Thursday, October 18, 2012

The Expendables 2 2012 සිංහල උපසිරැසි සමග



ඔන්න කට්ටියම බලාගෙන ඉඳපු, සෑහෙන කාලෙක ඉඳලා චිත්‍රපටි වල වීර චරිත වගේම වෙලාවක දුෂ්ඨ චරිත රඟපාපු කට්ටිය එකම චිත්‍රපටියක දකින්න ලැබෙන චිත්‍රපටිය අරගෙන ආවා. මේකේ පළවෙනි එක නම් බලන්න ඇතිනේ. කට්ටියම එකම තැනක දකින්න ලැබෙන එකත් සෑහෙන දුර්ලභ අවස්ථාවක් නොවැ.ලෙහෙසි පහසු වැඩ කරන සෙට් එකක් නෙමේනේ මේ අය. වෙන කාටවත් බැරි තාලෙ වැඩ කරන එක තමයි මේ සෙට් එකේ විශේෂත්වය. ඒක ඉතිං අමුතුවෙන් පහදන්න දෙයක් නෑනෙ පළවෙනි ‍ෆිල්ම් එක බලපු අය ඒ විත්තිය දන්නවා.
මේ අවස්ථාවෙන්  බානි රොස් ප්‍රමුඛ මේ සුපිරි සෙට් එකට භාර වෙන්නෙ එසේ මෙසේ වැඩක් නෙමෙයි. ඒ තමා… හෝව් හෝව් කිව්වොත් ඇති වැඩක් නෑනෙ ඉතිං. ඊටත් මෙච්චරත් මහන්සි වෙලා සිංහලත් හදල දෙද්දි ආයි කටේ කෙළ පොදක් තරම් හැලුවොත් ඒකට මහන්සි වුණාටත් පාඩුයි. කොහොමින් හරි ගිය පාර වගේම චර්ච් මහත්මයා අර මෙයාලට වැඩ පවරන CIA නියෝජිතයා මේ පාරත් සෑහෙන අමාරු බෙල්ල ගහල යන වැඩක් අරගෙන තමා එන්නෙ හම්බෙන්න. ඉතිං අපේ මේ සෙට් එකට ඕවත් වැඩද හැබෑට. ඒ වුණාට මේ පාර මේ කට්ටියවත් නොහිතපු විදිහේ කවදාවත් නොවුණු වැඩක් වෙනවා. මේ අය යන මේ වැඩේදි මේ අයගෙන් එක්කෙනෙක්… ඔහ්… ආයිම කියාගෙන යනවා නේද? බෑ බෑ මේක හරියන්නෙ නෑ. ඒව කියල කොහොමද?

එහෙමනම් චිත්‍රපටියෙ වග පැත්තක තියල මම නළුවන්ගෙ වග විත්ති කියන්නම්. නැතිනම් පළමු එකේ හිටිය පිරිස ඒ විදිහටම ඉන්නවා කියල කිව්වත් ඇති මයෙ හිතේ. ඒ පිරිසට අමතරව තව කිහිප දෙනෙකුත් ඉන්නවා අලුතින් එකතු වුණ. කමක් නෑ කට්ටිය මතක් කරලම ඉන්නම්කො Sylvester Stallone, Jason Stathom, Jet Li, Chuck Norris, Arnold Schwarzenegger, Bruce Willis, Terri Crews, Randy Couture, Jean-Claude Van Damme, Dolph Lundgren, Liam Hemsworth, Scott Adkins, Nan Yu, Amanda Ooms, Charismaa Carpenter කියන පිරිස තමා මෙහි රංගනයෙන් දායක වෙලා තියෙන්නේ.අධ්‍යක්ෂණය Simon West. ගිය වර චිත්‍රපටයට වඩා මෙවර චිත්‍රපටය IMDbහි ඉහළ අගයක් වාර්තා කරනවා. ගියවර අධ්‍යක්ෂකවරයා වුණේ Sylvester Stallone නෙ මෙවර එය වෙනස් වෙලා.

ඉතිං ඔබ මේ පිරිස කොතෙකුත් විවිධ චිත්‍රපට වලින් දැකලා ඇති. හැබැයි කට්ටියම එකක දැකල තියෙනවානම් ඒ මෙහි පළමු කොටසින් පමණයි. නිකමට හිතුණාද මේ වගේ සෙට් එකක් එක චිත්‍රපටයකට එක්කාසු කරගන්න එකම කොච්චර අමාරු වෙන්ඩ ඇද්ද කියන එක. හෙහ් ලේසි නෑ වැඩේ නේද? එහෙමනම් දෙවන වරටත් ඒ සුපිරි සෙට් එක බලාගන්න හැකි එකම චිත්‍රපටය අපි මෙදා පාර අරගෙන ආවා සිංහලෙන්. මේ සිංහල උපසි‍රැසිය අපි නිකුත් කරන්නේ ප්‍රථමයෙන් නිකුත් වූ R5 පිටපතකට. එහෙම වුණත් මෙය ඉතා උසස් තත්ත්වයේ පිටපතක් බව අපි සනාථ කරනවා (V-8/ A-8). කිසිදු සැකයක් ඒ ගැන තබාගන්නට අවශ්‍ය නෑ. නැතත් කොහොමත් වෙනත් පිටපත් නිකුත් වූ වහාම ඒවාටත් උපසි‍රැසි යාවත්කාලීන කරන බව ඔබ හොඳින්ම දන්නවා.

එහෙමනම් නිකුත් වූ සැණින් ඔබ වෙනුවෙන් කාලය වේලාව ගැනවත් නොතකා මේ උපසි‍රැසිය තෑගි කරන්නට ගන්නා මහන්සියට ඔවුනට හිමි නිසි අගයත් ගෞරවයත් හිමිකරදෙන්නට ඔබ පසුබට නොවන වගත් අපි දන්නවා. මෙහි තෙවන චිත්‍රපටයක් නිකුත් වනු ඇතැයි අප පමණක් නොවෙයි මුළු ලොවක් බලා සිටිනවා. එහෙමනම් එය සැබෑවක් වුවහොත් ඒ සමගින් නැවත හමුවෙමු…..

ලිපිය උපුටා ගනීම බයිස්කෝප් සිංහලෙන් අඩවියෙනි.


මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ්ක ලක්මාල් | ධනා“ සොහොයුරාට හා “චමිඳු සඳකැලුම්(චමියා)“  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

0 comments:

Post a Comment