Saturday, November 10, 2012

Rihanna - Diamonds With Sinhala Subtitle


ඔන්න යාලුවනේ මං අදත් තව අලුත්ම අලුත් ගීතයකට සිංහල උපසිරැසි අරගෙන ආවා. අලුත්ම අලුත් කිවුවට මේක නිකුත් කරලා තියෙන්නේ 2012 සැප්තැම්බර් මස 12 වෙනිදා. ඒ කියන්නේ ටිකක් අලුත්නේ.. :) හිහි. හරි බලමු සිංදුව ගැන සැකෙවින්.

මේක ගායනා කරන්නේ අපි කවුරුත් දන්න ප්‍රසිද්ද ගායිකාවක් වන Robyn Rihanna Fenty විසින්. එහෙ කිවුවම දන්නේ නැතුව ඇතිනේ, අපි දන්නේ Rihanna කියන නමින්. එහෙම කිවුවමනම් ගොඩක් දෙනා දන්නවනේ ඇය ගැන. ඇය ගැනත් ටිකක් කියනවා නම් ඇය ඉපදිලා තියෙන්නේ 1988 පෙබරවාරි මස 20 වන දින. ඇය ගොඩක් දක්ෂකම් පානවා ගීත ගායනයට සහ ගීත රචනයට සහ රගපෑමට. මේ ලගදි ආව පට්ට බයිස්කෝප් එකකත් මෙයා රගපෑවා නොවැ. හ්ම් එයා ගැන ඔය ඇති. ගීතය ගැන කියනවනම් මේ ගීතය රිහානා ගේ හත්වන ගීත ඇල්බමය වන  Unapologetic (2012) ගීත ඇල්බමයට ඇතුලත් කරන්න තියෙන ගීතයක්. තාම නම් මේ ඇල්බම් එක එලිදක්වලා නැහැ. ඒ වගේම මේ ගීතය රචනා කරලා තියෙන්නේ Sia Kate Isobelle Furler කියන ප්‍රසිද්ද ගීත රචිකාවිය විසින්. ඒ වගේම මේ ගීතයට හැකිවෙලා තියෙනවා ඇමෙරිකාවේ Billboard Hot 100 යන ගීත දර්ශකයේ හතරවන තැන දිනාගන්න. ඒ වගේම  Hot R&B/Hip-Hop Songs ගීත දර්ෂකයේ පලමු තැනත් දිනාගෙන තියෙනවා. ඒ වගේ ටිකක් තමයි ඉතිං කියන්න තියෙන්නේ. අනික වැඩිය මෙහෙම ලිපි කියවන්නත් කවුරුවත් කැමති නැහැනේ නේද.. හිහි එහෙනම් හැමෝම ගීතය නරඹලා පහලින් අදහසක් දක්වලාම යන්නකෝ. එහෙනම් අපි ගියා. තවත් ගීතයකින් හමු වීමේ බලාපොරොත්තුවෙන්.

අදත් කියන්න තියෙන්නේ යූ නලයේ ගීතය සහ උපසිරැසි ගොනුව වෙන වෙනම බා ගැනීමෙන් ගීතයේ ගූනාත්මක බාවය සහ උපසිරැසියේ ගුණාත්මක භාවය උපරිමෙන්ම රස විදිය හැක. 

සිංහල උපසිරැසිය අන්තර්ගත කල රූප රචනය
මුරපදයක් ඉල්ලුවහොත් dtlakmal.com ලෙස ලබාදෙන්න

යූ නලයේ ඇති ඔරිජිනල් රූප රචනය

සිංහල උපසිරැසි ගොනුව පහලින් බාගන්න
සිංහල

0 comments:

Post a Comment