Wednesday, November 14, 2012

One More Night - Maroon 5 With Sinhala Subtitle


කොහොමද යාලුවනේ, ඔන්න පොරොන්දු වුනා වගේ මං අදත් තව ලස්සන ගීතයකට සිංහල උපසිරසි අරගෙන ආවා. මෙදා පාර අරගෙන ආවෙත් ටිකක් අලුත් ගීතයකට. මං මේක තෝරගන්න හේතු වුනේ. මට පොඩි අදහසක් ආවා. ඇමෙරිකාවේ විකාශය වන ප්‍රසිද්ධම අපි කවුරුත් දන්න ගීත දර්ෂකයක් තියෙනවානේ  Billboard Hot 100 කියලා. ඉතිං මං කල්පනා කලා මේකේ විකාශය වන ගීත වලට උපසිරැසි අරගෙන එන්න. මේ දර්ශකයේ දැනටමත් දෙවන ස්ථානයේ සහ හතරවන ස්ථානයේ රැදිලා තියෙන ගීත සදහා මං උපසිරැසි ලබා දීලා තියෙනවා. ඒ නිසා අද අරන් ආවේ පලමු ස්ථානයේ රැදිලා තියෙන ගීතයට උපසිරැසියි.

අර විදිහට ඉහතින් කිවුවම කවුරුත් දන්නවනේ මේක ගොඩක් ජනප්‍රිය ගීතයක් කියලා. ඉතිං අපි වෙනදා වගේම අදත් බලමු ගීතය ගැන ටිකක් විපරම් කොරලා. මේ ගීතය ගායනා කරන්නේ අමෙරිකානු පොප් සහ රොක් සංගීත කණ්ඩායමක් වන  Maroon 5 කියන කණ්ඩායම. තව මේ ගීතය නිකුත් කරලා තියෙන්නේ මේ අවුරුද්දේ, ඒ කියන්නේ 2010 ජූනි මස 19 වෙනිදා. තව මේ ගීතය ඇතුලත් වෙලා තියෙන්නේ එයාලගේ හතරවන ගීත ඇල්ඹමය වන  Overexposed (2012) කියන ඇල්ඹමයේ. ඒ වගේම මේ ගීතයට රචනයෙන් දායක වෙලා තියෙනවා  Adam Levine, Shellback, Max Martin සහ Savan Kotecha යන සිව් දෙනා. ඔය විදිහේ ටිකක් තමයි ඉතිං කියන්න තියෙන්නේ. එහෙනම් දැන් හැමෝම ගීතය නරඹලා අදහසක් පහලින් කොටාගෙන යන්නකෝ.

තව ඔයාලා කැමති ගීත තියෙනවා නම් අදහසක් මගින් දක්වලා යන්න. පුලු පුලුවන් විදිහට ලබා දෙන්න උත්සහ කරන්නම්. :D එහෙනම් නැවතත් හෙට දිනයේ මෙවන් වෙලාවක තවත් අලුත් ගීතයක් /ගෙන ඒමේ බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා. ඔබ සැමට සුභ රාත්‍රියක්.

සැ.යු : සිංහල උපසිරැසි ගොනුව සහ යූ නලයේ ඇති ඔරිජිනල් ගීතය බා ගැනීමෙන් පසු, උපසිරැසිය එයට යොදා ධාවනය කිරීමෙන්, වීඩියෝවේ සහ උපසිරැසියේ උපරිම ගුණාත්මක තාවය අත්විදිය හැකිය.

Billboard Hot 100 ගීත දර්ෂකයේ පලමු ස්ථානයේ සිට දහ වන ස්ථානය දක්වා ඇති ගීත


01. One More Night - Maroon 5
02. Gangnam Style - PSY (උපසිරැසි ලබා දී ඇත.)
03. Some Nights - fun.
04. Diamonds - Rihanna (උපසිරැසි ලබා දී ඇත.)
05. We Are Never Ever Getting Ba... - Taylor Swift
06. Die Young - Ke$ha
07. Locked Out Of Heaven - Bruno Mars
08. As Long As You Love Me - Justin Bieber Featuring Big Sean
09. Too Close - Alex Clare
10. Let Me Love You (Until You L... - Ne-Yo

සිංහල උපසිරැසිය ඇතුලත් කර ඇති වීඩියෝව


මුරපදය සදහා dtlakmal.com ලෙස දෙන්න

යූ නලයේ ඇති ඔරිජිනල් වීඩියෝව

සිංහල උපසිරැසි ගොනුව පහලින්
සිංහල

3 comments:

  1. sub title down load karanna baaa

    ReplyDelete
  2. Puluwan machan. download link ekata gihilla, skip add click karala ena Google Drive page eken. file > download denna..

    ReplyDelete