Thursday, October 18, 2012

Bol Bachchan 2012 Hindi සිංහල උපසිරැසි සමග



හැමදාම  බයිස්කොප් ගත්තා විතරයි. මටත් හිතුනා කෙනෙක් එක්ක එකතු වෙලා මේ අඩවියට සිහල උපසිරැසියක් එක්කම බයිස්කෝප් එකක් අරන් එන්න. ඉතිං මං මගේ පළවෙනි වැඩේටම තෝරගත්තේ හිංදි චිත්‍රපටියක්. මේක මේ අවුරුද්දේ ආව කොමඩි ගණයට අයත් වෙන චිත්‍රපටියක්. මට මේක කරන්න කියලා කිවුවේ ධනුෂ්ක. මේක හොද පිටපතක් නිකුත් වුනෙත් මේ ලඟකදි. ඉතිං මායි ධනුෂ්කයි එකතු වෙලා මේකට සිංහල උපසිරැසි නිර්මාණය කලා. මගේ පළවෙනි උපසිරැසි නිර්මානය නිසා ගොඩක් අඩුපාඩු එහෙම ඇති. ඒකට කට්ටිය සමාව දෙන්න ඕනා මට.

අපි දැන් කතාව ගැන පොඩ්ඩක් බලමු. මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ ප්‍රසිද්ධ අධ්‍යක්ෂකවරයෙක් වන රෝහිත් ෂේට්ටි විසින් සහ මේ කතාවේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ අපි කවුරුත් දන්න අභිෂේක් භච්චන් නම් සුපිරි රංගන ශිල්පියා. මේ චිත්‍රපටයට අනුව මොහුගේ නම අබ්බාස් අලී, තව මෙයාට ඉන්නවා නංගි කෙනෙක්, ඒ චරිතයට පණ දෙන්නේ කවුරුත් දන්න දමිල නිලි අසින් විසින්, ඇයගේ නම තමයි සානියා අලී. කතාව පටන් ගනිද්දිම මොවුන්ගේ දිල්ලි වල තියෙන සියලුම දේපල තමන්ගේ පියාගේ අභාවයෙන් පසුව ඔහුගේ සහෝදරයා විසින් උරුම කරගන්නවා. ඒ නිසා මේ දෙදෙනාට ඉන්න තැනක් නැති වෙනවා. මේ අතරේ ඉන්නවා ඔවුන්ගේ පියාගේ කල්‍යාණ මිත්‍රයෙක්, ඔහු මේ දෙන්නට කියනවා ඔහුත් එක්ක ඔහුගේ ගම වන රාණක්පූර් වලට යන්න එන්න කියලා. මොවුන්ට ඉන්න තැනකුත් නැති නිසා මේ දෙන්නා ඒ සීයා එක්ක එයාගේ ගමට යනවා. මේ ගමේ ඉන්නවා ලොකු ඨාකුර් කෙනෙක් එයා තමයි අජේ දෙව්ගන්. මෙයාගේ නම තමයි ප්‍රත්විරාජ් රගුවන්සි. මෙයා ආසම නැති දෙයක් තමයි බොරු කියන එක. මේ ගමේ තියෙනවා කොවිලක්. ඒ කොවිල තියෙන්නේ හරියටම ගම් දෙකක් අතර මැද, මේ අනිත් ගම පාලනය කරන්නේ ප්‍රක්වි ගේ සහෝදරයෙක්. මේ දෙන්නා නයි වෛරෙකින් තමයි ඉන්නේ. ඒ නිසා මේ කෝවිල වහලා දාලා තියෙන්නේ. දවසක් මේ කෝවිලේ තාප්පේ උඩ සෙල්ලම් කරමින් ඉන්නවා ලමයෙන්, ඒ ලමයගේ කකුල ලිස්සලා ගිහින් කොවිල ඇතුලේ තියෙන පොකුණට වැටෙනවා. ඉතිං මේ ලමයව බේර ගන්න ඕනා නිසා අබ්බාස් අලී ඒ කිවුවේ අභිශේක් මේ කෝවිලේ දොරට දාලා තිබුන අගුල කඩලා මේ ලමයව බේරගන්නවා. ඔන්න ඔතන ඉදන් තමයි කතාවේ හොදම හරිය පටන් ගන්නේ. මේ ගමේ මිනිස්සු මොනවා කියයිද මුස්ලිම් කෙනෙක් තමන්ගේ කෝවිලේ තිබුන අගුල කඩපු එකට ? අබ්බාස් ට මොන වගේ දෙයකට මුහුන දෙන්න වෙයිද ? ඒ වා දැනගන්න මේ චිත්‍රපටිය බාගෙන බලන්නම වෙනවා.

හැමෝටම මේ චිත්‍රපටිය බාගෙන බලන්න කියලා ආරාධනා කරන ගමන්, මේ මගේ පළවෙනි උපසිරැසි නිර්මාණයට ඔයාලගේ ප්‍රතිචාරයත් දමා යන්න කියලා ඉල්ලිමක් කරනවා.
තව දෙයක් මට මේ චිත්‍රපටියට සහය දීපු ධනුෂ්ක ලක්මාල් කියන්නේ මගේ BF.  ඉතිං මං එයාටත් ස්තුති වන්ත වෙනවා මට මේ චිත්‍රපටියට උපසිරැසි දාන්න මට උදවු කරපු එකට. එයාගේ වචනෙකින්ම මං ලිපියත් අවසාන කරන්නම්.

අහිංසක හිත්නේ.


මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මලින්කා ඩිල්ෂානි” සොයුරියට සහ “ධනුෂ්ක ලක්මාල් | ධනා“ සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

0 comments:

Post a Comment