Tuesday, October 23, 2012

Mariah Carey - We Belong Together With Sinhala SUbtitle


Updated : Now you can watch this song online with Sinhala Subtitle

ඔන්න යාලුවනේ. තවත් අලුත් වැඩකට අත ගැහුවා මං. මට මේක හිතුනේ. අපි ගොඩක් සිංදු අහනවා විවිධ භාෂාවන් වල. අපි ගොඩක් වෙලාවට රසවිදින්නේ එහි තාලය නැතිනම් සංගීතය වගේ දේවල්. සිංදුවෙන් කියන්නේ මොකක්ද කියන එක ගැන හිතන්නේ නැහැ. (මං ඒ කිව්වේ මං ගැන, සමහර විට ඔයාලා එහෙම නැතුව ඇති හොදේ ) ඉතිං ඒක නිසා මං හිතුවා අලුත් වැඩක් කරන්න. අලුත් කිවුවට මං දන් නැහැ තව කවුරු හරි මෙහෙම දෙයක් පටන් අරන් තියෙනවද කියලා. ඒ කතා හරි කියමුකෝ. මේකයි වැඩේ. අපි අහන ලස්සන විදේශිය භාශාමය සිංදු වලට සිංහල උපසිරැසි යොදන්න. 

මේක ගැන මගේ හිතේ ටික කාලෙක ඉදන් අදහසක් තිබුනා. ඉතිං ඒ අදහස මල්පර දරමින්. මං පලවෙනි වැඩේට අත ගැහුවා. චිත්‍රපටයකට උපසිරැසි ගන්වනවා වගේ නෙමීනේ මේ වැඩේ. මොකද සිංදුවකට උපසිරැසි ෆයිලයක් නිකුත් වෙන්නේ නැහැනේ. ඉතිං මුල ඉදන් ටයිමින් එහෙම සකස් කරලා වැඩේ කරන්න ඕනා. ඒකත් කොහොම හරි කරගත්තා කියන්නකෝ. අන්තිමේදි වැඩේ වුනේ මේ උපසිරැසි ෆයිලය විඩියෝ එකට දාගන්න එකනේ. කොහොම හරි දගලලා දගලලා ඒකත් කරගත්තා. නමුත් ඒක යූ නලයට අප්ලෝඩ් කලාම උපසිරැසි දර්ෂනය වෙන්නේ නැහැ. ඒ හේතුව නිසා මට උපසිරැසි ෆයිලය වෙනමම තමයි දෙන්න වෙන්නේ.  කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා නම් කොහොමද මේ SRT ෆයිල් එක වීඩියෝ එකත් එක්ක ජොයින් කරලා එන්කෝඩ් කරගන්නේ කියලා මට කියන්න. මං උපරිම උත්සහය දරනවා ඒ දේ කොහොම හරි හොයාගෙන ඔයාලට අරගෙන එන්න. මගේ බලාපොරොත්තුව උනෙත් ඒකමයි. ඉතිං කරන්න දෙයක් නැහැ දැනට අපි මෙහෙම බලමු. ඉදිරියට අපි උත්සයක් දරමු. ඔයාලත් මට ඒක කරගන්න සහයෝගය දෙයි කියලා හිතනවා. ඒක හරිග
 ඒ කතා ඉවර කරල බලමු හා හා පුරාවට පලවෙනියට තෝරගත්ත සිංදුව මොකක්ද කියලා එහෙනම්. 

මේ සිංදුව ගායනා කරන්නේ ඇමෙරිකානු ජාතික Mariah Carey විසින්. ඇය ගායිකාවක් මෙන්ම ගීත රචිකාවියක් තව නිලියක් සහ ගීත පටිගත කරන්නියක්ද වෙනවා. ඇය විසින් ගායනා කරන ලද  We Belong Together ගීතයටයි මා පලවෙනි උපසිරැසි ගැන්වුම සිදුකලේ. මේ ගීතය ඇයගේ දස වන ගීත ඇල්බමය වන The Emancipation of Mimi  වලට අයිති එකක්. මේ ගීතය නිකුත් කරනු ලැබුවේ 2005 මාර්තු 29 වන දින. මෙම ගීතයට ග්රැමී සම්මාන දෙකකුත් රේඩියෝ මියුසික් කියන සම්මාන දෙකකුත් සොල් ට්‍රේන් මියුසික් කියන සම්මාන දෙකකුත්, වයිබ් සම්මානයකුත් , වර්ඩ් මියුසික් සම්මාන එකකුත්, ටීන් චොයිස් (තාරුන්‍න්‍යය තේරිම්) යන සම්මානයකුත් දිනාගෙන තියෙනවා.  ඔය ඇතිනේ සිංදුව ගැන කිවුවා. :D 

ඔන්න එහෙනම් මගේ පලවෙනි නිර්මාණය ඔයාලට පුද කරනවා. බලලා හොද නරක ගැන අදහසකුත් දාගෙනම යන්න. ඒක මට දිරියක් වේවි ඉදිරියටත්. තව ඔබ කැමති ගීත තියේ නම් ඒවත් අදහසක් මගින් දන්වා යන්න. පුලු පුලුවන් විදිහට ඒවත් කරලා දෙන්න උත්සහ ගන්නම්. පලවෙනි එක නිසා වැරදි ඇති. චිත්‍රපටි වලට උපසිරැසි යෙදුවට මේක අලුත්ම දෙයක්නේ ඉතිං.

එහෙනම් හැමෝටම ගීතය රසවිදින්න කියන ගමන් මං සමුගන්නවා. 

එහෙනම් සැමටම බුදු සරණයි !!

අහිංසක හිත්නේ.

මෙන්න උපසිරැසි අන්තර්ගත කරපු විඩියෝ එක


මෙන්න සිංදුව යූ නලයෙන්


සිංදුව ටොරන්ට් වලින් බාන අයට මෙතනින් බාගන්න පුලුවන් 1080P කොපිය
මෙතනින් යූ නලයේ විඩියෝ එක බාගන්න පුලුවන් 22MB
නමුත් මෙතනින් බාගත්තම ඔයාලා බාන ෆයිල් එක රීනේම් කරන්න මෙන්න මේ විදිහට.
we belong together.mp4  කියලා. එහෙම නැති වුනොත් විඩියෝ එක පේන එකක් නැහැ.

ඔයාලා ලග IDM තියේ නම් කෙලින්ම යූ නලයේ විඩියෝ එක ප්ලේ කරලා යටින් එන ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරලා බාගන්න. ඒක තමයි ලේසිම විදිහ මං හිතන්නේ.

සිංහල උපසිරැසි ෆයිල් එක මෙතනින් බාගන්න.


තවත් උපසිරැසියකින් හමුවෙමු.

2 comments:

  1. එල එල සහෝදරයා,දිගටම කරගෙන යන්න.all the best...!

    ReplyDelete
  2. ස්තුතියි මචන් දක්වපු අදහසට. :)

    ReplyDelete