Monday, October 29, 2012

No Promises - Shayne Ward - With Sinhala Subtitle


ඔන්න යාලුවනේ මං තවත් ගීතයකට සිංහල උපසිරැසි අරගෙන ආවා. මේක නම් ටිකක් පරණ ගීතයක්. නමුත් ගොඩාක් ජනප්‍රිය වෙච්ච එකක්. මං මේ ගීතයට පෞද්ගලිකව ගොඩක් ආසයි. ඒ නිසා හිතුනා මේකටත් උපසිරැසියක් යෙදුවනම් හොදයි කියලා. ඒ නිසා ඔන්න වැඩේ කලා. වැඩේ හොදයි නම් පහලින් අදහසක් දක්වලා ගුණ අගුණ කියලා යන්න හොදද. හරි අපි බලමු අද ගෙනාව සිංදුව මොකක්ද කියලා.

මේ ගීතය මුලින්ම ගායනා කරලා තියෙන්නේ බ්‍රයන් රයිස් කියන ගායකයා. ඒ 2005 වසරෙදි තිරගත කෙරුණු  හාස්‍යය චිත්‍රපටයක් සදහා. එය ඒ කාලේ ඒ කියන්නේ 2005 සහ 2006 යන වර්ෂ වල සුපර් හිට් එකක් වෙලා තියෙනවා. ඊට පස්සේ 2006 අවුරුද්දෙදිම අර අපේ ශිහාන් අයියා කරනවා වගේ මේ සිංදුවත් නැවත ගායනයක් සිදු කරලා තියෙනවා Shayne Ward විසින්. අද අපි අහන්නෙත් එයා ගායනා කරන ගීතයම තමයි. එයා මේ ගීතය ගායනා කලාට පස්සේ ඇමෙරිකාව තුල එවකට ජනප්‍රිය ගීත අතුරෙන් දෙවනි ස්ථානය ලබා ගැනීමටත් හැකි වෙලා තියෙනවා. තව වැඩිම අලෙවියක් සිදු වූ ගීත අතර දහසය වැනි ස්ථානය හිමි කර ගැනීමටත් මේ ගීතයට හැකි වෙලා තියෙනවා. අමෙරිකාව තුල පමනක් පිටපත් 200,000 ක් පමණ  අලෙවි වි තියෙනවා. ඔය වගේ දේවල් තමයි ඉතිං කියන්න තියෙන්නේ. ඒ කතාත් නවත්තලා අපි එහෙනම් සිංදුව බලල ඉමු. අදත් මං ඔයාලට දීලා තියෙනවා ඔරිජිනල් යූ නලයේ ගීතයත්, සිංහල උපසිරැසි ඇතුලත් කරණු ලැබූ ගීතයත්. සිංහල උපසිරැසි ඇතුලත් කරපු ගීතයේ තියෙන අඩුපාඩුව තමයි උපසිරැසි වල වර්ණය සහ පැහැදිලි කම ටිකක් අඩුයි. මම නම් කැමති ඔයාලා යූ නලයෙන් විඩියෝ එක බාගෙන. ඊලගට පහලින් දෙන උපසිරැසි ගොනුවත් බාගෙන. ඒක වීඩියෝ එකට දාගෙන බලනවා නම්. හරියට අපි නිකන් චිත්‍රපටියකට උපසිරැසි දාගෙන බලනවා වගේ. එහෙම කලා නම් සබ් එකේ ගුණාත්මකතාවයත් ඉහලා යාවි මං හිතන්නේ. එහෙනම් කතා ඇති මෙන්න ගීතය.

සිංහල උපසිරැසි ඇතුලත් කරණු ලැබූ ගීතය

යූ නලයේ ඇති ඔරිජිනල් ගීතය

සිංහල උපසිරැසි ගොනුව පහලින්
සිංහල

0 comments:

Post a Comment