Tuesday, November 27, 2012

Justin Bieber - As Long As You Love Me ft Big Sean - With Sinhala Subtitle


ඔන්න යාලුවනේ මං අදත් තවත් අලුත් ගීතයකට සිංහල උපසිරැසි අරගෙන ආවා. මේ ගීතයත් ගොඩක් ජනප්‍රිය වෙච්ච ගීතයක්. ඒ වගේම වැඩිය පරණත් නැහැ. අපි බලමු ගීතය ගැන ටිකක් වෙනදා වගේම.

මේ ගීතය ගායනා කරන්නේ ප්‍රසිද්ද කැනේඩියානු ගායන ශිල්පී ජස්ටින් බීබර් කොලුවා විසින්. මේක එයාගේ තුන්වන ගීත ඇල්ඹමය වන බිලිව් කියන ඇල්ඹමයට ඇතුලත් ගීතයක්. මේ ගීතය නිකුත් කරලා තියෙන්නේ මේ අවුරුද්දේ එනම් 2012 ජූලි දහ වෙනිදා. ඒ වගේම මේ ගීතයට රචනයෙන් දායක වෙලා තියෙනවා Rodney Jerkins, Andre Lindal, Nasri Atweh Sean Anderson, සහ Justin Bieber කොලුවත් ඇතුලු පිරිස. ඒ වගේම මේ ගීතයට රැප් කිරීමෙන් දායක වෙනවා අමෙරිකානු රැප් ගායක Big Sean. ඔය වගේ දේවල් තමයි කියන්න තියෙන්නේ. එහෙනම් වැඩි කතා නැතිව ගීතය බලලා පහලින් යම් අදහසකුත් කුරුටු ගාගෙන යන්න. ඔයාලා කැමති ගීත තියෙනවා නම් ඒවත් දන්වන්නකෝ. එහෙනම් අපි ගියා.

අහිංසක හිත්නේ.

සැ.යු. පහලින් ලබා දී ඇති සිංහල උපසිරැසි ගොනුව සහ යූ නලයේ ඇති ඔරිජිනල් රූප රචනය බා ගැනීමෙන් අනතුරුව, එයට උපසිරැසි ගොනුව යොදා නැරඹීමෙන් වඩා ගුනාත්මක තාවයෙන් යුත් රූප රචනයක් සහ උපසිරැසියක් රස විදිය හැකිය.

සිංහල උපසිරැසිය ඇතුලත් කල රූප රචනය

මුර පදය ලෙස dtlakmal.com ලබාදෙන්න

යූ නලයේ ඇති රූප රචනය

සිංහල උපසිරැසි ගොනුව පහලින්
සිංහල

2 comments: