Saturday, November 24, 2012

Ho Hey - The Lumineers - With Sinhala Subtitle


ඔන්න යාලුවනේ ගොඩ දවසකින් මං ආයෙත් ආවා සිංහල උපසිරැසියක් අරගෙන. පහු ගිය ටිකේ උපසිරැසි කරන්න වෙලාවක් ලැබුනේ නැහැ නොවැ. මේ රාජකාරි එක්ක එපැයි මේවත් කරන්න. පහු ගිය ටිකේම උපසිරැසි දෙන්න බැරි වුන නිසා. අද මං ඔයාලට උපසිරැසි දෙකක් දෙන්න තීරණය කලා. දැන් පලවෙනි එක සහ තව ටිකින් අනිත් එක දෙන්නම්කෝ. හරි අපි බලමුකෝ දැන් දෙන්න යන ගීතය මොකක්ද කියලා. මේක තමයි මං අර පටන් ගනිපු වැඩේ බිලාබෝර්ඩ් වැඩේ. අන්න ඒකෙම කොටසක්. බිලාබොර්ඩ් දර්ශකයේ වෙනස් කම් කීපයක් වෙලා තියෙනවා. ඒ වා මං පල්ලෙහායින් දාන්නම්කෝ. දැන් බලමු මේ ගීතය ගැන.

මේ ගීතයත් නිකුත් කරලා තියෙන්නේ මේ අවුරුද්දේ එනම් 2012 ජූනි මස 4 වෙනිදා. ඒ වගේම මේ ගීතය ගායනා කරන්නේ අමෙරිකානු රොක් සංගීත කණ්ඩායමක් වන The Lumineers කියන සෙට් එක. මේ ගීතයේ පද රචනයෙන් දායක වෙල ාතියෙන්නේ  Wesley Schultz, Jeremy Fraites කියන පුද්ගලයින් දෙපල. තව මේ ගීතය පාවිච්චි කරලා තියෙනවා මයික්‍රොසොෆ්ට් සමාගමේ 2012 අවුරුද්දේ වෙලද දැන්වීමකටත්. ඒ වගේම මේ ගීතය තමයි අද ඒ කියන්නේ 2012/11/24 වෙනිදා වෙනකොට බිල්බෝර්ඩ් ගීත දර්ශකයේ අට වන ස්ථානය දිනාගෙන ඉන්නේ. ඉතිං එහොම විස්තරයක් තමයි කියන්න තියෙන්නේ. එහෙනම් වෙනදා කියනවා වගේ ගීතය බලලා පොඩි අදහසකුත් පහලින් දාගෙනම යන්නකෝ. තව ටිකින් ආයේ හමු වෙමු. තෙරුව්න සරණයි.

බිල්බොර්ඩ් ගීත දර්ෂකයේ අද දිනට ඇතුලත් පලමු ගීත දහය


01. Diamonds - Rihanna (උපසිරැසි ලබා දී ඇත.)
02. One More Night - Maroon 5 (උපසිරැසි ලබා දී ඇත)
03. Die Young - Ke$ha (උපසිරැසි ලබා දී ඇත)
04. Locked Out Of Heaven - Bruno Mars
05. Some Nights - fun.
06. Let Me Love You (Until You L... - Ne-Yo (උපසිරැසි ලබා දී ඇත.)
07. Gangnam Style - PSY (උපසිරැසි ලබා දී ඇත.)
08. Ho Hey - The Lumineers (උපසිරැසි ලබා දී ඇත.)
09. We Are Never Ever Getting Ba... - Taylor Swift
10. I Cry - Flo Rida (උපසිරැසි ලබා දී ඇත.)


සැ.යු : පහලින් දී ඇති උපසිරැසි ගොනුව සහ යූ නලයේ ඇති ඔරිජිනල් ගීතය බා ගෙන නැරඹීම තුලින් වඩා ගුණාත්මක තාවයෙන් ඉහල රූප රචනයක් සහ උපසිරැසියක් රසවිදිය හැකිය.

උපසිරැසිය අන්තර්ගත කල රූප රචනය

මුර පදය ලෙස dtlakmal.com ලබා දෙන්න

යූ නලයේ ඇති රූප රචනය

සිංහල උපසිරැසි ගොනුව පහලින් බාගන්න
සිංහල

4 comments:

  1. මේ යාළුවේ මේකේ srt file එක download කරන්න බෑ

    ReplyDelete
  2. ඵට්ටයිනේ... මම මේක බලන් අවේ නැත්තේ.. ජනප්‍රිය නැති එකක් නිසා.. අහුවමනේ ලස්සන තේරුනේ
    එල ඈ

    ReplyDelete
  3. @Ano. මචන් ඩවුන් කරන්න පුලුවන් මචන්. ලින්ක් එකට ගිහින් File > Download තෝරන්න...

    ReplyDelete
  4. @සුදු මහත්තයා. හිහි ඒකනේ. ස්තුතියි.

    ReplyDelete