹලා පහලින් අදහසක් කොටා ගෙනම යන්න.

සැමට බුදු සරණයි !!  අහිංසක හිත්නේ.

සැ.යු : සිංහල උපසිරැසි ගොනුව සහ යූ නලයේ ඇති ඔරිජිනල් ගීතය බා ගෙන, උපසිරැසිය එයට යොදා නැරඹීමෙන් වඩා ගුණාත්මක තාවයෙන් යුත් රූප රචනයක් සහ උපසිරැසියක් ඔබට රස විදිය හැක.

සිංහල උපසිරැසිය අන්තර්ගත කල රූප රචනය
මුරපදය ලෙස dtlakmal.com දෙන්න.

යූ නලයේ ඇති ඔරිජිනල් රූප රචනය


සිංහල උපසිරැසි ගොනුව පහලින්
සිංහල