ඔය ඇස් දිහා පෙම යාවෙලා
ගෙතු කාරනා හද දිවුරුවා
සිත තෝරනා ඔබ පෙම් සිනා
ලැබෙනා තුරා මා යදිනවා
හැගුමන් පායලා සිතුමන් වෑහිලා
එනමුත් නොහැගෙදෝ ආදරේ
ඉතිරෙන ආදරේ ඔය හද නැවතිලා
මට සිත දේදෝ පැතු කුමරියේ
මාගේ දෛවේ පිදුවේ උරුමේ ඔබ වේදැයි
සිත කීවේ දුටු මුල් දිනේ
පැටලුම් ලියා විසදුම් සොයනා සිත ලග
දෑහින් කිවු ඔබ කවුදෝ කියා
ඔබ නිසා සිත අහැරිලා අදුරේ පවා
තනිකරයිද සිත අසනවා
ඔබ හද හිමි වුනත් ඔබ අහිමි වුනත්
මගේ පපු තුරුලේ සැනසුම ඔබයි
ගැයෙනා තනුවේ පදවැල් ඔබමයි සදා
එය ඔබෙ නමට පුදමී සදා
ඔය ඇස් දිහා පෙම යාවෙලා
ගෙතු කාරනා හද දිවුරුවා
සිත තෝරනා ඔබෙ පෙම් සිනා
ලැබෙනා තුරා මා යදිනවා
හැගුමන් පායලා සිතුමන් වෑහිලා
එනමුත් නොහැගෙදෝ ආදරේ
ඉතිරෙන ආදරේ ඔය හද නැවතිලා
මට සිත දේදෝ පැතු කුමරියේ
ඇසෙනා මානේ ඔබ අද වේ නම්
ඇතිනම් හෘදේ ඇයි මේ නොපිරූ හිතක්
මාගේ හෘදේ මෙතරම් ආලේ උතුරා යන්නේ
නොපිරෑ තැන් පුරවන්නමයි
ඔබ නිසා තැනු ගීතේ අවසානය ගෙනෙයි
මැවු සිහිනේ පිබිදේයිද මන්දා
ඔබ හද හිමි වුනත් ඔබ අහිමි වුනත්
මගේ පපු තුරුලේ සැනසුම ඔබයි
ගැයෙනා තනුවේ පදවැල් ඔබමයි සදා
එය ඔබ නමට පුදමී සදා
ගැයෙනා තනුවේ පදවැල් ඔබමයි සදා

ekanan fattay bro.. ela a aaa
ReplyDeleteYa ya Patta song eka meka.. :)
ReplyDeleteEka
ReplyDelete