Thursday, October 25, 2012

Justin Bieber - Baby ft. Ludacris With Sinhala Subtitles


Online Video Updated
ඔන්න මං අලුතින් පටන්ගත්තු වැඩේ තවත් අදියරක් අරගෙන ඔයාලා හමුවට ආවා. පලමු එකේදි කරගන්න බැරිවුන අඩු පාඩු ටිකක් මේකෙදි හරිගස්සගන්න පුලුවන් කම ලැබුනා. පලමු විඩියෝ එක මට ඔන්ලයි සිංහල උපසිරැසියත් සමග ධාවනය විදිහට සකස් කරගන්න බැරිවුනානේ. ඉතිං මං හොයලා හොයලා වැඩේ කොහොම හරි ගොඩ දාගත්තා. නමුත් සංදුව වෙනමම අරන් සබ් එක ඒකට ඇදලා දාලා බලන තරම් කොලිටි එකක් සහ වර්ණ ගැන්වීම් වගේ දේවල් මෙ තුලින් අහිමි වුනා. නමුත් ඔයාලා ලග මේ සිංදුව තියේ නම් උපසිරැසි ෆයිලය බා ගැනීම විතරක් ඔබලට කරන්න පුලුවන්. එහෙම අකමැති අයට ඔන්ලයින් බලන්නත් හැකියාව තියෙනවා. පලමුව දීපු සිංදුවත් මං නැවත හරිගස්සලා ඔන්ලයින් බලන්න පුලුවන් විදහට සකස් කලා. කලින් එක බැලුවේ නැත්තම් මෙතනින් ගිහින් බලන්නකෝ.



හරි බලමු මං අද ගෙනාවේ මොකක්ද කියලා. මේක ගැන නම් හැම කෙනෙක්ම දන්නවා මං හිතන්නේ අමුතුවෙන් කියන්න ඕනා නැහැ. මේ ගීතය තමයි අපි කවුරුත් අදුනන මෑත කාලයේදි බොහොමයක් ජනප්‍රිය ගායකු වූ Justin Bieber ගායනා කරන Baby ගීතය. ජස්ටින් බීබර් ගැන ටිකක් කියනවා නම් මොහු 1994 මාර්තු පලවෙනිදා කැනඩාවෙදි උපත ලැබු හුරතල් පෙනුමක් තියෙන කොලු ගැටයෙක්. මොහු ගීත ගායනයට වගේම ගීත රචනයට සහ සංගීත අධ්‍යක්ෂනයටත් දක්ෂකම් පානවා. තව මොහුට ගිටාර් , පියානෝ, ට්‍රම්පට් වැනි සංගීත භාණ්ඩ හොදින් වාදනය කිරීමේ හැකියාවකුත් තියෙනවා. එයා ගැන කිවුවා ඇතිනේ. අපි දැන් ගීතය ගැනත් ටිකක් බලමුකෝ.



බීබර් කොලුවගේ මයි වර්ල්ඩ් දෙවන සංස්කරණය කියන ඇල්බමයට නිකුත් කරන ලද  බීබර් සමග  Tricky Stewart සහ Terius Nash යන තිදෙනා විසින් රචනා කරන ලද ගීතයකි. ඒ දෙන්නම තමයි බීබර් කොලුවා විසින් ගායනා කරපු තව ජනප්‍රිය ගීතයක් වන වන් ටයිම් කියන ගීතයත් කරලා තියෙන්නේ. මේ ගීතය මුලින්ම නිකුත් කරලා තියෙන්නේ 2010 ක් වූ ජනවාර් මස 18 වන දින. නමුත් මෙය ග්‍රවන් විදුලියේ ප්‍රකාශය ආරම්භ කරලා තියෙන්නේ 2010 ජනවාරි මස 26 වන දින. තව මෙම ගීතයට හැකි වෙලා තියෙනවා රටවල් දාහතරක ටොප් ටීවි චාර්ට් වල පලමු තැන ලබාගන්න. සෙල්ලන් නෑනේ. තව කියන්න තියෙන ලොකුම දේ තමයි. තවමත් අපි කවුරුත් දන්න යූ නලයේ වැඩිම පිරිසක් නරඔපු ගීතයට හිමි තැන ලැබෙන්නෙත් මේකටම තමයි. කී දෙනෙක් බලලා තියෙනවද කිවුවොත් 791,737,608. ඔය ඇති නේද ගීතය ගැනත් කිවුවා.



දැන් එහෙනම් අපි ගීතය බලලා ඉමු. ඔයාලා රසවින්දා නම් මගේ හිතටත් පොඩි සතුටක් ලැබෙන්න පහලින් පොඩි හරි අදහසක් දාලා යන්න හොදේ. සැමටම බුදු සරණයි !!



අහිංසක හිත්නේ.



සිංහල උපසිරැසි ඇතුලත් කරනූ ලැබූ ගීතය
යූ නලයට අප්ලෝඩ් කලාම පොඩි නීතිමය ප්‍රශ්නයක් මතු වෙනවා. ඒ නිසා ඔන්ලයින් බලන අයට ඉහල විඩියෝ එකෙන් ගීතය රසවිදින්න පුලුවන්.

නැති නම් යූ නලයෙන් ඔරිජිනල් වීඩියෝ එක බාගෙන, පහ ඇති උපසිරැසි ගොනුව එයට දමා නරඹන්නත් පුලුවන්.

මෙන්න ඔරිජිනල් වීඩියෝ එක යූ නලයෙන්.


වර්ණ ගැන්වූ සිංහල උපසිරැසි ගොනුව පහලින් බාගන්න

baby

4 comments:

  1. වීඩියෝ දෙකෙන් එකක්වත් ප්ලේ වෙන්නේ නෑ නේ. මොකක්දෝ UMG මගුලක් කියනවා.

    ReplyDelete
  2. සිදුවූ දෝෂය ගැන ඇත්තෙන්ම කණගාටු වෙනවා. ඒ ඇවිල්ල තියෙන්නේ යූ නලයේ ඇති පොලිසි එකක් නිසා. ඉතිං මං වෙන තැනකට නැවත අප්ලෝඩ් කලා. දැන් ඔබට ඔන්ලයින් නැරඹීමට හැකියාව තියෙනවා.

    නැවතත් අපහසුතාවයකට පත්වුවා නම් කණගාටුව ප්‍රකාශ කර සිටිනවා.

    ස්තුතියි.

    ReplyDelete
  3. චූටි මල්ලිNovember 16, 2012 at 12:39 PM

    patta patta

    ReplyDelete
  4. ස්තුතියි චූටි මල්ලි.. :)

    ReplyDelete