Thursday, November 15, 2012

Die Young - Ke$ha - With Sinhala Subtitle


ඔන්න යාලුවනේ මං පොරොන්දු වනු පරිදි අදත් තව අලුත් ගීතයකට උපසිරැසි අරගෙන ආවා. ඔයාලට මතක ඇතිනේ මං ඊයේ කිවුවා. මට පොඩි අදහසක් ආවා කියලා  Billboard Hot 100 කියන ඇමෙරිකාණු ගීත දර්ෂකයේ ඇති ගීත වලට උපසිරැසි දෙන්න ඕනා කියලා. ඉතිං අදත් අරගෙන ආවේ එහෙම එකක් තමයි. නමුත් ඊයේ තිබුන තත්වය නෙමී අද තියෙන්නේ. අද ගීත දර්ෂකයේ යම් යම් වෙනස් කම් කීපයක් සිදු වෙලා තියෙනවා. අද මේ වෙනකොට ගීත දර්ෂකය තියෙන හැටි මං පහලින් කියන්නම්කෝ. දැන් අපි බලමු අද ගෙනාව ගීතය ගැන.

මේ ගීතය තමයි අද වෙනකොට  Billboard Hot 100 ගීත දර්ෂකයේ තුන් වන තැන දිනාගෙන තියෙන්නේ. මේ ගීතය ගායනා කරන්නේ ඇමෙරිකානු ගායිකා  Kesha විසින්. මේක ඇයගේ දෙවන ගීත ඇල්ඹමය වන Warrior කියන එකට ඇතුලත් කරලා තියෙන ගීතයක්. තව මේ ගීතය නිකුත් කරලා තියෙන්නේ මේ අවුරුද්දේ ඒ කියන්නේ 2012 සැප්තැම්බර් මස 25 වෙනිදා. තව මේ ගීතයට රචනයෙන් දායක වෙලා තියෙනවා  Lukasz Gottwald, Benjamin Levin, Henry Walter, සහ fun කියන සෙට් එක. ඔය වගේ ටිකක් තමයි කියන්න තියෙන්නේ. හරි එහෙමනම් හැමෝම ගීතය රස විදලා හොද නරක ගැන අදහසක් පහලින් දාගෙනම යන්නකෝ.

අද මේ වෙනකොට  Billboard Hot 100 ගීත දර්ෂකයේ ජනප්‍රියම ගීත 10 ට ඇතුලත් වෙන ගීත ලයිස්තුව.


01. One More Night - Maroon 5 (උපසිරැසි ලබා දී ඇත)
02. Diamonds - Rihanna (උපසිරැසි ලබා දී ඇත.)
03. Die Young - Ke$ha (උපසිරැසි ලබා දී ඇත)
04. Some Nights - fun.
05. Gangnam Style - PSY (උපසිරැසි ලබා දී ඇත.)
06. Locked Out Of Heaven - Bruno Mars
07. We Are Never Ever Getting Ba... - Taylor Swift
08. Let Me Love You (Until You L... - Ne-Yo
09. Too Close - Alex Clare
10. I Cry - Flo Rida

එහෙනම් හෙට දිනයේදි නැවතත් හමු වීමේ බලාපොරොත්තුවෙන් මං සමු ගන්නවා. සැමට සුභ රාත්‍රියක්.

අහිංසක හිත්නේ. අදහසක් දාගෙනම යන්න හොදේ.. :D

සැ.යු : උපසිරැසි ගොනුව සහ යූ නලයේ ඇති ගීතය බාගෙන, උපසිරැසිය එයට යොදා නැරඹීමෙන් ඉතා හොද ගුණාත්මක තාවයෙන් යුත් උපසිරසියක් සහ වීඩියෝවක් රස විදිය හැක.

සිංහල උපසිරැසිය අන්තර්ගත කල රූප රචනය

මුරපදය ලෙස dtlakmal.com දෙන්න

යූ නලයේ ඇති ඔරිජිනල් වීඩියෝව


 සිංහල උපසිරැසි ගොනුව පහලින් බාගන්න
සිංහල

0 comments:

Post a Comment