Thursday, October 18, 2012

Joker 2012 Hindi සිංහල උපසිරැසි සමග



ඔන්න එහෙනම් තවත් අලුත්ම බයිස්කෝප් එකක් සිංහල උපසිරැසිත් එක්ක අරන් ආවා. Ek Tha Tiger එකෙන් පස්සේ ගේන හිංදි බයිස්කෝප් එකක උපසිරැසියක් තමයි මේක. මං මේක උපසිරැසි ගන්වන්න ගොඩක්ම කැමති වුනේ. මං ආසම නලුවෙක් තමයි මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්නේ. ඒ අපි කවුරුත් දන්න Akshay Kumar, ඔහුට අමතරව මෙම චිත්‍රපටයේ ප්‍රධාන නිලියගේ චරිතයට පණ පොවනවා Sonakshi Sinha එයාවනම් ගොඩක් අය දන්නවා ඇති. ලගදි ආව Rowdy Rathor චිත්‍රපටයෙයේ අක්ෂේත් සමග ප්‍රධාන නිලියගේ චරිතය රගපෑවේ මෙයා තමයි. ඒ බයිස්කෝප් එකත් මීට කලින් අපේ දිනේෂ් සහෝ සිංහල උපසිරැසිත් එක්කම ඔයාලට ගෙනත් දුන්නනේ. ඒ කතා ඇති. දැන් මේ කතාවට බහිමු.

මේකේ කතාව ආරම්භ වෙන්නේ මෙහෙමයි සුන්දන් ඉන්දියාව යටත් කරගෙන හිටපු කාලේ ඔවුන් මුලු ඉන්දියාවම සිතියම් ගත කලා කියනවනේ. ඒත් ඔය සිතියම් ගත කරද්දි එක ගමක් මග ඇරිලා තියෙනවා. ඔතනින් තමයි පටන් ගන්නේ. දැන් මේකේ අක්ෂේ රගපාන්නේ ආදිත්යා කියන චරිතය. මොහු මෙකේ පරීක්ෂනයක් කරමින් ඉන්නවා පිටසක්වල ජීවින් සමග සන්නිවේදන ක්‍රමයක්‌ ගොඩනගා ගන්න විදිහක් ගැන. ඒ අතරේ මොහුට දුරකතන ඇමතුමක් එනවා ඔහුගේ සහෝදරයෙක්ගෙන් එයාගේ තාත්තට අසනීපයි වැඩි දවසක් ජීවත් වෙන්නේ නැහැ ඉතිං ඉන්දියාවට එන්න කියලා. ඉතිං මොකද කරන්නේ අක්ෂේයි අක්ෂේ යාලු වෙලා ඉන්න කෙල්ල ඒ කිවුවේ නිලිය එයාගේ නම දීවා, ඉතිං දෙන්නා එක්ක එනවා ඉන්දියාවට තාත්තව බලන්න. අක්ශේගේ ගමේ නම තමයි පග්ලාපූර්. ඔතනින් තමයි කතාවේ හාස්‍ය පැත්ත ආරම්භ වෙන්නේ.
ඇත්තටම අක්ෂේගේ තාත්තට අසනීපයක් නැහැ. අක්ෂේව ගෙන්න ගන්න ඕනා නිසයි මෙයාලා බොරුවට රගපාලා තියෙන්නේ. ඒත් ඇත්තම ප්‍රශ්නේ තයි මේ පග්ලාපූර් වලට ලොකු වතුර ප්‍රශ්නයක් ඇවිල්ලා. ඒ මොකද වැව වට කරලා වේල්ලක් බැදලා. ඉතිං අක්ෂේගේ උදවු ගන්න තමයි තාත්තලා ඒ බොරුව කරන්නේ. ඉතිං මේකට උදවු කරන්න අක්ෂේ යනවා ඒ පලාත භාරව ඉන්න පුද්ගලයින්ව හමුවේන්න. නමුත් ඒ හැමෝම කියන්නේ එකම කතාවයි. පග්ලාපූර් කියන ගම එයාලගේ බල සීමාවට අයිති නැහැ කියලා. ඇයි එහෙම කියන්නේ, මොකද අර මං මුලින් කිවුවේ සිතියමේ සටහන් වෙලා නැති ගමක් ගැන. ඉතිං ඒ ගම තමයි පග්ලාපූර් කියන්නේ. ඉතිං අද කියෙවුවා ගොඩක් වැඩි කට්ටියම අරගෙන බලන්න. ලස්සන කතාවක් තමයි මේ චිත්‍රපටය පුරාම දිවෙන්නේ. අක්ෂේට හැකි වෙයිද තමන්ගේ ගම ඉන්දියාවේ සිතියමට ඇතුලත් කරගන්න ? ඒවා දැනගන්න මේක බලන්නම වෙනවා.

නිකන් බලලා විතරක් යන්න එපා. වැඩේ ගැන හැමදාම කියනවා වගේ පොඩි අදහසක් දක්වලා යන්න. හැමෝටම බුදු සරණයි !!

අහිංසක හිත්නේ.


මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ්ක ලක්මාල් | ධනා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

0 comments:

Post a Comment