Thursday, October 18, 2012

The Stolen 2012 සිංහල උපසිරැසි සමග



ඔන්න අදත් මං මේ අවුරුද්දේ නිකුත් වුන පට්ටම බයිස්කෝප් එකක් අරන් ආවා. ගොඩක් අය මේ ගැන දන්නවා ඇති. මොකද බොහොමයක් දෙනා කැමති නළුවෙක් තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නේ. ඒ තමයි Nicolas Cage. මොහුගේ චිත්‍රපට ගැන ඉතිං ආයේ කතා කරන්න දෙයක් නෑනේ. මේක වර්ග කරලා තියෙන්නේ සටන් සහ ත්‍රාසය කියන වර්ගීකරණයටයි. මේ චිත්‍රපටයේ කතාව ලියලා තියෙන්නේ ගොඩක් දෙනා බලලා ඇති මේ අවුරුද්දේ නිකුත් වුන Safe House කියන චිත්‍රපට. ඒ චිත්‍රපටයේ කතාව ලියපු කෙනාමයි. එයාගේ නම තමයි David Guggenheim. හරි ඔය ඇති ඒවා ගැන කිවුවා. දැන් අපි චිත්‍රපටිය දිහාට හැරෙමු.

මේ චිත්‍රපටය පටන් ගන්නෙම පොඩි රොබරි කේස් එකකින්. මේකේ මොලකාරයා තමයි අපේ නළු නිකලස් කේජ්. මේ චිත්‍රපටයේ ඔහුගේ නම විල්. මොහු මේ රොබරිය දීලා අන්තිමට පැනලා එද්දි එක් වයසක පුද්ගලයෙක් මොවුන්ව දකිනවා. මොවුන් කිවුවේ විල් වයි ඔහුගේ සහයකයා වන වින්ස්ටන් වයි. ඉතිං වින්ස්ටන් හදන්නේ මේ දැකපු වයසක මිනිහව මරලා දාන්න. ඒත් ඒකට විල් කැමති නැහැ. ඉතිං විල්, වින්ස්ටන්ගෙන් තුවක්කුව උදුර ගන්න ගියාම වින්ස්ටන්ගේ කකුලට වෙඩි පහරක් වදිනවා. ඉතින් විල් මිනිහවත් උස්සගෙන එයාලගේ වාහනේට මිනිහව ගිහින් දානව. ඒත් සල්ලි බෑග් එක මග දාලා තමයි ඇවිත් තියෙන්නේ ඉතිං විල් යනවා ඒක අරගන්න.

ඔය අතරේ පොලිසියෙන් මේක අල්ලන්න මේ කට්ටියව වට කරනවා. ඉතිං විල්ව දාලා අනිත් කට්ටිය වහනේන් පැන ගන්නවා. ඉතිං විල් සල්ලි බෑග් එකත් අරගෙන පනින්න උත්සහ කරන්නේ. ඒත් වැඩේ හරි යන්නේ නැහැ. ඉතිං මේ රොබරිය නිසා පොලිසියෙන් විල්ව අල්ලගෙන හිරේ දානවා. අවුරුදු 8ක් හිරේ ඉදලා එලියට ඇවිත් යනවා තමන්ගේ දුවව බලන්න. ඒත් දුව තාත්තා එක්ක තරහයි. අවුරුදු 8කට කලින් ඒ දීපු රොබරියේ අන්තිමට සල්ලි තිබුනේ විල් ලඟ නිසා මෙකේ අනික් සගයො ටික හිතන්නේ විල් සල්ලි ටික හංගලා තමයි පොලිසියට අහු වුනේ කියලා. මොකද පොලීසියට හොයාගන්න බැරි වෙනවා සල්ලි බෑග් එක. ඉතිං අර මුලින් කකුලට වෙඩි තියපු එකා විල්ගේ දුවව උස්සනවා සල්ලි ටික ගන්න.
සල්ලි ටික විල් ලඟ තියෙනවද ? ඇත්තටම සල්ලි වලට මොකද වුනේ ? විල්ට දුවව පනපිටින් බේරගන්න හැකිවෙයිද ? ඒවා ගැන දැනගන්න මේ චිත්‍රපටය අරගෙනම බලන්න වෙනවා. එහෙනම් තවත් අලුත් චිත්‍රපටයක උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා. ඔබ සැමට තෙරුවන් සරණයි !!
හැමදාම මෙන් කුහක නොවී කරනා මෙහෙය ගැන සිතා පොඩි හරි අදහසක් පහලින් දමාගෙන යන්න.

අහිංසක හිත්නේ. 





මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ්ක ලක්මාල් | ධනා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

0 comments:

Post a Comment