Saturday, October 27, 2012

Love the Way You Lie - Eminem ft Rihanna - With Sinhala Subtitle


ඔන්න යාලුවනේ අලුත් වැඩේ තෙවනි එලි දැක්වීමත් අරගෙන මං ආවා. පසු ගිය ඉදිරිපත් කිරීම් දෙකේම තිබුන අඩුපාඩු ගොඩක් තිබුනා නොවැ. දැන් නම් ඒවා ටිකක් හදාගන්න පුලුවන් උනා. යූ නලයට දාන්න බැරි එකයි තියෙන ප්‍රශ්නය. යු නලයෙන් කියනවනේ මේ විඩියෝ එකේ කොපිරියට් ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඉතිං කාටවත් පෙන්නේ නැහැ මං අප්ලෝඩ් කලාට. ඉතිං මොකෑ කරන්නේ. දන්න කවුරු හරි ඉන්නවා නම් ඒක හදාගෙන වැඩේ කරගන්න පුලුවන් විදිහක්. මට කියන්න හොදේ.

හරි බලමුකෝ අද ගෙනාව සිංදුව මොකක්ද කියලා. 2010 අගෝස්තු නමවෙනිදා පටන් විකාශය ඇරඹු  Eminem සහ Rihanna විසින් ගායනා කරන Love the Way You Lie ගීතයයි. මෙම ගීතය Marshall Mathers, Alexander Grant, Holly Hafermann විසින් රචනා කරන ලද විනාඩි 4 කුත් තත්පර 23 කුත් දිවෙන Hip hop, pop යන වර්ගීකරණයට අයත් වන ගීතයක්. මං හිතන්නේ බොහොමයක් දෙනා මේ ගීතය අසා ඇති. මොකද ගොඩක් ජනප්‍රිය වුන ගීතයක් තමයි මේක. මෙම ගීතය සති 25ක් පුරා ගීත දර්ෂක වල පලමු ස්ථානයේ රැදිලා තියෙනවා. එයට ඇමෙරිකාවේ  Billboard Hot 100 කියන දර්ෂකයත් ඇතුලත්. මෙම ගීතය ඇමෙරිකාව තුල මිලියන පහක් පමණ අලෙවි වෙලා තියෙනවා. එ නිසා 2010 වර්ෂයේ වැඩිම අලෙවියක් වූ ගීතය ලෙස මෙම ගීතය වාර්ථා තබනවා. ඒ වගේම ග්රැමි සම්මාන පහකටත් නාම යෝජනා වෙලා තියෙනවා. තව සිංදුව ගැන කියනවා නම් ගොඩක් ඒවා තියෙනවා ඉතිං. ඒවා ගැන කියන්න ඕනා නැනේ. ඔයාලා සිංදුව බලලා ඉන්නකෝ එහෙනම්

මෙන්න සිංහල උපසිරැසිය ඇතුලත් කරපු විඩියෝ එක.


මෙන්න ඔරිජිනල් යූ නලයේ විඩියෝ එක



 සිංහල උපසිරැසි ගොනුව පහලින් බාගන්න
සිංහල

10 comments:

  1. නියමයි දිගටම කරන් යන්න,,, ගොඩක් ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. යාලුවා ඔයා ඒ්ක බා ගත්තද
      ලග තියෙනවනම් මටත් දෙනව ද

      Delete
  2. ayye mekatath sinhala sub dhenna...
    http://www.youtube.com/watch?v=ui1tUS6Ho-c

    wade hodhai,digatama karan yanna kiyala suba pathanawa...

    ReplyDelete
  3. i need this song Sinhala lyrics. for important work. so help me for get it. I cant get it. this link not work

    ReplyDelete