Sunday, November 4, 2012

Why This Kolavery di With Sinhala Subtitle


මේ අතිශය ජනප්‍රිය ගීතයේ ගායකයා,අති ජනප්‍රිය දකුණු ඉන්දීය දෙමල චිත්‍රපටි නළු රජිනිකාන්ත්ගේ බෑණා වන ධනුෂ්.

මේ ගීතය මෙච්චර ජනප්‍රිය වෙන්න හේතුව මම දකින විදියට,
ගීතය ලියවිලා තියෙන ආකාරය.
ඉතාම ග්‍රාම්‍ය,දෙමල බස මවුබස වෙච්ච,සැලකියයුතු උසස් අධ්‍යාපනයක් ලද,
දකුණු ඉන්දීය දෙමල තරුණයෙකුගේ ඉංග්‍රීසි උච්චාරණ විදිය පදනම් කරගත්ත
ගායනය අලුත් අත්දැකීමක්.
*
නමුත් ඔහු නියෝජනය කරන පරම්පරාව,
සිතුම් පැතුම් ලංකාවේ තරුණයන්ට විතරක් නෙමෙයි
ඇමරිකාවේ යුරෝපයේ තරුණයන්ට උනත් පොදුයි.
උඩින් දාල තියෙන්නේ ගීතයේ පරිවර්තනයක් කියන්නම බැහැ.
එක අනුවාදනයක්.
ඒක එම ගීතය මම තේරුම් ගත්ත විදිහ
සහ
මට තේරුම් ගන්න උවමනා විදිහ.

එහෙම කියුවේ මම නෙමී. දිවිය පුරා අඩවියේ වරුණ ගුණසේකර සහෝදරයා. ඔහුගේ ලිපියක් තමයි මං ඔය උඩින් දාලා තියෙන්නේ.
ඒ වගේම මං මේ සිංදුවට උපසිරැසි දාන්න යොදාගත්තේත් ඔහු විසින්ම ඉදිරිපත් කරපු අනුවාදනයක්. ඔහුට ඒ ගීතය දැනුන ආකාරයටම මටත් දැනුනා. ඉතිං මං ආස කලා ඔහුගේ අනුවාදයත් සමග ගීතයේ රෑප රචනය ධාවනය වෙනවට. ඒ නිසයි මං අද මේ ගීතය ඔයාලට අරගෙන ආවේ. මේ ගීතයේ යොදා ඇති උපසිරැසියේ අයිතිය දිවිය පුරා අඩවිය සතුයි. මොකද ඔහුගේ අනුවාදයයි මං අද අරගෙන ආවේ. එහෙනම් නරඹලා හොද නරක ගැන අදහසක් දාගෙනම යන්න. ගොඩක් ස්තුතියි.

උපසිරැසි ඇතුලත් කල වීඩියෝ එක

ඔරිජිනල් යූ නලයේ වීඩියෝ එක

සිංහල උපසිරැසි ගොනුව පහලින්
සිංහල










































0 comments:

Post a Comment