Friday, November 16, 2012

Flo Rida - I Cry With Sinhala Subtitle


ඔන්න යාලුවනේ පොරොන්දු වුනා වගේ මං අදත් තව අලුත් ලස්සන ගීතයකට සිංහල උපසිරැසි අරගෙන ආවා. මේකත් මං අලුතෙන් පටන් ගත්ත වැඩේ වන  Billboard Hot 100 ගීත දර්ෂකයේ ජනප්‍රියම ගීත දහයට ඇතුලත් වෙන ගීතයක්. අපි වැඉි කතා නැතිව ගීතය ගැන ටිකක් බලමු.

මේ ගීතය ගායනා කරන්නේ හිප් පොප් ගායනයේ ඉතාමත් ජනප්‍රිය ගායකයෙක් වෙන ඇමෙරිකානු ජාතික Flo Rida විසින්. ඒ වගේම මේ ගීතය මුලින්ම විකාශය කරලා තියෙන්නේ 2012 සැප්තැම්බර් මාසයේ 18 වෙනිදා. මේක ඔහුගේ හතරවන ගීත ඇල්ඹමය වන  Wild Ones කියන ඇල්ඹමයට ඇතුලත් වන ගීතයක්.මේ ගීතයට රචනයෙන් නම් දායක වෙලා තියෙනවා හෙන සෙට් එකක්. Flo Rida, Alex Schwartz, Joe Khajadourian, Scott Cutler, Jeffrey Hull, Brenda Russell, Raphael Judrin, Pierre-Antoine Melki, Paul Bäumer, සහ Maarten Hoogstraten. යන අය තමයි රචනය කරලා තියෙන්නේ. තව මං මේ ගීතයට උපසිරැසි ගන්වන්න හිතුවේ මං ඉහත සදහන් කලා වගේ  Billboard Hot 100 ගීත දර්ෂකයේ අද මේ වන විට මේ ගීතය තමයි දහ වන ස්ථානයේ පසුවන්නේ. ඒ නිසයි මං හිතුවේ මේකට උපසිරැසි දාන්න ඕනා කියලා. එහෙනම් වැඩි කතාවකින් තොරවම ගීතය නරඹලා පහලින් අදහසක් කොටා ගෙනම යන්න.

සැමට බුදු සරණයි !!  අහිංසක හිත්නේ.

සැ.යු : සිංහල උපසිරැසි ගොනුව සහ යූ නලයේ ඇති ඔරිජිනල් ගීතය බා ගෙන, උපසිරැසිය එයට යොදා නැරඹීමෙන් වඩා ගුණාත්මක තාවයෙන් යුත් රූප රචනයක් සහ උපසිරැසියක් ඔබට රස විදිය හැක.

සිංහල උපසිරැසිය අන්තර්ගත කල රූප රචනය
මුරපදය ලෙස dtlakmal.com දෙන්න.

යූ නලයේ ඇති ඔරිජිනල් රූප රචනය


සිංහල උපසිරැසි ගොනුව පහලින්
සිංහල

2 comments: